පියයි, මවයි, පුතයි, දුවයි රට වටේ තානායම්වලට z&
පියයි, මවයි, පුතයි, දුවයි රට වටේ තානායම්වලට zහිටු කියා' පොලු තියලා
හොරණ - විධුර විජයනාථ
තානායම්වල දිගු කලක් නතරව එහි බිල්පත් ගෙවීම් වංචාකාරී ලෙස පැහැරහරිමින් පොලිසියටද කට්‌ටි පනිමින් සිටි එකම පවුලේ හතර දෙනකු ඉකුත් 22 වැනිදා හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හොරණ රජයේ තානායමේ නතරව සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
එම තානායමේද මාස හයකට ආසන්න කාලයක්
නතරව ඇති බවත් ඒ නිමිත්තෙන් එම තානායමට ගෙවිය යුතු මුදල රුපියල් ලක්‍ෂ හයකට ආසන්න බවත් පොලිසිය පවසයි.
මෙම පියා, මව, දියණිය හා පුතා යන එකම පවුලේ හතර දෙනාගේ පදිංචිය තහවුරු කර ගැනීමට මෙතෙක් හැකිවී නැත.
සැකකරුවන් පෙරේදා (22 වැනිදා) බණ්‌ඩාරගම ජංගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්‍ෂක රණවීර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකර ඇත.
පියයි, මවයි, පුතයි, දුවයි රට වටේ තානායම්වලට zහිටු කියා' පොලු තියලා
හොරණ - විධුර විජයනාථ
තානායම්වල දිගු කලක් නතරව එහි බිල්පත් ගෙවීම් වංචාකාරී ලෙස පැහැරහරිමින් පොලිසියටද කට්‌ටි පනිමින් සිටි එකම පවුලේ හතර දෙනකු ඉකුත් 22 වැනිදා හොරණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
හොරණ රජයේ තානායමේ නතරව සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
එම තානායමේද මාස හයකට ආසන්න කාලයක්
නතරව ඇති බවත් ඒ නිමිත්තෙන් එම තානායමට ගෙවිය යුතු මුදල රුපියල් ලක්‍ෂ හයකට ආසන්න බවත් පොලිසිය පවසයි. මෙම පියා, මව, දියණිය හා පුතා යන එකම පවුලේ හතර දෙනාගේ පදිංචිය තහවුරු කර ගැනීමට මෙතෙක් හැකිවී නැත.