පින්තූරයක් ඇතුලේ රහස් පණිවිඩයක් යවමු
මේකට කියන්නේ. Steganography කියලා.මෙතැනදී අප විසින් තෝරාදෙන පින්තූරයක් තුලට රහස් පණිවිඩය ඇතුලත් කරනවා. save කලට පස්සේ බැලූ බැල්මට පෙන්නේ නිකම්ම නිකම් පින්තූරයක් විතරයි. එත් අපේ පණිවිඩය ඒක ඇතුලේ තියෙනවා කාටවත් පෙන්නේ නැති විදියට.
සොෆ්ට්වෙයාර් ඒක පහලින් බාගන්න. ඊට පස්සේ ඒක ඔයාලගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.
මුලින්ම Open Image කියන එක ඔබලා ඔයාලට කැමති තැනකින් පින්තූරයක් Open කරගන්න. ඊට පස්සේ Edit Text කියන කොටුවට පහලින් තියෙන ලොකු කොටුවේ ඔයාලගේ පණිවිඩය ලියන්න. කැමතිනම් වෙන තැනකින් කොපි කරගෙන ඇවිත් එතන අලවන්නත් පුළුවන්. දැන් Hide Text කියන එක ඔබන්න. ඊට පස්සේ කැමති තැනක පින්තුරේ සේව් කරගන්න පුළුවන් Save Image කියන එක එබුවාම. එහෙම තියෙන පින්තුරෙක තියෙන පණිවිඩයක් බලන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක තියෙන කෙනෙකුට විතරයි. ඒකත් මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා විතරයි. (ගෑණු ළමයට හොරෙන් පණිවිඩයක් යවන්න කියපු ක්රමේ නේද. අය්යට අහු වෙන්නෙත් නැනේ.)![]()