ජනාධිපති ලේකම් පිබී ජයසුන්දර මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වන චරිතයකි.ඒ පසුගියදා ඔහු කළ ප්‍රකාශයක් නිසාය.
සියලු රාජ්‍ය සේවකයන් සිය මැයි මස වැටුප හෝ අඩක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සිටි අතර ඊට බොහෝ දෙනාගේ විවේජන එල්ලවිය.
පසුව රජයේ අමාත්‍යවරුන් සදහන් කර සිටියේ මෙය ජනාධිපතිතුමාගේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමත වූවක් නොව ලේකම්වරයාගේ අභිමතය පරිදි සිදුකල පුද්ගලික ඉල්ලීමක් බවය.
පිබී ජයසුන්දර පිළිබදව මින් පෙර තිබුණේද හොද ප්‍රතිරූපයක නොවේ.2015 පෙර පැවති රජයේ භාණ්ඩාගාර ලේකම් පදවිය දැරූ ඔහු පිළිබදව එම රජයේම ප්‍රබල අමාත්‍යවරයෙකු වූ විමල් වීරවංශ මහතා සදහන් කළේ පිබී ජයසුන්දර යනු ආර්ථික ඝාතකයෙක් ලෙසය.
තත්වය මෙලෙස තිබියදී මධ්‍යම අධිවේගි මාර්ගයේ සිව්වන කොටස ඉදිකිරීමට පසුගියදා ලබාදුන් කොන්ත්‍රාත්තුවක් පිලිබදව දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මෙම කොටස ඉදි කිරීම සදාහා ටෙන්ඩර් පාටිපාටියකින් තොරව සාමගමකට ලබාදී ඇති බවත් මෙයද පිබී ජයසුන්දර සිය අභිමතය පරිදි ජනාදිපතිවරයා හෝ අගමැතිවරයාගේ අනු දැනුමක් නොමැතිව සිදුකළ ක්‍රියාවක් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම ටෙන්ඩරය ලබාදී ඇති රාවුටන් නම් සමාගම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කිසිදු අත්දැකීමක් නොමැති සමාගමක් බවද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.
එමෙන්ම මෙම සමාගම යහපාලන ආන්ඩුවේ ඇමතිවරයෙකු වූ සරත් ගුණරත්නගේ සහෝදරයෙකුට අයත් එකක් බවද වාර්තාවේ.
muta gemak denna widiyak nadda miturane ?