පිඹුරෙක් කිඹුලෙකුව ගිලී!!

madushanka224

Member
Feb 19, 2014
173
91
0
පිඹුරෙක් කිඹුලෙකුව ගිලී!!

මෙය මාගේ බ්ලොග් අඩවියේ පළවූ ලිපියක් වන අතර එහි ලින්කුව පහතින් දැක්වෙනවා.

මෙම ත්‍රෙඩ් එකෙහි සම්පූර්ණ ලිපියම පළවන අතර මම මෙම ලිපිය ලිවීමට කැපකල කාලය සහ වූ මහන්සිය ගැන යම්කිසි අගය කිරීමක් කිරීමට කැමති අය ඉන්නවානම් දීලා තියෙන ලින්ක් එක හරහා ගිහින් මගේ බ්ලොග් අඩවිය තුලින් මෙම ලිපිය කියවන්න.

Code:
http://dhiyatha.blogspot.com/2014/03/blog-post_11.html





Caught+On+Camera+Snake+Devours+Crocodile+After+5+Hour+Battle.mp4_snapshot_00.31_%5B2014.03.11_17.56.18%5D.jpg


පැය පහක් තිස්සේ සිදුකල සටනකින් පසුව පිඹුරෙකු විසින් කිඹුලෙකුව සම්පූර්ණයෙන්ම ගිල දැමූ පුවතක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. මෙම සිද්ධිය සිදුව තිබෙන්නේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඊසා කඳුකරය ආසන්නයේ පිහිටා ඇති මුන්ඩාරා විල් ඉවුරේදීයි. සිදුවීම සජීවිව සියැසින් දැකගැනීමට අසල්වාසීන් සමත්ව ඇති අතර මෙහි වීඩියෝවක්ද යූටියුබ් හරහා ප්‍රචලිත උනා.

"කිඹුලාව ගිල දැමීමෙන් අනතුරුව පිඹුරාගේ කුස තුල කිඹුලාගේ හැඩය පැහැදිලිවම දකින්නට තිබුනා. ඒක තමයි අපූරුම දෙය. කිඹුලාගේ පාද සහ ඇඟේ හැඩය මෙන්ම විශාලත්වයද පැහැදිලිවම පෙනුනා. එය හරිම පුදුමාකාරයි." ගම්වැසියෙකු වන ටිෆනි කෝර්ලිස් ඕස්ට්‍රේලියානු ABC ප්‍රවෘත්ති විකාශයට පවසා තිබෙනවා.

පිඹුරන් විසින් කිඹුලන්ව ගිල දැමීම එතරම්ම දුර්ලභ සිදුවීමක් නොවන බව කියා සිටින ලින්ඩ්සේ හෝර්ඩ් මෙවන් සිදුවීම් දකුණු ඇමෙරිකාවේද වරින්වර සිදුවන බව පෙන්වා දෙනවා. ඇය ජෛවවිද්‍යාඥවරියක්.

මේ පිඹුරා ඕස්ට්‍රේලියාවට ආවේනික පිඹුරු විශේෂයක් වන ඔලිව් පිඹුරෙකු ලෙසට හඳුනා ගෙන තිබෙනවා. දකුණු ඩැකෝටා උරග සත්වෝද්‍යානයේ, ටෙරී ෆිලිප් පවසා සිටින ආකාරයට ඔලිව් පිඹුරන් විශාල ගොදුරු ගිල දැමීමට උපන් හපන්නු වන අතර ඔවුන්ට විශාල ශක්තියක්ද ඇත. ඔහු තවදුරටත් සඳහන් කරන ආකාරයට මෙම පිඹුරන් තමන්ගේ ශරීර ප්‍රමාණය මෙන් 75%- 100% අතර ප්‍රමාණවල ගොදුරු නිතරම ගිල දමනවා.

යූටියුබ් වීඩියෝව පහතින් නරඹන්නට පුලුවන්.