පින් පව් – කුසල් අකුසල්
පින් පව්, කුසල් අකුසල් යනුවෙන් හඳුන්වන සියලුම දේ, ඒ ඒ සත්ත්වයා තම තමන්ම මොහොතක් මොහොතක් ගානේ සිතන, කරන, කියන සංඛාර අනුව, ඒ සංඛාර ආශ්රයෙන් තමාම උපදවා එකතු කර ගන්නා චිත්තජ ශක්තින්ය. එවන් චිත්තජ රූප ආශ්රයෙන් බිහිවන සියලුම කර්මජ ශක්තීන් අකුසල්, පව් හා පින් ලෙස හඳුන්වයි. චිත්තජ ශක්තීන් ආශ්රයෙන් එකතු කර ගන්නා චිත්තජ රූප පහ කර, ප්රහාණය කර සළා හැරීම කුසලයයි. තමාම එකතු කරගත් කුණු, කෙළෙස් ගති තම සිතින්ම සළා හැරීම කුසලයයි.
අකුසල් හා පව්කම්
අකුසල් හා පව්කම් ලෙස හඳුන්වන සියලු දේ ධර්මයට නොගැළපෙන, දුෂ්චරිතයන් ලෙස පෙන්වා දිය හැකි ගති ලක්ෂණයන්ය. දස අකුසල්, දස පාප ක්‍රියා, දස දුෂ්චරිත ආදී විවිධ නම් වලින් පෙන්වා දුන් සියල්ල පුද්ගලයෙකුගේ, සත්ත්වයෙකුගේ චිත්තසංථානයේ පහළවෙන වැරදි ගති ලක්ෂණයන්ය. මෙවන් සියලු දේ ඵල විපාක ලබා දෙන චිත්තජ ශක්තීන් බිහි කරන නිසා, කර්මජ රූප ලෙසින් කර්මජ කෝෂයේ තැන්පත් වෙයි. ඒ කර්මජ කෝෂයේ තැන්පත් වූ සියලු කර්මජ ශක්තීන්හි ඵල විපාකයන්ද පව, අකුසලය කරන ලද අය වෙතම අනිවාර්යයෙන් ම විපාක දෙයි. එය ධර්මතාවයෙන්ම සිදුවන දෙයකි. කරන ලද පාපයෙහි හෝ අකුසලයේ හෝ ප්‍රමාණය අනුව, බිහි කළ චිත්ත ආවේගයේ ශක්ති ප්‍රමාණය අනුව එහි විපාකය ද ප්‍රබල හෝ දුබල වෙයි. චිත්ත ආවේගය බලවත් නම් ගුණාකාරයෙන් වර්ධනය වී, සිය දහස් ගුණයෙන් ඵල විපාක වැඩි වෙයි. එක වරදක් වෙනුවෙන් සිය දහස් වරක් විපාක විඳින්නට ද සිදු වෙයි.
කෙනෙකු කළ පාපයක්, අකුසලයක් වෙනත් කෙනෙකුට පවරන්නට හෝ වෙනත් කෙනෙකුට ඵල විපාක ගෙන දෙන්නට හෝ කිසිසේත්ම සමත් නැත. ඒ නිසා තමන් කරගත් දේ තමන්ට ම අනිවාර්යයෙන්ම ඵල විපාක දීමටත්, දුගතියට පත් වීමටත්, දුක උරුම වීමටත් හේතු වනවා මිස, වෙනත් කෙනෙකු මතින් යැවිය නොහැකිය.
පව්කම්, අකුසලයන්, අධර්මයේ හැසිරීම් සියල්ලම ඒවා කරන පුද්ගලයාගේම චිත්තය අඳුරු කරන, කිළිටි කරන, සිතට කුණු ගති එකතු කරන ශක්තීන්මය. ඒ නිසා ඒවා පොදුවේ සමාජයට, ස්වභාව ධර්මයට හා වෙනත් සත්ත්වයින්ට ද අහිතකර ලෙස ම බලපායි.
පින්කම් ද ප්‍රධාන කොටම ලෞකික පින්කම් හා ලෝකෝත්තර පින්කම් යැයි දෙකොටසකට බෙදා දැක්විය හැක. මේ දෙකෙහි වෙනස දැන හඳුනා ගැනීම, තෝරා බේරා ගැනීම හා ඒ අනුව ක්‍රියා කිරීම බුද්ධිය වඩා මෝහයෙන් මිදීමට උපකාර වේ.
ලෞකික පින්කම් බෞද්ධ අබෞද්ධ කාටත් පොදුවේ කරගත හැකි දෙයකි. මෙවන් පින්කම් කිරීමට බෞද්ධ රටක ඉපදීම හෝ බුද්ධෝත්පාද කාලයක ඉපැදීම හෝ අවශ්‍ය නොවේ. පන්සල්, වෙහෙර විහාර, ආගම් ඇතත් නැතත් මිනිසාට මෙවැනි පින්කම් කර ගත හැකිය. සිත පිනා යන, සිත පහන් වන සියලු පුණ්‍ය ක්‍රියා ලෞකික පින්කම් කොටසට අයත්ය. අබෞද්ධ බටහිර රටවල හා තෙල් සම්පත් ඇති රටවල මිනිසුන්, සැප සම්පත් යැයි පෘථග්ජන ලෝකයා සිතන, ධන ධාන්‍ය, මිල මුදල් හා පහසුකම්වලින් පරිපූර්ණ වන්නේ, ඔවුන් කරන ලද ලෞකික පින්කම්වල ඵල විපාක උරුම වීමයි.
නගරයේ මහ මන්දිරවල අතට පයට වැඩකාරයින් (මිනිසුන්) ඇතිව සියලු සැප සම්පත් විඳින බල්ලන් ද, ඒ සැප සම්පත් විඳින්නේ, පෙර ආත්මවල කරන ලද ලෞකික පින්කම්වල ඵල විපාක උරුම වීමෙනි. ලෞකික පින්කම් කිරීමත් සමඟම, දුසිරිතෙහි හැසිරීම ද සිදු කළ නිසා බලු බවට පත්විය. බහ ඉවතලා කටයුතු කිරීම බහලු බවට පත්වීමයි. අධර්මයේ හැසිරීම, බහ ඉවතලා කටයුතු කිරීමයි. පටිච්ච සමුප්පාද ධර්මයේ එන හේතුඵල ධර්මතාවය තේරුම් ගන්නට හැකි වූ කෙනෙකුට මේ ආකාරයෙන් බලු බව උරුම වූ ආකාරය පහසුවෙන්ම තේරුම් ගත හැකි ය.
මේ අනුව තේරුම් ගත යුත්තේ ලෞකික පින්කම්, සැප සම්පත්, ධන ධාන්‍ය ආදිය ලැබීමට හේතුවන බවයි. නමුත් මෙවැනි පින්කම්වල ඵල විපාක නිසාම රාග, ද්වේෂ, මෝහ වඩවන, අකුසලයටම හිත තල්ලු කර හරින, සම්බන්ධකම් ඇති කරවන ගතියක් ඇත. මෙවන් පින්කම් සසර ගමන දිගින් දිගටම පවත්වා ගෙන යාමට හේතු වන බවත්, නිවනට බාධක වන බවත්, කෙළෙස් සහගත චිත්ත ශක්තීන් උපදවන සංඛාර පැවැත්වීමට උපකාර වන බවත් ප්‍රකාශ කළ යුතුය. රාගය හා මෝහය නිසාම සත්‍යාවබෝධය ලැබීම ප්‍රමාද කර, නිවන් මඟ වැසෙයි. සිත අඳුරු වීම, කිළිටි වීම හා කෙළෙස් සහිත වීම නිසා ක්‍රමයෙන් අගතියට, දුගතියටම යනු මිස මෙවන් ලෞකික පින්කම් සුගතියට යාමට උපකාර නොවේ.
ලෝකෝත්තර පින්කම්
ලෝකෝත්තර පින්කම් යනු මෙයට වඩා වෙනස් දේවල්ය. මහණ උතුමන්ට, සිල්වතුන්ට සිවුපසයෙන් සංග්‍රහ කිරීම, සිල් රැකීම, ධර්ම දානය, ධර්මයේ හැසිරීම වැනි සම්බන්ධකම්වලට, එකතු කිරීම්වලට උපකාර නොවන පින්කම්, ලෝකෝත්තර පින්කම් ලෙස පෙන්වා දිය හැක. ආයු, සැප, බල, වර්ණ, ප්‍රඥා යන පස් ආකාර වූ සැප සම්පත්
ලැබීමට මෙවන් පින්කම් හේතු වේ. සිහි නුවණ මෙහෙයවා කටයුතු කිරීමේ හැකියාව, හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව හා විශේෂයෙන් හේතුඵල ධර්මතාවයේ සත්‍යය වටහා ගැනීමේ ශක්තිය ලැබෙන්නේ මෙවන් පින්කම්වල ඵල විපාක ලෙසින්ය. ධර්මය අසා ධර්මය තේරුම් බේරුම් කරගන්නට, සම්මතයෙන් පරම සත්‍යය වෙන්කර දකින්නට, ඒවායේ වෙනස්කම් වටහා ගන්නට හැකි ශක්තිය ලැබෙන්නේ, ලෝකෝත්තර පින්කම්වල ඵල විපාක ලෙසිනි. ලෞකික පින්කම් නිවන් අවබෝධය සඳහා උපකාර නොවන අතර, ලෝකෝත්තර පින්කම්ද නිවන් අවබෝධයට සෘජුවම හේතු නොවේ. නමුත් ලෝකෝත්තර පින්කම් කිරීමෙන්ම ඒ පින්වල ඵල විපාක ලෙසින්ම, නිවන් අවබෝධ කර ගන්නට අවශ්‍ය කරන ධර්මාවබෝධය, බුද්ධිය හා ප්‍රඥාව දියුණු කරගත හැකිය. මිනිස් ජාතියක මතු මතුත් උපත ලබන්නටද හේතු වන්නේ මෙවන් පින්කම්ය.
විඤ්ඤාණ ශක්තියක් ක්‍රියාත්මක වන්නේ මෝහය පවතිනා නිසාමය. මෝහය යනු අඳුරු වී, කිළිටි වී කෙළෙස් වලින් චිත්තය වැසී යාමයි. මෙය කුණු කන්දරාවකින් චිත්තය වැසී යාමකි. ඒ කුණු ඉවත් කර, සළා හැර, ශුද්ධ පවිත්‍ර කර ගත හැකි වන්නේ, ලෝකෝත්තර පින්කම් කර, කුසල් කර – ආයු, සැප, බල, වර්ණ, ප්‍රඥා යන සම්පත් ලබා ගැනීමෙන්ම පමණි.
ලෞකික වුවත් ලෝකෝත්තර වුවත් තමන් කරන පින්කම්වල සියලු ඵල විපාක උරුම වන්නේ තමාටමය. සුගතියක උපත ලැබීමට, දුගතියෙන් නිදහස් වීමට හා දුකෙන් නිදස් වීමට මඟ දැක ගැනීමට නැණ නුවණ පහළ වන්නේද මෙවැනි පින්කම් කිරීමෙහි ඵල විපාක ලෙසිනි.
මෙයට අමතරව ලෞකික හා ලෝකෝත්තර පින්කම් කිරීමෙන් තමන් උපයා ගන්නා පින, කිරණ ශක්තියක් ලෙසින් තව කෙනෙකුට පැවරීමට, පින් පැමිණ වීමට, පින් අනුමෝදනා කිරීමට, පින් ලබා දීමටද උපකාර වෙයි. සංසාරයේ ගමන් කළ දීර්ඝ කාලය තුළද, මේ ආත්මයේ උපන් දා සිට අද තෙක්, තමාට උදවු උපකාර කළ දෙමවුපියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන්, නෑදෑයින්, සේවක ස්වාමි පක්ෂයත්, හරකුන්, බල්ලන් වැනි සතුන්ට පවා තමන් විශාල වශයෙන් ණයගැති බව සිතා ගත හැකිය. මෙවන් සියලු ණයෙන් නිදහස් විය හැකි එකම ක්‍රමය, උපයාගත් පින්කම් ඒ ඒ අයට පැවරීමෙන්, පින් ලබා දීමෙන් ණය ගෙවීම හා වන්දි ගෙවීමෙනි. තමන් කළ සියලු පින්කම් එවැනි අයට පවරා ණයෙන් වන්දියෙන් නිදහස් වීම, නිවන් දකින්නට අවශ්‍යයෙන්ම කරගත යුතු දෙයකි.
කුසල් යනු, කුණු සළා හැර ශුද්ධ පවිත්‍ර වීමයි. පින්කම් කිරීමේ දී මෙන් කිසිවක් එකතු කර ගැනීමක් කුසලය පිරීමේදී සිදු නොවේ. රාග, ද්වේෂ, මෝහ හෝ අලෝභ, අද්වේෂ, අමෝහ නිසා හෝ සත්ත්වයා තම තමන්ම එකතු කර ගත්, එකතු කර ගන්නා සියලු කෙළෙස් ගති, චිත්තය අඳුරු කරන, කිළිටි කරන, අපිරිසිදු බවට පත් කරන දේවල්මය. වැරදි, ඇද, වංක, අපිරිසිදු ආදී පහත් ගති ලක්ෂණ පහ කර දමා, ඒවා සළා හැර, චිත්ත පාරිශුද්ධියට පත් කර ගැනීම කුසල් පිරීමයි. වැරදි චරියාවෙන්, දුෂ්චරිතයෙන් වැළකී, වැරදි අතහැර, අනාචාරය අතහැර, වංචාව අතහැර, ඇද නැතිව, පිරිසිදුව, පිවිතුරු වීම කුණු සළා හැරීමයි. එය කුසලය පිරීමයි. සංවර වීම, සංසිඳුවීම ඒ සඳහා උපකාර කරගත හැකි ක්‍රියාකාරකම් ය.
ලෞකික කුසලය
ලෞකික කුසල යනු දස අකුසලයෙන්, දස පාප ක්‍රියාවන්ගෙන්, දස දුෂ්චරිතවලින් වැළකී සිටීමයි. එවන් නුසුදුසු දේ අතහැර නිදහස් වීම ලෞකික කුසලයයි. ”වේරමණී සික්ඛා පදං සමාදියාමි” යයි සීලයක් සමාදන් වීමෙන් උත්සාහ දරන්නේද මෙවන් අකුසලයෙන් මිදීම, නැති නම් මේ ලෞකික කුසලය පිරීමයි. මෙය අධර්මයෙහි හැසිරීමෙන් වැළකී සිටීමයි. පස් පවින්, දස අකුසලෙන් වැළකී සිටීමයි. පෘථග්ජන පුද්ගලයින් සිල් රකිනවා යනුවෙන් කරන්නේද මෙම ලෞකික කුසලය පුරා ගැනීමයි. මෙය වේරමණී සීලයෙහි කොටසක් පිරීමකි. පංච සීලයට අයත් චේතනා සීලය, සංවර සීලය, ප්‍රහාණ සීලය හා අවිතික්කම සීලය පුරා ගත හැකි වන්නේ, ලෝකෝත්තර කුසලය පිරීමෙනි. නැතිනම් ලෝකෝත්තර කුසලය පිරීමෙන් ඒ සඳහන් කළ පංච සීලයේ කොටස් පූර්ණ වෙයි.
බුදුපියාණන් නිවන මඟ සොයා ලෝකයාට අරිය සීලය දේශණා කරන්නට පෙරද පන්සිල් සමාදන් වීමත්, විවිධ ආකාර වූ වත් රැුකීමත්, පෙහෙවස් සමාදන් වීමත්, ආගම් ගණනාවක මූලික ලක්ෂණ ලෙස පැවතුණි. එසේ නම් ලෞකික කුසලය හෙවත්, අකුසලය පහ කර නිදහස් වීම බුදුපියාණන් නිවන් මඟ සොයා ගන්නට පෙර පටන්ම පැවති එකකි.
අකුසල් කිරීම, පව්කම් කිරීම යනු අයුතු අසාධාරණ, නොකටයුතු දේ කිරීමයි. මෙවන් නොකටයුතු, නොකළයුතු දේ නොකර වැළකී සිටීම, පින්කමක් හෝ කුසලයක් විය නොහැකි බවද දැන් අවබෝධ කර ගත හැකි විය යුතුය. නමුත් මෙය ලෞකික කුසලයකි. වෙනත් විදියකින් කීවොත් අයුතු, අසාධාරණ, නොකටයුතුවලින් එවන් පාපකාරී ක්‍රියා, වදන්, සිතුවිලිවලින් ඉවත් වී, ඒවා සළාහැර, සිත පවිත්‍ර කර ගැනීම ලෞකික කුසලය පිරීමයි. පෘතග්ජන පුද්ගලයෙකු, සත්ත්වයෙකු සංසාරය පුරාම කර ගන්නේ, අහක යන කුණු එකතු කර ගෙන තම මල්ල පුරවා ගැනීමයි. එකතු කර ගත්, පුරවා ගත් කුණුවල බර තමන්ම ඇද්ද යුතුය.
අකුසලයෙන් මිදී වැළකී සිටීමට නම්, යම් කෙනෙකු හේතුඵල දහම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සත්‍යය යම් තරමකින්වත් දැනගත යුතුය. හොඳ – නරක, යහපත – අයහපත, ලාභ – අලාභ ලෙස මසැසට පෙනෙන දේ සත්‍යය විය හැකි නොවේ. නැති නම් හැම විටම පරම සත්‍යය නොවේ. ඒ නිසා ධර්මයට බහා බැලීමෙන්ම, හේතුඵල ධර්මයට බහා බැලීමෙන්ම ඒවායේ පරම සත්‍යය ස්වරූපය යථාවබෝධයෙන් දැකගත යුතුය.
එකතුකර ගත් බලවත් කුණු කන්දරාව නිසාම, කෙළෙස් නිසාම, සිතෙහි අඳුරු බව නැති නම් මෝහ පටලයෙන් සත්‍යය වැසී යාම නිසාම, හේතු ඵල දහමේ සත්‍යය ස්වභාවය, ධර්මතාවය දැක ගත නොහැකි වෙයි. දැඩි මෝහයෙන්, අවිද්‍යාවෙන් වැසී අඳුරු වූ සිතක් සහිත සත්ත්වයෙකුයට, හේතු ඵල ධර්මය ගැන සිතන්නටවත් නොහැකිය. එවන්
තත්ත්වයක් යටතේ පව්කම් කිරීම, අකුසල් කිරීම තරම් සතුටක්, වින්දනයක්, ප්‍රියමනාප දෙයක්, වටිනා දෙයක්, ඒ සත්ත්වයාට තවත් නැත. එවැනි පව්කම් කෙරෙහි ගිජු බවක් ඒ සත්ත්වයාගේ සිතෙහි පහළ වෙයි. එය අවිද්‍යාවේ නොදන්නාකමේ උග්‍රම තත්ත්වයයි. සෑම පව්කමක්ම, අකුසලයක්ම කරන කලට ඒවා ප්‍රියජනක, සැප සුව වින්දනයන් ලෙසම දකින්නේ, තමන් කරන, කියන, හිතන එවැනි දෙයෙහි එල විපාක කොයි ආකාරයකින් තමාටම ආපසු ලැබේදැයි, යාන්තමින්වත් සිතා ගන්නට නොහැකි වීම නිසාමය. එය මෝහයයි. වෙන කෙනෙකුට වන අසාධාරණය හෝ අවැඩ, ස්වභාවධර්මයට වන අවැඩ හෝ අසාධාරණය, සමාජයට වන අවැඩ හෝ අසාධාරණය ගැනවත් කිසිම තැකීමක්, දැනීමක් නැති වන්නේ, ඒ අවස්ථාවේ ලබන තෘප්තිය, ප්‍රියමනාප බව මතම පමණක් තීරණය කර, නිගමනය කර කටයුතු කිරීම නිසයි. එය මෝහයයි.
ධර්මාවබෝධය යනු, තමා කරන, කියන, හිතන මෙවන් දේවල් නිසා හේතුඵල දහමට අනුව තමන්ටම ආපසු ලැබෙන ඵල විපාකවල සත්‍යය දැකීමයි. ඒ සඳහා නුවණ, ප්‍රඥාව තරමක් දුරට හෝ තිබිය යුතුය. මසැසට පෙනෙන දේ මෝහයෙන් යුතු විඤ්ඤාණයට දැනෙන දැනීම, සත්‍යයෙන් තොර මායා දෘෂ්ඨියක් බවත්, මෙහි පරම ප්‍රකෘති තත්ත්වය දැකීමට, ප්‍රඥාව උපකාර කර ගත යුතු බවත්, හේතුඵල ධර්මතාවයට බහා බැලීමට පුරුදු පුහුණු කරගත යුතු බවත් අවබෝධ කරගත යුතුය.
ප්‍රඥාව හා මෝහය කාසියක දෙපැත්ත මෙනි. මේ දෙකම එක සිතක එකවර පහළ විය නොහැකිය. ලෝකෝත්තර කුුසල් පිරීම යනු මෝහයෙන් මිදී නිදහස් වීම, කිළිටි, අඳුරු, කුණු සළා හැර නිදහස් වීමයි. ප්‍රඥාව උදාකර ගත හැකි වන්නේ, මෙවන් කාලයක් තිස්සේ එකතු කරගත්, මුල් බැසගත් කෙළෙස් ගති උදුරා දමා, මුල් බැසගත් කුණු තට්ටු ශුද්ධ කර ගැනීමෙන් පමණි.
ලෝකෝත්තර කුසලය
ලෝකෝත්තර කුසලය පිරීම යනු කුමක්දැයි තේරුම් ගෙන, ලෝකෝත්තර කුසල පිරීමට ප්‍රායෝගිකව කළ යුතු දේ දැන ගෙන, යථාවබෝධයෙන් කටයුතු කිරීම මෝහයෙන් මිදී නිවන් අවබෝධ කර ගැනීමයි. ලෝකෝත්තර කුසල් පිරීම යනු, කිසියම් දෙයක් එකතු කර ගැනීමක් නොවේ. එකතු කර ගත් කෙළෙස් ගති සළා හැර, ප්රහාණය කිරීමකි. ඒ නිසා ලෝකෝත්තර කුසලය, කිසිවිටකත් ඵල විපාක දෙන එකක් නොවේ. අතහැර මිදී නිදහස් වීම ඵල විපාක ද අත්හැර මිදී නිදහස් වීමකි.
සීලයෙහි සිත පිහිටුවීමෙන් ළය සිසිල් වූ විට සමාධිය, ශ්‍රද්ධාව, බුද්ධ ඥාණ ක්‍රමයෙන් වැඩෙන නිසා, ප්‍රඥා විමුක්තිය ළඟා කර ගැනීමට අනුගමනය කළ යුතු ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය බුද්ධියට වැටහෙයි. ඒ සඳහා බාහිර ගුරුවරයෙකුගේ උපදෙස්, මඟ පෙන්වීමේ අවශ්‍යතාවයක් ඉන් පසු අවශ්‍ය නොවන බව බුද්ධියට වැටහෙයි.
කර්මජ කෝෂවල මෙතෙක් කලක් තිස්සේ එකතු කර ගෙන පවත්වාගෙන ආ රාග,ද්වේෂ, මෝහ සහිත චිත්තජ ශක්තීන්, මතක සටහන් ලෙස එකතු වී රැඳී පවතී. ඒවා ඛය කර දමා, ප්රහාණය කර දමා, දවා හැර, ක්‍රමයෙන් කර්මජ කෝෂය ශුද්ධ කර ගත යුතුය. එය ලෝභක්ඛය කිරීම, ද්වේෂක්ඛය කිරීම, මෝහක්ඛය කිරීම ලෙස පෙන්වා දුන් ක්‍රියාවලියයි. පිරිසිදු චිත්ත තත්ත්වය මතු කර ගත හැක්කේ, විඤ්ඤාණ තත්ත්වයේ දී සිතෙහි පැවති කෙළෙස් ගති, සියලු කුණු දැක, ඒවා සළා හැරීමෙනි. මෙය ලෝකෝත්තර කුණු සළා හැරීම, ලෝකෝත්තර කුසලය පිරීමයි. මේ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය පෙන්වා දුන්නේ්, අරිය අෂ්ටාංගික මාර්ගය පිරීම ලෙසයි. අරිය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම, නිරෝධ ගාමිණී පටිපදාව පිරීම යනු, ලෝකෝත්තර කුසලය පිරීමම මිස වෙන එකක් නොවේ. මේ සඳහා ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සිට ඇති සම්මා අංග අට පූර්ණ කළ යුතු යි.
අෂ්ටාංගික මාර්ගය පිරීම යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නමින් එන පද වැල්වල වචන කියවීම නොවේ. ඒ වචන කියවීම භාවනාවක් ද නොවේ. මේ වචන කියවීමෙන් මෙතෙක් සංසාරයේ එකතු කර ගත් කුණු සළා හැරීමක් ද සිදු නොවේ.
ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය තෙක් ඇති අංගවල සම්මා යන වචනයේ තේරුම නිවැරදිව තේරුම් ගෙන, ප්‍රඥාවෙන් දැන, කළ යුතු කි‍්‍රයාවලිය අවබෝධ කරගෙන ප්රායෝගිකවම ඒ කිරීමෙන්ම ප්‍රඥා විමුක්තිය ලබගත හැක. ”සංවරේන පහාතබ්බා” යනුවෙන් බුදුපියාණන් දේශණා කර වදාළේ මෙයයි. ”සං” වලින් මිදී නිදහස් වීම සම්මා වීමයි. සංවර වීම, සංසිඳ වීම, ”සංමා” වීම යනු එකතු කරගත් කුණු සළා හැර ශුද්ධ වීමමයි.
සම්මා දිට්ඨියේ සම්මා දිට්ඨිය දැක ගත යුතුයි. එය නම් ”සං” එකතුවන බවත් ”සං” උපදින ආකාරයත් දැක ගැනීමයි. ”සං” වරා පිරිසුදුව ශුද්ධ කර ගත හැකි බවත් දැකිය යුතුයි. එය සම්මා දිට්ඨියේ සම්මා සතියෙහි පිහිටීමයි. දැකීමයි. සම්මා දිට්ඨියේ සම්මා වායාම පිරීම ඊළඟට කරගත යුතු දෙයයි. එනම් දැක ගත් ”සං” වලින් මිදී නිදහස් වීමට වායාමයක්, උත්සාහයක් දැරීමයි.
සම්මා සංකප්ප යනු ”සං” වලින් මිදෙන්නට ගත යුතු පියවර ගන්නට ”සං” උපද වන කාල පරාසය දැකිය යුතුයි යන්නයි. නෙක්ඛම්ම, අවිහිංසා, අව්‍යාපාද යන තත්ත්වයට පත් විය හැක්කේ, කුණු සළා හැර ”සං” එකතු කිරීම නැවැත්වීමෙන් පසුව බව දැක, සම්මා සංකප්පයේ සම්මා දිට්ඨියත්, සම්මා සංකප්පයේ සම්මා සතියෙහි පිහිටීමත් සිදු වූ පසු, සම්මා සංකප්පයේ සම්මා වායාමය පිරිය යුතුය.
සම්මා වාචා සඳහා ද ”සං” එකතු කිරීම නවත්වන කුණු සළා හරින වචන, සම්මා වාචාහි සම්මා දිට්ඨියෙන් දැක, සම්මා වාචා සඳහා සම්මා සතියෙහි පිහිටා, සම්මා වාචා පවත්වා ගෙන යාමට සම්මා වාචාහි, සම්මා වායාමය පිරිය යුතුයි.
සම්මා කම්මන්තයෙහි ද සම්මා දිට්ඨිය දැක, සම්මා කම්මන්තයෙහි සම්මා සතියෙහි පිහිටා, සම්මා කම්මන්තයෙහි සම්මා වායාමය පිිරීමෙන්, කුණු සහිත සියලු ක්‍රියාවන් සළා හැර ශුද්ධ විය හැකිය.
සම්මා ආජීවය යනු දිරණ, ජරාවතක් පැවැත්වීම සඳහා උපකාර වන දේ දැක, සම්මා ආජීවයේ සම්මා දිට්ඨිය අවබෝධ කර ගෙන, සම්මා ආජීවයේ සම්මා සතියෙහි පිහිටා, සම්මා ආජීවයේ සම්මා වායාමයෙහි යෙදිය යුතුය.
මේ ආකාරයෙන් සම්මා වායාමය හා සම්මා සතියද සම්පූර්ණ කරගත් පසු සම්මා සමාධියෙහි පිහිටීම ඉබේ ම සිදුවන දෙයකි. අනිකුත් අංග පූර්ණ කර සියලු ”සං” වලින් මිදී, කුණු සළා හැර නිදහස් ව පිරිසිදු වූ කළ එය සම්මා සමාධියට පත් වීමයි.
සම්මා සමාධියට පත් වීමෙන් සම්මා ඥාණ ලැබෙයි. මෝහයෙන් තොර ප්‍රඥාව උදා වෙයි. සම්මා ඥාණ නිසා සම්මා විමුක්තිය ලැබෙයි. මෙය චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය දෙකම පූර්ණ වීම යි. නිවන් දැකීම යි.
පින් පැමිණවීම හා මෙත් වැඩීම
පුද්ගලයෙකු, සත්ත්වයෙකු තම චිත්තසංථානයේ උපදින සංඛාරවලින් ...
ඉතරි කොටස -> මෙතන
- මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි

Last edited: