ඇඹිලිපිටිය සිසු ඝාතනය 1988/89 භීෂණ සමයේ සිදුවුණු ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක්. මෙම ලිපියේ පළමු කොටසින් එම යුගයේ දී ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ පැවති තත්ත්වය, සහ මෙම සිදුවීමට සම්බන්ධ වුණු ප්‍රධාන පුද්ගලයෙකු වුණු දයානන්ද ලොකුගලප්පත්තිගේ වෘත්තීය දිවියේ ආරම්භය පිළිබඳව අපි කතා කළා. එසේම භීෂණ සමයේ දී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ කලබල ආරම්භ වුණු හැටි, ලොකුගලප්පත්ති ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ විදුහල්පති තනතුරට පැමිණි ආකාරය පිළිබඳවත් අපි එම ලිපියෙන් කතා කළා. තව ද මධ්‍ය මහා විද්‍යාලයය තුළ ගැටලු ඇතිවීමට බලපෑ හේතු, විදුහල්පතිවරයාගේ දරුණු ක්‍රියා කලාපය, සහ ඔහු හමුදා සෙබළුන්ට සිසුන් අල්ලාදීමට සැලසුම් කළ ආකාරය පිළිබඳවත් එම ලිපියේ අඩංගු වුණා. මෙම ලිපියේ පළමු කොටස කියෙව්වේ නැති අයට මෙතැන ක්ලික් කරලා ඒ ලිපිය කියවන්න පුළුවන්.
ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය සහ ඒ අවට පාසල් කිහිපයක සිසුන්ට අත්වුණු ඛේදජනක ඉරණම, මෙම සිදුවීමෙන් පසුව සැකකරුවන්ට එරෙහිව පැන නැගුණු විරෝධතා, චූදිතයන්ට එරෙහිව පැවති නඩු විභාගය, නඩු විභාගය අවසානයේ දී ලැබුණු ප්‍රතිඵලය ආදී කරුණු ගණනාවක් පිළිබඳව යි මේ දෙවැනි සහ අවසන් ලිපියෙන් අප ඔබට කියන්නට යන්නේ.
පන්තියේ සිටි දක්ෂතම සිසුවෙකු වුණු ඇලෝසියස් රුසියානු පරිවර්තන කෘති කියවීමට විශාල කැමැත්තක් දැක්වුවා. විවේකයක් ලද අවස්ථාවල දී පන්තියේ දී පවා ඔහු එම කෘතීන් කියවනු ලැබුවා. ඇලෝසියස් වැනි දුප්පත්, අහිංසක දරුවෙකු මෙවැනි සිද්ධියකට නිකරුණේ පැටලීමට හේතුව එය වන්නටත් පුළුවන්. ඔක්තෝබර් 8 වැනිදා පාන්දර 3ට පමණ 6 දෙනෙකුගෙන් සමන්විත සෙබළුන් පිරිසක් ඇලෝසියස් සිසුවා ඔහුගේ නිවසෙන් පැහැරගත්තා.
ඇලෝසියස් පැහැරගැනීමෙන් පාසල තුළ විශාල කලබැගෑනියක් ඇතිවුණා. එම තත්ත්වය තවත් වැඩිවුණේ ඊට ආසන්න දිනවල දී නිමල් සිසිර කුමාර, සරත් චමින්ද ඇතුළු උසස් පෙළ පන්තිවල තවත් සිසුන් පිරිසක් පැහැරගැනීමත් සමග යි. ඇලෝසියස් සිසුවා පැහැරගත් දිනයට පසු දිනෙක ඔහුට සමාන්තර පන්තිවල සිසුන්ව කැඳවූ විදුහල්පතිවරයා පවසා තිබුණේ “අන්න ඇලෝසියස් සියල්ල වමාරනවා උඹලත් පරිස්සම් වෙලා හිටපල්ලා” යි. එනිසා 1989 ඔක්තෝබර් මාසයේ අවසානය ළඟාවන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තිවල සිසුන් ජීවත් වුණේ හෙට දවස පිළිබඳව ඇති අවිනිශ්චිතතාව හා බැඳුණු දැඩි භීතියකින්. මෙම කාලයේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ විදුහල්පතිවරයාට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළත්, එය සාර්ථක වුණේ නැහැ.
ඇලෝසියස් පිළිබඳව ඔහුගේ පියා පැවසූ දේ එකල පුවත්පත්වල පළවුණු ආකාරය (Lankadeepa)
11-A පන්තියේ සිසුන් අතුරින් මුලින්ම අතුරුදන් වුණේ රසික කුමාර විජේතුංග නම් සිසුවා යි. චමින්ද ලියූ ලිපිය මුලින්ම කියවූ රසික, 1989 නොවැම්බර් 6 වැනි දින රාත්‍රියේ ඔහුගේ නිවසට පැමිණි හමුදා භටයන් පිරිසක් විසින් පැහැරගනු ලැබුවා. රසිකගේ මව වුණු සුජාතා කළුගම්පිටිය ඒ වන විට මොරකැටිය විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක වුණු සුජාතා ඒ වන විට ජාතික සේවක සංගමයේ තනතුරක් පවා දරමින් සිටියා. එසේම ඒ වන විට මියගොස් සිටි රසිකගේ පියා ද එම ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටි අයෙක්. එකල එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයන් ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවල රසිකගේ නිවසේ රැස්වීම් පවා පැවැත්වුණු බව සුජාතා කළුගම්පිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් සාක්ෂ්‍යයක සඳහන් වුණා. එකල බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට හිතවත් පවුලක දරුවෙකු එලෙස අතුරුදහන් වීම කාගේත් විමතියට හේතු වුණා.
රසික අතුරුදහන් වී දින 5ක් ගතවන විට ඔහුගේ පන්තියේම චාමර සුදර්ශන ජයසේන සහ සිසිල් කුමාර යන සිසුන් දෙදෙනා අතුරුදහන් වුණා. චාමරගේ පියා එකල තුංකම මහා විද්‍යාලයයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළා. සිසිල්ගේ පියා ග්‍රාම නිලධාරියෙකු වූ අතර මව වෛද්‍යවරියක වුණා. ඔවුන් එම ප්‍රදේශයේ උසස් පවුල්වල දරුවන් වුණු නිසා මෙම පැහැරගැනීම් ගැන ප්‍රදේශයේ ජනතාව කම්පා වුණා.
1989 නොවැම්බර් 14 වැනිදා 11-A පන්තියේ රුවන් රත්නවීර නම් සිසුවාට විදුහල්පතිවරයා පවසා තිබුණේ තමුන්ගෙනුත් කට උත්තරයක් ගන්න තියෙනවා, ළඟදීම හමුදාව ගෙදරට එයි යනුවෙන්. විදුහල්පති කාර්යාලයෙන් එළියට පැමිණි රුවන්ට නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක හමුවුණා. විදුහල්පතිවරයා තමාට පැවසූ දෑ රුවන් නියෝජ්‍ය විදුහල්පතිවරයාට පවසා සිටියා. ඔහු රුවන්ට පවසා තිබුණේ, “පුතේ ඔයා ඉක්මනින්ම කොහෙට හරි ගිහින් හැංගෙන්න” යනුවෙන්. නමුත් රුවන් සහ ඔහුගේ පවුලේ අය ක්‍රියාත්මක වීමට පෙර හමුදාව ක්‍රියාත්මක වුණා. 1989 නොවැම්බර් 16 වැනිදා රුවන් රත්නවීර සිසුවා ද අතුරුදහන් වුණා.
අතුරුදහන් වුණු 11-A පන්තියේ සිසුන් කිහිපදෙනෙක්. මෙහි ඉහළින් දැක්වෙන රූපයේ සිටින්නේ රුක්මන් සිසුවා යි (අඳෝනාව)
“අද නොවැම්බර් 20. මේ වන විට අපේ පාසලේ සිසුන් කිහිපදෙනෙක්ම අභිරහස් විදිහට අතුරුදහන් වෙලා තියනව. මේක සෙල්ලමක් නෙවෙයි. මේක ජීවිත පිළිබඳව ප්‍රශ්නයක්. දෙමාපියන් අපේ පාසලට ඔවුන්ගේ දරුවන්ව එවන්නේ ලොකු විශ්වාසයකින්. ඒ හින්දා පාසලේ දරුවන් කිහිපදෙනෙක් අතුරුදහන් වුණාම අපට අත-කට බැඳගෙන ඉන්න බැහැ. මේ දරුවන්ව ආරක්ෂා කරන එක අපේ වගකීමක්. අපේ පාසලේ ප්‍රධානියා වන විදුහල්පතිතුමා මේ ගැන මීට වඩා ගැඹුරින් හිතන්න ඕනි.”
නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කතාවෙන් දැඩි ලෙස කෝපයට පත්වුණු විදුහල්පතිවරයා මෙසේ පවසා සිටියා.
“මම මොනවා හිතන්න ද? මේකෙ ඉන්න ළමයි ඉස්කෝලෙ තියන හැම රහසක්ම දෙමාපියන්ගේ කනට දෙනවා. කොහොමත් මේකෙ ඉන්න ලොකු උන් ටිකක් උස්සන්නෙ නැතුව මේ වැඩේ කරන්න බැහැ”.
විදුහල්පතිවරයා පැවසූ දෙයින් කෝපගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා, විදුහල්පති ඉලක්ක කරමින් පහත ආකාරයට කරුණු ඉදිරිපත් කළා.
“ඔබ තුමා එක අතකින් පිස්තෝලෙකුත්, අනිත් අතින් ග්‍රෙනේඩ් එකකුත් අරගෙන ඉස්කෝලෙ වටේ යනකොට දරුවොන්ට මොනව හිතෙනව ඇද්ද? මේව දරුවො ඉන්න තැනක කරන්න කොහොමත් සුදුසු වැඩ නෙවෙයි. ඉතින් ඕව දකින දරුවො ඒව ගෙවල්වල ගිහින් කීවම දෙමාපියන් ඔබතුමා ගැන මොනව හිතනව ඇද්ද?
නියෝජ්‍ය විදුහල්පතිවරයා එල්ල කළ දරුණු වාග් ප්‍රහාරයට විදුහල්පතිවරයා පහත අයුරින් පිළිතුරු දුන්නා.
“දෙමාපියන් මොනව හිතන්නද මං ගැන. එයාල තමන්ගේ දරුවන් ගෙදරදි හදාගන්නව නම් අපට මෙහෙදි උන්ව හදන්න ඕනි නෑනෙ”.
පිළිතුරු ලෙස නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙසේ පවසා සිටියා.
“සර් දරුවන්ගේ ප්‍රශ්න තියේනම් ඇයි ගුරුවරු හැටියට අපිට ඒව විසඳන්න බැරි? ඇයි අපි දරුවන්ගේ නම් ලැයිස්තු හමුදාව අතට දෙන්නෙ? අනිත් කාරණය තමයි අද අපේ පාසලේ ඉහළ පන්තිවල දරුවොත් ගුරු මණ්ඩලයත් දෙපැත්තට බෙදිල ගිහින්. ඒකට හේතුව ඔබතුමාගේ පුතා. ඒ වගේම ඔබතුමාගේ කාර්යාලයේ වගේම පාසල තුළ නිතරම හමුදා භටයන් දකින්නට හම්බෙනවා. මේව ගැන පාසලේ දරුවන් වගේම ඒ දෙමාපියනුත් ගොඩක් බයෙන් ඉන්නෙ”
එම චෝදනාවලට විදුහල්පතිවරයා පිළිතුරු ලබාදුන්නේ මෙසේ යි.
“මෙතන තියනව කුමන්ත්‍රණයක්. මාවයි මගෙ දරුවවයි මෙතනින් පන්නගන්න සමහරුන්ට ඕනි වෙලා තියනව. හමුදාව ඉන්නෙ මගේ ආරක්ෂාවට මිසක් ළමයින්ට මුකුත් කරන්න නෙවෙයි”
එවිට නියෝජ්‍ය විදුහල්පතිවරයා පළකළේ මෙවැනි අදහසක්:
“එහෙනම් ඇයි සර් හමුදා භටයන් කාර්යාලෙ ඉද්දි ළමයින්ව ගෙන්වගෙන ළමයින්ගෙ නම් කියල කතා කරන්නෙ? මේක ඒ දරුවන්ව හමුදාවට හඳුන්වාදීමක් කියලයි මට හිතෙන්නෙ”
එම කතාවට ගුරු මණ්ඩලයේ වැඩි දෙනෙකු ද එකඟතාවය පළ කළා. රැස්වීම අවසන්වීමෙන් පසුව නියෝජ්‍ය විදුහල්පතිවරයා හිතවතෙකුට කියා තිබුණේ, “මං හෙට මැරුණත් කමක් නෑ, මං පාසලේ දරුවන් වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා” යන්න යි. එදින රාත්‍රී 1ට පමණ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ නිවසට පැමිණි නාඳුනන කල්ලියක් එතුමා නිවසින් පිටතට ගෙන වෙඩි තබා මරා දමනු ලැබුවා. එය ඇඹිලිපිටියේ ජනයා මහත් සේ කම්පාවට පත්වුණු සිදුවීමක් වුණා.
ගුණපාල දිසානායක නියෝජ්‍ය විදුහල්පතිවරයා (ඇඹිලිපිටිය මිනීපිටිය)
ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය සහ ඒ අවට පාසල් කිහිපයක සිසුන්ට අත්වුණු ඛේදජනක ඉරණම, මෙම සිදුවීමෙන් පසුව සැකකරුවන්ට එරෙහිව පැන නැගුණු විරෝධතා, චූදිතයන්ට එරෙහිව පැවති නඩු විභාගය, නඩු විභාගය අවසානයේ දී ලැබුණු ප්‍රතිඵලය ආදී කරුණු ගණනාවක් පිළිබඳව යි මේ දෙවැනි සහ අවසන් ලිපියෙන් අප ඔබට කියන්නට යන්නේ.
පළමු සිසුන් කිහිපදෙනා අතුරුදහන් වෙයි
1989 ඔක්තෝබර් මාසය ආරම්භ වන විට, පැහැර ගැනීමට අවශ්‍ය සිසුන් කිහිපදෙනෙකු විදුහල්පතිවරයා සෙවණ කඳවුරේ සෙබළුන්ට පෙන්වා තිබුණා. සෙවණ කඳවුරේ සෙබළුන් ඔවුන්ගේ පළමු බිල්ල ගනු ලැබුවේ 1989 ඔක්තෝබර් 8 වැනිදා යි. සෙබළුන්ට ගොදුරු වුණේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 12 වසර විද්‍යා අංශයේ (ගණිත පන්තියේ) ඉගෙනුම ලබමින් සිටි ඇලෝසියස් ස්ටීවන් නම් සිසුවා යි. ඉතාමත් දිළිඳු පවුලක දරුවෙකු වුණු ඇලෝසියස් ගඟේයාය විදුහලෙන් සාමාන්‍ය පෙළ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබුවා. මුදල් අගහිඟකමෙන් පෙළුණු නිසා කිසිදු අමතර පන්තියකට සහභාගී නොවුණු ඇලෝසියස් සාමාන්‍ය පෙළ විභාගයෙන් D-6, C-2ක් වැනි උසස් ප්‍රතිඵලයක් ලබාගත්තා. ඉන් පසුව විශාල පරිශ්‍රමයක් යෙදීමෙන් පසුව තරමක් ප්‍රමාද වී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ විද්‍යා අංශයේ ගණිත පංතියට ඇතුළත් වීමේ වරම ඇලෝසියස්ට ලැබුණා.පන්තියේ සිටි දක්ෂතම සිසුවෙකු වුණු ඇලෝසියස් රුසියානු පරිවර්තන කෘති කියවීමට විශාල කැමැත්තක් දැක්වුවා. විවේකයක් ලද අවස්ථාවල දී පන්තියේ දී පවා ඔහු එම කෘතීන් කියවනු ලැබුවා. ඇලෝසියස් වැනි දුප්පත්, අහිංසක දරුවෙකු මෙවැනි සිද්ධියකට නිකරුණේ පැටලීමට හේතුව එය වන්නටත් පුළුවන්. ඔක්තෝබර් 8 වැනිදා පාන්දර 3ට පමණ 6 දෙනෙකුගෙන් සමන්විත සෙබළුන් පිරිසක් ඇලෝසියස් සිසුවා ඔහුගේ නිවසෙන් පැහැරගත්තා.
ඇලෝසියස් පැහැරගැනීමෙන් පාසල තුළ විශාල කලබැගෑනියක් ඇතිවුණා. එම තත්ත්වය තවත් වැඩිවුණේ ඊට ආසන්න දිනවල දී නිමල් සිසිර කුමාර, සරත් චමින්ද ඇතුළු උසස් පෙළ පන්තිවල තවත් සිසුන් පිරිසක් පැහැරගැනීමත් සමග යි. ඇලෝසියස් සිසුවා පැහැරගත් දිනයට පසු දිනෙක ඔහුට සමාන්තර පන්තිවල සිසුන්ව කැඳවූ විදුහල්පතිවරයා පවසා තිබුණේ “අන්න ඇලෝසියස් සියල්ල වමාරනවා උඹලත් පරිස්සම් වෙලා හිටපල්ලා” යි. එනිසා 1989 ඔක්තෝබර් මාසයේ අවසානය ළඟාවන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තිවල සිසුන් ජීවත් වුණේ හෙට දවස පිළිබඳව ඇති අවිනිශ්චිතතාව හා බැඳුණු දැඩි භීතියකින්. මෙම කාලයේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ විදුහල්පතිවරයාට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළත්, එය සාර්ථක වුණේ නැහැ.
11-A පන්තියේ සිසුන් පිරිසක් අතුරුදහන් වෙයි
11-A පන්තියේ සිසුන් කිහිපදෙනෙකු ලියුමක පලහිලව්වක් නිසා විදුහල්පතිවරයාගේ පුත්‍රයා සමග ගැටුමක් ඇතිකරගත් ආකාරය මෙම ලිපියේ පළමු කොටසින් අපි කතා කළා. සිය පුත්‍රයා 11-A පන්තියේ සිටි පවිත්‍රා නම් දැරියට ලියූ එම ලිපිය සියතට ගැනීමට විදුහල්පතිවරයා උත්සාහයක නිරත වුණත් එය සාර්ථක වුණේ නැහැ. ඒ අතරතුර 11-A පන්තියේ සිසුන් සහ චමින්ද ලොකුගලප්පත්තිගේ පිරිස අතර ගැටුම් ඇතිවුණා. එනිසා 1989 වසරේ නොවැම්බර් මාසය ආරම්භ වන විට 11-A පන්තියේ සිසුන් කිහිපදෙනෙකුගේ අවසන් ඉරණම තීරණය කිරීමට පිඹුරුපත් සකස් වෙමින් තිබුණා.11-A පන්තියේ සිසුන් අතුරින් මුලින්ම අතුරුදන් වුණේ රසික කුමාර විජේතුංග නම් සිසුවා යි. චමින්ද ලියූ ලිපිය මුලින්ම කියවූ රසික, 1989 නොවැම්බර් 6 වැනි දින රාත්‍රියේ ඔහුගේ නිවසට පැමිණි හමුදා භටයන් පිරිසක් විසින් පැහැරගනු ලැබුවා. රසිකගේ මව වුණු සුජාතා කළුගම්පිටිය ඒ වන විට මොරකැටිය විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක වුණු සුජාතා ඒ වන විට ජාතික සේවක සංගමයේ තනතුරක් පවා දරමින් සිටියා. එසේම ඒ වන විට මියගොස් සිටි රසිකගේ පියා ද එම ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටි අයෙක්. එකල එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයන් ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවල රසිකගේ නිවසේ රැස්වීම් පවා පැවැත්වුණු බව සුජාතා කළුගම්පිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් සාක්ෂ්‍යයක සඳහන් වුණා. එකල බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට හිතවත් පවුලක දරුවෙකු එලෙස අතුරුදහන් වීම කාගේත් විමතියට හේතු වුණා.
රසික අතුරුදහන් වී දින 5ක් ගතවන විට ඔහුගේ පන්තියේම චාමර සුදර්ශන ජයසේන සහ සිසිල් කුමාර යන සිසුන් දෙදෙනා අතුරුදහන් වුණා. චාමරගේ පියා එකල තුංකම මහා විද්‍යාලයයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළා. සිසිල්ගේ පියා ග්‍රාම නිලධාරියෙකු වූ අතර මව වෛද්‍යවරියක වුණා. ඔවුන් එම ප්‍රදේශයේ උසස් පවුල්වල දරුවන් වුණු නිසා මෙම පැහැරගැනීම් ගැන ප්‍රදේශයේ ජනතාව කම්පා වුණා.
1989 නොවැම්බර් 14 වැනිදා 11-A පන්තියේ රුවන් රත්නවීර නම් සිසුවාට විදුහල්පතිවරයා පවසා තිබුණේ තමුන්ගෙනුත් කට උත්තරයක් ගන්න තියෙනවා, ළඟදීම හමුදාව ගෙදරට එයි යනුවෙන්. විදුහල්පති කාර්යාලයෙන් එළියට පැමිණි රුවන්ට නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක හමුවුණා. විදුහල්පතිවරයා තමාට පැවසූ දෑ රුවන් නියෝජ්‍ය විදුහල්පතිවරයාට පවසා සිටියා. ඔහු රුවන්ට පවසා තිබුණේ, “පුතේ ඔයා ඉක්මනින්ම කොහෙට හරි ගිහින් හැංගෙන්න” යනුවෙන්. නමුත් රුවන් සහ ඔහුගේ පවුලේ අය ක්‍රියාත්මක වීමට පෙර හමුදාව ක්‍රියාත්මක වුණා. 1989 නොවැම්බර් 16 වැනිදා රුවන් රත්නවීර සිසුවා ද අතුරුදහන් වුණා.
නියෝජ්‍ය විදුහල්පතිවරයා ඝාතනය වෙයි
1989 නොවැම්බර් 20 වැනිදා වන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය කඩි ගුලක් සේ ඇවිස්සී තිබුණා. එම පාසලේ සිසුන් කිහිපදෙනෙකු සහ ආරියදාස නම් ගුරුවරයා ද අභිරහස් ලෙස අතුරුදහන් වී තිබුණා. එනිසා එදා පාසල තුළ දෙමාපියන් සහ ගුරුවරුන් කිහිපදෙනෙකු අතර රැස්වීමක් පැවැත්වුණා. එම රැස්වීම ආරම්භ වීමට පෙර නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක දෙමාපියන්ට පොරොන්දු වුණේ මෙම ප්‍රශ්නයේ දී දරුවන් වෙනුවෙන් හඬක් නගන බව යි. එදින විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම මෙහෙයවීම නියෝජ්‍ය විදුහල්පතිවරයාට පැවරී තිබුණා. දරුවන්ගේ පැත්තට කතා කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා පහත සඳහන් දේ පවසා තිබුණා.“අද නොවැම්බර් 20. මේ වන විට අපේ පාසලේ සිසුන් කිහිපදෙනෙක්ම අභිරහස් විදිහට අතුරුදහන් වෙලා තියනව. මේක සෙල්ලමක් නෙවෙයි. මේක ජීවිත පිළිබඳව ප්‍රශ්නයක්. දෙමාපියන් අපේ පාසලට ඔවුන්ගේ දරුවන්ව එවන්නේ ලොකු විශ්වාසයකින්. ඒ හින්දා පාසලේ දරුවන් කිහිපදෙනෙක් අතුරුදහන් වුණාම අපට අත-කට බැඳගෙන ඉන්න බැහැ. මේ දරුවන්ව ආරක්ෂා කරන එක අපේ වගකීමක්. අපේ පාසලේ ප්‍රධානියා වන විදුහල්පතිතුමා මේ ගැන මීට වඩා ගැඹුරින් හිතන්න ඕනි.”