පෝරිසාදයා;23722033 said:පින සහ කුසලය දෙකක් නෙමෙයි එකක්..ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන්ගෙ බණක් පහතින් බලන්න.
https://youtu.be/fWO63VuTeV0
ගොඩක් පින් මචන්...
පෝරිසාදයා;23722033 said:පින සහ කුසලය දෙකක් නෙමෙයි එකක්..ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන්ගෙ බණක් පහතින් බලන්න.
https://youtu.be/fWO63VuTeV0
පෝරිසාදයා;23722033 said:පින සහ කුසලය දෙකක් නෙමෙයි එකක්..ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන්ගෙ බණක් පහතින් බලන්න.
https://youtu.be/fWO63VuTeV0
3 - 6 සභිය සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » සුත්ත නිපාතය » 3. මහා වර්ගය
528. දිව්‍ය කෝෂ, මානුෂක කෝෂ, බ්‍රාහ්ම වූ සකල කර්ම කෝෂයන් (අනිත්‍යාදි විසින්) පිරිසිඳ දැන සර්‍ව කර්මකෝෂයනට මූලබන්‍ධන සඞ්ඛ්‍යාත අවිද්‍යා භව තෘෂ්ණාදියෙන් ප්‍රමුක්ත වූයේ තථාත්ම තාදී පුද්ගල ‘කුසල’යි කියනු ලැබෙ යි.
7.2.1.9. මාපුඤ්ඤභායි සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » සත්තක නිපාතය » 6. අව්‍යාකත වර්ගය
9. මහණෙනි, පුණ්‍යයනට නහමක් බිය වවු. මහණෙනි, යම් මේ ‘පුණ්‍ය’ යන ශබ්දයෙක් වේ නම් තෙල සුඛයට නමෙකි. මහණෙනි. මම දීර්‍ඝරාත්‍රයෙහි කරණලද පුණ්‍යකර්‍මයන්ගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දීර්‍ඝරාත්‍රයෙහි පුනපුනා විඳුනාලද විපාක මොනොවට දන්මි.
ඔයා කියන එක හරි වෙන්න ඇති.. නමුත් මට හිතෙන්නෙ කුසලය මෙලොවෙන් එතෙර වීමටත්, පින ලෞකික සුඛයටත් හේතු වෙන බව..
ඔවු මචන්, හැංගි හැංගි මඩ ගහන එක හැරෙන්න කෙලින් සංවාදයක් කරන්න බැරි ඔයා වගේ පොන්සියො පිටකයේ තියෙන කරුණු පිලිගන්න කැමති නැහැ.. පල්ලියේ මැනුවල් එකට පහර වදින නිසා වෙන්න ඇති.. පොඩ්ඩක් ඇස් වලින් නැතුව බුද්ධියෙන් බලන්න
පින් කරන්නෙ අවිද්‍යාවෙන් බව....
6. ප්‍රතීත්‍යසමුත්පාද විභඞ්ගය
ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 1 » 6. පටිච්‌චසමුප්‌පාදවිභඞ්ගය
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරහ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභිසංසස්කාර ය, කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි.
එහි පුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.
මේවා දකිනකොට ශාසනේ කන්න ඉන්න පාදිලිතුමාලට වහ වගේ... ඉතින් තමන්ටත් නොතේරෙන විඩියෝ එකක් ශෙයා කරනවා මිසක් නෝ කථා...
මොනවා වුනත් උඹටත් මටත් සියළු ලෝක සියළු සත්වයන්ටත් නිවනම වෙත්වා....
machan meka විදර්ශනා භාවනා ක්‍රමය free dl karaganna widiyak nadda
bohoma pin
පුඥ්ඥාභිසන්ස්කාර,
අපුඥ්ඥාභිසන්ස්කාර
අනින්ජාභි සන්ස්කාර(අරූප ලෝකවල උපදීමට, විපාකදීමට හේතුවන සන්ස්කාර )
මේවාගෙන් නැවත ඉපදීමට සසර ගමන තව ඉදිරියට යාමට හේතුවෙනවා.එහෙමදේවල් විද්‍යාවක් තියන කෙනෙක් කරන්නෑ.අවිද්‍යාවෙන්මතමයි එහෙමදේවල් කරන්නේ.
අවිජ්ජ පච්චයා සන්ඛාරා
අවිද්‍යාව දුරුකල කෙනෙක්ගෙන් කෙනෙක්ගෙන් ඔය සන්ස්කාර වෙන්නේත් නෑ.
මගේදැනුමට අනුව , කෙනෙක් එහෙම සසර ගමන දීර්ග කරගැනීමට විශේශ උවමනාවක් නැතුව
කර්ම කර්මඵල විස්වාසකරගන,
අලෝභ අදෝස අද්වේශ චේතනාවෙන්ම පුඥ්ඥාභිසන්ස්කාර(පින්) කරා කියලා හිතමු.
එතකොට ඒවා ත්‍රිහේතුක , ඥාන සම්ප්‍රයුක්ත කුසලයක් වෙනවා.නමුත් ඔහු , අවිද්‍යාව දුරුකරලා නැතිනිසා,නැවත කාම රූප භවයන්ගේ උපදීමේ කැමැත්ත තමුන්ගේ චිත්ත සන්තානයේ තියන නිසා,ඔහු කරනලද පින, ඔහුගේ සසර දීර්ගකරගන්න හේතුවෙනවා.තව විදියකින් ඒ පින විසින් ඔහුගේ සසර දීර්ග කරනවා.
තව පැත්තකින්, පින නිවනට රිජුව හේතු උනේ නැතත්,නිවනට සහයහදෙන විදියේ පුන්‍යවිපාක තියනනිසා .පින අහක දාන්න කියන්න බෑ නිවන්දකින තුරු.
හේතුව, නිවනට හෝ දහම අවබෝධවෙන්න
කල්‍යාන මිත්‍ර සම්පත්තිය,
ශ්‍රී සද්ධර්මශවනය,
යෝනිසෝ මනසිකාරය,
ධම්ම-අනුනුධම්ම ප්‍රතිපදාව ඔනේ කියනවා.
(ධම්ම- සතරමග සතර ඵල, අනුධම්ම -සත්තිස්බෝධිපාක්ශික ධර්ම ධර්ම. මතක විදියට )
දැන් බැලුවොත්,මේ භවයේ ඔය කිව්ව අනුපිලිවෙල කරන්න යම්කිසි ප්‍රමානයක පෙරපින් ඵලදීමක් ඇතිකෙනෙක්ම වෙන්න ඔනේ.දුර්වල පිනකින් මන්දමානසික උනොත් සද්ධර්මශ්‍රවනය චාන්ස් එකනෑ.කල්‍යාම මිත්‍රයෙක් හිටියත්.යෝනිසෝමනසිකාරය පවත්තන්නත් බෑ.පින හා නිවන්මග අතර රිජුසම්බන්දයක් නැතත් ඒකේ බලපෑමකුත් තියනවා.
ඒ කෙසේ වෙතත්, තම තමනුත් සිහිය පිහිටුවලා, අනිච්ච දුක්ඛ වඩන්නැතුව, සතරසතිපට්ඨානයවත් අඩුමගානේ වඩන්නැතුව මේවට ඇවිත් කියව කියවම ඉන්නවනම් අපිත් පින තිබිලත් තමුන්ට දෙයක් කරගන්නැති මෝඩයෝ වෙනවනවා.බුදුහාමුදුරුවෝ කෝටිල හාමුදුරුවන්ට තුච්ච කෝටිල කිව්වේත් , අනිත් අයට දහම කියාදිදී හිටියා තමුන්ට දෙයක් කරගත්තේ නැතිනිසා.
මැණික් ගලක් පෙන්නලා දුන්නේ...
මම අනවශ්‍ය වැඩක් කර කර ඉන්නේ.
නිවනම වෙත්වා..
