පිත්තේ වග තුග

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    4047484996_b206efce2a_z.jpg


    දැන් අපේ කොල්ලෝ කෙල්ලෝ ක්‍රිකට් ලෝක කුසලානේ එනකම් ඇඟිලි ගැන ගැනනේ ඉන්නේ.. නැත්ද :shocked: මම නම් එහෙමයි:sorry::sorry:
    ඉතින් මම හිතුවා ක්‍රිකට් පිත්තේ තොරතුරු ටිකක් දෙන්න:):)

    ක්‍රිකට් බිහිවුනේ 16 වෙනි සියවසේ එංගලන්තේ කියලා ඔයාල දන්නවා ඇතිනේ.. :no:
    එකත් දන්නේ නැත්ද?? බෑ කරන්න දැන්නම්:frown:

    ඉතින් ප්‍රථම වරට පිත්තක් පාවිච්චි කලා කියල තියන කතාවක් පට්ටයි.
    මේක වෙලා තියෙන්නේ 1624. ඒකාලේ පිත්ත දැන් වගේ නෙමෙයි. නිකන් හොකී පිත්තක් වගේ. ඔන්න ඔය පිත්තෙන් පිති කරු පන්දුවට පහර දුන්නහම උඩ පන්දුවක් ගිහිල්ල තියනවා.. ඒකවත් දන්නේ නැත්ද කැච් එකක් අනේ.. පොර කරලා තියෙන්නේ පන්දු රකින්නා බෝලය අල්ලනවට බයේ පිත්තෙන් පහර දීලා.. ඉතින් එයා මැරිලලු:(:(

    ඔන්න ඔය සීන් එක නිසා අලුත් නීතියක් ගේන්න උනා පන්දු රකින්නන්ට බාධා කරන්න බැහැ කියලා.( Law 37 ).ඔයාලා දන්නවද ඒකාලේ පන්දුව දාන්නේ බිම දිගේලු. ඒකයි හොකී පිත්තක් වගේ පිත්තක් පාවිච්චි කරලා තියෙන්නේ. අනික ඒ පිත්ත මාර බරයිලු:nerd::nerd:

    ඊට පස්සේ කාලයක් යනකොට පන්දුව ගුවනෙන් එවන්න, ඒ කියන්නේ උඩින් එවන්න පටන් ගත්තා එතකොට තමයි අපි දකින කොටු හැඩයේ පිත්ත හඳුන්වා දුන්නේ. ඒත් තවමත් පිත්ත මාරම බරයි. අනික තාමත් අත යටින්, අර අනේ අපි එල්ලේ ගහනකොට දාන්නේ
    (underarm) අන්න එහෙමයි. මේක හඳුන්වා දීලා තියෙන්නේ 1970න් පස්සේ (මේකේ වර්ෂ නම් පොඩ්ඩක් එහා මෙහා වෙයි. මොකද මම ඒකාලේ හිටියේ නැහැනේ:lol::lol:)

    දැන් ඉතින් පන්දුව උඩින් දාන කොට කස්ටිය හැම පැත්තකටම ගහන්න ගත්තා බැහැනේ කරන්න. ඊට පස්සේ දැන් පන්දු දාන විදිහ, එහෙමත් නැත්නම් අත කරකවා පන්දුව දැමීම හඳුන්වා දුන්නා (round-arm bowling).මේක උනේ 1820 දී විතර.. මමත් ඒකලේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙලා හිටියා.. පන්පෝරි ඇති වගේ නේද??

    ඔය අත කරකවන සීන් එක ආපු විදිහත් නියමයි. ඔය එකදහස් අටසිය ගනන් වල ක්‍රිකටර් කෙනෙක් හිටියලු ජෝන් විල්ස් (John Willes) කියලා. එයා එයාගේ නංගිත්(Christiana Willes) එක්ක කිරිකොට් ගහන කොට නංගිගේ දිග ඇඳුම නිසා අත යටින්
    (underarm) දාන්න බැරි උනාලු. එයා දැම්මේ අත කරකවලාලු ඔව්වා ඉතින් අපි කියන කතා නෙමෙයි විකිපීඩිය කියන කතාලු. බොරුනම් බලන්නකෝ

    Code:
    [URL]http://en.wikipedia.org/wiki/Roundarm_bowling[/URL]
    ඔන්න තවත් ඉන්ටරෙස්ටින් කතාවක් තියනවා. ඉස්සර, ඒකියන්නේ 1830 ට ඉස්සෙල්ලා පිත්තේ පළල නැත්නම් මහතේ සීමාවක් නැහැලු. ඒකාලෙත් අපි වගේ අන්ඩ විදිහට හිතන එකෙක් පොඩි උපායක් දැම්මලු. පොර පිත්ත හදා ගත්තලු විකට්ටුවේ පළලටම. දැන් ඉතින් අවුට් කරනවා බොරුනේ.. මේ තරඟයෙන් පස්සේ අලුත් නීතියක් වහාම ගේන්න උනා උපරිම පළල අඟල් 4 1/4 කියලා තව 1835 දී උපරිම දිග අඟල් 38 කියලා නීතියක් ගෙනාවා.

    සෑදීමට ගන්නා ලීය

    සාම්ප්‍රදායිකව මුලින්ම පිත්ත හදන්න යොදා ගත්තේ English willow ගසයි. ඒකෙන් හදපු පිත්තක් රාත්තල් 5ක් විතර බර උනා.. සෑහෙන්න කන්න ඕනා ඉතින් ඕක උස්සන්න. ඒකාලේ පිත්ත හරිම අඳුරුයිලු ඒක වලක්වන්න sapwood කියලා ලීයකින් C.C. Bussey පිත්තක් හැදුවා 1890 දී විතර.

    ඊට පස්සේ බර අඩු කරන්න කියලා white willow කියන ලීයෙන් පිති හදන්න පටන් ගත්තා එතකොට පිත්තක බර රාත්තල් 2-4ත් අතර උනා. නික ඒ පිත්ත හුන්ගක් එලියක් තිබ්බා කලින් එව්වට වඩා. ඔන්න ඔය කාලෙට තමයි
    ක්‍රිකට් පිත්තේ ස්වර්ණමය යුගය කියන්නේ. පිත්තේ අග (edges.) වඩ වඩාත් හීනි උනා
    1920න් පස්සේ අවලම්බනය වෙන (pendulum swung) පිති හදන්න පටන් ගත්තා.

    ඉතින් ඔන්න ඔය විදිහට නව තාක්ෂණයත් එක්ක එක එක වැඩ කිඩ දාලා දැන් පිති හදනවා. ඒත් කියන්න දෙයක් තියනවා ටෙනිස් ගොල්ෆ් පිති නව තාක්ෂණයත් එක්ක සීඝ්‍රයෙන් වෙනස් උන තරමටම නම් ක්‍රිකට් පිත්ත වෙනස් නොවුන බව. උදාහරණයක් විදිහට දැන් carbon fibre, graphite,titanium
    වැනි අලුත් ලෝහ යොදා ගනු ලබනව ටෙනිස් වැනි ක්‍රීඩා වල. එහෙත් තවම ක්‍රිකට් නීති වලට අනුව ලීම තමා පිති සෑදීමට යොදා ගන්නේ.

    ඉතින් මම මේක හදන්න හුඟක් මහන්සි උනා.. හුඟක් තොරතුරු හොයන්න උනා. ඉතින් මම මේ හොයා ගත්ත දෙයින් ඔයාලා යමක් ගත්තානම් මට සතුටුයි. ඔබලාගේ අදහස් දමා යන්න අමතක කරන්න එපා හොඳේ..
    :):)



    ඉතින් මම මේක අවස්තාව කර ගන්නවා අපේ කොල්ලන්ට සුභ පතන්නත්,
    ලෝක කුසලානය අපේ රටටම ගන්න පුලුවන් වෙන්න කියලා


    We are with you Sri Lanka :D

    world-cup-2011-sri-lanka-small-97835.jpg


    4-Sri-Lanka-Cricket-logo.jpg
    World-cup-2011.png














     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    නියමයි මචන්
    නියමෙට විස්තර ටික දීල තියෙනව කියවන්න ආස විදියට
    +රෙප් නොදී බෑ මෙව්වට :)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    ක්‍රිකට් වල පරිණාමය හරි අපුරුවට ලියල තියෙනවා machan
     
    • Like
    Reactions: ms48mail

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නියමයි මචන්.
    උබ බැට් පරාක්වත් කැවද කියලා සැකයකුත් එනවා.:eek:බලමුකෝ ඉස්සරහට:P

    You must spread some Reputation around before giving it to ms48mail again.
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නියමයි මචන්
    නියමෙට විස්තර ටික දීල තියෙනව කියවන්න ආස විදියට
    +රෙප් නොදී බෑ මෙව්වට :)
    thnx machan:)
    ක්‍රිකට් වල පරිණාමය හරි අපුරුවට ලියල තියෙනවා machan
    poddak mahansi unath result eka honda ekata satutui
    ela machooo
    maxxxxa post1
    mamath cricket pizzek unata bat1 gena mechchara dewal danagena hitiye ne banz ;) :P thnx hode....
    rep+
    thnx machan. mamath ithin cricket pissek nam thama :P
    නියමයි මචන්.
    උබ බැට් පරාක්වත් කැවද කියලා සැකයකුත් එනවා.:eek:බලමුකෝ ඉස්සරහට:P

    You must spread some Reputation around before giving it to ms48mail again.
    :P:P:no:
    :)
    නියමයි මචන්.
    නියමෙටම විස්තර ටික දීල තියෙනවා.:D
    ela ela thnx machan :D
     

    rumesh77

    Member
    Oct 21, 2010
    191
    5
    0
    නියමයි මචන්
    නියමෙට විස්තර ටික දීල තියෙනව කියවන්න ආස විදියට
    +රෙප් නොදී බෑ මෙව්වට
     
    • Like
    Reactions: ms48mail

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    GOOD THREAD

    You must spread some Reputation around before giving it to ms48mail again
    :)aulak na ban
    ela post ekak niyamai r++
    thnx machan:)
    නියමයි මචන්
    නියමෙට විස්තර ටික දීල තියෙනව කියවන්න ආස විදියට
    +රෙප් නොදී බෑ මෙව්වට
    :D thnx kivva
    එල මචං
    රෙප් දුන්න
    thnx machan
    thnq,, rep+
    11.gif
    ela ela