ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නැවතත් ක්‍රියාත්මකයි.

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    240596534_1764834797043012_7630543902915769393_n.jpg

    ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නැවතත් ක්‍රියාත්මකයි. ජයග්‍රහණයෙන් රිදුණු කළමනාකරුවන් සහ ඔවුන්ගේ අල්ලේ නැටවෙන ව්‍යාජ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ද යළි ක්‍රියාත්මකයි. ඒ නිසා මම හෑල්ලක් ලියනවමයි.
    ක්‍රිකට් තරගයක් දිනුවහම හෑලි ලිවීම මගෙ ක්‍රමය නෙමෙයි. ඒ වෙලාවට ප්‍රේක්ෂකයෝ ලියනවා. ජයග්‍රහණ සමරන්න "ප්‍රේක්ෂකයන්ට" ඉඩ තියෙන්න ඕන. ඔවුන් ඒ ජයග්‍රහණ වචන කරන්න ඕන, සතුටු වෙන්න ඕන. සාධාරණ විවේචන එල්ල කරන්න ඕන. වෘත්තීය ලියන්නොත් එතෙන්ට පැනලා දඟලන්න ඕන නෑ.
    ඒත් විවේචන හතරවරම් වෙනකොට, විවිධ බලවේග විසින් මෙහෙයවෙන යතුරු පුවරු නැවත ක්‍රියාත්මක වෙනකොට, වෘත්තීය ලියන්නන්ට සිදුවෙනවා එතනට මැදිහත් වෙන්න. ඒ අවශ්‍යතාවය පේන නිසා මට හිතුනා දිග කතාවක් කෙටියෙන් හරි කියන්න ඕන කියලා. මේ කතාව "දසුන් ශානක හොඳට පර්ෆෝම් කළේ නෑ! ඒ නිසා එයා වැඩක් නෑ! අපිට නායකයෙක් ඕන!" කියන ව්‍යාජ ප්‍රේක්ෂකයන්ටයි. (වැදගත් ප්‍රේක්ෂකයන් උරණ නොවේවා!)
    ක්‍රිකට් ක්‍රීඩාව කියන්නෙ ලෝකෙ එක කලාපයක විතරක් ජනප්‍රිය ක්‍රීඩාවක්. ඇමරිකාව, රුසියාව වගේ රටක අහඹු මිනිසෙකුගෙන් "ක්‍රිකට්" කියන්නෙ මොකක්ද ඇහුවොත් කියයි "පළඟැටියා" කියලා. ක්‍රිකට් ඒ තරම් ලෝකෙට ආගන්තුක වුනත් ශ්‍රී ලංකාව ගත්තහම ක්‍රිකට් තමයි ජනප්‍රියම ක්‍රීඩාව.
    "ක්‍රිකට් ක්‍රීඩාවේදී තරම් නායකයෙකුට වගකීම් පැවරෙන වෙනත් ක්‍රීඩාවක් ගැන කියන්න" කිව්වොත් උත්තරයක් හොයාගන්න බැරි තරමටම "නායකයා" කියන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් කෙනෙක්.
    පාපන්දු, පැසිපන්දු වගේ ක්‍රීඩා වලදී "ඔයා අතෙන්ට යන්න, ඔයා ඊළඟට බෝලෙ ගන්න" කියලා කියන්න බෑ. ඒ නිසා දක්ෂතම ක්‍රීඩකයා, හොඳටම කණ්ඩායම උත්තේජනය කරන්න පුළුවන් ක්‍රීඩකයා හෝ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයා ගොඩක් වෙලාවට නායකයා වෙනවා. ඒත් ක්‍රිකට් වලදී එහෙම නෙමෙයි. නායකයා තමයි හැමදේම තීරණය කරන්නේ. එයා ගන්න තීරණ තරගයේ ජයග්‍රහණයට හෝ පරාජයට කෙලින්ම බලපානවා. ක්‍රිකට් ක්‍රීඩාවේදී රාජකාරි අනෙක් ක්‍රීඩා එක්ක සසඳන්න පහසු වෙන්න මම ක්‍රිකට් නායකයෙකුගේ වගකීම් කිහිපයක් කියන්නම්. ඒ සම්බන්ධව ලියූ ලිපියක සබැඳියකුත් අමුණන්නම්.
    *මාධ්‍ය සාකච්ඡා, ප්‍රිය සම්භාෂණ වලට යන්න ඕන. ඒවායේදී අහන අමාරු ප්‍රශ්න වලට දක්ෂ ලෙස පිළිතුරු දෙන්න ඕන. ව්‍යංගයෙන් ප්‍රතිවාදීන්ගේ බල බිඳෙන ප්‍රකාශ කරන්න ඕන. (රිකී පොන්ටින් මේක හොඳට කරපු කෙනෙක්.)
    *කණ්ඩායම හදාගන්න ඕන. ඒ හැමෝටම වෙනස් වෙනස් රාජකාරී පවරන්න ඕන. අදාළ ප්‍රතිවාදියාගේ හෝ තරග පිටියේ ස්වභාවය අනුව සැලසුම් හදාගන්න ඕන. පුහුණුවේදී එක් එක් ක්‍රීඩකයා ගැන වෙන වෙනම අවධානය යොමුකරන ගමන් තමනුත් පුහුණුවෙන්න ඕන. ක්‍රීඩකයන්ගේ මානසිකත්වයන් හඳුනාගන්න ඕන. කරවගන්න පුළුවන් වැඩ තේරුම්ගන්න ඕන. (අර්ජුන රණතුංග මේක හොඳට කරපු කෙනෙක්)
    *කාසියේ වාසිය උරගා බලන්න යන්න ඕන. ඒ දවසේ වඩාත් සාර්ථක තීරණය එතනදී ගන්න ඕන. නැත්නම් ඒකටත් බැනුම් අහන්නෙ නායකයා. සැලසුම් හංගගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව කතාකරන්න ඕන. (කුමාර් සංගක්කාර මේක හොඳට කරපු කෙනෙක්)
    *තරගයේ පන්දුවට පහරදීමේදී ඒ ඒ මොහොතේ ඇතිවෙන වෙනස්කම් අවබෝධ කරගෙන ක්ෂණික තීරණ ගන්න ඕන. පිතිකරණයේදී කොච්චර ඉලක්කයකට යන්න ඕනද, පූර්ව සැලසුම වෙනස් වෙන්න ඕනද, පිතිකරණ ලැයිස්තුව වෙනස් වෙන්න ඕනද, හදිසි ප්‍රහාරකයෙක් යවලා ලකුණු 25-30ක් ගන්නවද බලන්න ඕන, පන්දුවාර 50 ක්‍රීඩා කරන්න පිතිකරුවන්ව උනන්දු කරන්න ඕන. (M.S.දෝනි මේක හොඳට කරපු කෙනෙක්)
    *පන්දු රැකීමේදී ක්‍රිකට් නායකයෙකුට තියෙන වගකීම් මම මෙතන ලියන්න යන්නෙ නෑ. වගකීම් ලැයිස්තුව එච්චරටම දිගයි. කාල කළමනාකරණය, ක්‍රීඩකයන්ගේ හැඟීම් කළමනාකරණය, DRS අවස්ථා නිවැරදිව ලබාගැනීම දක්වා ඒ වගකීම් බරයි.
    2017දී ලියන ලද හොඳම ක්‍රිකට් නායකයන් ගැන ලිපිය. කොටස් දෙකකින් යුක්තයි. මෙන්න සබැඳි.
    https://www.thepapare.com/best-cricket-captains-feature.../
    https://www.thepapare.com/best-cricket-captains-feature.../
    * ඒ කියන්නේ ක්‍රිකට් නායකයෙකු දස්කම් දැක්විය යුත්තේ මේ වගකීම් ඔක්කොම කර තියාගෙනයි. ඒ නිසා නායකයෙක් කියන්නෙ දක්ෂතා දක්වන ක්‍රීඩකයෙකු විතරක් වුනාට බෑ, නායකත්ව ලක්ෂණ සහජයෙන්ම උරුම කරගත් කෙනෙක් වෙන්න ඕන. අහලා තියෙනවනේ, "Leaders are born, not made" කියලා? කැප්ටන්ලා ඉන්න පුළුවන්, ලීඩර්ස්ලා හොයන එක තමයි අමාරු. මට අනුව දසුන් ශානක කියන්නෙ ලීඩර් කෙනෙක්. ඔහු විසින් නායකත්වය දරපු තරගාවලි ඔක්කොම මම නැරඹුවා. මම ඒක දැක්කා.
    ක්‍රිකට් රටා තුනක උදාහරණ මම පහළින් කියන්නම්.
    20/20න්,
    බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් කණ්ඩායම වැටිලා තියෙන කාලෙක එය කෙලින් කළේ ඩැරන් සමී කියන නායකයා. ඔහුගේ කණ්ඩායම 2012, 20/20 ලෝක ශූරයන් වෙද්දී ඔහු ඒ තරගාවලිය පුරාම ලකුණු 15ට වැඩි ඉනිම් ක්‍රීඩා කළේ 1යි. කඩුලු ලබාගත්තේ 4යි.
    සමීගේ කොදෙව් කණ්ඩායම 2016 20/20 ලෝක ශූරයන් වෙද්දී ඔහු ලකුණු 10ට වඩා එක ඉනිමක්වත් වාර්තා කළේ නෑ. ලබාගත්තේ එක කඩුල්ලයි. ඒත් ඔහු තමන්ගේ ක්‍රීඩකයන් ලවා වැඩේ කරවගන්න දැනගෙන හිටියා. නායකයාගේ මූලික තමයි මෙහෙයවීම. ඔහුගෙන් ලැබුණු හයිය ඔවුන්ගේ කණ්ඩායමේ ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නැගිටීම දක්වාම ඉහළට ගියා.
    එක්දින ක්‍රිකට් උදාහරණයක් ගත්තොත්,
    1992දී පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමෙන් ජයග්‍රාහී වෙනසක් බලාපොරොත්තු වුණු ජනාධිපති ගුලාම් ඉෂාක් ඛාන් සහ අගමැති නවාස් ෂරීෆ් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගෙන හිටපු ඉම්රාන් ඛාන්ව නායකයා හැටියට කණ්ඩායමට කැඳවනවා. එතකොට ඉම්රාන්ට වයස අවුරුදු 39යි.
    1992 ලෝක කුසලාන ශූරයන් වීම දක්වා තමන්ගේ තරුණ කණ්ඩායම මෙහෙයවපු වයස අවුරුදු 39යේ ඉම්රාන් ඒ තරගාවලිය පුරාම පිත්තෙන් සාර්ථක වුනේ අවසන් තරග දෙකේදී පමණයි. පන්දු යැවීමෙන් ලබාගත්තේ කඩුලු 2යි.
    ටෙස්ට් ක්‍රිකට් රටාවට ගියොත්,
    එංගලන්ත කණ්ඩායම වසර 18ක වේදනාත්මක බලාසිටීමකින් පස්සේ අළු බඳුන ශූරතාවයක් දිනාගත්තේ 2005දී. ඊට නායකත්වය ලබාදුන්නු නායකයා තමයි මයිකල් වෝන්. තරගාවලියේ තරග 5ක ඉනිම 10කදී වෝන් ලබාගත්තේ එක ශතකයකුයි එක අර්ධ ශතකයකුයි විතරයි. හැබැයි ඔහු නායකයා හැටියට එංගලන්ත ක්‍රිකට් වල අවුරුදු 18ක කඳුළු පිසදැම්මා. ඔවුන් අළු බඳුන දිනුවා.
    - - - - - - - - - -
    ශ්‍රී ලංකාව ඊයේ දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කරලා ලබාගත්තු ජයග්‍රහණය, අවුරුදු 7කට පස්සේ එක්දින ශ්‍රේණිගත කිරීම් වල පළමු පස්දෙනා අතර සිටි කණ්ඩායමක් පරාජය කරලා ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තු ජයග්‍රහණයක්. අත්දැකීම් අඩු, තරුණ ක්‍රීඩකයන් එක්ක ඊට නායකත්වය දුන්නේ දසුන් ශානක. දසුන්ගේ නායකත්වය ඉහළ නායකත්වයක් බව චරිත් අසලංක ඊයේ තරගයෙන් පස්සේ ලබාදුන්නු මාධ්‍ය සාකච්ඡාවේදීත් කියවුනා. අසලංක කියන්නෙත් හොඳ නායකයෙක්නෙ. ඒ නිසා එයා අපට වඩා දන්නවනෙ නේද?
    හදාගන්න දේවල් ගොඩක් තියෙන බව අපිත් දැක්කා. මේ කණ්ඩායම තව අවුරුද්දක් විතර නොවෙනස්ව ක්‍රීඩා කළොත් ඒ ටික ඔවුන් හදාගනියි. ඒ නිසා කාගෙකාගේවත් කුලප්පු කිරීම් වලට අහුවෙන්න එපා.
    දැන් මේ ඉනිමගේ උඩට නගිමින් ඉන්න කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කකුලෙන් අදින්නැතුව ඉන්න පුළුවන් නම් ප්‍රේක්ෂකයන් හැටියට අපේ ක්‍රිකට් ක්‍රීඩාවට අපට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි ඒක.
    © - අසංක හදිරම්පෑල.
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    මෙහෙම දෙයක් තියනව. ශානක ටීම් එකේ ඉන්නෙ allrounder කෙනෙක් විදියට.
    ඒනිසා මිනිහ ටීම් එකේ ඉන්න ඕනනම් මීට වඩා බෝල් කරන්න වෙනව (spinning pitches වලදි නෙවෙයි)
    බැටිනුත් මීට වඩා responsibility එකක් අරගෙන perform කරන්න වෙනව
    ටීම් එක කැප්ටන් + 10 ප්ලෙයර්ස් නෙවෙයි

    ශානක ෆුල් ටයිම් බැට්ස්මන් හැටියට ප්ලේ කරන්න නම් මීට වඩා සහෙනම හොඳට බැට් කරන්න වෙනව ටීම් එකේ ස්ලොට් එක ජස්ටිෆයි කරන්න
     
    • Like
    Reactions: caltonhp
  • Jul 6, 2012
    10,696
    2,921
    113
    Me scene eka aththa. Dasun captaincy material ekak. Miniha tikak Sanga wage. Mokada Mahela strategically sound. But team eke mona hari deyak nathi unama eka kohoma hari karaganna widiya (players lage performance adu unama eke hari indexing ekak, facilities madi unama monada wenna ona, mewata wedima unanduwak thibbe Sanga ta). Un kohoma hari wede karaganna dannawa. Ehema ammak tyena ekek thama ona. Kalin hitapu ungen ehema ekak dekke ne. Dunnoth kanawa kaala gahanawa wage attitude ekak thibbe. Captaincy kiyanne strategy ma neme
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    Me scene eka aththa. Dasun captaincy material ekak. Miniha tikak Sanga wage. Mokada Mahela strategically sound. But team eke mona hari deyak nathi unama eka kohoma hari karaganna widiya (players lage performance adu unama eke hari indexing ekak, facilities madi unama monada wenna ona, mewata wedima unanduwak thibbe Sanga ta). Un kohoma hari wede karaganna dannawa. Ehema ammak tyena ekek thama ona. Kalin hitapu ungen ehema ekak dekke ne. Dunnoth kanawa kaala gahanawa wage attitude ekak thibbe. Captaincy kiyanne strategy ma neme
    :yes::yes:
     
    • Like
    Reactions: caltonhp