උඹ නම් සිරාවටම පෙර පවක් කරල තියෙන්නෙ. එක්කො උඹ කතා කරන විදිහ වෙන්න අැති බං. සමහර වෙලාවට අපි කතා කරන දේම නෙවෙයි වැදගත් වෙන්නෙ, කතා කරන විදිහ. ඕනවට වඩා බයාදු ඩයල්වලින් කට්ටිය ඕන තරම් අනිසි ප්‍රයෝජන ගන්නෙ. මට පේන විදිහට උඹට තියෙන්නෙ එහෙම personality අවුලක්.
මිනිස්සු එක්ක ගණුදෙනු කරනකොට තමන්ගෙ තැන තියාගෙන කරහන් බං. කරන ඕනම ගණුදෙනුවක control එක තමන් අතේ තියා ගනින්. ඕන නැති ලබ්බවල්වලට එන උන්ව handle කරන්න, කෙළින් කතා කරන්න ඉගෙන ගනින්. මේ කියන්නෙ රණ්ඩු වෙන්න කියල නෙවෙයි, තමන් දෙයක් කියද්දි එ‍් පිටිපස්සෙ weight එකක් තියෙනවා කියලා දැනෙන්න දෙන්න ඉගෙන ගනින්.
කාට වුණත් ඕක ඉබේම එනවා එක එක මට්ටම්වලින්. මම හිතන්නෙ උඹෙ එ‍්ක අඩුයි. එහෙම අවුලක් නෑ. හිතල එ‍්ක හදා ගත්තා නම් හරි. ගාණට කරහන් කාට වුණත්.