පින වෙන එකෙක්ට ගියොත්

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    356836345_302705065655364_9204695100293680688_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණ නමත් එකම වෙන අය කොච්චර ඉන්නවද. මාත් කියන්නෙ මීට පස්සෙ අයිඩෙන්ටිටි නොම්මරේට අනුමෝදන් කරානං හරි.

    අවදානමක් ගන්න එපා.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo


    මිය පරලොව ගිය ඥාතීන්ට අපි කොහොමද පින් දෙන්නෙ ? මේ සඳහා තමයි ධර්ම දේශනාවක් නැතිනම් දානයක්, කිසියම් පූජාවක් අවසානයේදී අපි කියන්නේ ''අපේ නමින් මිය පරලොව ගිය ඥාතීන් කොහේ හෝ සිටී නම් පින් අරගන්න පුළුවන් තැනක සිටීනම් මේ පින් ගනිත්වා ! පරලොව ආත්මය සුඛිත මුදිත වේවා !''කියලා .

    මෙලෙස පින් දෙනවිට මෛත්‍රී සහගත හිතකින් එලෙස කිව යුතුයි.

    ඇතැමුන්ට මේක ගැටලුවක්. අපි මෙහෙම පින් දුන්න සැණින් මිය ගිය ඥාතීන්ට පින් ගන්න පුළුවන්ද ?

    දවසක් ජානුස්සෝනි කියන බමුණටත් ඔබට වගේම මේ ගැටලුව පැන නැගුණා. බමුණා දවසක් බුදු රජාණන් වහන්සේ මුණ ගැසී මෙහෙම ඇසුවා.

    " බුදු රජාණන් වහන්ස, අපි ලබා දෙන මේ පින් මිය ගිය අයට ලැබෙනවාද ? "

    " ජානුස්සෝනි, සුදුසු තැන දී ලැබෙනවා. නුසුදුසු තැන දී ලැබෙන්නේ නැහැ. "

    මෙය බමුණාට එකවරම අවබෝධ වුණේ නැහැ. එබැවින් මට විස්තර ඇතිව කියා දෙන්න යැයි බුදුරජාණන් වහන්සේගෙන් බමුණා ඉල්ලීමක් කළා.

    " සමහර අය මිය පරලොව ගොස් මරණින් මතුව නිරයේ උපදින්න පුළුවන්. සමහරු දන් දෙනවා. පින් කටයුතු කරනවා. එහෙත් සෝතාපන්න පලයට පත් වන තෙක්ම මරණමංචකයේදී අකුසල කර්මයක් බලවත් වී අපායට වැටෙන්න පුළුවන්. ඔබ කළ කුසල් මැඬපවත්වාගෙන අකුසල් මතු වුවහොත් නිරයේ උපදිනවා. එවන් ඥාතීන්ට අපි මෙහේ දන් දුන්නාට, පින්කම් කළාට පලක් නැහැ. ඒ පින් ඔවුනට ගන්න බැහැ.

    තව කෙනෙක් මිය පරලොව ගොස් අකුසලයක් බලවත් වී තිරිසන් අපායේ උපදිනවා විය හැකියි. ඒ මිය ගිය තැනැත්තාගේ ඥාතීන් "අනේ අපේ ඥාතියා මිය ගොස් දැන් දවස් හතයි. තුන් මාසයයි. අවුරුද්දයි." කිය කියා පින්කම් කරනවා. එහෙත් එයාට පින ලබා ගන්න පුළුවන් කමක් නැහැ. තිරිසන් ලෝකය අභාව්‍ය තැනක්. පින් පල දෙන්නේ නැහැ.

    මරණ මංචකයේදී පිනක් මතුවුවහොත් මනුෂ්‍ය ලෝකයේ උපත ලැබීමට හැකියි. ඒ කෙනා මියදෙන මොහොතේම කුසලයක් බලවත් වී මවු කුසක පිළිසිඳ ගන්නට හැකි වේවි. මවු කුසේ දසමසක් ගෙවුණ තැන උපත ලබයි. ඒ ලැබූ දිවියේ දරුවකු ලෙසින් දුව පැන ඇවිද සතුටින් කාලය ගෙවනවා විය හැකියි. මේ අතර පෙර ආත්මයේ ඥාතීන් " අනේ අපේ තාත්තා මිය ගිහින් දැන් අවුරුද්දයි." කියමින් දාන මාන පින් කටයුතු සිදු කරනවා. හාමුදුරුවන්ට දන් බෙදන මොහොතේ අර දරුවාගේ පිඟානට කෑම පහළ වීමක් හෝ පිරිකර පූජා කරන වෙලාවේ අර දරුවාට ඇඳුම් ලැබීමක් හෝ වන්නේත් නැහැ. මනුෂ්‍ය ලෝකයේ ඉපදුණත් කෙනෙක් ලබා දෙන පින ඒ මොහොතේ ලබා ගන්නට පුළුවන් කමක් නැහැ.

    තව කෙනෙක් මරණින් මතු දිව්‍ය ලෝකය උපත ලැබිය හැකියි. අපි දෙවිවරුන්ට පින් දෙන අවස්ථා තියෙනවා.

    බොහෝ දෙනෙක් කියනවා " අපි දෙන පින් වලින් තමයි ඔය දෙවියොත් ඉන්නෙ " කියලා. ඒක වැරැදි අදහසක්.

    මරණ මංචකයේදී තමන් කරන ලද ලොකු පිනක් බලවත් වීමෙනුයි පිනේ විපාකයක් ලෙසටයි දෙව්ලොව උපතක් ලැබිය හැකි වන්නේ.

    මුගලන් මහරහතන් වහන්සේ සෘදිමතුන් අතර අගතැන්පත් රහතුන් වහන්සේ නමක්. උන්වහන්සේ දෙව්ලොව වැඩමවා වරෙක දෙවියකුගෙන් මෙලෙස අහනවා.

    " පින්වත් දෙවිය, ඔබ බොහෝ සැප සම්පත් විඳීන කෙනෙක්. ඔබ ඕෂධී තාරකාව වගේ බැබළෙනවා.මේ තරම් සැප සම්පත් දිව්‍ය විමාන ලබන්නෙ ඔබ කොයි වගේ පිනක්ද සිදු කළේ...? යැයි අසනවා එවිට ඒ කිසිම දෙවියකු

    ''මම මනුෂ්‍ය ලෝකෙ හිටියෙ. මනුෂ්‍ය ලෝකයෙ මගෙ ඥාතීන් මට පින් දෙනවා. එතකොටයි මට මේ දිව්‍ය සැප පහළවෙන්නේ.'' යැයි කියන්නේ නැහැ. කොහොමත් එහෙම සඳහන් වන්නේ නැහැ.

    " ස්වාමීනී මා මනුෂ්‍ය ලෝකයේ ඉන්න කාලේ මේ මේ වගේ පින් කළා. පිපාසෙන් හිටපු කෙනකුට පැන් දුන්නා. ඒ පින හැමවෙලාවෙම සිහිපත් කළා. මා මියදෙන මොහොතේත් ඒ පින මෙනෙහි කළා." ඒ දෙවිවරු කියන්නේ එහෙමයි.

    චුති සිතට තමන් කළ කුසලයක් මියයන මොහොතේ ආසන්න කර්මයක් ලෙස බලවත් වී සුගතියක උත්පත්තියක් ලැබීම සිදු වෙනවා. කොහොමත් දෙවියන් කියන්නේ පින්වලට කැමැති කොට්ඨාසයක්. අපි යමක් කර පින් අනුමෝදන් කළ විට එයින් දෙවියෝ සතුටු වේ. අපි පින් දෙන කොට අපිටත් පින් රැස්වෙනවා. එක පහනකින් පහන් සිය දහස් ගාණක් පත්තු කළත් පළමු පහනේ ආලෝකය අඩු නොවන්නා සේ පින් දෙන තරමට පින් වැඩි වේ.

    තව කෙනකුට පින් අනුමෝදන් කරන්නට මෛත්‍රී සිතක් තිබිය යුතුයි. මෛත්‍රිය පින අතර අග්‍රතම පිනයි.

    "අපේ ඥාතියා උපත ලැබූ ආත්මය සුවපත් වෙත්වා." මේ සිතුවිල්ල මෛත්‍රී සහගතයි. එයත් ඔබට පින් ලැබෙන ක්‍රමයක්. කෙනකු පින් දහම් කර දෙවියන්ට පින් පමුණුවන්නේ යම්සේද දෙවියෝ සතුටු වෙති. එවන් විටදී දෙවියෝ ආශිර්වාද කරති.

    " හොඳට හිටියොත් - දෙවියොත් නමට වඳී " කියන්නෙ සත්‍යයක්.

    එක දරුවකු සිටින මවක් එම දරුවා තම දිවි දෙවැනි කොට රකින්නේ යම් සේද සිල්වත්ව ජීවත් වන, ධර්මිෂ්ඨ අය දෙවියන් ආරක්ෂා කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.

    ඔබ පිනට කැමැති කෙනෙක් විය හැකියි. ඔබේ මිතුරකු රුවන්වැලි මාහා සෑ රදුන් වෙනුවෙන් යම් පූජාවක් කළා යැයි සිතන්න. එහි ජායාරූප ඔබට පෙන්වයි. ඔයාටත් ඒ පින් අනුමෝදන් වෙනවා යැයි ඔහු කියන අවස්ථාවේදී " අනේ සාදු සාදු " යැයි ඔබ හදවතින් ආශිර්වාද කරයි නම් සැබැවින්ම ඒ පින ඔබට රැස් වේ.

    එසේම යමෙක් මියැදුණ පමණින් සුජීවත්ව සිටින අයට මියැදුණු සෑම කෙනෙක් වෙනුවෙන්ම පින් අනුමෝදන් කරන්නට බැහැ. ප්‍රේත ආත්ම සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් එක් ප්‍රේත කොට්ඨාශයකට පමණයි අපට පින් පැමිණිය හැකි වන්නේ.

    " ඉධම්මේ ඥාතීන්...." යැයි කියන්නේ අපේ ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන සුවපත් වෙත්වා.

    කර්මානු රූපීව මිය ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කරගෙන සුවපත් වෙත්වා. කර්මානුරූපීව මිය ගිය ඥාතියාට එම පින කෙටි කලකට ප්‍රමාණවත් වේ. අන්න ඒ නිසයි.

    මියගිය අය වෙනුවෙන් නිතර නිතර පින් කරන්න යැයි කියන්නේ. ඒ අය පින් ගන්න පුළුවන් තැනක සිටී නම් පින ගත හැකියි. පින් ගන්න නොහැකි තැනක සිටී නම් ඔබේ නමින් සසරේ මියැදුණ පෙර මව, පියා, සොහොයුරා, බිරියට, සැමියා, දරුවාට ඒ පින රැස් වේ. සසරේ අපේ ඥාතියකු නොවුණ කෙනකු නැතැයි බුදුරදුන් දේශනා කර තිබේ.

    සංසාරේ කෙතරම් දුක් සහගතද ඔබට වැටහෙනවා නේද ? මියගිය පසුව ජීවත්ව සිටින අයගෙන් පින් ගැනීම හිතන තරම් ලෙහෙසි දෙයක් නොවෙයි.

    එබැවින් හැකි සෑම විටම ඔබ ඔබ වෙනුවෙන් පින් රැස් කර ගන්න
    ------ Post added on Jun 29, 2023 at 7:06 AM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    ඕක එහෙම නම කියන්න ඕනිම නෑ. අනික අනුමෝදන් කරනව කියන කන්සෙප්ට් එකේ වෙන්නෙ තමන්ගෙ ලග තියෙන පින් අනුමෝදන් කරනවා කියන එකනෙ. එතකොට උබට නමක් කිව්වම හතරක් පහක් මතක් උනොත් හතර පහටම අනුමෝදන් වෙයි වෙනව නන්. නැත්ත නම කිව්වම උබට මතක් වෙන කෙනාට තමා අනුමෝදන් වෙන්නෙ.

    පෝස්ට් එක හදපු එකාගෙ හිතේ දෙවියන්වහන්සේගෙ පව් සමා කිරිල්ල වගේ හාමුදුරුවන්ගෙ අතේ තියෙන පින් තමා මේ බෙදන්නෙ කියල. :rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    පින් අනුමෝදන් කිරීම ඔටෝමේට් කරමුද ?

    අනිවාර්යෙන් අදාල කෙනාගෙ ID නොම්බරේ කියල අනුමෝදන් කරන එක අපි රෙකෝඩ් කරමු. මේක අපි ඔන්ලයින් සර්වර් එකක ස්ථාපනය කරල ස්කිරිප්ට් එකක් දාමු නැවත නැවත ප්ලේ වෙන්න. ඔබගේ පින ලැබෙන කෙනාට අන්ලිමිටඩ් පිං එකතු වෙන්න හදල දෙන්න පුලුවන්. මේ පුන්‍යකර්ම සබ්ස්ක්‍රයිබ් ක්‍රමය ඉතාම පහසු මිලකට කරන්න පුලුවන් වෙයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    Fernando kenek ne ahala thiyenne. Jerome ge nayekda danna😂😂😂
    ඒක තමා පෝස්ට් එක හදපු එකාගෙ හිතේ දෙවියන්වහන්සේගෙ පව් සමා කිරිල්ල වගේ හාමුදුරුවන්ගෙ අතේ තියෙන පින් තමා මේ බෙදන්නෙ කියල. :rofl:
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අපි යමක් කර පින් අනුමෝදන් කළ විට එයින් දෙවියෝ සතුටු වේ. අපි පින් දෙන කොට අපිටත් පින් රැස්වෙනවා. එක පහනකින් පහන් සිය දහස් ගාණක් පත්තු කළත් පළමු පහනේ ආලෝකය අඩු නොවන්නා සේ පින් දෙන තරමට පින් වැඩි වේ.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    නමක් ඕනේ නැහැ පින පව සෙට් වෙන්න. මතක් කරද්දි තමා ඕක ජැම් වෙන්නේ. කවුරු හරි යම් දෙයක් හොරකම් කරලා නං උගේ නම දැන ගන්න ඕනේ නැහැ, හොරකම් කරපු එකාගේ සම්මාජතියටම හෙන ගහපන් කිව්වාම දෙන්නගෙම කිල්ලෝටය පිරෙන්න ගන්නවා.
     
    • Like
    Reactions: Cypress

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    ඕක එහෙම නම කියන්න ඕනිම නෑ. අනික අනුමෝදන් කරනව කියන කන්සෙප්ට් එකේ වෙන්නෙ තමන්ගෙ ලග තියෙන පින් අනුමෝදන් කරනවා කියන එකනෙ. එතකොට උබට නමක් කිව්වම හතරක් පහක් මතක් උනොත් හතර පහටම අනුමෝදන් වෙයි වෙනව නන්. නැත්ත නම කිව්වම උබට මතක් වෙන කෙනාට තමා අනුමෝදන් වෙන්නෙ.
    ow. nama kiyana eken adahas karanne taman danna kenawa matak kara ganna kiyana eka.