පින සහ අවබෝධය - මේ මනුෂ්‍ය ජීවිතය අසාර්ථක ව&#3

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
පින සහ අවබෝධය - මේ මනුෂ්‍ය ජීවිතය අසාර්ථක ව&#3

timthumb.php


සමහර කෙනෙක් ඉන්නවා ඉඩමක් තියෙනවා. සාමාන්‍ය ගෙයක් තියෙනවා. නමුත් ලස්සන ගෙයක් නෑ. එතකොට හැම තිස්සේම එයාගේ හිතේ ‘අනේ මට ලස්සන ගෙයක් නෑ’ කියලා දුකක් තියෙනවානේ. ඒ දුක හේතුවෙන් එයාට ලස්සන ගෙයක් ලැබෙනවාද? නෑ. සමහර කෙනෙක් ඉන්නවා නිතර ලෙඩින්. එයාට නීරෝගී අය ඉන්නවා පේනවා. නීරෝගී අය සුවසේ දුවනවා, පනිනවා පේනවා. එතකොට මෙයාට ‘අනේ, මට නීරෝගීකම නෑනේ…..’ කියලා දුකක් තියෙනවා. නමුත් ‘මට නීරෝගීකම නෑනේ….’ කියලා දුක් විඳීම හේතුවෙන් නිරෝගීකම ලැබෙන්නේ නෑ. සමහර කෙනෙක් ඉන්නවා හොඳ රස්සාවක් නෑ. එයාට හොඳ රස්සාවල් කරන අය පේනවා. එතකොට එයාට ‘අනේ මට හොඳ රස්සාවක් නෑනේ…’ කියලා දුකක් තියෙනවා. ඒ විදිහට නෑ කියලා දුක්වෙන හේතුවෙන් එයාට හොඳ රස්සාවක් ලැබෙන්නේ නැහැ. සමහර කෙනෙක් මහන්සි වෙවී වගා කරනවා. නමුත් එයාට සාර්ථක අස්වැන්නක් නෙලාගන්න බෑ. සමහර අය ඉන්නවා හොඳට වගා කරලා හොඳ අස්වැන්නක් නෙලා ගන්නවා. එතකොට එයා ඒක බල බලා ‘අනේ, මගේ වගාව පාලූ වෙනවා…. මං කරන කියන දේවල් සාර්ථක වෙන්නේ නෑ….’ කියලා දුක් වෙවී ඉන්නවා නම් එහෙම දුක් වෙවී හිටියා කියලා ඒ හේතුවෙන් එයාගේ දේවල් සාර්ථක වෙනවද? නැහැ.
මෙන්න මේකෙදී පින හඳුනාගැනීමට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම්ගෙන සිටීම ගොඩාක් උපකාරී වෙනවා. ඔබට මතකද මං මුලින්ම කිව්ව දෙය? අපි කී වතාවක් මිනිස් ලෝකයට ඇවිල්ලා ඇද්ද? ආපු හැම මිනිස් ආත්මයකම ඒ ජීවිතය සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්ද? අපි ඒක දන්නේ නෑ. මේ මනුස්ස ජීවිතයත් අප හිතෙන ප‍්‍රමාණයට සාර්ථක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි, මේක අපට ලැබෙන එකම මනුස්ස ජීවිතයත් නොවෙයි. තවත් ඉස්සරහට ඕනතරම් මනුස්ස ජීවිත ලැබෙන්න පුළුවන්. තව ඉස්සරහට අපට දිව්‍ය ජීවිත ලැබෙන්නත් පුළුවන්. හැබැයි, මේ ජීවිතයේ අපට යම්කිසි අඩුපාඩුවක් තිබෙනවාද, ඔබ කැමැතිද මේ අඩුපාඩු ඊළඟ ජීවිතයෙත් ලැබෙනවාට? මේ ජීවිතයේ යම්කිසි අසාර්ථකභාවයක් තියෙනවාද, ඔබ කැමැතිද මේ අසාර්ථකබව ඊළඟ ජීවිතයේදීත් ලැබෙනවාට?
අපි කැමැති, මේ ජීවිතයේ යම් අඩුපාඩුවක් ඇද්ද, ඊළඟ ජීවිතයේ ඒ අඩුපාඩුව නැතිවෙනවාටයිි. මේ ජීවිතයේ යම් අසාර්ථකබවක් තියෙනවද, ඊළඟ ජීවිතයේ ඒ අසාර්ථකත්වය නැතිබවට අප කැමතියි. ඊළඟ ජීවිතයට සැලැස්මක් ඕන කරනවා කියන කොට ජීවිතය ගැන කල්පනා කරන්න බැරි, මෝඩ කෙනෙක් හිතාවි ‘මේක තේරුමක් නැති කතාවක්. මේ ජීවිතයටනේ සැලැස්මක් ඕන. ඊළඟ ජීවිතයට මොකටද?’ කියලා. නමුත් බලන්න, අපි මේ ජීවිතයේ සැලැස්මක් ගහගෙන යන දේ අපට අද නැතිවෙන්න බැරිද? හෙට නැතිවෙන්න බැරිද? නැතිවෙන්න පුළුවන්නේ. මේ ජීවිතයේ සැලැස්මක් ගහගෙන යන දේ අපට ඕන වෙලාවක නැතිවෙන්න පුළුවන්.
අපි මෙහෙම කියමු. මේ ජීවිතයට සැලසුම් කරමින් මේ ජීවිතය දියුණු කරගන්න කල්පනා කරගෙන හිටපු අය බලාපොරොත්තු නැති මොහොතේ මැරුණේ නැද්ද? ඉස්කෝලේ යමින් සිටිය ළමයි මැරුණේ නැද්ද? කසාද බැඳලා මුදු මාරුකරලා හිටපු අය පෝරුවට නගින්න ඉස්සරවෙලා මැරුණේ නැද්ද? රස්සාවට සම්මුඛ පරීක්ෂණයට යන්න හිටපු කෙනා සම්මුඛ පරීක්ෂණයට යන්න ඉස්සෙල්ලා මැරුණේ නැද්ද? එහෙම අවස්ථාවල් නැද්ද? අම්මලා සිටිද්දී දරුවෝ මැරෙනවා. දරුවෝ සිටිද්දී අම්මලා මැරෙනවා. වෙලා නැද්ද මේවා?
මනුස්සයන් මැරෙනවා. මැරුණ ගමන් එයාගේ මේ ජීවිතයේ කොටස ඉවරයි. ඊළඟට තියෙන්නේ අලූත් ජීවිතයක කොටසක්. අලූත් ජීවිතයේදී එයාට මේ ජීවිතය තුළ සංවර්ධනය වූ දෙයක් නැත්නම්, සමහර විට ඒ ජීවිතයේ එයාට මේ ජීවිතයේ තිබුණු ටිකත් නෑ. අපට තේරෙන හැටියට නම් වර්තමාන මනුස්සයා මේ ජීවිතයේදී යම්කිසි දෙයක් ලබා තිබෙනවාද, ඊළඟ ජීවිතයේදී එයාට ඒකත් නෑ. මේ ජීවිතයේදී යම්කිසි සැපයක් විඳින දෙයක් ලබා තිබෙනවාද, ඊළඟ ජීවිතයේ ඒකත් නෑ.
එහෙනම් යම්කිසි පිනකින් අපි මනුස්ස ලෝකයට ආවා නම්, ඒ පින මේ ජීවිතයේදී ඉවර වෙද්දී අපි අලූතෙන් පිනක් රැස් කරලා නැත්නම්, මේ ජීවිතය අවසන් වෙන කොට අපේ විඤ්ඤාණය මෙහෙයවන්න ඊළඟ එක ඉදිරිපත් වෙනවා. ඒ තමයි පව. මේක අපි දන්නේ නෑ.
ඔබ හිතන්නේ අතීතයේ සෑම මනුෂ්‍ය ජීවිතයකදීම අපි තෙරුවන් සරණ ගිහිල්ලා හිටියා කියලද? නෑනේ. අපට සක්කාය දිට්ඨිය තියෙනවා. විචිකිච්ඡාව තියෙනවා. සීලබ්බත පරාමාස තියෙනවා. අපි එක එක ආගම් අදහන්න ඇති. එක එක දේවල් යාඥා කරන්න ඇති. එක එක බිලි දෙන්න ඇති.
නේපාලයේ අලූත් ආණ්ඩුව තීරණයක් අරන් තියෙනවා, ආගමික පූජා පිණිස බිලි දෙන්න එපා කියලා. හරක් මරලා බිලිදෙනවා. එළුවෝ මරලා බිලි දෙනවා. මේ බිලි පූජා නවත්වන්න කියලා පාර්ලිමේන්තුවට තහනම් නියෝගයක් ගේන්න යනකොට රටම කිපුණා. තරුණයෝ පාරට බැහැලා ගල්ගැහුවා. පොලිසිවල බෝඞ් කඩා බිඳ දැම්මා. ඒගොල්ලෝ බිලි පූජා කරන්න අවසරය ඉල්ලූවා. ඔබත් ඒ සමාජය තුළ හිටියා නම්, ඔබත් එහි කොටස්කාරයෙක් නොවෙයිද? ඒගොල්ලෝ ආගමික චාරිත‍්‍රයක් වශයෙන් බිලි පූජා කරන්න ඕන කියලා සටන් වදිනවා.
ඔය වගේ උපනූපන් ආත්මවල අපි එක එක දේවල් කර කර සිටිද්දී ඒවත් අපේ පස්සෙන් ඇවිත් තියෙන බව අපි අමතක කරන්න හොඳ නෑ. මේ ජීවිතයේ අපි පින ගෙවිලා යන්න දුන්නොත්, පව් රැස්වෙන්න ඉඩදුන්නොත්, ඊළඟ ජීවිතයේ අපට අසාර්ථකබවක් මිසක් සාර්ථකබවක් නෑ.
බුදුරජාණන් වහන්සේ මේක හොඳට තේරුම් අරගෙන සිටියා. ඒ වගේම උන්වහන්සේ මේකට සාර්ථක විසඳුමක් දැනගෙන සිටියා. ඒ තමයි, මේ ගැන බුදුරජාණන් වහන්සේට හොඳ අවබෝධයක් තියෙනවා කියලා මනුස්සයාට ඒත්තු ගැන්වීම. මොකද, සාමාන්‍ය මනුස්සයාගේ ජීවිතයේ සුළු දේකිනුත් මනුස්සයාට මාන්නය ඇතිවෙන්නේ නැද්ද? අලූතෙන් බැඳපු ජෝඩුවක් හිටියා කියමු. පුතෙක් උපන්නොත් ඔන්න එ්කටත් මාන්නය ඇතිවෙනවා, ‘මට පුතෙක්’ කියලා. දුවක් උපන්නොත් ඔන්න ඒකටත් මාන්නය ඇතිවෙනවා, ‘මට දුවක්’ කියලා. ළමයා විභාගය පාස් වුණොත් ‘මගේ ළමයා විභාගය පාස්’ කියලා ඒකටත් මාන්නය ඇතිවෙනවා. සමිති සමාගමක තනතුරක් ලැබුණොත් ‘මට අසවල් සමිතියේ අසවල් තනතුර ලැබුණා’ කියලා ඒකටත් මාන්නයක් ඇතිවෙනවා. හොඳ සමාජ තත්වයක් ලැබුණොත් ‘ඔන්න මට මෙහෙම තත්වයක් තියෙනවා’ කියලා ඒකටත් මාන්නයක් ඇතිවෙනවා.
අපට හැම තිස්සේම අවස්ථාව තියෙන්නේ මාන්නය ප‍්‍රහාණය වෙන්න නෙවෙයි, මාන්නය ඇතිවෙන්නයි. ඒ නිසා හැමතිස්සේම අපට නිහතමානී ගුණය අහිමිවෙන්න ඉඩක් තියෙනවා. මේකෙන් අපව බේරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට ඇතිවෙන පැහැදීමෙන්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට හරි පැහැදීමක් ඇතිවුණා කියලා හිතලා අපි ආඩම්බරකාරයෙක් වුණොත්, ඒ කියන්නේ පැහැදීම ඇවිල්ලා නෑ. අපි දැන් පංච උපාදානස්කන්ධය දන්නවා, පටිච්චසමුප්පාදය දන්නවා, ආයතන ගැන දන්නවා කියලා මේවා ගැන ආඩම්බරකාරයෙක් වුණොත් අපි ලැබූ දෙයක් නෑ. ශ‍්‍රද්ධාවට ඇවිල්ලා නෑ. ශ‍්‍රද්ධාවට ආවා නම්, අපි ආඩම්බරකාරයෙක් වෙන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ‍්‍රද්ධාවට පත්වුණොත්, අපි බරපතල කල්පනාවකට පත්වෙනවා. මොකද, අපේ ඒ ආපු ගමන ගැන තේරෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට ශ‍්‍රද්ධාවක් ඇතිවුණොත්, ‘අපි මෙහෙම ගමනක් ඇවිල්ලා තියෙනවා’ කියලා අපි බරපතල කල්පනාවකට වැටෙනවා. ‘බුදුරජාණන් වහන්සේ මේක මේ විදිහට පහදලා දුන්නා නෙව. කර්මයනේ මාව මෙහෙයවලා තියෙන්නේ. ඉතින් මම මේ ජීවිතයේ යම් දුකක් විඳිනවාද, යම් සැපක් විඳිනවාද, මේක පිටිපස්සෙන් මම ගෙනාපු දෙයක් තියෙනවානේ. මේ ජීවිතයේ මට පින් කරගන්න බැරිවුණොත් මම ඊළඟ ජීවිතයේ කොහේ යයිද? සතර අපායේ වැටුණොත් දුක් විඳින්න වෙනවා නේද? මට මේකෙන් බේරෙන්න ඕන නේද?’ කියලා මේ සසරේ ස්වභාවය ගැන බරපතල කල්පනාවකට එනවා.
ඒ කල්පනා කිරීම තුළ එයාට සමාජ තත්ව, තනතුරු, නම්බුනාම, ප‍්‍රධානත්ව, සංවිධාන මොකවත් වැඩක් නෑ. ඊට පස්සේ එයා හැම දෙයක්ම කරන්නේ එක දෙයක් මුල් කරගෙන. ඒ තමයි අනුකම්පාව. එයාගේ ජීවිතයේ වැඩකරන්න ගන්නේ අනුකම්පාව විතරයි.
මේ නිසා පින්වතුනි, අපට හරිම වැදගත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම නැතිවුණොත්, එ්ක අසාර්ථක වුණොත් අපට මුහුණ දෙන්න වෙන්නේ විශාල ප‍්‍රශ්නයකටයි. මොකද, මනුස්ස ලෝකයේ මිනිස්සුන්ට උන්වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න හරිම අමාරුයි. ඇයි, වෙන වෙන දේවල් ගැනනේ සිත පහදවාගෙන ඉන්නේ.
ටීවී බැලූවත්, රේඩියෝ එක ඇහුවත්, පත්තර බැලූවත්, ඒවාගේ ආකල්ප තමයි අපේ ඔළුවලට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොවෙයි. අපි සසරේ මුලාවෙන ස්වභාවයෙන් ආපු නිසා මේ ජීවිතයේත් මුලාවෙන ස්වභාවයට තමයි නිතර වැටෙන්නේ. මේකෙන් අත්මිදීම ලේසි වැඩක් නොවෙයි.
මනුස්සයන් කොපමණ මුලාවෙන ස්වභාවයට පත්වෙනවාද කියනවා නම්, නේපාලයේ මිනිස්සු බිලි පූජා කරන්න ඕන කියලා උද්ඝෝෂණ පවා කළානේ. ඉතින් ඒක මුලාවක් නෙවෙයිද? ඊට පස්සේ තව සිද්ධියක් තිබුණා. එක ආගමික නායකයෙක් මනුස්සයෙකුට හොඳට බුද්ධිමත් වෙන්න නම් වඳුරු මොළය අමුවෙන් කන්න කියලා තිබුණා. ඔන්න එක සාධු කෙනෙක් වඳුරෙක් මරලා මොළය අමුවෙන් කනවා. දැන් එයාට ඕන බුද්ධිය. එතකොට බුද්ධිය වුවමනා යැයි කියලා හිතපු මනුස්සයාට ලැබුණු පණිවිඩය කොපමණ අනතුරුදායකද? මේකෙන් අපි බේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපි තුළ පැහැදීම (ශ‍්‍රද්ධාවඑ) තියෙනවා නම් විතරයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා “පින් රැස් කරන්න. පින අපට අවශ්‍යයි” කියලා. ඒ මතය අපට හරිම වැදගත්. ඒ තමයි, ‘අපට පින අවශ්‍යයි.’ උන්වහන්සේ එතැනින් නැවැත්තුවේ නෑ. උන්වහන්සේ දේශනා කළා පින විතරක් නොවෙයි, අපට තව එකක් අවශ්‍යයි කියලා. එ්ක තමයි ‘අවබෝධය.’ පිනෙන් කරන්නේ අපට සැප ලබා දී ආරක්ෂා කිරීම. අවබෝධයෙන් කරන්නේ අනතුරේ වැටෙන්න නොදී අපව සුරක්ෂා කිරීම. මනුෂ්‍යයෙකුට මේ ජීවිතයේදී මේ දෙකම උපදවා ගන්න පුළුවන් නම් මට තේරෙන්නේ නෑ එයාට ප‍්‍රශංසා කරන්න වචන. එයා එච්චරටම බුද්ධිමත් මනුෂ්‍යයෙක්.
පින ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තේරුම් ගන්න අපි දැන් ටිකක් මහන්සි ගනිමු. ඔබ දන්නවා උන්වහන්සේ ‘දානමය පුණ්‍යක‍්‍රියා, සීලමය පුණ්‍යක‍්‍රියා, භාවනාමය පුණ්‍යක‍්‍රියා’ කියලා පුණ්‍යක‍්‍රියා තුනක් පෙන්වා දුන්නා. මනුෂ්‍ය ජීවිතයේදී පුළුවන් තරම් පින් රැස්කර ගන්න කිව්වා. යම් කෙනෙකුට දිගාසිරි තියෙන, නීරෝගී ශරීරයක් ඇති, දීර්ඝායුෂ තියෙන ජීවිතයක් ලැබුණොත් ඒ තුළින් එයාට යම්කිසි සැපයක් ලැබෙනවානේ. එ්ක එයාගේ ජීවිතයේ තීරණාත්මක සාධකයක්. නමුත් අපට ලෙඩක් නැතුව සිටීම, තීරණාත්මක සාධකයක් කියලා තේරෙන්නේ නෑ.
බැරිවෙලාවත් අපේ වකුගඩු දෙක නරක් වුණොත් ඔක්කොම ඉවරයිනේ. කසාදයක් බැඳලත් ඉවරයි. මුළු පවුලම අගාධයට වැටෙනවා. එහෙනම් අපේ වකුගඩු නරක් නොවී තිබීම ජීවිතයේ තීරණාත්මක දෙයක්්. අපට මේක හොයන්න බෑ. බැරිවෙලාවත් වකුගඩු නරක් වුණොත් ඊට පස්සේ මුළු පවුලම වකුගඩුවක් හොයන්න ඕන. බෙහෙත් හොයන්න ඕන. බෙහෙත්වලට මාසයකට රු. 40,000 ක් විතර යනවා. වකුගඩුවක් බද්ධ කළොත් එ්කට වෙනම ලක්ෂ ගාණක් යනවා. මේවාට සල්ලි කොහෙන්ද? බලාගෙන ඉඳිද්දී මැරෙනවා. පිරිස අඬා වැළපෙද්දී මැරෙනවා. මේ නිසා නිරෝගීකම කියන්නේ මේ ජීවිතයට සැප ලබාදෙන තීරණාත්මක සාධකයක්.
ඒ වගේම දීර්ඝායුෂ කියන්නෙත් තීරණාත්මක සාධකයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේක ලැබෙන්නේ හේතුවක් නිසා කියලා. ඒ හේතුව තමයි, සතුන් මැරීමෙන් වැළකී සිටීම. උන්වහන්සේ දේශනා කළා, “සතුන් මැරීමෙන් වැළකී සිටින්න. සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න” කියලා. සතුන් කියන්නේ බල්ලො, බළල්ලූ, පූස් පැටව්, මාළු, හරක් විතරක් නොවෙයි. සත්තු කියන්නේ සියලූ සතුන්. සමහර අය ඉන්නවා, එළවලූයි බතුයි කනවා. එළවලූයි බතුයි හුවාදක්වනවා. ඒකෙන් සතුන් මැරීමෙන් වැළකුණා කියලා පැහැදෙනවා. නමුත් මිනිස්සුන්ට පුළුවන් තරම් දුෂ්ටකම් කරනවා. මිනිස්සුන්ට පුළුවන් තරම් ගරහනවා. පුළුවන් තරම් අපහාස කරනවා. ලැබූ දෙයක් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වැදගත් වෙන්නේ.
උන්වහන්සේගේ දේශනාවලින් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ එළවලූයි, බතුයි විතරක් වළඳපු කෙනෙක් නෙවෙයි. අපි දේශනා කියවන නිසා දන්නවා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේට පිළිගැන්වූ දේවල් වළඳලා තියෙනවා. නමුත් උන්වහන්සේ තරම් මනුෂ්‍ය වර්ගයා, පණ තියෙන සත්වයා සුවපත් කරන්න කැප වූ තවත් කෙනෙක් හිටියේ නෑ.
නමුත් සමහරු ‘මමයි සුපිරි… මමයි සුපිරි…’ කිය කියා එළවලූයි, බතුයි හුවාදක්වනවා. ඊළඟට අනිත් අයට පුළුවන් තරම් ගරහනවා. නින්දා කරනවා. අපහාස කරනවා. ඒවා පව්. පින තියෙන්නේ විශේෂයෙන්ම මනුස්සයා සුවපත් කරන්න. මනුස්සයා සතා සිව්පාවාට ආදරය කරමින් වාසය කරනවා නම්, ඊළඟ ජන්මයේ ඒ කෙනා දීර්ඝායුෂ තියෙන කෙනෙක්.
අපට මේ ජීවිතයේ මැරෙන මොහොත කියන්න පුළුවන්ද? මේ ජීවිතය අවසන් වුණේ යම් මොහොතකද, එතැන ඉඳන් ඊළඟ ජීවිතය පටන් ගන්නවා. ඒ නිසා අපට හැමතිස්සේම වැදගත් සීලමය පුණ්‍යක‍්‍රියා.
ඊළඟ එක අපි දුක් මහන්සියෙන් හරිහම්බු කරගත් දේවල් නැතිවෙන්න හේතු ගොඩාක් තියෙනවා. එක්කෝ හොරු ගන්නවා. එක්කෝ රාජසන්තක වෙනවා. එක්කෝ ගින්නට අහුවෙනවා. එක්කෝ ජලයට ගහගෙන යනවා. එක්කෝ තමන් අකමැති ඤාතීන් ගන්නවා. එක්කෝ අපි දුක් මහන්සියෙන් හරිහම්බු කරගත් දේවල් විනාශ කරන්න දරුවෝ උපදිනවා. එහෙම නැත්නම් එ්වා අනිත්‍ය නිසා විනාශවෙලා යනවා. මේ විදිහට අපි හම්බුකරන දේවල් විනාශකාරී දේවල්වලට යන්නේ නැතුව අපි තුළම රැඳී තිබීම අපට සැප පිණිස හේතු වෙනවා.
අපි සතු නැති, අපට නොදුන්න දේවල් නොගැනීම, සොරකම් නොකිරීමයි. සොරකම් නොකිරීම තුළ උපනූපන් ආත්මවල එයා හම්බුකරන දේ කාටවත් හොරකම් කරන්න බෑ. සමහර විට එයාගේ පර්ස් එක පාරේ වැටිලා තියෙනවා කියමු. එයාට අමතක වුණා. නමුත් එයාට ආයෙමත් ඒක හම්බ වෙනවා. කවුරුහරි ඇහුලූවත් එයාට එ්ක හොයලා ගෙනත් දෙනවා. නැතිවෙන්නේ නෑ. හොරකම් කිරීමෙන් වැළකීම කියන්නේ සංසාරයට හොඳ ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ අපේ ජීවිතයට සැපය උදාකර දීමටයි.
දෙන විදිහට තමයි ලැබෙන්නේ. තමන් සංසාරයේ ප‍්‍රණීත ආහාරපාන ලබන්න කැමති නම් ප‍්‍රණීත ආහාරපාන දෙන්න ඕන. තමන් කාඩි හොදියි බතුයි ලබන්න කැමති නම්, කාඩි හොදියි බතුයි දීපුවාම ඇති. තමන් ලස්සන ඇඳුම් අඳින්න කැමති නම් ලස්සන ඇඳුම් දෙන්න ඕන. මේ න්‍යාය හරි පුදුමයි. සැප ලබන්න නම්, දන් දෙන්න ඕන. ඒක අපේ ජීවිතයට වුවමනා කරන දෙයක්. ඒක පිනක්. එතකොට සොරකම් කරන්නේ නෑ. දන්දෙනවා. අනුන්ට උදව් කරනවා. මනුෂ්‍යයන්ගේ දේ ආරක්ෂා කරනවා. කාගෙ හරි දෙයක් වැටිලා තිබුණොත් ඒක අයිතිකාරයාට හොයලා ගිහින් දෙනවා. නැතිවෙන්න දෙන්නේ නෑ. තමන් දැනුවත්ව කාගෙවත් දෙයක් නැතිවෙන්න දෙන්නේ නෑ. මෙන්න මේක අපට හරි පිහිටක්.


පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ ‘පින සහ අවබෝධය…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

www.amadamvila.net
 
  • Like
Reactions: Shadow.Walker

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    Very good thread bro!. Thank you so much for sharing.

    Smiley-Flowers.jpg





    මං කරන කියන දේවල් සාර්ථක වෙන්නේ නෑ….’ කියලා දුක් වෙවී ඉන්නවා නම් එහෙම දුක් වෙවී හිටියා කියලා ඒ හේතුවෙන් එයාගේ දේවල් සාර්ථක වෙනවද?
    නැහැ.
    :yes::yes:

    Rep+
     
    Last edited:

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    post ekata godak pin oyata..hebei me haamuduruwoma thamai mas kana eka paw ne kiyala kiwe..:confused:
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    post ekata godak pin oyata..hebei me haamuduruwoma thamai mas kana eka paw ne kiyala kiwe..:confused:

    අපි සරණ යන්න ඕන, හැම විටම භාග්‍යවතුන් වහන්සේගේ වචනය.......එයට පටහැනි දෙයක් නම් කල්‍යානමිත්‍රයන් වහන්සේ දේශනා කර නැත........
    පින්වත් ඔබ මෙම පොත මුල සිට අවසානය දක්වා කියවනවා නම් මැනවි......


    http://xa.yimg.com/kq/groups/15187796/2100639339/name/Nirmansha_Prashnaya.pdf

    නමෝ බුද්ධාය!
    ~ ඒ භාග්යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!
    ~​
     
    Last edited:

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    304440_160136870798661_1962394269_n.jpg


    පිනෙන් උපදින උතුම්ම ප්‍රතිලාභය

    පින්වතුනි අපි කාගෙත් කැමැත්ත තියෙන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධකරන්ටයි. එහෙම කැමැත්තක් නැත්නම් අන්න ඒ කැමැත්ත උපදවාගන්න.

    එහෙම කැමතිවන්නා වූ යම් කෙනෙක් ඉන්නවනම් අන්න එයාට ඒ කැමැත්ත ඉටුකරගැනීම පිණිස යමක් උපකාර වනවා නම්, ඒ සඳහා බලවත් සේ උපකාර වන වැදගත් ම දේ කුමක්ද? "ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ආර්ය සත්‍යය අවබෝධ කරගන්ට ඕනෑ" කියල යම් කෙනෙකුට කැමැත්තක් උපදින්ටත්, ඒ කැමැත්ත ඉටුකරගන්ටත් යමක් උපකාර වනවානම් ඒ උපකාර වන්නා වූ ප්‍රමුඛත ම දේ තමයි පින.

    යම් කෙනෙක් පින්කලානම්, පින් උපදවාගත්තානම්, එසේ ඉපදුණා වූ පිනක් අපිට තිබුණානම් අන්න එසේ ඉපදුණ පිනෙන් අපිට යමක් ලැබෙනවනම්, එසේ පිනකින් අපිට ලැබෙන වටිනා ම දේ මෙකක්ද? දැන් අපිට සල්ලි තිබ්බොත් සල්ලිවලට ගන්න පුළුවන් යම් යම් දේ තියෙනවනෙ. යමෙකුට සල්ලි තියෙනව නම්, එයා ඔන්නම් පාන් ගන්නව, තව කෙනෙක් රත්‍රං ගන්නව. ඒ වගේ අපිට පිනෙන් ලැබෙන වටිනාම දේ මොකක්ද? " කළ්‍යාණමිත්‍ර සම්පත".

    ඇයි අපි එහෙම කල්පනාකල යුත්තේ. පිනෙන් ලැබෙන විපාකය සැපය. එහෙනම් මේ ලෝකයේ යම් සැපක් තියෙනවනම්, ඒ අග්‍ර වූ සියලු සැප අපිට ලැබෙන්නෙ මොකක් මුල් කරගෙනද? කළ්‍යාණ මිත්‍ර ඇසුර මුල්කරගෙන. වෙනදේකින් නෙවෙයි.

    එහෙනම් ඒ අග්‍ර වූ සැප ලබා ගැනීම පිණස උපකාරවන්නේ කළ්‍යාණමිත්‍රයා නම්, කළ්‍යාණ මිත්‍රයා මුණගැසීම පිනක විපාකයක් නෙවෙයිද? එහෙනම් අග්‍ර විපාක ලබාදුන්නේ කළ්‍යාණමිත්‍ර ඇසුර තුළනම්, කළ්‍යාණ මිත්‍රයා මුණගැසීම තමයි පින විසින් අපිට උපදවල දුන්න බලවත් ම උපකාරය, ප්‍රතිලාභය. අපිට මේ කාරණා වලින් මොකක්ද ඉගෙනගන්න තියෙන්නේ? පළවෙනි කාරණය තමයි පින කෙරෙහි විශ්වාසය ඇතිකර ගැනීම. ඇයි අපිට අග්‍ර සැපක් ලැබෙන්නෙ පිනෙන්.

    එහෙනම් පින කෙරෙහි විශ්වාසයක් නැත්නම් අග්‍ර සැප කරා කවදා යන්ටද? පින කෙරෙහි විශ්වාසයක් නැත්නම් අග්‍ර සැප කවදා අත්කරගන්ටද? පින විසිනුයි ඒක උපද්දල දෙන්නෙ.

    අපි පින කෙරෙහි විශ්වාසය ඇතිකරගත යුතුයි. පින කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න කෙනා ඊළඟට මොකක්ද කරන්නේ? පිනෙන් ලැබෙන ඊළඟ බලවත් ම දේ මොකක්ද? "කළ්‍යාණමිත්‍ර ඇසුර".

    අපි පළමුවෙන්ම පින කෙරෙහි විශ්වාසය තබාගත යුතුයි. ඊළඟට එයා කළ්‍යාණ මිත්‍ර ඇසුර කෙරෙහි විශ්වාසය තබාගත යුතුයි. අන්න ඒ විශ්වාසයන් දෙක මත අපේ ජීවිතයට පරිපූර්ණ ආරක්ෂාවක් ලැබෙනවාම යි. පින කෙරෙහි විශ්වාසය යම් දවසකද අපි කෙරෙන් ගිලිහෙන්නේ, එදාට අපේ ආරක්ෂාව ගිලිහිලා යනව. කළ්‍යාණ මිත්‍රයා කෙරෙහි විශ්වාසය යම් දවසකද අපි කෙරෙන් ගිලිහෙන්නේ, එදාටත් අපේ ආරක්ෂාව ගිලිහිලා යනව.

    පින කෙරෙහි විශ්වාසය යම් දවසකද අපිට ඇතිවෙන්නේ ඒ හේතුවෙන් අපේ ආරක්ෂාව අපට ඇතිවෙනව. කළ්‍යාණ මිත්‍රයා කෙරෙහි විශ්වාසය යම් දවසකද අපිට ඇතිවෙන්නේ අපේ ආරක්ෂාව ඇතිවෙනව.

    ඒ නිසා අපිට ආරක්ෂාව පිණිස, මහත් වූ සැපය පිණිස පවතින්නේ පින. ඒ පින විසින් උපද්දල දෙන බලවත් ම ප්‍රතිලාභය තමයි කළ්‍යාණ මිත්‍ර ඇසුර. පින ගැනත්, පිනෙන් උපදින උතුම්ම ප්‍රතිලාභය වන කළ්‍යාණ මිත්‍ර ඇසුර ගැනත් විශ්වාසය ඇතිකර ගැනීමට මේ සියලු දෙනාටම භාග්‍යය උදවේවාæ කියල අපි ආශිර්වාද කරනව.

    සියලු දෙනාටම තෙරුවන් සරණයි!

    පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි
    .
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    314240_149407971871551_253437215_n.jpg


    චූටී පිනත් අත්හරින්න ඒපා...........

    මාව මංඤේන පුඤ්ඤස්ස
    නමන්තං ආගමිස්සති

    මේ පිනට අවමං කරන්න එපා කියනවා.මේ චූටී දෙයක්නෙ කියලා පොඩි පින් තියෙන්නේ කියලා ඒ පොඩි පිනත් අවමන් කරන්න එපා කියනවා.චූටී දෙයක්නේ කියලා.

    උදබිංදු නිපාතෙන
    උදකුම්බෝති පූරතී.

    වතුර බිංදුව බිංදුව පවා වැටිලා හිස් කලේ පිරෙනවා කියනවා.ඔය වැටෙන්නේ වතුර බිංදුවක්නේ කියලා අපි ගණන් නොගෙන හිටියොත් ඒහෙම ඒක නිකන් අහක යන්නැද්ද?අහක යනවා.ඒ වතුර බිංදුව වැටෙන තැනට කලයක් තිබ්බොත් බිංදුව බිංදුව හරි වැටිලා පින පිරෙනවා කියනවා.

    පූරතී දීරෝ පුඤ්ඤස්ස
    තොක තොකං පියාචිනන්

    ඒ වගේ තමයි,ප්‍රඤ්ඤාවන්ත මනුස්සයා පොඩ්ඩ පොඩ්ඩ හරි රැස් කළොත් පින ඒ පිනෙන් ඒයා පිරෙනවා කියනවා.

    (බිනර පුන් පොහෝ දා බෞද්ධ රූපවාහිනී නාලිකාවේ
    පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ
    විසින් පැවැත්වූ දේශනාවක් ඇසුරෙන්)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මට මේක කියවද්දී ප්‍රශ්නයක් මතු උනා? අපේ ජීවිතේ මුලික පරමාර්ථය නිවන් දකින එක නේද? එකපාරට මේ ජීවිතේ ගැන කල කිරිල නිවන් දකින්න බැරිද? (ඒ කියන්නේ භාවනා කරලා එහෙම?)
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    මට මේක කියවද්දී ප්‍රශ්නයක් මතු උනා? අපේ ජීවිතේ මුලික පරමාර්ථය නිවන් දකින එක නේද? එකපාරට මේ ජීවිතේ ගැන කල කිරිල නිවන් දකින්න බැරිද? (ඒ කියන්නේ භාවනා කරලා එහෙම?)

    භග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාව දේශනා කල පරිපුර්ණ වු මාර්ගයක්, එය ඕනැම කාලයකට වලංගුයි.....:yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    භග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාව දේශනා කල පරිපුර්ණ වු මාර්ගයක්, එය ඕනැම කාලයකට වලංගුයි.....:yes::yes::yes:

    ane umba danna dharmaya... nikan pala gobilo yanna! :angry::angry::angry::angry:
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    734376_4619968979371_1741941875_n.jpg

    පින අත්හැරියොත් ඒ අත්හළේ සැපයයි…
    බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් අප කල්පනා කළයුතු විශේෂම කාරණය, ‘අපි කරන්නා වූ පින ස්වල්ප වුණත්, ඒ පින ඒක නොසලකා හරින්න එපා’ කියන එකයි.

    මේක තේරුම් ගන්න මම ඔබට උදාහරණයක් කියන්නම්. දැන් ඔබ පාරේ යනවා. යනකොට සුදු සැරයටියක් ගත් කෙනෙක් පාර හරහට පනින්න හිතාගෙන පාරේ පැත්තකින් ඉන්නවා. දැන් ඔබත් ඒ හරියෙන්ම යනවා. හැබැයි, ඔබ එයා ගැන කල්පනා කරන්නේ නෑ. ඔබ එයාව නොදැක්කා වාගේ යනවා. හැබැයි, තව තරුණයෙන් පාරේ එහා පැත්තේ ඉඳලා මේ පැත්තට පැනලා ඒ කෙනාව අල්ලාගෙන පාර පන්නවනවා. මෙහෙම දේවල් අපට ඕනතරම් සිද්ධවෙන්න පුළුවන්. මේ විදිහට අපට හරියට පින මගහැරෙනවා.

    අපි කියමු ඔබ පෝය වැඩසටහනකට පන්සලට ගිහිල්ලා උපෝසථ සිල් සමාදන්වෙලා ලස්සනට පෝය දවස ගෙවනවා. ගෙවලා පන්සලෙන් එන්න ලෑස්තිවෙලා වැසිකිළියට යනවා. වැසිකිළිය පිරිසිදු නෑ. ඔන්න දැන් ආයෙත් ඔබට පිනක් කරගන්න අවස්ථාවක්. ඔබ ඒ පින ගණන් ගන්නේවත් නැතුව ඔබේ පාඩුවේ වැසිකිළි කැසිකිළි කරලා යනවා. එතකොට පින තියෙනවා. පින ඔබට පෙනුණේ නෑ.

    අපි කියමු ඔබ බෝධි වන්දනාවකට පන්සලට යනවා. බෝ මළුවේ හැමතැනම කොළ වැටිලා. මල් ආසන ඔක්කොම අපවිත‍්‍ර වෙලා. ඔබ ගිහිල්ලා අතින් චුට්ටක් පිහදාලා මල් ටික තියනවා. පහනක් පත්තු කරලා තියනවා. ගිලන්පස චූට්ටක් පූජා කරලා බෝධි පූජාව කරලා එනවා. ඔබට අර පින් ඔක්කොම මඟ ඇරෙනවා. ඒ තමයි, ඔබ මල් ආසනය පිරිසිදු කිරීමේ පින අත්හරිනවා. බෝ මළුව ඇමදීමේ පින අත්හරිනවා.

    එදිනෙදා ජීවිතයේදී අපට මේ විදිහට පින් කර ගන්න තියෙන විවිධ අවස්ථා ලැබෙනවා. අපට ඒ අවස්ථාව මගහැරී යන්න ප‍්‍රධානම දේ තමයි, පින ගැන දැනුවත්ව නොසිටීම. තමන් පින ගැන දැනුවත්ව නොසිටින නිසයි ඒක සිද්ධ වෙන්නේ.

    සමහර විට කෙනෙක් ඔබ ළඟට දුක කියාගෙන එනවා. ඒ වෙලාවට ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයක්. ඒ තමයි ඒක ටිකක් වෙලා අහගෙන ඉන්න එක. ඔබ ඒකවත් අහන්නේ නෑ. ඔබ මොකක් හරි වැඩක යෙදෙනවා. අරයා බලාපොරොත්තු වෙන්නේ පොඞ්ඩක් අහන්න කෙනෙක් විතරයි. හැබැයි ඔබ එයා වෙනුවෙන් විනාඩි පහක් දහයක් කැපකළොත් ඒක අහලා ඉවර වුණාට පස්සේ එයාට “මගේ හිතට හරී සැහැල්ලූවක් ආවා. මට මේක කියාගන්න කෙනෙක් නැතුවයි හිටියේ. දැන් මට හරි සැහැල්ලූයි” කියලා සතුටින් යන්න පුළුවන්. එතකොට එයාට සතුට දෙන්න ඔබට තියෙන්නේ විනාඩි පහක, දහයක කැපකිරීමක්.

    සමහර විට ඔබට ඒ වගේ අවස්ථා එනවා. එතකොට ඔබ එ්වා අත්හරිනවා. පින් කිරීම සම්බන්ධයෙන් ගත්තොත් බොහෝ දෙනෙක් කරන්නේ සිහින මවන එකයි. ‘මට තිබ්බා නම් මම මෙහෙමයි කරන්නේ.. මට තිබ්බා නම් මම මේ විදිහටයි කරන්නේ..’ කියනවා. තියෙන ටික හසුරවා ගන්න කල්පනා කරන්නේ නෑ.

    බුදුරජාණන් වහන්සේගේ කාලේ පින ගැන අවබෝධයෙන් කටයුතු කරපු අය, තිබුණු ටික හරි විදිහට යොදවා ගත්තා. මේ කාලයේ වුණත් එහෙම පුළුවන්.

    මේ ළඟදී දරුවෙක් ඇවිල්ලා දෙමව්පියන්ට විරුද්ධව පැමිණිල්ලක් කළා. පැමිණිල්ල තමයි, “අනේ ස්වාමීනී, මම හරී ආසයි අම්මා තාත්තාගේ ගුණ සිහි කරන්න. මට දෙමව්පියන්ගේ ගුණ සිහි කරන්න අම්මා තාත්තා ඉඩදෙන්නේ නෑ.” මම ඇහුවා “ඇයි දරුවෝ කොහොමද ඉඩ දෙන්නේ නැත්තේ?” කියලා.

    “අනේ ස්වාමීනී, තාත්තා ඇවිල්ලා ‘ඔයාගේ අම්මා මෙහෙම කෙනෙක්. ඔයාගේ අම්මා මෙහෙමයි කටයුතු කළේ’ කියලා අම්මා ගැන අපහදින දේවල් මට කියනවා. අම්මා ඇවිල්ලත් ‘ඔයාගේ තාත්තා මෙහෙම කෙනෙක්. ඔයාගේ තාත්තාගේ චරිතේ මේකයි’ කියලා තාත්තා ගැන වැරදි කියනවා. අනේ ස්වාමීනී, මම දෙමව්පියන්ට වැඳලා ‘අනේ, අම්මේ තාත්තේ ඔයගොල්ලන්ගේ ප‍්‍රශ්න මට කියන්න එපා. ඔයගොල්ලන් කෙරෙහි මගේ හිත පහද ගන්න මට දෙන්න. මට පව් පුරවන්න එපා” කියලා කිව්වා. බලන්න දෙමව්පියන්ගෙන් දරුවන්ට ඉල්ලන්න සිද්ධ වෙන දේවල්.

    මේ දරුවන්ගේ පැත්තෙන් බලන්න දෙමව්පියන් නෑ. දෙමව්පියන් දරුවන්ට යුතුකම් ටිකක් ඉෂ්ට කරලා ටිකක් විය හියදම් කරලා රස්සාවල් අරන් දීලා ‘අපි දරුවෝ වෙනුවෙන් ඔක්කොම කළා. දැන් දරුවෝ විසින් පෙරලා අපට සත්කාර සම්මාන කළ යුතුයි, පෙරලා අපට සැළකිය යුතුයි’ කියලා මාන්නයකට එනවා. නමුත් කළ යුත්තේ ඒක නෙවෙයි. සත්පුරුෂ නම් දරුවෝ අනිවාර්යයෙන්ම දෙමාපියන්ට සලකනවා. ඒකෙ ආයේ අමුතු දෙයක් නෑ. අමුතුවෙන් ‘මව්ගේ ගුණ මේකයි පුතේ.. පියාගේ ගුණ මේකයි පුතේ..’ කියලා කියන්න දෙයක් නෑ. සත්පුරුෂ නම් එයාට කෙළහිගුණ තියෙනවා. කෙළෙහිගුණ නැත්තේ අසත්පුරුෂ අයටයි. දරුවෝ හැටියටත් අසත්පුරුෂ අය ඕනතරම් ඉපදෙන්න පුළුවන්.

    කෙළෙහිගුණ තියෙන ශිෂ්‍යයෝ හිටියොත් ගුරුවරයාට සලකනවා. කෙළෙහිගුණ නැති ශිෂ්‍යයෝ ගුරුවරයාට සලකන්නේ නෑ. කෙළෙහිගුණ තියෙන දරුවෝ දෙමව්පියන්ට සලකනවා. කෙළෙහිගුණ නැති දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ නෑ. ඒ නිසා සියලූ දරුවෝ සියලූ දෙමාපියන්ට එක ලෙස සලකයි කියලා අපට කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම සියලූ ශිෂ්‍යයෝ සියලූ ගුරුවරුන්ට එක අයුරින් සලකයි කියලා අපට කියන්න බෑ. සත්පුරුෂ දෙමව්පියෝ දරුවන්ව සත්පුරුෂ ලෝකයට කැඳවාගෙන යනවා. සත්පුරුෂ දරුවෝ දෙමව්පියන්ව සත්පුරුෂ ලෝකයට කැඳවාගෙන යනවා. සත්පුරුෂ ගුරුවරු ශිෂ්‍යයන්ට සත්පුරුෂ ලෝකය පෙන්වනවා. සත්පුරුෂ ශිෂ්‍යයෝ ගුරුවරයාට සත්පුරුෂ විදිහට සලකනවා.

    මේ ඔක්කොම තියෙන්නේ සත්පුරුෂ භූමියට පැමිණීමෙන් පමණයි. සත්පුරුෂ භූමියට පැමිණෙන්නේ නැතුව ‘අපි ළමයින්ට සැලකුවා. කෝ අපට සලකනවා..?’ කියලා බලාපොරොත්තු වෙලා හිටියට එහෙම සාර්ථක වෙන්නේ නෑ. සමහර දෙමව්පියෝ දෙමව්පියන්ගේ වැරදි දරුවොත් එක්ක කියන්නේ දරුවෝ පොඩි අවධියේදී. “ඔයගොල්ලන්ගේ තාත්තා මෙහෙමයි කටයුතු කළේ. මගේ අතට පඩිය දුන්නේ නෑ. මෙන්න මෙහෙම මෙහම තිබුණා..” කිය කියා කියනවා. මේක අහගෙන ඉන්නකොට දරුවන්ට තාත්තා කෙරෙහි පැහැදීමක් ඇතිවෙන්නේ නෑ. තාත්තත් අම්මා ගැන ඒ විදිහට අපහදින්න කරුණු කියනවා. එතකොට අම්මා ගැන පහදින්නෙත් නෑ.

    කාලයක් යනකොට දෙමව්පියන්ට මේවා අමතක වෙනවා. හැබැයි ළමයින්ගේ ඔළුවේ මේ දේවල් ඉතිරි වෙනවා. අන්තිමට වෙන්නේ ළමයි ලොකුවෙලා රැකී රක්‍ෂා කරගෙන ඒගොල්ලන්ගේ පාඩුවේ ඉන්නවා. ඒගොල්ලෝ දෙමාපියන්ට සලකන්නේ නෑ. නමුත් දෙමව්පියෝ සැලකිලි බලාපොරොත්තු වෙනවා. ඒ වෙන කොට වැඬේ වැරදිලා.

    මේ ඔක්කොම විසඳගන්න තියෙන්නේ ධර්මයෙන් විතරයි. ධර්මය නැතුව කිසි දවසක මේ වගේ දේවල් විසඳගන්න බෑ. මේ ඔක්කෝ්ම තේරුම් ගන්න තියෙන හොඳම දේ තමයි, ‘අපට පින් කරගන්න අවස්ථාව තියෙනවා’ කියන අදහස ඇතිකර ගැනීම.

    ‘පින් කර ගන්න අවස්ථාව තියෙනවා’ කියන අදහස දරුවන්ට ආවොත් දරුවෝ දෙමාපියන්ගේ පරණ ලෝකය මතක් කරන්නේ නෑ. ඒ දරුවෝ දෙමාපියන්ට සත්කාර කරන්න, උපස්ථාන කරන්න මහන්සි ගන්නවා. දෙමාපියන්ට බණ පොත් ගෙනල්ලා දෙනවා. දෙමාපියන්ව දහම් වැඩසටහන් වලට එක්කගෙන යනවා. ඒ වගේම දෙමාපියන්ට ආදරේ දක්වනවා. දෙමාපියන්ගේ මෙලොව පරලොව ජීවිතේට යහපත් දේවල් කියා දෙනවා. පින ගැන දන්න අය මේවා කරනවා.

    නුවණැති දරුවෝ දෙමාපියන්ව පිනට යොදවනවා. පින ගැන දන්නේ නැති දරුවා කරන්නේ ඒක නෙවෙයි. ඔන්න සිංහල අවුරුදු කාලේ එනවා. ඉතින් දරුවෝ දෙමාපියන්ට රෙදි අරගෙන ගිහිල්ලා “අම්මා මේක වියදමට තියාගන්න. තාත්තා මේක වියදමට තියාගන්න” කියලා කීයක් හරි දෙමාපියන්ගේ අතේ මිට මොලවනවා. දරුවෝ දීපු නිසා දෙමව්පියොත් මේක ආදරයෙන් ගන්නවා. අරගෙන හංගා ගන්නවා. දෙමාපියන්ට කරන නියම සැලකීම මේක නෙවෙයි.

    දරුවෝ දෙමාපියන්ට ආදරෙයි නම් සල්ලි අතට දෙන්න ඕනේ, “අම්මේ, තාත්තේ මේ සල්ලි දෙන්නේ වියදම් කරලා පින් කරන්න කියලයි. මේ සල්ලි වලින් ඔයගොල්ලෝ කැමති විදිහේ පින් දහම් කරන්න” කියලයි. එහෙම දුන්නාම දෙමාපියන් ‘මගේ දරුවෝ මට මේ මුදල් දුන්නේ කැමති විදිහට පින් කරන්නයි. එහෙම නම් මම මේ මුදලින් මේ මේ විදිහට පින් කරනවා” කියලා ඒ මුදල පින් පිණිස වියදම් කරනවා. අන්න ඒක දෙමාපියන්ට සලකන එක්තරා ක‍්‍රමයක්.

    එහෙම නැතුව සමහර අවස්ථාවල දරුවන්ට තියෙන දරු ස්නේහය නිසාම සමහර දෙමව්පියන් දරුවන් අත මිටමොලවන සල්ලි කොට්ටේ යට හංගාගෙන ඉන්නවා. “මගේ පුතා මට මේක දීලා ගියේ. මගේ දූ මේක දීලා ගියේ මට” කියලා තියාගෙන ඉන්නවා. මම හිතනවා මේක දෙමාපියන්ව අමාරුවේ දැමිල්ලක්. දෙමාපියන්ව කරදරයක වැට්ටීමක්. මේක ආදරය නෙවෙයි. ආදරය කියන එක හරියට හඳුනා නොගත්තොත් විශාල කරදරයකට පත්වෙනවා. එහෙම නොවෙන්න නම් දෙමව්පියොත් පින ගැන දැනගන්න ඕන. දරුවොත් පින ගැන දැනගන්න ඕන. ගුරුවරුත් පින ගැන දැනගන්න ඕන. ගෝලයොත් පින ගැන දැනගන්න ඕන.

    අපි මේ විදිහට පින ගැන කල්පනා කරන විදිහ හරිගස්සා ගත්තොත් අපට පින්දහම් කරගන්න ඕනතරම් අවස්ථාව තියෙනවා. සමහර අවස්ථාවල යම් යම් කරුණු වලට දෙමව්පියන් දරුවන්ට බනිනවා. පිනට ආසා දරුවා කරන්න ඕන නිශ්ශබ්දව සිටීමයි.

    අපි කියමු බනින කාරණය අසාධාරණ එකක් කියලා. දැන් දෙමාපියන් බනින්නේ වැරදි අදහසක ඉඳලා. සමහර විට මේ දරුවා එවෙලේම දෙමාපියන්ට කටගහගෙන යනවා. ඒ විදිහට කටගහගෙන යනකොට සමහර විට මේක දිග්ගැහුණොත් දරුවන්ගේ කටින් දෙමාපියන්ට නපුරු වචන කියවෙන්න පුළුවන්. මේක අකුසලයක්. මේක ලොකු පවක් බවට පත්වෙනවා. ඒකට දරුවා පැටලෙන්නේ පින ගැන සිහිනොවීම නිසයි.

    පින ගැන සිහිවෙනවා නම්, ඒ දරුවා ඒක කරන්නේ නෑ. දෙමව්පියන් නිස්කාරණේ බනිනවා නම් දරුවෝ කල්පනා කරන්නේ ‘මම මේ වෙලාවේ මොකුත් කියන්නේ නෑ. මම මේ වෙලාවේ බැනුම් අහගෙන නිශ්ශබ්දව ඉන්නවා. අම්මාට හෝ තාත්තාට හෝ කේන්ති නිවුණහම මම මේකෙ සාධාරණකම පෙන්නා දෙනවා’ කියලයි. ඒ අවස්ථාව එනතුරු දරුවා ඉවසනවා නම් ඒකෙ තේරුම, ඒ දරුවාට පින ගැන අවබෝධයක් තියෙනවා කියන එකයි. ඊට පස්සේ අවස්ථාව ආවහම “අම්මේ අම්මා එදා බැන්නාට මේකේ මෙහෙම පැත්තක් තියෙනවා. මේ පැත්ත ගැනත් සලකා බලන්න. තාත්තේ මේ පැත්ත ගැනත් සලකා බලන්න” කියලා කරුණු පැහැදිලි කර දෙනවා. එහෙම කිව්වහම එදා නිශ්ශබ්දව එකට එක නොකීම ගැන දෙමාපියන්ට දරුවා කෙරෙහි ආදරයක් ඇතිවෙනවා. ඒ ආදරය නිසා සමහර විට දෙමව්පියන් අර දරුවාට සවන් දෙනවා.

    මේ වගේ හැම එකකටම අවස්ථාව තියෙන්නේ මේ යුතුකම් සහ අයිතිවාසිකම්වල පැටලීමෙන් නෙවෙයි. යුතුකම් සහ අයිතිවාසිකම්වල පැටලෙන්න ගියොත් අපට ඊට පස්සේ මුහුණ දෙන්න තියෙන්නේ අසාධාරණ ලෝකයකට, අසාධාරණ සමාජයකට.

    සමාජය තුළ අපට නිතර සිද්ධ වෙන්නේ අසාධාරණය නිසා, අපට අයිතිවාසිකම් වේශයෙන් සාධාරණය බලාපොරොත්තු වෙන්න වෙනවා. නමුත් බලාපොරොත්තු වෙන සාධාරණය ඉෂ්ට වෙන්නේ නෑ. එතකොට ද්වේෂය එනවා. ද්වේෂය ආවොත්, ද්වේෂ සහගත වුණොත් “(කුද්ධෝ අත්ථං න ජානාති – කුද්ධෝ ධම්මං න පස්සති) ද්වේෂ සහගත කෙනා යහපත නොදනී. ද්වේෂ සහගත කෙනාට යහපත නොපෙනේ. (අන්ධන්තමං තදා හෝති – යං කෝධෝ සහතේ නරං) ක්‍රෝධය විසින් මනුෂ්‍යයා යටපත් කළාම ඒ වෙලාවට ඔහු ඉන්නේ අන්ධ කෙනෙක් වගේ.

    මනුෂ්‍යයෙක් ඒ වගේ කරදරයකට පත්වුණොත් එයා සාධාරණ අසාධාරණ ලෝකයේ කතාව කියාගෙන පැටලි පැටලී යනවා මිසක් එයාට මේකෙන් ගැලවීමේ අවස්ථාවක් වත්, විග‍්‍රහ කරලා තේරුම් බේරුම් කරගැනීමේ අවස්ථාවක්වත් ලැබෙන්නේ නෑ.

    බුදුරජාණන් වහන්සේගේ ධර්මය භාවිතා කරනවා කියන්නේ ප‍්‍රඥාවන්තව කල්පනා කිරීමයි. ප‍්‍රඥාවන්තව කල්පනා කරන කෙනාට තමයි, පිනක අවශ්‍යතාවය ඇතිවෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ “(සුඛස්සේතං භික්‍ඛවේ අධිවචනං යදිදං පුඤ්ඤං) මහණෙනි, පින කියලා කියන්නේ සැප උපදවා දෙන දෙයටයි” කියලනේ. එතකොට යම්කිසි දෙයකින් සැපයක් උපදවලා දෙනවාද, අන්න එ්කටයි පින කියන්නේ.

    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සදහම් වැඩසටහන් වලදී පවත්වන ලද ධර්ම දේශනා ඇසුරෙන් සකස් කළ
    ‘පින සහ අවබෝධය…’ සදහම් ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී

    www.amadamvila.net
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Budun wahanse has told***** Merits are always with you in this life and next lives also. So merits are good helpers, friends for you.
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    2934190159_86e8138769_z.jpg


    සැපයට පසුබිම පිනයි…

    අද අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරෙන් කරුණු කීපයක් කියලා දෙන්න.
    අපි මේ මනුස්ස ලෝකයට කී වතාවක් එන්න ඇද්ද කියලා අපි දන්නේ නැහැ. අපි තිරිසන් ලෝකයේ කී වතාවක් උපදින්න ඇද්ද කියලත් අපි දන්නේ නැහැ. ඒ වගේම අපි පෙරේතයෝ වෙලා සසරේ කොච්චර ඉන්න ඇද්ද? කොච්චර නිරයේ ඉන්න ඇද්ද? අපි ඒ කිසිවක් දන්නේ නැහැ. මිනිස් ලෝකයට පැමිණි අපි සතර අපායට යළි වැටෙන ස්වභාවයෙන් යුක්ත බව අපි දැනසිටියේ නැහැ. අපට ඒ දැනුවත් වීම කළේ බුදුරජාණන් වහන්සේයි.
    පෘථග්ජන ස්වභාවයේ අපි රැඳී සිටියොත්, ජීවිතාවබෝධය නොකළොත්, චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්න බැරිවුණොත්, අපට හැම තිස්සේම අනතුරක් තියෙනවා, ඒ සතර අපා දුකට වැටෙන්නට සිදුවීමයි.
    බුදුරජාණන් වහන්සේ ජිග්ගල කියලා සූත‍්‍රයක් දේශනා කළා. ඒ දේශනාවේ සඳහන් වෙනවා බැරි වෙලාවත් කෙනෙක් නිරයේ හෝ තිරිසන් අපායේ හෝ වැටුණොත් එයා එතැනින් මිදිලා මනුස්සයෙක් වෙනවාට වඩා කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලන එක ලේසියි කියලා.
    එහෙම නම් පින්වත්නි, මේ මිනිස් ලෝකයේ උපදින මිනිසුන්ට, දෙවියන්ට තියෙන අනතුර තමයි, ආයෙ ආයෙමත් සතර අපායට වැටෙන්න තියෙන ඉඩකඩ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවේ එක ඉලක්කයක් සත්වයා සතර අපා දුකින් නිදහස් කිරීම.
    ඔන්න ඔබට දැන් ඒක මතක තියාගන්න පුළුවනි. මොකක්ද? බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ධර්මය කියා දීමේ එක ඉලක්කයක් සත්වයා සතර අපා දුකින් නිදහස් කරදීම. ඊළඟ එක, මේ ලෝකයේ දෙවිවරු, මිනිස්සු හැමෝම සැපයට කැමතියි. සැප කැමැති වුණාට අපට සැපය තෝරබේරගන්න තේරෙන්නේ නැහැ. සැපය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සුගතියේ ඉපදීම අපට සැප ලබාගන්න තියෙන එක අවස්ථාවක්. එතකොට සතර අපා දුකින් මුදවාලීම බුදුරජාණන් වහන්සේගේ මූලික කාර්යය. ඊළඟ කාර්යය තමයි සුගතියේ සැප ලබාදීම.
    ඒ වගේම බුදුරජාණන් වහන්සේ දන්නවා, උන්වහන්සේ අවබෝධ කරගෙන හිටියා, අපේ ජීවිත පැවැත්ම තුළ තියෙන්නේ අපට ඕන ගමනක් යන පිළිවෙලක් නොවෙයි. උන්වහන්සේ දැක්කා අපව යම්කිසි දෙයකින් හසුරුවනවා කියලා. ඒ දේ තමයි අප විසින් හිතාමතා කරන දේ. කර්මය. මේකේ කෙළවරක් නෑ. බුදුරජාණන් වහන්සේට ඕන වුණේ අපි සසරේ කෙළවරක් නැතුව යන මේ ගමන කෙටි කරවන්නයි. ඒක උන්වහන්සේගේ දේශනාවල එක ඉලක්කයක්. හතරවන ඉලක්කය සසර දුක ඉවත් කරදීම. නිවන අවබෝධ කරවීම.
    මේ ඉලක්ක හතරට තමයි සෑම බුද්ධ දේශනාවක්ම යොමුවෙලා තියෙන්නේ. එතැනින් බාහිර දෙයක් නෑ. හැබැයි මේක අවබෝධ කරන්න දක්ෂ වෙන්නේ බුද්ධිමත් කෙනා විතරයි. ඒකට හේතුව මේක තේරුම් ගැනීම පිණිස අපට යම්කිසි හිතන්න පුළුවන්කමක් අවශ්‍යයි. හැමතිස්සේම වෙන්නේ අපේ හිතන්න පුළුවන්කමට ඉඩක් ලැබෙන එක නොවෙයි. ඒකට වැට කඩුළු බැඳෙන එකයි. හැමතිස්සේම වෙන්නේ අපට මේක ගැඹුරින් හිතන්න පුළුවන්කම පෑදෙන එක නොවෙයි. වැහෙන එක.
    මොකද ඒක වැහෙන්න වුවමනා දේවල් ගොඩාක් අපි ළඟ තියෙනවා. ආශාව, මාන්නය, කෙලෙස්, එකට එක කිරීම, හිතට ගැනීම, ලෝකයෙන් සත්කාර සම්මාන බලාපොරොත්තු වීම, ලෝකය තුළ අධිපති වෙන්න සිතීම, පළිගන්න සිතීම, වෛර කිරීම.
    මේ වගේ දේවල් අපේ සිතට එකතුවුණාම බුද්ධිමත්ව කල්පනා කරන්න තිබෙන ස්වභාවය නැතිවෙලා යනවා. එතකොට බුද්ධ දේශනා ඇහුණා කියලා ඒ දේශනාවේ නියම ප‍්‍රයෝජනය ගන්න අපට අවස්ථාව ලැබෙන්නේ නෑ.
    එහෙනම් පින්වත්නි, අපි ධර්මය අවබෝධ කිරීමේ අවස්ථාව හිතාමතා උදාකරගත යුතුයි. ඒ අවස්ථාව අපට ඉබේ එන්නේ නෑ. ධර්මය තේරුම් ගැනීමේ අවස්ථාව ඉබේ පහළ වෙන්නේ නෑ. අපි කල්පනා කර කර ඒ අවස්ථාව උදා කරගත යුතුයි. ඒ සඳහා අපි හිතට ඇතිවෙන බාධා, ඒ කියෙන්නේ කෙලෙස් (එක්කෝ අපේ සිතේ සකස් වෙලා තියෙන අකුසල්, එක්කෝ අවිද්‍යාව ආදී බාධාඑ) නුවණින් කල්පනා කරලා බැහැර කරගත යුතුයි.
    අපි පාර විවෘත වෙනවා දන්නේ නැත්නම්, පාර වැහෙනවාත් දන්නේ නැත්නම්, අපට ධර්මය විවෘත වෙන අවස්ථාවන් ආයෙ ආයෙ වැහෙන්න පුළුවන්.
    අපේ ජීවිතයේ ආපු ගමනේම අපි ආවේ අපට මොකුත් නැතුව. මනුස්සයෙක් කිරි දරුවෙක් වෙලා උපන්නට පස්සේ ළමයෙක් වෙන එක වළක්වන්න බෑ. එයා ළමයෙක් වෙනවාමයි. ළමයා වැඩිහිටි වෙන එක වළක්වන්න බෑ. වැඩිහිටි වෙනවාමයි. වැඩිහිටියා වයසට යන එක වළක්වන්න බෑ. එයා වයසට යනවාමයි. එයා ආච්චි හෝ සීයා වෙන එක වළක්වන්න බෑ. වෙනවාමයි. එයා මැරෙන එක වළක්වන්න බෑ. මැරෙනවාමයි.
    ඒක සාමාන්‍ය ජීවිත රටාවේ තිබෙන පොදු දෙයක්. ඒ පොදු දෙයට සත්තු අයිතියි, අපි අයිතියි, දෙවියන්, බඹුන් අයිතියි. සියලූ දෙනා අයිතියි. සියලූ දෙනා ඉපදීමට, මේරීමට, මරණයට අයිතියි. හැබැයි පින්වත්නි, දැන් මිනිස් ලෝකයේ ජීවත් වෙන අපි මේ මනුස්ස ලෝකයට ආවේ උපදින්න තැන් ගොඩාක් තියෙද්දී.
    ඒ කියන්නේ මනුස්සයෙක් මැරෙනවා කියලා මොකක්ද වෙන්නේ? ඔන්න මනුස්සයෙක් මැරුණා. මැරුණා කියන්නේ එයාගේ විඤ්ඤාණය චුත වුණා. විඤ්ඤාණය චුත වුණාම මැරුණා කියලා කියනවා. ඒ වගේම මනුස්සයෙක් පිළිසිඳ ගත්තා කියන්නේ විඤ්ඤාණයක් මව්කුසට ආවා කියන එක. එතකොට අපේ විඤ්ඤාණය සතෙකුගේ මව්කුසකට ගියේ නෑ. ඒ නිසා අපි සත්තු අතර උපන්නේ නෑ. අපේ විඤ්ඤාණය පේ‍්‍රත ලෝකයට ගියේ නෑ. ඒ නිසා පෙරේතයන් අතර උපන්නෙත් නෑ. අපේ විඤ්ඤාණය නිරයට ගියේ නෑ. ඒ නිසා නිරිසතෙක් වුණෙත් නෑ. අපේ විඤ්ඤාණය දෙවියන් අතරට ගියෙත් නෑ. අපි දෙවියෙක් වුණෙත් නෑ. එහෙනම් අපේ විඤ්ඤාණය කොහෙටද ගියේ?
    අපි කලින් ජීවිතයේ කොහේ හරි ඉඳලා චුතවෙන කොට කොහේහරි අම්මලා තාත්තලා දෙන්නෙක් එකතුවෙලා. උපදින්න පරිසරයක් හැදිලා. විඤ්ඤාණයට තීරණ ගන්න බෑ. ඒක මෙහෙයවනවා. මෙහෙයවන්නේ කර්ම විපාකයෙන්. ඒ විදිහට කර්ම විපාකයෙන් මෙහෙයවලා මව්කුසට ඇතුළුවුණා.
    ඊට පස්සේ ඒ මව්කුස ඇතුළේ තමයි අපට ඇස් දෙක ලැබුණේ. ඉපදිලා ඉවරවෙලා ඇස් දෙක ලැබුණා නොවෙයිනේ. මව්කුස ඇතුළේ අපට දෑස ලැබුණා. මව්කුසේදී අපට කණ් දෙක ලැබුණා. මව්කුසේදි අපට නාසය ලැබුණා. මව්කුසේදියි අපට දිව ලැබුණේ. මව්කුසේදියි අපට ශරීරය ලැබුණේ. මව්කුසේදියි හිත ලැබුණේ. විඤ්ඤාණය මව්කුසට ඇතුලූ වෙලා, මව්කුස ඇතුළේම කර්මානුරූපීව මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස සකස් වුණා.
    එතකොට කොහේහරි ලෝකයක ඉඳලා අපි චුතවෙද්දී ඒ විඤ්ඤාණය තිරිසන් ලෝකයට ගියේ නෑ. පෙරේත ලෝකයට ගියේ නෑ. නිරයට ගියේ නෑ. මිනිස් මව්කුසකට ආවා. මිනිස් මව්කුසකට අපේ විඤ්ඤාණය තල්ලූ කළේ කර්මයයි. ඒක පුණ්‍ය කර්මයක්ද? පාප කර්මයක්ද? පුණ්‍ය කර්මයක්. පුණ්‍ය කර්මයකින් තමයි අපේ විඤ්ඤාණය මිනිස් මව්කුසට දැම්මේ. එහෙනම්,
    මෙන්න අපට ලැබුණ දේවල්….
    මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, අපට ඒක විඳින්න පුළුවන් ආකාරයේ ඇස් දෙකක් මව්කුසේදී හැදුණා.
    මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, අපට ඒක විඳින්න පුළුවන් ආකාරයේ කණ් දෙකක් මව්කුසේදී හැදුණා.
    මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, ඒක විඳින්න පුළුවන් ආකාරයේ නාසයක් මව්කුසේදී හැදුණා.
    මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, ඒක විඳින්න පුළුවන් ආකාරයේ දිවක් මව්කුසේදී හැදුණා.
    මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, ඒක විඳින්න පුළුවන් ආකාරයේ කයක් මව්කුසේදී හැදුණා.
    මිනිස් ලෝකය තුළ යම් සැප දුක් විඳීමක් තියෙනවාද, ඒක විඳින්න පුළුවන් ආකාරයේ මනසක් මව්කුසේදී හැදුණා.
    ඔන්න අපි මව්කුසෙන් බිහිවුණා. ළමයෙක් වුණා. ඊට පස්සේ මනුස්සයෙක් හැටියට යම්කිසි පහසුකම් ඇද්ද ඒ දේවල් ලැබුණා. මේ යාන වාහන, ටෙලිෆෝන්, ලයිට්, ටීවී, රේඩියෝ, කෑම බීම, ඇඳුම් විලාසිතා මේ ඔක්කෝම මනුස්ස ලෝකයේ ඉපදුණ මිනිස්සු විසින් හදාගත්තු දේවල් නොවේද? මේ ඔක්කෝම මිනිසුන් වුණු අපි හදාගත් දේවල්.
    එතකොට මේ ලෝකයේ මනුස්සයන් විසින් මනුස්සයන් වශයෙන් සැප සේ ඉන්න, මේ ලෝකය නිර්මාණය කරගත්තා. මේ නිර්මාණය කරගැනීම පිටිපස්සේ තියෙන්නේ පිනයි. පින තමයි මේකට වුවමනා කරන පරිසරයට අපව යොමුකරන්නේ.
    මිනිස් ලෝකයේ අපි රේඩියෝ එක දාලා රේඩියෝ එක අහනවා. ටීවී බලනවා. අපට ඕන කරන කෑම බීම වගා කරගන්නවා. අපට කන්න ඕන දේවල් අපි හදාගන්නවා. අපට ඕන කරන ලස්සන ඇඳුම් මහගන්නවා. අපට ඕන යානවාහන හදාගන්නවා. හිතලා බලන්න, අපේ ගෙදර ඉන්නවා බල්ලෙක්. බල්ලට ලයිට්වලින් ප‍්‍රයෝජනයිද? නෑ. බල්ලට ටීවී එක ප‍්‍රයෝජනයිද? නෑ. බල්ලට ටෙලිෆෝන් එක වුවමනයිද? නෑ. බල්ලට ඇඳුම් ඕනද? නෑ. බල්ලට වෙනම වාහනයක් ඕනද? නෑ. බල්ලට ඕන කෑම ඉල්ලලා කන්න පුළුවන්ද? බෑ.
    එහෙම නම් මනුස්සයෙක් හැටියට අපි විඳින එකක්වත් ඒසතාට විඳින්න බෑ. ඒ සතා අපිත් එක්ක හිටියට අපි ලයිට් එක දාගෙන පොත පත බලද්දී, බල්ලා නිදි. අපි කරන්ට් එක පාවිච්චි කරලා ටීවී බලන කොට බල්ලත් ඒ පුටුව අයිනෙම නිදි. ඌට ඒකෙ වින්දනයක් නෑ. අපි කන්නාඩිය ගාවට ගිහින් හැඩවැඩ බලන කොට බල්ලත් කාමරයට ඇවිල්ලා රවුමක් ගහලා යයි. නමුත් ඒ සතාට පින නෑ.
    එතකොට අපි පින නිසා ඒක පාවිච්චි කරනවා. හැබැයි මේ පිටිපස්සෙන් පිනක් තියෙනවා කියලා අපි දන්නේ නෑ. මේ පින හඳුනාගන්න මනුස්සයා අසමත් වෙලා තියෙනවා. හැබැයි අපට මනුස්ස ලෝකයේදී ලැබෙන්නේ පින විතරක් නොවෙයි. මනුෂ්‍ය ලෝකයේ යම් සැපක් ඇද්ද, යම් දුකක් ඇද්ද, මේ දෙකම විඳින්න ලැබෙනවා. ඒ දෙකම විඳින ලෝකයක් තමයි මිනිස් ලෝකය කියන්නේ. අපි මේක නුවණින් කල්පනා කරන්න ඕන.
    මේ මනුස්ස ලෝකයට අපව ගෙනාවේ පින විසින්. මනුස්ස ලෝකෙදි අපට සැප ලබන්න උනන්දු කරන්නේ පින විසින්. පින තියෙන කෙනාගේ ඒ පින පාවිච්චි වෙන විදිහ අපට හොයන්න බෑ.
    මං උදාහරණයක් කියන්නම්. ඔබ දන්නවා ඇති පසුගිය දවස්වල ලංකාවේ මූල්‍ය ආයතනයක විශාල වංචාවක් වුණානේ. මිනිස්සු දන්නේ නැතුව ලක්ෂ ගණන් ඒකෙ මුදල් තැන්පත් කළා. බලන්න දෙපාරක් හිතන්න එයාගේ පින තිබුණේ නෑ. ඇයි, තව කොච්චර ආයතන තියෙනවද? නිතර මිනිස්සුන්ව දැනුවත් කරනවනේ, මෙහෙම මූල්‍ය ආයතනවලට කල්පනා කරන්නේ නැතුව සල්ලි දාන්න එපා කියලා. එතකොට තමන් දුක් මහන්සි වෙලා හරි හම්බු කරන ධනය එකපාරටම සොරෙකුගේ අතට යනවානේ. ඒකට හේතුව වුණේ තමුන් කල්පනා නොකිරීමනේ.
    සමහර විට දැන් පසුතැවෙන්න පුළුවන් ‘අනේ ඇයි මං හිතුවේ නැත්තේ? දෙපාරක් කල්පනා කළේ නැත්තේ?’ කියලා. ඒකෙන් අපට පේනවා තමන්ගේ වස්තුව සොර සතුරන් ඩැහැගැනීම නිසා යම් දුකක් විඳිනවාද, ඒක අපට විඳින්න වෙනවා. අපි දන්නේ නෑ මේකට නොපෙනෙන අතීතයේ පසුබිමක් හැදිලා තිබුණද කියලා. ඇයි ඒක හැමෝටම වෙන්නේ නෑනේ. සමහර අය කියනවා, ‘මම නම් කල්පනාකාරීව හිටියා. මම නම් ඕකට සල්ලි දැම්මේ නෑ. මං වෙන ආයතනයකට සල්ලි දැම්මා’ කියලා.
    මේ වගේ අපේ ජීවිතවල අකුසලය විඳින්න වෙනකොට, අපි දන්නේ නැතුවම අකුසලයට වුවමනා විදිහට අපව මෙහෙයවනවා. සසරේ අපට දුක් විඳින්න අවස්ථාවක් එනවා නම්, ඒ දුක විඳින්න වුවමනා විදිහට අපව මෙහෙයවනවා. (මම කියන්නේ මේ සියල්ල කර්මයෙන් වෙනවා කියලා නොවෙයිඑ) නමුත් ඒකට වුවමනා කරන විදිහට පින උපදවාගෙන තිබුණා නම්, අපට ඒකෙන් බේරෙන්නත් තිබුණා.
    මේ නිසා අපි මේකෙදී එකක් මතක තියාගන්න ඕන. ඒක තමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා ”දෙව්ලොව වේවා, මිනිස් ලොව වේවා යම්කිසි කෙනෙක් සැපයක් විඳිනවා නම්, ඒ සැපයට පසුබිම පිනයි” කියලා…

    උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

    http://sinhala.mahamevnawa.lk/2013/02/25/pina_saha_awabodhaya_1_1/
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    මේ මනුෂ්‍ය ජීවිතය අසාර්ථක වුණොත්…?

    [
    3308764443_7c443f1980_z.jpg


    මේ මනුෂ්‍ය ජීවිතය අසාර්ථක වුණොත්…?
    සමහර කෙනෙක් ඉන්නවා ඉඩමක් තියෙනවා. සාමාන්‍ය ගෙයක් තියෙනවා. නමුත් ලස්සන ගෙයක් නෑ. එතකොට හැම තිස්සේම එයාගේ හිතේ ‘අනේ මට ලස්සන ගෙයක් නෑ’ කියලා දුකක් තියෙනවානේ.

    ඒ දුක හේතුවෙන් එයාට ලස්සන ගෙයක් ලැබෙනවාද? නෑ. සමහර කෙනෙක් ඉන්නවා නිතර ලෙඩින්. එයාට නීරෝගී අය ඉන්නවා පේනවා. නීරෝගී අය සුවසේ දුවනවා, පනිනවා පේනවා. එතකොට මෙයාට ‘අනේ, මට නීරෝගීකම නෑනේ…..’ කියලා දුකක් තියෙනවා. නමුත් ‘මට නීරෝගීකම නෑනේ….’ කියලා දුක් විඳීම හේතුවෙන් නිරෝගීකම ලැබෙන්නේ නෑ. සමහර කෙනෙක් ඉන්නවා හොඳ රස්සාවක් නෑ. එයාට හොඳ රස්සාවල් කරන අය පේනවා. එතකොට එයාට ‘අනේ මට හොඳ රස්සාවක් නෑනේ…’ කියලා දුකක් තියෙනවා. ඒ විදිහට නෑ කියලා දුක්වෙන හේතුවෙන් එයාට හොඳ රස්සාවක් ලැබෙන්නේ නැහැ. සමහර කෙනෙක් මහන්සි වෙවී වගා කරනවා. නමුත් එයාට සාර්ථක අස්වැන්නක් නෙලාගන්න බෑ. සමහර අය ඉන්නවා හොඳට වගා කරලා හොඳ අස්වැන්නක් නෙලා ගන්නවා. එතකොට එයා ඒක බල බලා ‘අනේ, මගේ වගාව පාලූ වෙනවා…. මං කරන කියන දේවල් සාර්ථක වෙන්නේ නෑ….’ කියලා දුක් වෙවී ඉන්නවා නම් එහෙම දුක් වෙවී හිටියා කියලා ඒ හේතුවෙන් එයාගේ දේවල් සාර්ථක වෙනවද? නැහැ.
    මෙන්න මේකෙදී පින හඳුනාගැනීමට අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම්ගෙන සිටීම ගොඩාක් උපකාරී වෙනවා. ඔබට මතකද මං මුලින්ම කිව්ව දෙය? අපි කී වතාවක් මිනිස් ලෝකයට ඇවිල්ලා ඇද්ද? ආපු හැම මිනිස් ආත්මයකම ඒ ජීවිතය සාර්ථක වුණා කියලා කියන්න පුළුවන්ද? අපි ඒක දන්නේ නෑ. මේ මනුස්ස ජීවිතයත් අප හිතෙන ප‍්‍රමාණයට සාර්ථක කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි, මේක අපට ලැබෙන එකම මනුස්ස ජීවිතයත් නොවෙයි. තවත් ඉස්සරහට ඕනතරම් මනුස්ස ජීවිත ලැබෙන්න පුළුවන්. තව ඉස්සරහට අපට දිව්‍ය ජීවිත ලැබෙන්නත් පුළුවන්. හැබැයි, මේ ජීවිතයේ අපට යම්කිසි අඩුපාඩුවක් තිබෙනවාද, ඔබ කැමැතිද මේ අඩුපාඩු ඊළඟ ජීවිතයෙත් ලැබෙනවාට? මේ ජීවිතයේ යම්කිසි අසාර්ථකභාවයක් තියෙනවාද, ඔබ කැමැතිද මේ අසාර්ථකබව ඊළඟ ජීවිතයේදීත් ලැබෙනවාට?
    අපි කැමැති, මේ ජීවිතයේ යම් අඩුපාඩුවක් ඇද්ද, ඊළඟ ජීවිතයේ ඒ අඩුපාඩුව නැතිවෙනවාටයි. මේ ජීවිතයේ යම් අසාර්ථකබවක් තියෙනවද, ඊළඟ ජීවිතයේ ඒ අසාර්ථකත්වය නැතිබවට අප කැමතියි. ඊළඟ ජීවිතයට සැලැස්මක් ඕන කරනවා කියන කොට ජීවිතය ගැන කල්පනා කරන්න බැරි, මෝඩ කෙනෙක් හිතාවි ‘මේක තේරුමක් නැති කතාවක්. මේ ජීවිතයටනේ සැලැස්මක් ඕන. ඊළඟ ජීවිතයට මොකටද?’ කියලා. නමුත් බලන්න, අපි මේ ජීවිතයේ සැලැස්මක් ගහගෙන යන දේ අපට අද නැතිවෙන්න බැරිද? හෙට නැතිවෙන්න බැරිද? නැතිවෙන්න පුළුවන්නේ. මේ ජීවිතයේ සැලැස්මක් ගහගෙන යන දේ අපට ඕන වෙලාවක නැතිවෙන්න පුළුවන්.
    අපි මෙහෙම කියමු. මේ ජීවිතයට සැලසුම් කරමින් මේ ජීවිතය දියුණු කරගන්න කල්පනා කරගෙන හිටපු අය බලාපොරොත්තු නැති මොහොතේ මැරුණේ නැද්ද? ඉස්කෝලේ යමින් සිටිය ළමයි මැරුණේ නැද්ද? කසාද බැඳලා මුදු මාරුකරලා හිටපු අය පෝරුවට නගින්න ඉස්සරවෙලා මැරුණේ නැද්ද? රස්සාවට සම්මුඛ පරීක්ෂණයට යන්න හිටපු කෙනා සම්මුඛ පරීක්ෂණයට යන්න ඉස්සෙල්ලා මැරුණේ නැද්ද? එහෙම අවස්ථාවල් නැද්ද? අම්මලා සිටිද්දී දරුවෝ මැරෙනවා. දරුවෝ සිටිද්දී අම්මලා මැරෙනවා. වෙලා නැද්ද මේවා?
    මනුස්සයන් මැරෙනවා. මැරුණ ගමන් එයාගේ මේ ජීවිතයේ කොටස ඉවරයි. ඊළඟට තියෙන්නේ අලූත් ජීවිතයක කොටසක්. අලූත් ජීවිතයේදී එයාට මේ ජීවිතය තුළ සංවර්ධනය වූ දෙයක් නැත්නම්, සමහර විට ඒ ජීවිතයේ එයාට මේ ජීවිතයේ තිබුණු ටිකත් නෑ. අපට තේරෙන හැටියට නම් වර්තමාන මනුස්සයා මේ ජීවිතයේදී යම්කිසි දෙයක් ලබා තිබෙනවාද, ඊළඟ ජීවිතයේදී එයාට ඒකත් නෑ. මේ ජීවිතයේදී යම්කිසි සැපයක් විඳින දෙයක් ලබා තිබෙනවාද, ඊළඟ ජීවිතයේ ඒකත් නෑ.
    එහෙනම් යම්කිසි පිනකින් අපි මනුස්ස ලෝකයට ආවා නම්, ඒ පින මේ ජීවිතයේදී ඉවර වෙද්දී අපි අලූතෙන් පිනක් රැස් කරලා නැත්නම්, මේ ජීවිතය අවසන් වෙන කොට අපේ විඤ්ඤාණය මෙහෙයවන්න ඊළඟ එක ඉදිරිපත් වෙනවා. ඒ තමයි පව. මේක අපි දන්නේ නෑ.
    ඔබ හිතන්නේ අතීතයේ සෑම මනුෂ්‍ය ජීවිතයකදීම අපි තෙරුවන් සරණ ගිහිල්ලා හිටියා කියලද? නෑනේ. අපට සක්කාය දිට්ඨිය තියෙනවා. විචිකිච්ඡාව තියෙනවා. සීලබ්බත පරාමාස තියෙනවා. අපි එක එක ආගම් අදහන්න ඇති. එක එක දේවල් යාඥා කරන්න ඇති. එක එක බිලි දෙන්න ඇති.
    නේපාලයේ අලූත් ආණ්ඩුව තීරණයක් අරන් තියෙනවා, ආගමික පූජා පිණිස බිලි දෙන්න එපා කියලා. හරක් මරලා බිලිදෙනවා. එළුවෝ මරලා බිලි දෙනවා. මේ බිලි පූජා නවත්වන්න කියලා පාර්ලිමේන්තුවට තහනම් නියෝගයක් ගේන්න යනකොට රටම කිපුණා. තරුණයෝ පාරට බැහැලා ගල්ගැහුවා. පොලිසිවල බෝඞ් කඩා බිඳ දැම්මා. ඒගොල්ලෝ බිලි පූජා කරන්න අවසරය ඉල්ලූවා. ඔබත් ඒ සමාජය තුළ හිටියා නම්, ඔබත් එහි කොටස්කාරයෙක් නොවෙයිද? ඒගොල්ලෝ ආගමික චාරිත‍්‍රයක් වශයෙන් බිලි පූජා කරන්න ඕන කියලා සටන් වදිනවා.
    ඔය වගේ උපනූපන් ආත්මවල අපි එක එක දේවල් කර කර සිටිද්දී ඒවත් අපේ පස්සෙන් ඇවිත් තියෙන බව අපි අමතක කරන්න හොඳ නෑ. මේ ජීවිතයේ අපි පින ගෙවිලා යන්න දුන්නොත්, පව් රැස්වෙන්න ඉඩදුන්නොත්, ඊළඟ ජීවිතයේ අපට අසාර්ථකබවක් මිසක් සාර්ථකබවක් නෑ.
    බුදුරජාණන් වහන්සේ මේක හොඳට තේරුම් අරගෙන සිටියා. ඒ වගේම උන්වහන්සේ මේකට සාර්ථක විසඳුමක් දැනගෙන සිටියා. ඒ තමයි, මේ ගැන බුදුරජාණන් වහන්සේට හොඳ අවබෝධයක් තියෙනවා කියලා මනුස්සයාට ඒත්තු ගැන්වීම. මොකද, සාමාන්‍ය මනුස්සයාගේ ජීවිතයේ සුළු දේකිනුත් මනුස්සයාට මාන්නය ඇතිවෙන්නේ නැද්ද? අලූතෙන් බැඳපු ජෝඩුවක් හිටියා කියමු. පුතෙක් උපන්නොත් ඔන්න එ්කටත් මාන්නය ඇතිවෙනවා, ‘මට පුතෙක්’ කියලා. දුවක් උපන්නොත් ඔන්න ඒකටත් මාන්නය ඇතිවෙනවා, ‘මට දුවක්’ කියලා. ළමයා විභාගය පාස් වුණොත් ‘මගේ ළමයා විභාගය පාස්’ කියලා ඒකටත් මාන්නය ඇතිවෙනවා. සමිති සමාගමක තනතුරක් ලැබුණොත් ‘මට අසවල් සමිතියේ අසවල් තනතුර ලැබුණා’ කියලා ඒකටත් මාන්නයක් ඇතිවෙනවා. හොඳ සමාජ තත්වයක් ලැබුණොත් ‘ඔන්න මට මෙහෙම තත්වයක් තියෙනවා’ කියලා ඒකටත් මාන්නයක් ඇතිවෙනවා.
    අපට හැම තිස්සේම අවස්ථාව තියෙන්නේ මාන්නය ප‍්‍රහාණය වෙන්න නෙවෙයි, මාන්නය ඇතිවෙන්නයි. ඒ නිසා හැමතිස්සේම අපට නිහතමානී ගුණය අහිමිවෙන්න ඉඩක් තියෙනවා. මේකෙන් අපව බේරලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට ඇතිවෙන පැහැදීමෙන්. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට හරි පැහැදීමක් ඇතිවුණා කියලා හිතලා අපි ආඩම්බරකාරයෙක් වුණොත්, ඒ කියන්නේ පැහැදීම ඇවිල්ලා නෑ. අපි දැන් පංච උපාදානස්කන්ධය දන්නවා, පටිච්චසමුප්පාදය දන්නවා, ආයතන ගැන දන්නවා කියලා මේවා ගැන ආඩම්බරකාරයෙක් වුණොත් අපි ලැබූ දෙයක් නෑ. ශ‍්‍රද්ධාවට ඇවිල්ලා නෑ. ශ‍්‍රද්ධාවට ආවා නම්, අපි ආඩම්බරකාරයෙක් වෙන්නේ නෑ.
    බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ශ‍්‍රද්ධාවට පත්වුණොත්, අපි බරපතල කල්පනාවකට පත්වෙනවා. මොකද, අපේ ඒ ආපු ගමන ගැන තේරෙන්න ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපට ශ‍්‍රද්ධාවක් ඇතිවුණොත්, ‘අපි මෙහෙම ගමනක් ඇවිල්ලා තියෙනවා’ කියලා අපි බරපතල කල්පනාවකට වැටෙනවා. ‘බුදුරජාණන් වහන්සේ මේක මේ විදිහට පහදලා දුන්නා නෙව. කර්මයනේ මාව මෙහෙයවලා තියෙන්නේ. ඉතින් මම මේ ජීවිතයේ යම් දුකක් විඳිනවාද, යම් සැපක් විඳිනවාද, මේක පිටිපස්සෙන් මම ගෙනාපු දෙයක් තියෙනවානේ. මේ ජීවිතයේ මට පින් කරගන්න බැරිවුණොත් මම ඊළඟ ජීවිතයේ කොහේ යයිද? සතර අපායේ වැටුණොත් දුක් විඳින්න වෙනවා නේද? මට මේකෙන් බේරෙන්න ඕන නේද?’ කියලා මේ සසරේ ස්වභාවය ගැන බරපතල කල්පනාවකට එනවා.
    ඒ කල්පනා කිරීම තුළ එයාට සමාජ තත්ව, තනතුරු, නම්බුනාම, ප‍්‍රධානත්ව, සංවිධාන මොකවත් වැඩක් නෑ. ඊට පස්සේ එයා හැම දෙයක්ම කරන්නේ එක දෙයක් මුල් කරගෙන. ඒ තමයි අනුකම්පාව. එයාගේ ජීවිතයේ වැඩකරන්න ගන්නේ අනුකම්පාව විතරයි.
    මේ නිසා පින්වතුනි, අපට හරිම වැදගත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගැනීම නැතිවුණොත්, එ්ක අසාර්ථක වුණොත් අපට මුහුණ දෙන්න වෙන්නේ විශාල ප‍්‍රශ්නයකටයි. මොකද, මනුස්ස ලෝකයේ මිනිස්සුන්ට උන්වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න හරිම අමාරුයි. ඇයි, වෙන වෙන දේවල් ගැනනේ සිත පහදවාගෙන ඉන්නේ.
    ටීවී බැලූවත්, රේඩියෝ එක ඇහුවත්, පත්තර බැලූවත්, ඒවාගේ ආකල්ප තමයි අපේ ඔළුවලට ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නොවෙයි. අපි සසරේ මුලාවෙන ස්වභාවයෙන් ආපු නිසා මේ ජීවිතයේත් මුලාවෙන ස්වභාවයට තමයි නිතර වැටෙන්නේ. මේකෙන් අත්මිදීම ලේසි වැඩක් නොවෙයි.
    මනුස්සයන් කොපමණ මුලාවෙන ස්වභාවයට පත්වෙනවාද කියනවා නම්, නේපාලයේ මිනිස්සු බිලි පූජා කරන්න ඕන කියලා උද්ඝෝෂණ පවා කළානේ. ඉතින් ඒක මුලාවක් නෙවෙයිද? ඊට පස්සේ තව සිද්ධියක් තිබුණා. එක ආගමික නායකයෙක් මනුස්සයෙකුට හොඳට බුද්ධිමත් වෙන්න නම් වඳුරු මොළය අමුවෙන් කන්න කියලා තිබුණා. ඔන්න එක සාධු කෙනෙක් වඳුරෙක් මරලා මොළය අමුවෙන් කනවා. දැන් එයාට ඕන බුද්ධිය. එතකොට බුද්ධිය වුවමනා යැයි කියලා හිතපු මනුස්සයාට ලැබුණු පණිවිඩය කොපමණ අනතුරුදායකද? මේකෙන් අපි බේරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අපි තුළ පැහැදීම (ශ‍්‍රද්ධාවඑ) තියෙනවා නම් විතරයි.
    බුදුරජාණන් වහන්සේ දේශනා කළා “පින් රැස් කරන්න. පින අපට අවශ්‍යයි” කියලා. ඒ මතය අපට හරිම වැදගත්. ඒ තමයි, ‘අපට පින අවශ්‍යයි.’ උන්වහන්සේ එතැනින් නැවැත්තුවේ නෑ. උන්වහන්සේ දේශනා කළා පින විතරක් නොවෙයි, අපට තව එකක් අවශ්‍යයි කියලා. එ්ක තමයි ‘අවබෝධය.’ පිනෙන් කරන්නේ අපට සැප ලබා දී ආරක්ෂා කිරීම. අවබෝධයෙන් කරන්නේ අනතුරේ වැටෙන්න නොදී අපව සුරක්ෂා කිරීම. මනුෂ්‍යයෙකුට මේ ජීවිතයේදී මේ දෙකම උපදවා ගන්න පුළුවන් නම් මට තේරෙන්නේ නෑ එයාට ප‍්‍රශංසා කරන්න වචන. එයා එච්චරටම බුද්ධිමත් මනුෂ්‍යයෙක්.
    පින ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ තේරුම් ගන්න අපි දැන් ටිකක් මහන්සි ගනිමු. ඔබ දන්නවා උන්වහන්සේ ‘දානමය පුණ්‍යක‍්‍රියා, සීලමය පුණ්‍යක‍්‍රියා, භාවනාමය පුණ්‍යක‍්‍රියා’ කියලා පුණ්‍යක‍්‍රියා තුනක් පෙන්වා දුන්නා. මනුෂ්‍ය ජීවිතයේදී පුළුවන් තරම් පින් රැස්කර ගන්න කිව්වා. යම් කෙනෙකුට දිගාසිරි තියෙන, නීරෝගී ශරීරයක් ඇති, දීර්ඝායුෂ තියෙන ජීවිතයක් ලැබුණොත් ඒ තුළින් එයාට යම්කිසි සැපයක් ලැබෙනවානේ. එ්ක එයාගේ ජීවිතයේ තීරණාත්මක සාධකයක්. නමුත් අපට ලෙඩක් නැතුව සිටීම, තීරණාත්මක සාධකයක් කියලා තේරෙන්නේ නෑ.
    බැරිවෙලාවත් අපේ වකුගඩු දෙක නරක් වුණොත් ඔක්කොම ඉවරයිනේ. කසාදයක් බැඳලත් ඉවරයි. මුළු පවුලම අගාධයට වැටෙනවා. එහෙනම් අපේ වකුගඩු නරක් නොවී තිබීම ජීවිතයේ තීරණාත්මක දෙයක්්. අපට මේක හොයන්න බෑ. බැරිවෙලාවත් වකුගඩු නරක් වුණොත් ඊට පස්සේ මුළු පවුලම වකුගඩුවක් හොයන්න ඕන. බෙහෙත් හොයන්න ඕන. බෙහෙත්වලට මාසයකට රු. 40,000 ක් විතර යනවා. වකුගඩුවක් බද්ධ කළොත් එ්කට වෙනම ලක්ෂ ගාණක් යනවා. මේවාට සල්ලි කොහෙන්ද? බලාගෙන ඉඳිද්දී මැරෙනවා. පිරිස අඬා වැළපෙද්දී මැරෙනවා. මේ නිසා නිරෝගීකම කියන්නේ මේ ජීවිතයට සැප ලබාදෙන තීරණාත්මක සාධකයක්.
    ඒ වගේම දීර්ඝායුෂ කියන්නෙත් තීරණාත්මක සාධකයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මේක ලැබෙන්නේ හේතුවක් නිසා කියලා. ඒ හේතුව තමයි, සතුන් මැරීමෙන් වැළකී සිටීම. උන්වහන්සේ දේශනා කළා, “සතුන් මැරීමෙන් වැළකී සිටින්න. සතුන්ට හිංසා කිරීමෙන් වළකින්න” කියලා. සතුන් කියන්නේ බල්ලො, බළල්ලූ, පූස් පැටව්, මාළු, හරක් විතරක් නොවෙයි. සත්තු කියන්නේ සියලූ සතුන්. සමහර අය ඉන්නවා, එළවලූයි බතුයි කනවා. එළවලූයි බතුයි හුවාදක්වනවා. ඒකෙන් සතුන් මැරීමෙන් වැළකුණා කියලා පැහැදෙනවා. නමුත් මිනිස්සුන්ට පුළුවන් තරම් දුෂ්ටකම් කරනවා. මිනිස්සුන්ට පුළුවන් තරම් ගරහනවා. පුළුවන් තරම් අපහාස කරනවා. ලැබූ දෙයක් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වැදගත් වෙන්නේ.
    උන්වහන්සේගේ දේශනාවලින් පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ එළවලූයි, බතුයි විතරක් වළඳපු කෙනෙක් නෙවෙයි. අපි දේශනා කියවන නිසා දන්නවා. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී උන්වහන්සේට පිළිගැන්වූ දේවල් වළඳලා තියෙනවා. නමුත් උන්වහන්සේ තරම් මනුෂ්‍ය වර්ගයා, පණ තියෙන සත්වයා සුවපත් කරන්න කැප වූ තවත් කෙනෙක් හිටියේ නෑ.
    නමුත් සමහරු ‘මමයි සුපිරි… මමයි සුපිරි…’ කිය කියා එළවලූයි, බතුයි හුවාදක්වනවා. ඊළඟට අනිත් අයට පුළුවන් තරම් ගරහනවා. නින්දා කරනවා. අපහාස කරනවා. ඒවා පව්. පින තියෙන්නේ විශේෂයෙන්ම මනුස්සයා සුවපත් කරන්න. මනුස්සයා සතා සිව්පාවාට ආදරය කරමින් වාසය කරනවා නම්, ඊළඟ ජන්මයේ ඒ කෙනා දීර්ඝායුෂ තියෙන කෙනෙක්.
    අපට මේ ජීවිතයේ මැරෙන මොහොත කියන්න පුළුවන්ද? මේ ජීවිතය අවසන් වුණේ යම් මොහොතකද, එතැන ඉඳන් ඊළඟ ජීවිතය පටන් ගන්නවා. ඒ නිසා අපට හැමතිස්සේම වැදගත් සීලමය පුණ්‍යක‍්‍රියා.
    ඊළඟ එක අපි දුක් මහන්සියෙන් හරිහම්බු කරගත් දේවල් නැතිවෙන්න හේතු ගොඩාක් තියෙනවා. එක්කෝ හොරු ගන්නවා. එක්කෝ රාජසන්තක වෙනවා. එක්කෝ ගින්නට අහුවෙනවා. එක්කෝ ජලයට ගහගෙන යනවා. එක්කෝ තමන් අකමැති ඤාතීන් ගන්නවා. එක්කෝ අපි දුක් මහන්සියෙන් හරිහම්බු කරගත් දේවල් විනාශ කරන්න දරුවෝ උපදිනවා. එහෙම නැත්නම් එ්වා අනිත්‍ය නිසා විනාශවෙලා යනවා. මේ විදිහට අපි හම්බුකරන දේවල් විනාශකාරී දේවල්වලට යන්නේ නැතුව අපි තුළම රැඳී තිබීම අපට සැප පිණිස හේතු වෙනවා.
    අපි සතු නැති, අපට නොදුන්න දේවල් නොගැනීම, සොරකම් නොකිරීමයි. සොරකම් නොකිරීම තුළ උපනූපන් ආත්මවල එයා හම්බුකරන දේ කාටවත් හොරකම් කරන්න බෑ. සමහර විට එයාගේ පර්ස් එක පාරේ වැටිලා තියෙනවා කියමු. එයාට අමතක වුණා. නමුත් එයාට ආයෙමත් ඒක හම්බ වෙනවා. කවුරුහරි ඇහුලූවත් එයාට එ්ක හොයලා ගෙනත් දෙනවා. නැතිවෙන්නේ නෑ. හොරකම් කිරීමෙන් වැළකීම කියන්නේ සංසාරයට හොඳ ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ අපේ ජීවිතයට සැපය උදාකර දීමටයි.
    දෙන විදිහට තමයි ලැබෙන්නේ. තමන් සංසාරයේ ප‍්‍රණීත ආහාරපාන ලබන්න කැමති නම් ප‍්‍රණීත ආහාරපාන දෙන්න ඕන. තමන් කාඩි හොදියි බතුයි ලබන්න කැමති නම්, කාඩි හොදියි බතුයි දීපුවාම ඇති. තමන් ලස්සන ඇඳුම් අඳින්න කැමති නම් ලස්සන ඇඳුම් දෙන්න ඕන. මේ න්‍යාය හරි පුදුමයි. සැප ලබන්න නම්, දන් දෙන්න ඕන. ඒක අපේ ජීවිතයට වුවමනා කරන දෙයක්. ඒක පිනක්. එතකොට සොරකම් කරන්නේ නෑ. දන්දෙනවා. අනුන්ට උදව් කරනවා. මනුෂ්‍යයන්ගේ දේ ආරක්ෂා කරනවා. කාගෙ හරි දෙයක් වැටිලා තිබුණොත් ඒක අයිතිකාරයාට හොයලා ගිහින් දෙනවා. නැතිවෙන්න දෙන්නේ නෑ. තමන් දැනුවත්ව කාගෙවත් දෙයක් නැතිවෙන්න දෙන්නේ නෑ. මෙන්න මේක අපට හරි පිහිටක්…

    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
    උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

    http://sinhala.mahamevnawa.lk/2013/02/27/pina_saha_awabodhaya_1_2/
     
    Last edited:

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    සැමට සැප පිණිස පවතින්නේ පිනමයි…

    2273536583_cf7fc5d0c1_z.jpg


    සැමට සැප පිණිස පවතින්නේ පිනමයි…
    ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

    ඊළඟ එක පින්වත්නි, මේ ලෝකයේ අසාර්ථක දේවල් අතර බොහෝ දෙනෙකුගේ ජීවිතවල අසාර්ථක දෙයක් තමයි, විවාහය. විවාහ ජීවිතය ගොඩක් දෙනෙකුගේ අසාර්ථකයි. ඒ අසාර්ථක වෙන්න හේතුව මොකක්ද? දැන් අපි ගත්තොත් සමහර විට දුවෙකුයි පුතෙකුයි ආදරය කරමින් අවුරුදු ගාණක් ඉන්නවා. ඊට පස්සේ ඒ දෙන්නා බඳිනවා. බැඳලා සුමානයි, දෙකයි. රණ්ඩු පටන්ගන්නවා. ඊට පස්සේ ඉතින් වද විඳ විඳ, පීඩා විඳ විඳ, අසහනයෙන් ඉන්නේ. දැන් දරුවෝ ඉන්නවා. දරුවෝ ඉන්න නිසා විඳව විඳවා කරගහගෙන යන්න ඕන.
    එහෙම අසාර්ථක වෙන්නේ, විවාහ ජීවිතයට ඕනකරන මූලික දෙයක් ඒ ඇත්තන්ගෙන් ගිලිහිලා යන නිසයි. ඒ තමයි ‘ආදරය.’ හිතලා බලන්න අපි ඔක්කෝම පුංචි කාලෙ දරුවෝ වෙලා හිටියා. අපට අම්මලා තාත්තලා හිටියා. අම්මා තාත්තට ආදරය කිරීමත්, තාත්තා අම්මට ආදරය කිරීමත් දරුවන්ට සතුට ලැබෙන්න හේතු වෙන්නේ නැද්ද? අම්මා තාත්තා ආදරයෙන් ඉන්නවා දකින කොට ඒ ආදරය දරුවන්ට ලැබෙන්නේ නැද්ද?
    අම්මයි තාත්තයි ‘උඹ මෙහෙමයි…. උඹ මෙහෙමයි…’ කියලා රණ්ඩු ගොඩක ඉන්න කොට ඒකෙන් දරුවෝ මහා අසහනයට පත්වෙන්නේ නැද්ද? පීඩාවට පත්වෙනවනේ. එහෙනම් ගෙදරක අම්මයි, තාත්තයි රණ්ඩු ගොඩක, සැකයක, අසහනයක, ගුටි බැට ගොඩක, අසභ්‍ය වචන ගොඩක ඉන්නවා නම්, ඒක නිසා ඒ දරුවෝ දුක් විඳිනවා. ඒගොල්ලන්ටත් ඒ දුක යනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිතය තුළ ඒගොල්ලොත් ලෝකයට පේන්න ඉන්න ඕන. කරන්න දෙයක් නෑ. ආයෙ හිත හදාගන්නවා. ආයෙ ආදරය කරනවා. නමුත් පවත්වන්න බෑ. ආයෙ රණ්ඩු සරුවල් වෙනවා. මෙහෙම වෙන්නේ නැද්ද? බොහෝ ජීවිතවල වෙනවනේ. මේක වෙන්නේ තනිකරම කර්ම විපාකයකින්. මනුස්සයා කැමැති දෙයක් ආදරය. ඒක ලැබෙන්නේ නෑ. එහෙම වෙන්නේ වැරදි කාමසේවනය නිසා. අපි වැරදි කාමසේවනයේ යෙදුණොත්, මේ ජීවිතයේ යම් අසාර්ථක දෙයක් තියෙනවාද, ඊට වඩා සිය දහස් ගුණයක අසාර්ථකත්වයක් ආයේ ලැබෙනවා.
    දැන් ඔන්න අපි ගත්තොත් දෙන්නෙක් බැන්ඳා. ඔන්න ස්වාමියයි, බිරිඳයි ඉන්නවා. දැන් ස්වාමියාට බිරිඳ ආදරේ නැත්නම්, බිරිඳ අනියම් ස්වාමිවරු හොයාගෙන යන්නේ නැද්ද? එතකොට ඒ ආදරේ හිඟකමින් අර ස්වාමියා විඳවන්නේ නැද්ද? මේ දේවල් මේ ජීවිතයේ වෙන්න බැරිද? ඒ වගේම බිරිඳට ස්වාමියා ආදරේ නැත්නම් ඒ ස්වාමියා බිරිඳ සිටිද්දී වෙන අයථා ක‍්‍රමවලින් සැප විඳින්න යනවා. මේ සියල්ලට හේතුව ආදරය නැතිවීම.
    මේ විදිහට බිරිඳට ස්වාමියා එපාවීම, ස්වාමියාට බිරිඳ එපාවීම මේ ජීවිතවල ඇතිවෙන්න පුළුවන්. ඒ එපාවීම ඇතිකරන්නේ තමන්ට දුක් විඳවන්නයි. ඒක ලබාදෙන්නේ තමන් සසරේ වැරදි කාමසේවනයේ යෙදීමේ ප‍්‍රතිඵල හැටියටයි. එහෙම කෙනා මිනිස් ලෝකයට ආවට පස්සේ විවාහ ජීවිතය අසාර්ථකයි. ස්වාමියාඑගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. නමුත් ස්වාමියාගෙන් ආදරය ලැබෙන්නේ නෑ. ස්වාමියා බිරිඳගෙන් ආදරය බලාපොරොත්තු වෙනවා. නමුත් බිරිඳගෙන් ආදරය ලැබෙන්නේ නෑ. ඉතින් දෙන්නට දෙන්නා එපා වෙනවා. දෙන්නට දෙන්නා තරහකාරයෝ වගේ වෙනවා. මේකට හේතුව කලින් ජීවිතවලදී වැරදි කාමසේවනයේ යෙදීම.
    එතකොට අපි මේ සසරේ ආපු ගමනේදී වැරදි කාමසේවනයේ කොපමණවත් යෙදිලා ඇති. එහි විපාක මේ ජීවිතයේදී විඳව විඳවා, මේ ජීවිතයේදීත් අපි වැරදි කාමසේවනයේ යෙදුණොත් ආයෙ ආයෙමත් අසාර්ථකයි.
    දැන් බලන්න, තරුණ අවධියේදී යන හැම සිංදුවක්ම යන්නේ ආදරය ගැනනේ. තරුණ අවධිය ගැන යන හැම සිංදුවකම කතා කරන ආදරය අවුරුදු කීපයක ජීවිතය ගැනනේ කතා කරන්නේ. ඊට පස්සේ එපාද? ඇයි මැරෙනකම් ඕනෙ නැද්ද? එතකොට මේ ආදරය අර්ථවත් කරගන්න බෑ.
    දැන් බලන්න සිල් රකින ජීවිතයක හැටි. බුද්ධ කාලෙදී නකුලපිතා කියලා තාත්තා කෙනෙක් හදිසියේම අසාධ්‍ය වුණා. ඊට පස්සේ බිරිඳ ස්වාමි පුරුෂයා ළඟට ගිහිල්ලා කියනවා, “ඔයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු කෙනෙක්නේ. ඔයා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්නේ. ඔයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නුවණින් මෙනෙහි කරපු කෙනෙක්නේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ බිරිඳ දරුවෝ කෙරෙහි අපේක්ෂාවක් තියාගෙන මැරෙන්න කියලද? අපේක්ෂාවක් නැතුව මැරෙන්න කියලද?” ඉතින් එයා කිව්වා, “බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපේක්ෂා නැතුව මැරෙන්න” කියලයි. “ඉතින් ඔයා ඒකට ලෑස්තිද?” මේ බිරිඳ අහන්නේ. බලන්න ශාස්තෘන් වහන්සේගේ සැබෑම ශ‍්‍රාවකයන්ගේ ජීවිතවල අභිමානය!
    එතකොට ස්වාමියා කියනවා “නෑ, මං අපේක්ෂාවක් නැතුව මැරෙන්න කැමතියි. නමුත් මගේ හිතේ මේ ළමයින්ට යන කලදසාව ගැන පොඩි දුකක් තියෙනවා. ළමයි පොඩියි. ඔයා මේක කොහොම කරගනියිද කියලා.”
    මෙන්න බිරිඳ උපදෙස් දෙනවා. බිරිඳ කියනවා “ඔයා භයවෙන්න එපා! මගේ අතේ පයේ හයිය තියෙනවා. මං නූල් කැටලා, රෙදි වියලා හම්බකරලා ළමයින්ට කන්න දෙන්නම්. ඔයා ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා! ඔයාට හිතේවි ඔයා කෙරෙහි මං දක්වපු ආදරය වෙනස් කරාවිද කියලා. නෑ… භයවෙන්න එපා! ඒ ආදරය එහෙමම තියෙනවා. මම වෙන පුරුෂයෙක් එක්ක යන්නේ නෑ. මං බ‍්‍රහ්මචාරී වෙනවා. බ‍්‍රහ්මචාරී වෙලා මං මේ දරුවෝ ටික හදාගෙන ඉන්නවා.”
    බලන්න, ‘අම්මා’ කියන්නේ මේ වගේ චරිතයක්. ඊට පස්සේ කියනවා. “ඔයා හිතයි මම භාවනා කරන එකක් නෑ. මේකටම මැදිවෙලා ඉඳියි කියලා. නෑ… මං භාවනාත් කරනවා. මං ඒකත් කරගන්නවා.” මේ විදිහට මේ බිරිඳ දිගින් දිගටම අර ස්වාමි පුරුෂයාට කරුණු කිව්වා. ඒක ඒ ස්වාමිපුරුෂයාගේ ජීවිතයට බෙහෙත බවට පත්වුණා. සනීප වුණා.
    මේ ස්වාමියා බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා “ආ…. නකුලපිතු, ඔබේ බිරිඳ ඔබට වාසනාවක් නේද?” කියලා. “එහෙමයි ස්වාමීනී, මගේ බිරිඳ මට සැමදා වාසනාවන්…” කිව්වා. ඒක ලබාදුන්නේ ධර්මයෙන් නේද?
    මේ නිසා මේ ජීවිතයේ විවාහය අසාර්ථක නම් ඒකට හේතුව කලින් ජීවිතයේ වැරදි කාමසේවනය කිරීම. ඊළඟ ජීවිතය අසාර්ථක කරගන්න ඕන නම්, මේ ජීවිතයෙත් ඒක කරන්න. ඊළඟ ජීවිතයේ ආදරය හිඟකමින් පෙලි පෙලී විඳව විඳවා ඉන්න ඕන නම් මේ ජීවිතයේත් ඒක කරකර ඉන්න. ඊළඟ ජීවිතයේ ස්වාමියා බිරිඳට ආදරය කරන, බිරිඳ ස්වාමියාට ආදරය කරන ලස්සන ජීවිතයක් ඕන නම්, මේ ජීවිතයේ වැරදි කාමසේවනයෙන් වැළකී සිටින්න. මේ ජීවිතයේ අසාර්ථක නම් බ‍්‍රහ්මචාරීව ඉන්න. ප‍්‍රශ්නය ඉවරයි. ඊළඟ ජීවිතයේදී සාර්ථකයි. මේ ජීවිතයේදී වැරදි කාමසේවනය කළොත් ඊළඟ ජීවිතයේදී අසාර්ථක වෙන්න 100% ක්ම ඉඩ තියෙනවා.
    අපට මේ ජීවිතය සතියකින් අහිමි වුණොත්, ඊළඟ සතියේ ඉඳන් ඊළඟ ජීවිතය පටන් ගන්න ඕනනේ. ඉතින් මේ නිසා බලන්න, මේ පින සැපය ලබනවා කියන එකේ අර්ථය. සීලය කියන එක පින්කමක්. ඒ පිනෙන් සැප ලබනවා කියන එක කොච්චර ගැඹුරුද? විවාහ ජීවිතයක දෙන්නා දෙමහල්ලෝ වෙන් වෙනවා කියන්නේ ජීවිතයට ලොකු පාඩුවක්. බරපතල බිඳවැටීමක්. මේ ජීවිතයේදී සිල්වත්ව, වැරදි කාමසේවනයෙන් වැළකී සිටීම ඊළඟ ජීවිතයේදී ඒකෙන් වළක්වනවා.
    එතකොට බලන්න පින්වත්නි, අපට නොතේරුණාට අපි පොඩි කාලේ ඉඳලා පන්සිල් ගත්තා. නමුත් අපි දැනගෙන හිටියේ නෑනේ මේ පන්සිල්වලින් මේ වගේ දෙයක් අපට ලබාදෙනවා කියලා. හොඳම ආයෝජනය කියලා අපි හිතාගෙන ඉන්නේ සල්ලි ආයෝජනය කිරීමනේ. සීලය ආයෝජනය කරනවා කියලා අපි දන්නේ නෑනේ. නමුත් සීලය හොඳම ආයෝජනයක්. ඊළඟ ජීවිතයේ සැප ලබාදෙන හොඳම සාධකයක්. මේ නිසා වැරදි කාමසේවනයෙන් වෙන්වී වාසය කිරීම, ආදරයෙන් හඬන හදවත්වලට හොඳම සැප ලැබෙන පණිවිඩයක්. ආදරය නොලැබීම නිසා හඬන හදවත්වලට සැප ලැබීමේ හොඳම පණිවිඩයක්. පින්වත්නි, අපි මේවා පුරුදු කරන්න ඕන. මේ දේවල් අපේ ජීවිතවලට හරි වැදගත්.
    ඊළඟ එක ඔබ ඊළඟ ජීවිතයේදී මිහිරි හඬක් ලැබෙනවාට කැමතිද? අකමැති වෙන එකක් නෑ. ඔබ ඊළඟ ජීවිතයේදී ලස්සනට කතා කරන්න කැමැතිද? අකමැති වෙන්න විදිහක් නෑ. ඔබ කැමැතිද ඊළඟ ජීවිතයේදී මිනිස්සු ඔබ කියන කතාව ආදරයෙන් අහනවා දකින්න? එහෙනම් බොරු කියන්න එපා! ඇත්ත කියන්න. යහපත උදාවෙන දෙයක් කියන්න. කේළම් කියන්න එපා! බිඳවන්න එපා! එතකොට ඔබ ඊළඟ ජීවිතයේදී යමක් කියද්දී අන් අය මුව පැටව් වගේ අහගෙන ඉඳියි.
    දැන් ඔන්න උදාහරණයක් කියමු. හැමෝම බුදුබණ කියන්නේ නෑනේ. ඔබ දන්නවා ඇති පසුගිය දවස්වල බණ රැල්ලක් ගියා. ඒකේ තිබුණේ අසභ්‍ය වචන විතරයි. නමුත් මිනිස්සු එකතුවෙලා අහන්න ගියා. මිනිස්සුන්ට එපාවුණා. ඊට පස්සේ බැන බැන යනවා. ඒ මේ වැරදි දෙයක් කීමේ මේ ජීවිතයේම විපාක. මේ නිසා බොරු නොකීම හරි වැදගත්.
    කේලාම් කියන්න එපා! සමඟිය නැතිකරන්න එපා! කවුරුහරි පිරිසක් සමඟි සම්පන්නව වැඩක් කරනවා නම්, ඒකට උදව් කරන්න. ඒකට රුකුල් දෙන්න. කණ්ඩායම් වශයෙන් වෙන් වෙන්න එපා! ඊළඟ ජීවිතයට ඒක යනවා. ඊළඟ ජීවිතයට ඒක ගියාම විශාල අමාරුවක වැටෙනවා. ඒ නිසා ඔබ මේ ජීවිතයේදී මේ දේවල් හොඳට පුරුදු කරන්න. සමඟිය පිණිස උදව් කරන්න. සමඟියට හේතුවෙන දේවල් කියන්න. සමඟියට උදව්වෙන දේවල් කරන්න. බිඳවන දේවල් කියන්න එපා! එතකොට ඔබ ඔබේ ඊළඟ ජීවිතයට ලොකු දෙයක් රැස්කරනවා.
    ඔබ කැමති වහා වැටහෙන නුවණ තියෙන කෙනෙක් වෙන්නද? නිකම්ම නිකං මෝඩ කෙනෙක් වෙන්නද? වැටහෙන නුවණ ලබන්න අපි කොච්චර ආසද? එක දෙයයි කරන්න තියෙන්නේ. අරක්කු බොන්න එපා! කසිප්පු බොන්න එපා! ගංජා බොන්න එපා! හේතුව, මේ හැම එකකම අපේක්ෂාව අපි සිහි මුලාව සිටීම, මත්වී සිටීම.
    මේක පාසල් දරුවෝ විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන. පාසල් දරුවන් අලූතෙන් පුරුදු වෙලා ඉන්නවා කැස්සට බොන බෙහෙත් බොන්න. අර පිරිටන් බෙහෙත් කුප්පි තියෙන්නේ. මත්වෙලා ඉන්න ඒ බෙහෙත් කුප්පි දෙකක් තුනක් බොනවා. කිසි දවසක කරන්න එපා! මත්වීම සතුටක් හැටියට ගන්න එපා! කවදාවත් අපට නුවණ දියුණු කරන්න ලැබෙන්නේ නෑ.
    ඊළඟ ජීවිතයේදී ඔබට අවශ්‍ය වහා වැටහෙන නුවණක්ද? එහෙනම් මේ ජීවිතයේදී මත්ද්‍රව්‍ය, මත්වතුර අහලකටවත් ගන්න එපා! කාටවත් දෙන්නත් එපා! මඟුල් ගේකට ගන්නත් එපා! මළගෙයකට ගන්නත් එපා! ඒක මේ ජීවිතයටත්, මතු ජීවිතයටත් හිතසුව පිණිස පවතින දෙයක් නොවෙයි.
    ඊළඟට ඔබ කැමතියි නේද ලස්සන කෙනෙක් වෙන්න? ලස්සන කෙනෙක් වෙන්න ලෝකයේ අකමැති කවුද? ලස්සන වෙන්න ඕන නම් ඊර්ෂ්‍යා කරන්න එපා! ඊර්ෂ්‍යාව තමයි අවලස්සන වීමේ රහස. පුද්ගලයෙක් ඊර්ෂ්‍යා කරපු ගමන් අනිත් පුද්ගලයාගේ ගුණ ටික ඔක්කෝම විනාශ වෙනවා. අනිත් පුද්ගලයාගේ ගුණ මකනවා. ඒ පුද්ගලයා කෙරෙහි පැහැදීමක් ඇතිවෙලා තියෙනවාද, ඒක නැති කරන්න මහන්සි ගන්නවා. ඒ පුද්ගලයාට ගරහනවා. අපහාස කරනවා. නින්දා කරනවා. ඒ ඔක්කොම තියෙන්නේ ඊර්ෂ්‍යාව මත.
    ඊර්ෂ්‍යා කරන්න කරන්න, හොඳ පුද්ගලයින්ට කළු චිත‍්‍ර හදන කොට, යහපත් පුද්ගලයන්ගේ වර්ණය දුර්වර්ණ කරන කොට, මෙයාටත් දුර්වර්ණබව, විරූපී බව ලැබෙනවා. මම නම් ලස්සන අය දැක්කාම ලස්සනයි කියනවා මිසක් කවදාවත් ඒකට ඉරිසියා කරන්නේ නෑ. ලස්සන කෙනෙක් දැක්කොත් ‘ආ… හරි ලස්සන කෙනෙක්…’ කියනවා. ලස්සන ගෙයක් දැක්කොත් ‘ලස්සන ගෙයක්…’ කියනවා. ලස්සන වාහනයක් දැක්කොත් ‘ලස්සන වාහනයක්…’ කියනවා. හොඳ උගතෙක් දැක්කොත් මම ‘හොඳ උගතෙක්…’ කියලා කියනවා. ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ. ඒ විදිහට ඊර්ෂ්‍යා නොකරනවා නම්, වහා කිපෙන්නේ නැත්නම් එයා ලස්සන කෙනෙක් වෙනවා.
    සමහරු කිපිලා, වෛර බැඳගෙන තරහා හිතේ තියාගෙන ඒකම කල්පනා කර කර පිළිගන්න බලාගෙන ඉන්නවා. එයා විරූපී කෙනෙක් වෙනවා. මේ නිසා අපට හරි පැහැදිලියි, දෙවියන්ටත්, මිනිසුන්ටත් විතරක් නොවෙයි, පැවිද්දන්ටත් සැප පිණිස පවතින්නේ පිනමයි.
    දැන් බලන්න පින්වත්නි, මේවා කවුද හෙළිදරව් කළේ? බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේ මේවා හෙළිදරව් නොකරන්න, පිනෙන් මෙපමණ දේවල් කරනවා කියලා අපි දන්නේ නෑ. දැන් මේ කියපු සෑම දෙයක්ම පින්. මේ දේවල් රැස්වෙන්නේ පිනෙන්. එ් නිසා පින අපේ ජීවිතවලට අනිවාර්ය අවශ්‍ය දෙයක්, හොඳ ආයෝජනයක්, හොරෙකුට ගන්න බැරි ආයෝජනයක්.
    දැන් බලන්න, මිනිස්සු ඉඩම් විකුණලා මුදල් ආයෝජනය කළා. ඒවා හොරු ගත්තා. (පුඤ්ඤං චෝරේහි දූහරන්ති) නමුත් පින සොරෙකුට ගත නොහැකිය. එතකොට බලන්න, අපි ඉඩම් ආයෝජනය කළොත්, සමහර විට ඒක හොරෙන් ගන්න පුළුවන්. හොර ඔප්පු ලියාගන්නත් පුළුවන්. අපි මුදල් ආයෝජනය කළොත් හොරකම් කරන්න පුළුවන්. හොරකම් කරන්න පුළුවන් කියලා දැන් ඔප්පු වෙලා තියෙනවනේ.
    අපි වෙන ලෞකික දෙයක් ආයෝජනය කළොත් ඒකත් හොරෙන් ගන්න පුළුවන්. නමුත් අපි පින ආයෝජනය කළොත්, කිසි වියදමක් නැතුව ආයෝජනය කරන්න පුළුවන්. පොඞ්ඩක් මහන්සි වෙන්න විතරයි තියෙන්නේ. මොකද්ද මහන්සිය? පුරුද්දක් එක්ක තියෙන සටන.
    අපට සසරේ පුරුදු ගොඩාක් ඇවිල්ලා තියෙනවා. සත්තු මරන්න, හොරකම් කරන්න, වැරදි කාමසේවනයේ යෙදෙන්න, බොරු කියන්න, මත්පැන් බොන්න, ඊර්ෂ්‍යා කරන්න, කේලාම් කියන්න, වෛර කරන්න, පළිගන්න, කඩාබිඳවා හරින්න මේ ඔක්කොම අපි සසරේ කර කර ආපු දේවල්. දැන් අපට සටනක් තියෙන්නේ ඒ පුරුදුත් එක්කයි. ඒ පුරුද්දට ඉඩ නොදී වීරිය අරගෙන මේ කියපු පින උපදවා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ.

    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
    උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්
     
    Last edited:

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    29478040_4a2787fead_z.jpg

    සතුට පිරුණු ජීවිතයකට…


    දැන් ඔබ හොඳටම දන්නවා, පින ඊළඟ ජීවිතයේ සැප ලබාදෙනවා දෙනවාමයි කියලා. කොහොමද දන්නේ? අපි ඒ බව දන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන අප තුළ තියෙන පැහැදීම නිසයි. ඒ පැහැදීම මතයි මේක කරන්නේ. එතකොට බලන්න, මෙතැන තියෙන්නේ හේතුඵල දෙකක් නෙවෙයිද…? මේකේ තියෙන්නේ හේතුඵල දහමක් මිසක් මෙහි පත පතා ගන්න කිසි දෙයක් නෑ. ඒ නිසා තියෙන්නේ හේතුඵල නම් මේ ජීවිතයේ අපට යම් ඵලයක් ලැබිලා තියෙනවා නම්, ඒකට පසුබිම් වූ හේතු සමූහයක් අපි සසරෙන් ගෙනාවා. මේ ජීවිතයේ යම්කිසි හේතු ටිකක් අපට ඉපදිලා තියෙනවා නම්, ඒක තමයි ඊළඟ ජීවිතයේ අපට ලැබෙන ඵලය.
    මෙත් සිත වඩන, සත්ව ඝාතනයේ නොයෙදෙන, මනුස්සයන්ට හිංසා නොකරන කෙනාට ඊළඟ ජීවිතයේ සාර්ථක, නිරෝගී සම්පන්න ජීවිතයක් ලැබෙනවා. හොඳට දන් පැන් දෙන කෙනා, සොරකම් නොකරන කෙනා ඊළඟ ජීවිතයේ ධනවතෙක්. වැරදි කාමසේවනයෙන් වැළකී සිටින කෙනා ඊළඟ ජීවිතයේදී ආදරය ලබන කෙනෙක්. මේ ජීවිතයේ ආදරයේ අහේනිය ඊළඟ ජීවිතයේ නෑ.
    බොරු නොකියන, කේලාම් නොකියන, පිරිස බිඳවන්නේ නැති, සත්‍යය කතාකරන, මනුස්සයන්ගේ සමඟිය කැමති කෙනා ඊළඟ ජීවිතයේ ලොව සුවපත් කරන වචන කියන කෙනෙක්. මත්පැන්, මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වෙන් වූ කෙනා ඊළඟ ජීවිතයේ ඉතා බුද්ධිමත් කෙනෙක්. ඊර්ෂ්‍යා නොකරන, වෛර නොකරන, දුෂ්ටකම් නොකරන කෙනා ඊළඟ ජීවිතයේ මනස්කාන්ත රූ සපුවකින් යුතු කෙනෙක්.
    ඊළඟ ජීවිතයේ මේ ඔක්කොම ලැබිලා පාප මිත‍්‍රයෙක් අහුවුණොත්…? ඔන්න නිරෝගීකමත් තියෙනවා, සල්ලිත් තියෙනවා, ආදරයත් තියෙනවා, අනිත් අය තමන් කියන දේත් අහනවා. හොඳට මොළෙත් තියෙනවා. රූපයත් ලස්සනයි. නමුත් ඊළඟ ජීවිතයේ පාප මිත‍්‍රයෙක් එකතු වෙනවා. එතකොට එයා අර ඔක්කොම විනාශය කරා යොදවනවා. එතකොට ඊළඟ ජීවිතයේ විනාශය කරා යොදවන්න එයාට උදව් කරන්නේ කවුද? පාප මිත‍්‍රයා.
    ඔබ හිතන්නේ මේ ලෝකය පාප මිත‍්‍රයන්ගෙන් හිඟද? පාප මිත‍්‍රයෝ හැමතැනම ඉන්නවාද? පාප මිත‍්‍රයෝ හැමතැනම ඉන්නවා. හිඟ කල්‍යාණ මිත‍්‍රයායි. සත්පුරුෂයා හිඟයි. මේ ජීවිතයේ සත්පුරුෂයා අත්හරිනවා නම්, කල්‍යාණ මිත‍්‍රයා අත්හරිනවා නම්, ඊළඟ ජීවිතයේ ඔබට කොහෙත්ම හම්බවෙන්නේ නෑ. මේ ජීවිතයේ ඔබ සත්පුරුෂයා අත්හරිනවා නම්, සත්පුරුෂයාට ඇහුම්කම් දෙන්නේ නැත්නම්, සත්පුරුෂයා හඳුනාගන්නේ නැත්නම්, ඊළඟ ජීවිතයේ ඔබට සත්පුරුෂයන් දකින්න කොහෙත්ම අවස්ථාවක් ලැබෙන්නේ නෑ.
    ‘මොහු සත්පුරුෂයාය, මොහු අසත්පුරුෂයාය’ කියලා හඳුනාගන්න උපකාර කරන්නේ තමන්ගේ සත්පුරුෂකමයි. තමන්ව සත්පුරුෂයෙක් බවට පත්කරන්නේ හොඳ නරක ගැන තමන්ගේ තියෙන අවබෝධයයි. හොඳ නරක ගැන අවබෝධයයි, තමන් ආපු සසර පැවැත්ම ගැන අවබෝධයයි තිබුණොත් ඔබ මේ ජීවිතයේදීම සත්පුරුෂයා හඳුනාගන්නවා. කල්‍යාණ මිත‍්‍රයා හඳුනාගන්නවා. අසත්පුරුෂයා අත්හරිනවා. එතකොට ඔබ පාවිච්චි කරන්නේ අවබෝධය.
    එහෙනම් මේ ජීවිතයේ පිනත් සමඟ අවබෝධය එකතු කරගත්තොත් ඊළඟ ජීවිතය අසත්පුරුෂයාගේ, පාපමිත‍්‍රයාගේ උගුලෙන් බේරෙන්න ඔබට පුළුවනි.
    ඊළඟ එක ඔබ අසත්පුරුෂයෙක්, පාපමිත‍්‍රයෙක් බවට පත්වෙන්නේ නෑ. මොකද, මේ ජීවිතයේ අකුසලය තියෙන කෙනාට පාප මිත‍්‍රයෙක් එකතුවුණ ගමන් එයත් පාපමිත‍්‍රයෙක් බවට පත්වෙනවා. කෙලෙස් හඳුනාගන්න බැරි කෙනා අසත්පුරුෂ ආශ‍්‍රයට ආපු ගමන් එයත් අසත්පුරුෂයෙක් වෙනවා. අසත්පුරුෂයෙක් වුණාට පස්සේ එයා අසත්පුරුෂ වැඩපිළිවෙලක යනවා. එතකොට ඊළඟ ජීවිතයේ මොකුත් නෑ. එතකොට මේ ජීවිතයේ අසත්පුරුෂයාගෙන් බේරිලා මෙයා පින්දහම් කර කර ඉන්නවා. හැබැයි මේ සත්පුරුෂයා, අසත්පුරුෂයා කියලා තෝරාබේරා ගන්න අවබෝධයක් නැත්නම්, ඊළඟ ජීවිතයේදී අහුවෙන්න පුළුවන්.
    ඊළඟ ජීවිතයේ අහුවුණොත් අර කොසොල් රජ්ජුරුවන්ට ඇහුණු සද්දේ වගේ තමයි. දවසක් කොසොල් රජ්ජුරුවෝ ලස්සන කාන්තාවක් දැක්කා. ඒ කාන්තාව ස්වාමි පුරුෂයෙක් ඉන්න බිරිඳක්. කොසොල් රජ්ජුරුවන්ට ඒ බිරිඳව අන්තඃපුරයට ගන්න ඕන වුණා. දැන් ගන්න විදිහක් නෑ. මොකද, මෙයාට ස්වාමියෙක් ඉන්නවානේ. ඒ නිසා රජ්ජුරුවෝ මේ ස්වාමියාව මරවන්න කුමන්ත‍්‍රණයක් කළා.
    රජතුමා “මට ඒ පුරුෂයා රාජ්‍ය සේවයට ගන්න ඕන” කියලා සෙන්පතියෙකුට කිව්වා. ස්වාමියා කැඳෙව්වා. කැඳවලා “මං තමුසේ ගැන බොහොම පැහැදිලා ඉන්නේ. මගේ රාජ්‍ය මාළිගාවේ මට උපස්ථාන කරන කණ්ඩායමට ගන්න ඕන” කිව්වා.
    “අනේ ස්වාමීනි, මං යන්තම් වෙළහෙළඳාම් කරගෙන ජීවත් වෙන කෙනෙක්. මං සියලූම බදු ගෙවන්නම්. මට නිදහසේ කටයුතු කරගෙන යන්න දෙන්න.”
    “නෑ… නෑ… මේක රාජ්‍ය නියෝගය. නුඹව රාජ්‍ය සේවයට ඕන. මම නුඹ ගැන බොහෝම පැහැදිලා ඉන්නේ” කිව්වා. (මේ රජ්ජුරුවන්ගේ සැලසුම එයාව මරවන්නයි.)
    “කරන්න දෙයක් නෑ. මේ රාජ්‍ය නියෝගය!”
    ඔන්න මෙයා රජ්ජුරුවෝ ගාව වැඩට ගියා. දවසක් රජ්ජුරුවෝ මෙයාට උදේම කතා කළා. කතා කරලා “අද මට නවනීත මැටියි, කඩුපුල් මලූයි ගෙනත් දෙන්න ඕන. මොකද මං හවස පහට නානවා. මට නවනීත මැටි ගාලා නාලා, කඩුපුල් මල් පළඳින්න ඕන. හැබැයි ගෙනාවේ නැත්නම් උඹව හෙට මරනවා.”
    ඔන්න රාජ්‍ය නියෝගය දුන්නා. රජ්ජුරුවෝ කල්පනා කරලා තමයි මේ දේ කළේ. දැන් මෙයාට කරන්න දෙයක් නෑ. රාජ්‍ය නියෝගයනේ. හැබැයි මෙයා තෙරුවන් සරණ ගිය ශ‍්‍රාවකයෙක්. කෙලින්ම ගෙදර දිව්වා. ගෙදරට දුවගෙන යනකොට බිරිඳ උයනවා.
    “කරන්න දෙයක් නෑ. මට ඉක්මනට ලිපේ තියෙන එකෙන් හරි කමක් නෑ, බත් මුලක් බැඳලා දෙන්න. මම දැන් යන්න ඕන.”
    දැන් මෙයා බත් මුලත් බැඳගෙන දුවනවා. මෙයා දුවන්නේ හිමාල කන්ද පැත්තට. දැන් මෙයාට ඈත හිමාල කන්ද පේනවා. නවනීත මැටි කියන්නේ බටර් වගේ සිනිඳු, සුවඳ තියෙන මැට්ටක්. ඒක තියෙන්නේ හිමාලයේ කියලා මෙයා අහලා තියෙනවා. ඒ වගේම කඩුපුල් මල් තියෙන්නෙත් හිමාලයේ කියලා මෙයා අහලා තියෙනවා. නමුත් කොහෙද තියෙන්නේ, කොතැනද තියෙන්නේ කියලා මෙයා හරියටම දන්නේ නෑ.
    මෙයා දැන් අර බත් මුලත් බැඳගෙන එක පිම්මේ දුවනවා. දුවලා… දුවලා… දුවලා… ඔන්න දවල් වුණා. ගංගාවක් අයිනේ මෙයා නැවතුණා. මෙයා බත්මුල ලිහලා කන්න ලෑස්ති වෙනකොට සීයා කෙනෙක් එනවා. හිඟන මනුස්සයෙක්. මෙයා ඇහුවා “සීයේ… කෑවද?” “නෑ පුතේ කෑවේ නෑ” කිව්වා. “එහෙනම් සීයේ බත් කමු” කියලා සීයට අර බත් මුලෙන් කොටසක් දුන්නා. දැන් මෙයාගේ ඔලූවේ ලොකු ගින්දරක් තියෙන්නේ. මෙයා බත් කටක් දෙකක් කෑවා. කනකොට මෙයා දැක්කා ගෙඟ් ඉන්නවා මාළු රංචුවක්. මෙයා කල්පනා කළා ‘මට දැන් මොනවා වෙයිද දන්නේ නෑ. මං ඉතිරි කෑම ටික මාළුන්ට දෙන්න ඕන’ කියලා. මාළුන්ට අර ඉතිරි බත් ටික දුන්නා. දීලා මෙයා අත්දෙක සෝදගෙන ගෙඟන්ම වතුර ටිකක් බීලා අහසට අත්දෙක දික්කරලා කිව්වා,
    “මේ හිමාලයට අධිපති දෙවිවරුනි, මේ වෘක්ෂයන්ට අධිපති දෙවිවරුනි, මේ ගෙඟ් සිටින දෙවිවරුනි, නාගයනි, මා කියන දේ අහන්න. මං දැන් පිනක් කළා. ඒ තමයි මං තිරිසන් සතුන්ට ආහාරයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා, තිරිසන් සතෙකුට ආහාරයක් දුන්නොත් සිය ගුණයක විපාක තියෙනවා කියලා. මං මනුස්සයෙකුට ආහාර වේලක් දුන්නා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මනුස්සයෙකුට ආහාර වේලක් දුන්නොත් දහස් ගුණයක විපාක තියෙනවා කියලා. සිය ගුණයක විපාක තියෙන පිනකුත්, දහස් ගුණයක විපාක තියෙන පිනකුත් මං රැස්කළා. මේ පින් මං ඔබවහන්සේලාට අනුමෝදන් කරනවා. ඔබවහන්සේලා මේ පින් අනුමෝදන් වෙන්න. මං අමාරුවේ වැටිලා ඉන්නේ. රජ්ජුරුවෝ මට නවනීත මැටියි, කඩුපුල් මලූයි ගේන්න කියලා තියෙනවා. මේ දෙක තියෙන්නේ කොහේද කියලා මම දන්නේ නෑ. ඔබවහන්සේලා මට පිහිට වෙන්න. මං මේවා ගෙනාවේ නැත්නම් මට හෙට උදේ මැරුම් කන්න වෙනවා” කියලා ආයෙත් දිව්වා.
    පින්වත්නි, මේක දිව්‍ය නාගයෙකුට ඇහුණා. දැන් මේ දිව්‍ය නාගයා මෙයා දුවන කොට සීයා කෙනෙකුගේ වේශයෙන් ඉස්සරහට එනවා.
    “හා… හා… පුතා, කොහෙද මේ හතිදාගෙන දුවන්නේ…?”
    “අනේ සීයේ, මට කතා කර කර ඉන්න වෙලාවක් නෑ.”
    “නෑ… නෑ…. කියාපන්…. කියාපන්…”
    “සීයේ… රජ්ජුරුවෝ මගෙන් නවනීත මැටියි, කඩුපුල් මලූයි ඉල්ලනවා. මං දන්නේ නෑ කොහෙද තියෙන්නේ කියලා. මං අහලා තියෙනවා මේවා තියෙන්නේ හිමාලයේ කියලා. මං මේ හිමාලයට දුවනවා.”
    “හා… හා…. කලබල වෙන්න එපා! මගේ ළඟ නම් තියෙනවා නවනීත මැටියි, කඩුපුල් මලූයි. මං නුඹට ඒවා දෙන්න කැමැතියි. නුඹ මට දෙන්නේ මොනවාද?”
    “අනේ සීයේ, මං පිනක් කරලා තියෙනවා. මේ වෙලාවේ මං මනුස්සයෙකුට කෑම වේලක් දුන්නා. ඒකේ දහස්ගුණයක විපාක තියෙනවා. මං ගෙඟ් මාළුවන්ට කෑම දුන්නා. ඒකේ සියගුණයක විපාක තියෙනවා. මේ පින සීයාට දෙනවා.”
    “බොහොම හොඳයි. එහෙනම් මං මේ ටික දෙන්නම්” කියලා කඩුපුල් මලූයි, නවනීත මැටියි දුන්නා.
    රජ්ජුරුවෝ සේවකයින්ට නියෝග කරලා තිබ්බා, “ඔය මිනිහා විශ්වාස නෑ. ඔය මිනිහා කොහෙන් හරි හොයාගෙන එන්න පුළුවන්. වේලාසනින් ගේට්ටු වහපන්” කියලා.
    දැන් පහට රජ්ජුරුවෝ නාන්න ලෑස්ති වෙලා ඉන්නේ. මෙයා හරියට පහ වෙන්න කලින් දුවගෙන ආවා. නමුත් අරගෙන එනකොට ගේට්ටුව වහලා. ඊට පස්සේ මෙයා දොරටුපාලයන්ට කිව්වා,
    “මං රාජ්‍ය සේවකයෙක්. මං රාජ්‍ය නියෝගයකින් ගියේ. රජ්ජුරුවන්ට නාන්න මේ ටික දෙන්න ඕන.”
    “බෑ…. රජ්ජුරුවෝ කියලා තියෙන්නේ කවුරු ආවත් මේක අරින්න එපා කියලයි.”
    “රජ්ජුරුවෝ මට නවනීත මැටියි, කඩුපුල් මලූයි ගේන්න කිව්වා. සාමාන්‍යයෙන් නගරයේ දොරටු වහන වෙලාවට ඉස්සර වෙලා මං ඒවා ගෙනාවා. උඹලා ඒකට සාක්කි නේද?”
    “ඔව් අපි සාක්කි.”
    “එහෙනම් මං මේවා මෙතැන තියලා යනවා” කියලා එයා ගියා.
    දැන් රජ්ජුරුවෝ නින්දට ගිහින් කල්පනා කරනවා, ‘ආ… මං හෙට උදේට අර පුද්ගලයාට දෙන්නම්. ඊට පස්සේ අර බිරින්දෑ මටයි. ඊට පස්සේ අර බිරිඳ මගේ අන්තඃපුරයේ…’ දැන් රජ්ජුරුවන්ට නින්දක් නෑ. කාම දැවිල්ලෙන් දැවි දැවී ඇඳේ ඉන්නවා.
    මාළිගාව දෙදුරුම් කාලා ‘දු…’ කියලා සද්දයක් ඇහෙනවා. රජ්ජුරුවෝ ගැස්සිලා ඇහැරුණා. ආයේම මාළිගාව දෙදුරුම් කාලා සද්දයක් ඇහෙනවා ‘ස…’ කියලා. රජ්ජුරුවෝ ‘මොකක්ද මේ සද්දෙ?’ කියලා තව ගැස්සුණා. ආයෙ ටිකක් වෙලා අහගෙන ඉන්න කොට ‘න…’ කියලා සද්දයක් ඇහෙනවා. ඊට පස්සේ රජ්ජුරුවෝ හොඳටම භයවෙලා, දාඩිය දාලා ඉන්න කොට ආයෙත් ‘සෝ…’ කියලා මාළිගාව දෙදුරුම් කාලා සද්දයක් ඇහුණා. දැන් ඉතින් නින්දක් නෑ. පණ ගැහි ගැහී ඉන්නවා. උදේ ඇහැරුණා. පුරෝහිත බමුණන් ඔක්කෝටම කතාකළා. බමුණෝ කිව්වා,
    “රජ්ජුරුවනේ, රජ්ජුරුවන්ගේ කේන්දරය බලන්න ඕන.”
    දැන් ජ්‍යෝතිෂයට අනුව කේන්දරය බලන්න ඕන. බමුණන් අදහන්නේ ජ්‍යෝතිෂයනේ. ඊට පස්සේ රජ්ජුරුවන්ට වෙලා තියෙන්නේ මොකද කියලා ජ්‍යෝතිෂයට අනුව බැලෙව්වා. බලලා බමුණෝ ඔක්කෝම නළලේ දාඩිය පිස්සා, රැවුල අතගාන්න ගත්තා. ජටා බඳින්න ගත්තා. රජතුමා ඇහුවා,
    “බමුණෙනි, මොකද මට වෙලා තියෙන්නේ?”
    “රජතුමනි, ඔබතුමාව අපට බේරගන්න පුළුවන් කියලා විශ්වාසයක් නෑ.”
    “ඇයි..?”
    “ගිරහයෝ නවයම කිපිලා! තමුන්නාන්සේට මහා භයානක විපතක්! මේ ඒරාෂ්ටකය නම් පන්නන්න බෑ…”
    “අනේ… එහෙම කියන්න එපා! මොකක්ද කරන්න ඕන…?”
    “එහෙනම් එකක් කරන්න. පංචසතික කියලා යාගයක් තියෙනවා. ඒ කියන්නේ හැම සතෙකුගෙන්ම පන්සියය ගානේ එකතු කරලා මරන්න ඕන.”
    මේ යාගයට ඌරො පන්සීයයි, හරක් පන්සීයයි, එළුවෝ පන්සීයයි, කුකුලෝ පන්සීයයි, අශ්වයෝ පන්සීයයි, මිනිස්සු පන්සීයයි එකතු කරලා මරන්න ඕන. දැන් රජ්ජුරුවන්ට අර නවනීත මැටියි, කඩුපුල් මලූයි ගේන්න කියපු එක මතක නෑ. රජ්ජුරුවෝ බමුණොයි, ඇමතිවරුයි සේනාව රැස්කරලා ඇහුවා,
    “පොළොවද වටින්නේ ජලයද?”
    “පොළොව”
    “ගස්ද වටින්නේ පොළොවද?”
    “පොළොවට වඩා ගස් වටිනවා. ගසුත් එක්ක තමයි වටින්නේ.”
    “ගස්ද වටින්නේ සත්තුද?”
    “ගසුත් වටිනවා. ඊට වඩා වටිනවා සත්තු.”
    “සත්තුද වටින්නේ මිනිස්සුද?”
    “සතුන්ට වඩා මිනිස්සු වටිනවා.”
    “මිනිස්සුද වටින්නේ මේ ඇමතිවරුද?”
    “මිනිස්සුන්ට වඩා අපි වටිනවා.”
    “ඇමැතිවරුද වටින්නේ මාවද?”
    “ඔබවහන්සේ තමයි වටින්නේ.”
    “එහෙනම් බලාපල්ලා මට දැන් ගිරහයෝ නවයම කිපිලා. ඒරාෂ්ටකය ලබලා. මේකට කරන්න තියෙන එකම දේ පංචසතික යාගයක් කිරීම. මේක වහ වහා සූදානම් කරපල්ලා.”
    දැන් ඔන්න සත්තු පන්සීය පන්සීය එකතු කරන කොට මේ විශාල පිට්ටනියේ සතුන්ගේ එකම ඝෝෂාව… මිනිස්සු එහෙන් අඬනවා… ඇයි මරන්න මිනිස්සුත් ගෙනැල්ලනේ.
    මල්ලිකා දේවිය මේ සිදුවීම දැක්කා. රජ්ජුරුවන් ගෙන් ඇහුවා
    “මොකද මේ…?”
    “ආ…. ඔහේ දන්නේ නෑ නේද මොකවත්….? මාව විනාශ වෙනකම් ස්වාමියා ගැන කිසිදෙයක් ගැන හොයන්නෙ බලන්නේ නෑ නේද…? මෙච්චර මේ රාජ්‍ය සේවය කරනවා, ජනතාවට ආදරයෙන් මෙච්චර වැඩ කරනවා, මේ ජනහිතකාමී නායකයා. මට වුණ දේ දන්නෙ නෑ නේද?”
    “එහෙනම් මොකද..?”
    “මට මේ ගිරහයෝ නවයම කිපිලා! ඊයේ ? මට ඒක දැනුම් දුන්නා. ‘දු… ස… න… සෝ…’ කියලා සද්ද හතරක් ඇහුණා. මේ ගැන මං බමුණන්ට අඬගහලා ඇහුවා. මේකට කරන්න තියෙන එකම දේ යාගයක් කිරීම.”
    “හරි…. කමක් නෑ… ඕකට අපට ඔයිට වඩා හොඳ උපදේශයක් ලැබෙයි, එක්කෝ ඕක සාර්ථකව කරන්න උපදේශයක් ලැබෙයි. අපි බුදුරජාණන් වහන්සේ ළඟට යමු.”
    දැන් මේ වෙනකොට අර නවනීත මැටි ගේන්න ගියපු තරුණයාට කරන්න දෙයක් නෑ. එයා දන්නවනේ දැන් මරණවා කියලා. වේලාසනින්ම එයත් ජේතවනාරාමයට ගියා. දැන් එයා ඉන්නෙත් ජේතවනාරාමයේ. දැන් රජ්ජුරුවොත් ගියා. රජ්ජුරුවෝ ගිහිල්ලා සිද්ධිය කිව්වා.
    “ස්වාමීනී, මෙන්න මෙහෙම එකක් වුණා. මට ඊයේ ? ඉඳලා නින්දක් නෑ. භයානක ශබ්ද හතරක් ඇහුණා. මොකක්ද මේ…?”
    බුදුරජාණන් වහන්සේ කිව්වා, “රජතුමනි, ඔබට මේකේ කිසිම අනතුරක් නෑ. ඔබට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මේකට ඔබේ සම්බන්ධතාවයක් නෑ. මේ වෙන සිද්ධියක්.”
    “ඒ මොකක්ද?”
    “මේ සැවැත් නුවර හිටියා ඉතාම සල්ලිකාර, ලස්සන, ධනවත් සිටුවරු හතර දෙනෙක්. මේ සිටුවරු හතර දෙනා එකතුවෙලා ‘දැන් අපට ඕන තරම් සල්ලි තියෙනවා. අපට ආයෝජනය කරපු සල්ලි හැම තිස්සේම එනවා. දැන් අපි මේකට මොකද කරන්නේ?’ කියලා කතා වුණා, එක්කෙනෙක් ඇහුවා, ‘අපි දන්සැල් දෙමුද?’ ‘පිස්සුද උඹට දන්සැල් දෙන්න…?’ කියලා අනිත් අය ඇහුවා. කෙනෙක් ඇහුවා ‘අපි එහෙනම් පින්දහම් කරමුද?’ කියලා. ‘උඹ නාකිද?’ ඇහුවා පින් කරන්න.
    ‘එහෙනම් මොකක්ද කරන්න ඕන…?’ ‘ඉන්නකම් අපි හොඳට කාලා, බීලා, නටලා, සුපර් ස්ටාර්ස් වෙලා, සුපර් ඩාන්සර්ස් වෙලා ඉඳිමු’ කිව්වා. ‘හා…’ කියලා හොඳට බොන්න ගත්තා. සංගීත සන්දර්ශන තිබ්බා. ලස්සන ගෑණු ළමයි ගෙනැල්ලා නැටෙව්වා. මේ අය අයථා කාමසේවනයේ යෙදුණා. හොඳට වියදම් කළා. හතර දෙනාම මැරුණා. හතර දෙනාම නිරයේ ඉපදුණා.
    රජතුමනි, මේක සිද්ධ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ. තාමත් ඒගොල්ලෝ නිරයේ. (දැන් බලන්න… ඒ ශාසනයත් ඉවර වෙලා වෙන බුදු කෙනෙක් පහළවෙලා. නමුත් ඒගොල්ලෝ තාමත් නිරයේ…!) රජතුමනි, ලෝකුඹු හැලියෙන් එක්කෙනෙක් උඩට ආවා. ‘අනේ… මට මේකයි වුණේ…’ කියලා කට ඇරලා ‘දු…’ යන්න විතරයි කියන්න ලැබුණේ. ආයෙ යටට ගියා. ඊළඟ එක්කෙනා ආවා. ‘අනේ… මං නිරයේ ඇවිල්ලා අවුරුදු දහස් ගාණක් වුණා. මට මේකෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ කවදද?’ කියලා කියන්න ලෑස්ති වුණා. ‘ස…’ යන්න විතරයි කියාගන්න ලැබුණේ ආයේ යටට ගියා. අනෙක් එක්කෙනා නිරයෙන් උඩට ආපු ගමන් ‘අනේ… මට මේ මොකද වුණේ…?’ කියලා කියන්න කට අරින කොට ‘න…’ යන්න විතරයි කියාගන්න ලැබුණේ. යටට ගිලූණා. අනිත් එක්කෙනා ‘අනේ… අපට මේ මොකද වුණේ…?’ කියලා කියන්න ලෑස්ති වුණා. ‘සෝ …’ යන්න විතරයි කියන්න ලැබුණේ. ගිලූණා.”
    එතකොට අර නවනීත මැටි ගෙනාපු තරුණයා, “ස්වාමීනී, මටත් තියෙනවා කාරණාවක් කියන්න” කියලා කිව්වා. (ඇයි, නවනීත මැටි ගෙනාපු තරුණයාත් මෙතැන ඉන්නවානේ) “අනේ ස්වාමීනී, මං නවනීත මැටි ගෙනාවා. කඩුපුල් මල් ගෙනාවා. මං දැන් මේ….”
    රජතුමා බැලූවා එයා දිහා. “ආ…. ඒවා වැඩක් නෑ. ඒවා වැඩක් නෑ දැන්…”
    මට ඒකෙන් කියන්න ඕන වුණේ ඒ රජ්ජුරුවන්ගේ කතාව නෙවෙයි. සල්ලිකාර සිටුවරු හතරදෙනාට සිදුවුණු දේ. එතකොට අපි පින් දහම් රැස්කරගෙන ගියත් හැම තිස්සේම අනතුරක් තියෙන්නේ පාප මිත‍්‍රයාගෙන්.
    එදා ඒ සිටුවරු අතරඒ හතර දෙනාම පිනට දහමට නැඹුරු කරගන්න පුළුවන් බලසම්පන්න සත්පුරුෂයෙක් හිටියේ නෑ. නමුත් පාප මිත‍්‍රයා බලවත්ව හිටියා. බලෙන් කරුණු කිව්වා. පාප මිත‍්‍රයා යෝජනා කළා. ඒකට වැඩ කළා. ඉවරයිනේ ජීවිත පැවැත්ම.
    ඉතින් මේ නිසා මේකෙන් බේරෙන්න අපට උපකාරී වෙන්නේ අවබෝධයයි. මොන අවබෝධයද? සත්පුරුෂයා ගෙන් ලැබෙනවා සත්පුරුෂ ධර්මය. කල්‍යාණ මිත‍්‍රයා ගෙන් ලැබෙනවා කල්‍යාණ ධර්මය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි අපට පහළ වූ පරම පිවිතුරු කල්‍යාණ මිත‍්‍රයා. ඒ කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේගේ ධර්මය ලොවට හෙළි කරන්නේත් කල්‍යාණ මිත‍්‍රයන්මයි. ඒ අපට පහළ වූ කල්‍යාණ මිත‍්‍රයා අපි හඳුනගන්න ඕන. ඒ කල්‍යාණ මිත‍්‍රයාගේ ධර්මය මොකක්ද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති කල්‍යාණ මිත‍්‍රයාගෙන් ලැබුණු ධර්මය චතුරාර්ය සත්‍යය ධර්මයයි.
    ඒ චතුරාර්ය සත්‍යය ධර්මයට පුළුවන් ඔබව සතර අපායෙන් මුදවන්න. ඒ චතුරාර්ය සත්‍යය ධර්මයට පුළුවන් ඔබව සුගතියේ උපද්දවන්න. ඒ චතුරාර්ය සත්‍යය ධර්මයට පුළුවන් ඔබේ සසර කෙටි කරන්න. චතුරාර්ය සත්‍යය ධර්මයට පුළුවන් අමා මහ නිවනට ඔබව පමුණුවන්න. ධර්මයෙන් ඔබට මේ සියල්ල ලබාදෙනවා.

    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි
    උපුටාගැනීම – “පින සහ අවබෝධය” පොතෙන්

    http://sinhala.mahamevnawa.lk/2013/03/07/pina_saha_awabodhaya_1_-2/
     
    Last edited: