පිත්තල - රත්තරන් වනදා.(Cricket)
පිත්තල - රත්තරන් වනදා...........................
එය 1992 ලෝක කුසලානයයි. කණ්ඩායමේ අංක 6 හෝ 7 ලෙස පිටියට පිවිසි සනත් ජයසුරිය පිත්තෙන් තරගාවලිය පුරා දැනෙන යමක් කලේම නැත. සමස්ත තරගාවලියේදීම ජයසුරියගේ ලකුණු සටහන් වුයේ 32, 5, 3, 15, 19 වශයෙනි.මේ අනුව ඉනිම 5 කදීම ඔහු ලබන්නේ ලකුණු 74 පමණි. පන්දු යැවීමේදී කිසිදු කඩුල්ලක් දවාගන්නට ඔහු අසමත්ය. 92 තරගාවලියේදී ජයසූරිය දැනෙන යමක් කලානම් ඒ දකුණු අප්රිකා තරගයේදී පියබාගොස් රැකගත් ජෝන්ටි රෝඩ්ස්ගේ උඩ පන්දුව පමණි.
එහෙව් ජයසූරිය 1996 ලෝක කුසලානය උඩු යටිකුරු කළේය.ඉන්දීය ආරම්භක වේග පන්දු යවන්නා වූ මනෝජ් ප්රභාකර් ගෙදර යැවූ ජයසූරිය cricket ඉගැන්වූ එංගලන්තයට යලි ඉගැන්වූ තරගාවලිය එයයි. තීරණාත්මක අවසන් පූර්ව තරගයේදී ඉන්දීය කඩුලු 3 ක් බිද වට්ටවා පන්දු රැකීමෙන්ද උපරිමය පෙන්වා තරගාවලියේ වටිනාම ක්රීඩකයා ලෙස සුඛෝපබෝගී Audi රථයේ හිමිකරුවා විය. 92 පිත්තල 96 දී රත්තරන් වූ අපුරුව.
මෙහෙව් කතාන්දරයේ මහේල ජයවර්ධන අපට හමුවන්නේ 2003 ලෝක කුසලානයේදීය. එය ඔහුගේ දෙවන ලෝක කුසලාන අත්දැකීමයි. 2003 තරගාවලිය පුරා වැඩිම ඇනුම් - බැනුම් අවලාද වින්දේ මහේලයි.ඉනිම 7 කදී මහේල දුරකථන අංකයක් ලියා ගන්නේ මෙලෙසිනි. 1,5,9,1,0,0,5 තරගාවලියේදීම ඔහුගේ නමට ලකුණු 16 ක් පමණි.එහෙව් මහේල 2007 ලෝක කුසලානයට එක්වුයේ කණ්ඩායම් නායකත්වයද සමගිනි. අවලාද සියල්ලට පිත්තෙන් පිළිතුරු දුන් මහේල අර්ධ ශතක 4 ක් ලබා තම කණ්ඩායම අවසන් පූර්ව තරගයට කැදවාගෙන ගිය අතර එහිදී නවසීලන්තයට එරෙහිව සුපිරි ශතකයක් ලබා අවසන් මහා තරගයට ඉඩ වෙන්කරගන්නා ලදී.2007 ලෝක කුසලානයේදී ඉනිම 10 කදී ලකුණු 533 ලබන්නේ සාර්ථකම ශ්රී ලංකා පිතිකරුවාද වෙමිනි.
කුමාර් සංගක්කාර පළමු වතාවට ලෝක කුසලානයක් නියෝජනය කරන්නේ 2003 දීය.එදා කලුවිතාරණ ඉවත් කරමින් සංගා වෙත අත් ආවරණ බාරදීම උණුසුම් පුවතක් විය.සංගා අතින් ගිලිහුණු තීරණාත්මක උඩ පන්දු, ස්ටම්ප් කිරීම් මෙන්ම කඩුලු අතර දිවයාම්ද ඔහුව විවේචනය කලවුන්ට රස අතුරුපසක්ම විය. එහෙව් සංගා 2007 ලෝක කුසලානයේ තීරණාත්මක කාර්යක් ඉටුකලේය.අර්ධ ශතක 4 කින් හැඩවූ තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී මහේල සමග එක්කව විශිෂ්ට සබධතාවයක් ගොඩනැගු සංගා අවසන් මහා තරගයේදී සටන්කාමී අර්ධ ශතකයක් එක්කලේය. සුපිරි අටදෙනාගේ වටයේදී චමින්ද වාස් ගේ පන්දුවක් හමුවේ කඩුල්ල පිටුපස සිට ලබාගත් ලාරා ගේ ස්ටම්ප් කිරීම ටෝනි ග්රෙග් හැදින්වූයේ ලොව අධි වේගවත්ම ස්ටම්ප් කිරීම ලෙසයි.
මාවන් අතපත්තු ටෙස්ට් බෞස්තීම ලබන්නේ බින්දු පෙරහැරකිනි. තම පළමු ඉනිම 6 තුළදීම ඔහු ලබන්නේ ලකුණු එකක් පමණි. පළමු ශතකය ලබන්නට ඉනිම 17 ක් කල්ගන්නා මාවන් නවතාලන්නට ඉන්පසු කිසිවෙකු අසමත්වේ . ටෙස්ට් ද්විත්ව ශතක හයකින් හැඩවන මවන්ගේ කතාවේ කෙළවර ටෙස්ට් නායකයකු පමණක් නොව ජාතික කණ්ඩායමේ පුහුණුකරු දක්වා දිව යයි.
මේ සියල්ල අපේ ඇස ගැටුණු සිදුවීම්ය. චන්දිමාල් , තිරිමාන්න ගැන උවත් මෙසේ සිදුවන්නට ඇති ඉඩකඩ වැඩිය. අද පසුබසින්නා හෙට කොතනින් කිරුළු දරාවී දැයි කාටනම් කිව හැකිද..........? එදාට පිත්තල රත්තරන් වූ බව මතක තියාගමු...........
-මංජුල ලන්දෙකුඹුර-
07-04-2016
REP ++++

REP+

++