පින්වත් මහින්ද මැතිදුනි
පින්වත් මහින්ද රාජපක්ෂ මැතිදුනි, ඔබ
මගේ රටේ මිනිසුන්
වසර තිහක් තිස්සේ හෙලූ කදුළු, දුක් සෝ සුමුම්
ඔබගේ පින්බර නායකත්වයෙන් අවසන් කළෝ ය..
දරැවන් මියැදුණු මව්වරැන් හිස බිම ගසා හැඩූ හැඩීම්..
සැමියා මියගිය සොවින් වුළපුණ
ලක්ෂ ගණන් බිරින්දෑවරැන් දිය රළ පරයා හීල්ලූ හීල්ලීම්
ඔබතුමාගේ අභීත නායකත්වයෙන් සදහට ම අවසන් කළෝ ය..
පින්වත් මහින්ද මැතිදුනි,
මේ රටට ඔබ ණය නැත්තේ ය.
උපන් දරැවන් ද මතු උපදින දරැවන් ද ඔබතුමා හට ණය ගැත්තෝ වන්නෝ ය..
මේ අහිංසක රටෙන් යුධබිය පළවා හැරි ඔබගේ ගෞරවනීය නාමය
ඉතිහාසයේ රන් අකුරෙන් සනිටුහන් වී හමාර ය..
ඉදින්..නික්ම යාමට මත්තෙන් ඔබ වෙනුවෙන් සටහනක් තැබීමට සිත් වීමි.
අප ඔබ කෙරෙන් දුටු ඒ ප්රතාපත්වය, ඒ අභීත නායකත්වය
දිවි ඇති තුරා අප සිත් තුළ රාව නංවනා බව කිව යුතුම ය.
සිරිලක් සිව් දෙස නැං වූ ජය කෙහෙළි මතින් මේ රටේ නායක වන්නා වූ කවුරැන් හෝ වේ ද,
ඔවුන් හට එයනම් ආදර්ශයක් ම වන්නේ ය.
පින්වත් මැතිදුනි, පතමි ඔබට..
නිදුක් නිරෝගී චිර ජීවනය..
බේරාදුනනාට මට මගේ රට..
ඔබට උතුම් තෙරැවණේ ආශිර්වාදය ලැබේවා..! සියළු දෙවිවරැන්ගේ ආරක්ෂාව වේවා..!