පිපුණු මලේ රුව එමල දනීදෝ

sankicool

Member
Jul 11, 2018
115
31
0
පිපුණු මලේ රුව එමල දනීදෝ

පිපුණු මලේ රුව එමල දනීදෝ​

පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹහැඩ රුව බලන්නෙපා
නැති බැරිකම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි
නුඹ අත කරලන දා

කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා
රෑ හෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

ළි‍ඳේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් සිත මා ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ
හැඩ රුව බලන්නෙපා

දුප්පත් කම අගහිග කම පිරුණු ජිවිත තුල ඉතිරිව අැත්තේ අතොරක් නැතිව කඩාවැටෙන බලාපොරොත්තු ගොන්නකි. දියණියගේ අනාගතය යනු දුගී පැල්පතකට ඉතිරි වී අැති තවත් මහා මෙරක් බව සනාත කිරීමට මේ සමාජයේ සැරිසරණ මට ඔබට අටුවාටිකා අැවැසි නැත. කන කර ධන හිස් තම දියණි වරුන්ගේ අනාගතය ගැන අම්මාවරු තරම් සුසුම් ලන වෙනත් කවුරුවත් ලොව නැත. දියණියකගේ රූ සපුවට, යහපත් ගති ගුණයන්ට වඩා සියල්ලට මිලක් අැති සමාජයක විවාහයද විකිණි අවසන්ය. මේ ගීතයෙන් අපුර්ව චිත්ත රූප රාශියක් මනසේ මවන්නට ලුෂන් බුලත් සිංහලයන්ගේ විදග්ධ වචන හැසරවිම තුලින් සමත් වී අැත. විවාහය ඉස්මත්තේ සිටින නව යොවුන් වියට එළඹ අැති තම දියණිය හා තම දුප්පත් කමේ පතුලේ කිමිදෙන මවක් අතර වන සංවේදී කතා බහ ලුෂන් බුලත්සිංහල විසින් හද සසලවන සෞන්දර්යාත්මක වියමනක් ගොතා නන්දා මාලනියගේ හඩට දයාද කර අැත.

පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ
හැඩ රුව බලන්නේපා
නැති බැරි කම මුතු මාල හතක්වී
කඩුල්ල පැන එයි නුබ අත කරලනදා

අගහිග කම් ඉහට උඩුන් පාවි ගියද, තම දියණියට ස්වභාවයෙන් ලැබී අැති රුව සැබැවින්ම දකින්නේ මවයි. මලක රුව මල නොදකිනසේ අැයගේ දියණියට තම රුවට වඩා දිස්වන්නේ දුප්පත් කමේ තිත්ත රසය පමණි. මවක් ලෙස අැය සනහා ලන්නට ගන්නා සංවේදී පද පෙල හර බුලත් සිංහලයන් එසේ ලියන්නේය.

බත් පත පිසාගන්නට තඹයක් නැති ගෙයක කනට අරුංගල් පලදින්නේ කෙලෙසද…. හදේ බුර බුරා නැගෙන වේදනාව මව සමඟ දියණිය දරාගන්නේ හැඩ රුව දකින කැඩ පත බිම දැමීමෙනි…. අැති නැති පරතරය හුවාදක්වමින් සම්පත් බෙදීයාමේ විෂමාචාරය දෙස දේශපාලනිකව බැලීමට මේ ගිය හරහා රචකයා උත්සාහ කර අැත. දුගී බව යනු උරුමයක් නොවන බව නොතේරෙන සතිශය බහුතරය වු ලාංකිකයන්ගේ ජිවන අන්දරයද මෙවැන්නකි. ලුෂන් බුලත් සිංහල තම කළා කෘති තුලින් සමාජයේ අතපස නොගැසෙන ඉසවුවල සැරිසරන්නට හපනෙකි.ජනතාවාදී අැසකින් බලන කළාකරුවකුට සමාජයේ දැවෙන ප්‍රශ්න වැල මගහැර යා නොහැක.. ඔහු මේ උත්සාහා ගන්නේද ඒ කඩුල්ල බිඳ දැමීමටය..

පාලු කනට නුබේ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ
කටුමැටි බිත්තිය හැඩ කර අදිනා
රැ හෙවනැල්ලෙන් හිස පිරෙන්නේ
නොතලන් මා සිත අාදර දියණියනේ​

දුගී බව ස්නනාමයක් වී අැත්තේ පවත්නා සමාජ ක්‍රමයෙම අනීවාරනිය ප්‍රතිඵලයකිනි.ඉන් එතෙරවිමට නිසි මගක් නිර්මාණය නොවීම තුල,එවන් සමාජ තුල කුටුම්බ තුල දියවීයන යෞවනය තුල අැත්තේ කෙතරම් නිහඩ විලාපයක්ද.සමාජයේ අැති නැති හැකි දනන් ගේ ජීවන විලාසය අභියස ඔවුන් අනෙක වාරයක් දැවි දැවි මිය යන්නේය.මේ ගැයෙන්නේ අඟහිගකම් වලින් දැවී ගිනි ලන මවකගේ දියණියකගේ හදවතින් පිටවන සුසුම් පොදයි..

source http://thewoman.lk/archives/5895
 
Last edited:
  • Like
Reactions: richlife

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    නන්දා මාලිනීගේ සුපිරිම සින්දුවක්.
    ලූෂන් බුලත්සිංහලගේ වදන් ටික. මෙයා ලියපු සින්දු ගොඩක් ඒවා මාරම ලස්සනයි.
     

    sankicool

    Member
    Jul 11, 2018
    115
    31
    0
    නන්දා මාලිනීගේ සුපිරිම සින්දුවක්.
    ලූෂන් බුලත්සිංහලගේ වදන් ටික. මෙයා ලියපු සින්දු ගොඩක් ඒවා මාරම ලස්සනයි.

    :yes:
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ජාතික රූපවාහිනියේ මේ සදහා 1989, 90 වර්ෂවලදී සිදු කරපු රූප රචනයත් එක්ක මේ ගීතය බලනකොට පුදුම හැගීමක් එන්නේ... එම රූප රචනය youtube එකේ තියනවද බැලුවම ඉෂිනි තමොද්‍යා මේ ගීතය ගායනා කරන විඩියෝ බහුතරයක් එනවා. ඇත්තටම දුකයි.. අනුකරනය කලාට කමක් නෑ.. ඒත් මේ ගීතය ඉෂිනිගේ ගීතයක් කර ගන්න හොද නෑ. මම ඉහතින් සදහන් කරපු මෙම ගීතයේ නියම අර්ථයත් එක්ක තියන පැරණි රෑප රචනයේ එක විඩියෝ එකක් හරි තිබ්බා නම් ඇත්තටම ඒක ගොඩාක් වටිනවා...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    22.gif

    පට්ට...!!.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    ජාතික රූපවාහිනියේ මේ සදහා 1989, 90 වර්ෂවලදී සිදු කරපු රූප රචනයත් එක්ක මේ ගීතය බලනකොට පුදුම හැගීමක් එන්නේ... එම රූප රචනය youtube එකේ තියනවද බැලුවම ඉෂිනි තමොද්‍යා මේ ගීතය ගායනා කරන විඩියෝ බහුතරයක් එනවා. ඇත්තටම දුකයි.. අනුකරනය කලාට කමක් නෑ.. ඒත් මේ ගීතය ඉෂිනිගේ ගීතයක් කර ගන්න හොද නෑ. මම ඉහතින් සදහන් කරපු මෙම ගීතයේ නියම අර්ථයත් එක්ක තියන පැරණි රෑප රචනයේ එක විඩියෝ එකක් හරි තිබ්බා නම් ඇත්තටම ඒක ගොඩාක් වටිනවා...

    Old video ekak thibba neda