පියවරෙන් පියවර සඳ මතට ළඟා වූ ඇපලෝ

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    පියවරෙන් පියවර සඳ මතට ළඟා වූ ඇපලෝ

    පියවරෙන් පියවර සඳ මතට ළඟා වූ ඇපලෝ

    Ct47yZ.jpg


    දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය ප්‍රධාන බල කඳවුරු දෙකකට බෙදෙනවා. ඒ ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී රටවල් එක පිලකටත් රුසියානු සමූහාණ්ඩුව ප්‍රමුඛ සමාජවාදී රටවල් තවත් පිලකටත් ලෙස. මේ කාලයේ කඳවුරු දෙකේ බලවතුන් වුණු ඇමරිකාවත්, රුසියානු සමූහාණ්ඩුවත් අතර සීතල යුද්ධයක් පැවතුණා.

    මේ රටවල් දෙකම තමන්ගෙ බලපුලුවන්කාරකම් පෙන්වන්නට යුධ ශක්තියට අමතරව විද්‍යාවත් දියුණු කලා. එහි ප්‍රථිපලයක් විදිහට අභ්‍යවකාශය ජයගන්නට මේ රටවල් දෙක අතර ලොකු තරඟයක් ඇති වුනා. සටනේ පළමු අදියර රුසියානුවන් ජයග්‍රහණය කලා. ඒ අභ්‍යවකාශයට පළමු වරට මිනිසෙක් යැවීමෙන්. අනතුරුව කඳවුරු දෙකේ ඉලක්කය වුණේ සඳ තරණයයි. සෝවියට් සමූහාණ්ඩුවේ ලූනා වැඩසටහනට එරෙහිව ඇමරිකාවෙන් අරඹන සඳ තරණ මෙහෙයුම තමයි ඇපලෝ වැඩසටහන.



    ඇපලෝ වැඩසටහනේ ආරම්භය


    t1MnsC.jpg
    ඇපලෝ ව්‍යාපෘතියේ නිල ලාංඡනය. (nasa.gov)

    ඇපලෝ වැඩසටහනේ මුල් පියවර තියන්නෙ 1960දි. 1961 මැයි 21 දිනයේදි එවකට ඇමරිකානු ජනාධිපති ජෝන් F. කෙනඩි මහතා ඇමරිකානු කොන්ග්‍රස් සභාවට සඳ මතට මිනිසෙක් යැවීමට වැඩසටහනක් ඇරඹීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලබනවා.

    “මම විශ්වාස කරනවා ඇමරිකානු ජාතිය මේ දශකය අවසන් වීමට කලින් මිනිසෙක් සඳ මතට යවා නැවත නිරුපද්‍රිතව ගෙන්වා ගැනීමට ඇපකැප වෙයි කියා.” ඔහු කියන්නේ එලෙසින්.

    මේ යෝජනාව සම්මත වීමත් සමග නාසා ආයතනය ඇපලෝ ව්‍යාපෘතිය දියත් කරනවා. ඔවුන් කෙනඩි ලබාදුන් ඉලක්කය 1969 ජූලි මාසයේදි යතාර්ථයක් බවට පත් කරගන්නවා.

    නම ලැබුණු හැටි

    ඇපලෝ වැඩසටහනට නම දෙන්නේ එවකට නාසාහි ප්‍රධානියෙක් වුණු ඇබේ සිල්වස්ටීන් නම් ඉංජිනේරුවායි. ඔහුගේ අදහසට අනුව ඉරට අධිපති ග්‍රීක දෙවියාගෙ නම වන ඇපලෝ නමින් ව්‍යාපෘතිය දියත් කෙරෙනවා.

    ඇපලෝ ව්‍යාපෘතිය

    52Ko4i.jpg


    ඇපලෝ යානාවල ආරම්භය සනිටුහන් වෙන්නේ නම් ඛේදවාචකයක් සමඟින්. ඇපලෝ 1 යානය ගුවන්ගත කිරීමට මාසයක් තිබියදී එය ගිනි ගැනීමකින් විනාශ වෙන්නේ ඒ වනවිට එහි සිටි ගගනගාමීන් තුන්දෙනාගෙ ජීවිතත් අහිමි කරමින්.

    ඉන් පසු ඇපලෝ 2,3,4,5,6 යානා මිනිසුන් රහිතව ගුවන් ගත කරනවා. සඳ ගමනට අවශ්‍ය යානා පරීක්ෂා කිරීමට, යානා වල වල අඩුපාඩු සකස් කිරීමට, ගොඩ බැස්වීම හරි ආකාරයෙන් කිරීමට වගේම සඳ ගමනට අවශ්‍ය විවිධ උපකරණ අත්හදා බැලීමට මේ යානා යොදා ගන්නවා.

    මිනිසුන් ගමන් කල ඇපලෝ යානාවන්

    ReS5F5.jpg
    ඇපලෝ 11 කාර්ය මණ්ඩලය. (spaceflight.nasa.gov)

    ඇපලෝ 1 – 1961 ජනවාරි 27 – ගුවන් ගත කිරීමට පෙර ගින්නකින් විනාශ වුණා.

    කාර්‍ය මණ්ඩලය – වර්ජිල් ග්‍රිසම්, එඩ්වඩ් වයිට්, රොජර් චැෆේ (මේ තිදෙනාම ගින්නෙන් මිය ගියා)

    ඇපලෝ 7 – 1968 ඔක්තෝබර් 11 – 22 – නියමු කුටිය පරීක්ෂා කිරීම තමයි මේ යානයේ අරමුණ වුණේ.

    කාර්‍ය මණ්ඩලය – වොලී චිසේරා, වෝල්ට් කනින්හැම්, ඩොන් එසිල්

    ඇපලෝ 8 – 1968 දෙසැම්බර් 21 – 27 – පළමු වරට මිනිසුන් සහිත යානයක් සඳේ කක්ෂයට ඇතුල් වුණේ මේ යානයත් සමගයි. සඳ වටා පැය 20ක් පමණ මොවුන් ගමන් කළා.

    කාර්‍ය මණ්ඩලය- ෆ්‍රෑන්ක් බෝමන්, ජේම්ස් ලවෙල්, විලියම් ඇන්ඩර්ස්

    ඇපලෝ 9 – 1969 මාර්තු 3 – 13 – සඳට ගොඩබාන යානා කොටස පරීක්ෂා කිරීම මෙහි අරමුණයි.

    කාර්‍ය මණ්ඩලය- ජේම්ස් මැක්ඩොවිට්, ඩේවිඩ් ස්කොට්, රසල් ෂෙවිකාට්

    ඇපලෝ 10 – 1969 මැයි 18 – 26 – සඳට ගොඩබාන යානය පරීක්ෂා කිරීම අරමුණු කරගත් මේ යානය සඳේ පෘෂ්ඨයට කිලෝ මීටර් 15ක් ලගින් පියාසර කළා. සඳට ගොඩබෑම හැරෙන්නට සියලුම ක්‍රියාකාරකම් පෙර පුහුණු වුනේ මේ යානයේ ගමනින්.

    කාර්‍ය මණ්ඩලය- තෝමස් ස්ටැෆඩ්, ජෝන් යන්ග්, ඉයුජින් කානන්

    ඇපලෝ 11 – 1969 ජූලි 16 – 24 – මේ ඓතිහාසික ගමන මුළින්ම මිනිසෙක් සඳ මතට ගොඩ බස්වනු ලැබුවා. මේ ගමන ගැන විස්තර ලිපියේ පසුවට තිබෙනවා.

    කාර්‍ය මණ්ඩලය- නීල් ආම්ස්ට්‍රෝන්ග්, මයිකල් කොලින්ග්ස්, එඩ්වින් ඕල්ඩ්‍රින්

    ඇපලෝ 12 – 1969 නොවැම්බර් 14 – 24 – සඳ මතට දෙවන වරට මිනිසුන් ගොඩබැස්සෙ මේ යානයත් එක්ක. මෙහිදී සඳෙන් පස් සාම්පල් විශාල ප්‍රමාණයක් (කිලෝග්‍රෑම් 34 පමණ) රැගෙන එනු ලැබුවා.

    කාර්‍ය මණ්ඩලය- පීට් කොන්රැඩ්, රිචඩ් ගෝඩන්, ඇලන් බීන්

    ඇපලෝ 13 – 1970 අප්‍රේල් 11 – 17 – සඳ මතට තුන්වන වරට ගොඩබෑමට යැවුණු මෙම යානයේ කාර්මික දෝෂයක් නිසා සඳ වටා ගමන් කර නැවත පැමිණියා. කාර්‍ය මණ්ඩලය මේ උපද්‍රවයෙන් ගැලවුණේ ඉතා අසීරුවෙන්. කාර්‍ය මණ්ඩලයේ ප්‍රධාන නිලධාරියා වුණු ජේම්ස් ලවෙල් ඇපලෝ 8 යානයේද ගමන් කළ කෙනෙක්.

    කාර්‍ය් මණ්ඩලය- ජේම්ස් ලවෙල්, ජැක් ස්විගට්, ෆ්‍රෙඩ් හේල්ස්

    ඇපලෝ 14 – 1971 ජනවාරි 31 – පෙබරවාරි 9 – තුන්වන වරට සඳ මත ගොඩ බැස්සේ මෙම යානයෙන්. එහිදී කිලෝග්‍රෑම් 42.80ක පමණ සාම්පල් ගෙනඑනු ලැබුවා.

    කාර්‍ය මණ්ඩලය- ඇලන් ශෙපඩ්, ,ස්ටුවට් රෝසා, එඩ්ගා මිශෙල්

    ඇපලෝ 15 – 1971 ජූලි 26 – අගෝස්තු 7 – සිව් වන වතාවට සඳ මතට මිනිසුන් රැගෙන ගියේ මෙහිදියි.

    කාර්‍ය මණ්ඩලය- ඩේවිඩ් ස්කොට්, ඇල්ෆ්‍රඩ් වෝඩන්, ජේම්ස් අර්වින්


    ඇපලෝ 16 – 1972 අප්‍රේල් 16 – 27 – සඳ මතට ගොඩ බැස කිලෝග්‍රෑම් 94කට වැඩි සාම්පල රැගෙන එනු ලැබුවා.

    කාර්ය මණ්ඩලය – ජෝන් යන්ග්, කෙනත් මැටිග්ලි, චාල්ස් ඩියුක්

    ඇපලෝ 17 – 1972 දෙසැම්බර් 7 – 19 – ප්‍රථම වරට විද්‍යාඥයෙක් සඳ මතට යවනු ලැබුවේ මේ යානයෙන්. භූවිද්‍යාඥයෙක් වුණු හැරිසන් ශෙමිට් මහතා සඳ මත විවිධ පරීක්ෂණ සිදුකලා. ඒ වගේම සෙස්මික් පරීක්ෂණ වගේම ජීව විද්‍යා පරීක්ෂණත් සඳ මතදී සිදුකෙරුණා.

    කාර්‍ය මණ්ඩලය- ඉයුජින් කානන්, හැරිසන් ශෙමිට්, රොනල්ඩ් එවන්ස්
    J7mgNi.jpg
    සඳ මතට යැවුණු Moon rover යානයක්. (americaspace.com)


    ඓතිහාසික ඇපලෝ 11

    LlfrHj.jpg

    “That one small step for a man, one giant leap for mankind”.
    සැබවින්ම ඒ කුඩා පියවර මනුෂ්‍ය වර්ගයාගේ මහා පිම්මක් වුණා. කෙනඩි තුඩුවෙන් 1969 ජූලි 16 දින ගුවන් ගත කෙරුණු ඇපලෝ 11 යානය ජූලි 19 සඳේ කක්ෂයට ඇතුල් වෙනවා. ජූලි 20 වෙනිදා මව් යානයෙන් වෙන්වන “ඊගල්” සඳ යානය පැය 20:17:40 ට සඳ මතට ගොඩ බානවා.

    එම අවස්ථාවේදී නීල් ආම්ස්ට්‍රෝන්ග් “Houston, Tranquility base here. The Eagle has landed” යනුවෙන් ඔවුන්ගේ සාර්ථක ගොඩබෑම පෘතුවියට දැනුම් දෙනවා. ජූලි 21වනදා පැය 02:56:15ට නීල් ආම්ස්ට්‍රෝන්ග් ඔහුගේ ඓතිහාසික පියසටහන සඳ මත තබනවා.

    මිලියන 600කට අධික පිරිසක් මෙය සජීවීව රූපවාහිනියෙන් නැරඹූ බවට වාර්ථා වෙලා තියෙනවා. ඊට විනාඩි 20කට පමණ පසුව එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මතට පා තබනවා. ඔවුන් සඳේ පස් සාම්පල කිහිපයක්ම එකතු කර ගන්නේ ඉදිරි පරීක්ෂණ සදහායි. ජූලි 24 වනදා නැවතත් මේ විරුවන් රැගත් යානය පෘතුවියට ලඟා වෙනවා. පැසිෆික් සාගරයට ගොඩබසින යානයෙන් පැමිනි මොවුන් තිදෙනා වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව දින 21ක සෞඛ්‍ය පරීක්ෂාවකට යොමු වෙලා තමයි නැවතත් ඔවුන්ගේ හිතවතුන් මුණ ගැහෙන්න යන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපතිවරයා වුණු රිචඩ් නික්සන් මොවුන් තිදෙනාට පෞද්ගලිකව සුබ පතන්න පැමිණ තිබෙනවා.


    mIiAvp.jpg
    ඇපලෝ 11 සමග සැටර්න් V ගුවන්ගත කිරීම. (nasa.gov)

    kEuSZJ.jpg
    එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මතදී. (nasa.gov)

    ඇපලෝ වලින් පසු සඳ ගමන්

    පුදුමයකට වගේ 1972දී යැවුණු ඇපලෝ 17න් පසුව අද වනතුරු කිසිවෙක් සඳ මතට පා තියල නැහැ. ඊට විවිධ හේතු පවතිනවා. නාසා ආයතනය කියන විදිහට ඒ වගේ මෙහෙයුමක් කිරීමට යන අති විශාල පිරිවැය මුදල් අපතේ යැවීමක්.

    ඒ වගේම ඊට වඩා ලේසියෙන් රොබෝ යානා වලින් අවශ්‍ය සාම්පල ගෙන්වා ගැනීමට තාක්ෂණය දියුණු නිසා මිනිසුන් යවන එක අනවශ්‍යයි කියලයි ඔවුන් කියන්නෙ. ඇමරිකාව සඳට මිනිසෙක් යැවීමත් එක්කම සෝවියට් සමූහාණ්ඩුව සඳ ගමන ගැන අදහස අත් හරිනවා. ඒ වගේම අනිත් රටවල් වලට අවශ්‍ය තාක්ෂණයක් නොතිබුණු නිසා ඔවුන් ඒ ගැන හිතන්නේත් නැහැ. ඒත් මිනිසුන් රහිත යානා ඇමරිකාව, රුසියාව, ජපානය, චීනය වගේම අපේ අසල්වැසි ඉන්දියාවත් සඳ මතට යවල තියෙනවා.

    ඇපලෝ වැඩසටහන ගැන අපූරු තොරතුරු බිඳක්

    1.ඇපලෝ ව්‍යාපෘතියට සහභාගී වුණු පුද්ගලයින් සංඛ්‍යාව මිලියන බාගයක් පමණ වෙනවා.
    2.ඇපලෝ වැඩසටහනට වියදම්වූ මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියන 25.4ක්. ඒත් 2008දී කෙරුණු පසුවිපරමකින් එහි සැබෑ වියදම ඩොලර් බිලියන 98ක් බව සොයා ගැනුණා. ඒ මුදල එවකට ඇමරිකාවේ සියලුම දෙනා අතර බෙදුවොත් එක් අයෙක්ට ඩොලර් 500ක් ලැබෙනව කියලයි වාර්ථා වෙන්නෙ.
    3.ඇපලෝ 7 යානයේ නියමුවන් කණ්ඩායමට එමී සම්මානය (Emmy Award) හිමිවෙලා තිබෙනවා. ඒ ඔවුන් යානය තුල ඉදල කරපු රූපරාමු වලට.
    4.ඇපලෝ 11 නියමුවා විදිහට පළමුවෙන් යෝජනා වෙලා තියෙන්නෙ නීල් ආම්ස්ට්‍රෝන්ග් නෙවෙයි. ඇපලෝ 1 අනතුරෙන් මියගිය වර්ජිල් ග්‍රිසම් නම් නියමුවා තමයි පළමුවෙන් යෝජනා වෙලා තියෙන්නෙ.
    5.සඳ මත ගොඩබැසීමේදී යොදාගත් ඇදුම් නිර්මාණය කරල තියෙන්නෙ Playtex කියන කාන්තා යටඇදුම් නිර්මාණය කරන ආයතනයක්.
    6.මිනිසෙක් සඳ මතට යැවීමට සිහින දුටු ඇමරිකානු ජනාධිපති ජෝන් F. කෙනඩිට ඒ අවස්ථාව දකින්නට වාසනාවක් ලැබුණෙ නෑ. ඔහු 1963දී ඝාතනයට ලක්වෙනවා.

    ඇපලෝ වැඩසටහනේ සැඟවුණු වීරයන්

    බොහෝ අවස්ථාවල වගේම ඇපලෝ වැඩසටනෙත් අතීතයට අමතක වූ සැඟවුණු වීරයන් බොහෝයි. මේ එයින් කීපදෙනෙක්.

    ජෝන් හොබෝල්ට්- මොහු තමයි සඳ ගමනේ සම්පූර්ණ සැලසුම අදින්නේ. ඔහුගේ සැලසුම් නොවෙන්නට ඇපලෝ වැඩසටහන අසාර්ථක වීමට තිබුණා.


    vxYxG8.jpg
    ජෝන් හොබෝල්ට් මහතා. (collectspace.com)

    ටොම් කෙලී – සඳ මතට ගොඩබසින යානා කොටසේ නිර්මාපකයා තමයි ටොම් කෙලී.

    එලී ෆොරේකර් – Playtex ආයතනයේ ප්‍රධානියා වුණු එලී ගගනගාමීන්ගේ ඇදුම් නිර්මාණයට විශාල අත්වැලක් වුණ චරිතයක්.

    ඩොරති ලී – ඇය තමයි නැවත පෘතුවියට පැමිණෙන යානා කොටස උෂ්ණත්වයට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය කලේ.

    මහාචාර්‍ය ලී සිල්වර්- ගගනගාමීන්ට භූවිද්‍යාව ගැන දැනුම ලබාදුන්නේ මේ මහාචාර්‍යවරයායි.

    සඳ මත පා තැබීම බොරුවක්ද?

    Sy5fHy.jpg


    අවුරුදු ගණනක් පුරාවටම ගොඩනැගුණු මතයක් තිබෙනවා සඳ ගමන ඒ ආශ්‍රිත ඇපලෝ වැඩසටහන නාසා ආයතනයත්, ඇමරිකානු රජයත් කළ විශාල බොරුවක් ලෙස. ඊට උදාහරණ ගොඩක් ඔවුන් ඉදිරිපත් කරනවා. මේ එයින් කිහිපයක් ගැන විස්තර.

    කොඩියේ ලෙළදීම – සඳේ වායුගෝලයක් නැති නිසා කොඩියක් ලෙළදීමට බැහැ. ඒත් ඇපලෝ 11 යානයේ කාර්‍ය මණ්ඩලය ලබාගත් ඡායාරූප වල ඇමරිකානු ධජය ලෙළදෙනවා.


    OvbczQ.jpg
    ඇමරිකානු කොඩිය ලෙලදෙන අයුරු. (newsweek.com)

    සෙවනැලි – සඳ ගමනේදී ලබාගත් ඡායාරූප වල සෙවනැලි විවිධ දිශාවන්ට විහිදී තිබීම. මේ නිසා මේ ඡායාරූප ස්ටුඩියෝවකදී ලබාගත් ඒවාද යන්න ප්‍රශ්නයක් මතු වෙනවා.

    NP8j4z.jpg

    විවිධ දිශාවන්ට විහිදුණු සෙවනැලි. (apolloanomalies.com)

    උණු වියයුතු ඡායාරූප පට – සඳේ උෂ්ණත්වය ෆැරන්හයිට් 280ක් පමණ. මේ උෂ්ණත්වයේදී ඡායාරූප පට විනාශ විය යුතුයි.

    YKi7cc.jpg


    තරු නැති අහස – සාමාන්‍යයෙන් අහසේ තරු දකින්නට ලැබුණත් සඳ මත සිට ගත් ඡායාරූප වල තරු දකින්නට නැහැ.

    Pzu2tQ.jpg
    නාසා යානයකින් ලබාගත් ඇපලෝ 17 ගොඩබාන ලද ස්ථානයේ ඡායාරූප. (nasa.gov)


    මේ හැම කරුණකටම පිළිතුරු නාසා ආයතනය විද්‍යාත්මකව ලබාදීල තියෙනවා. ඒ වගේම 2001, 2008 වර්ෂ වල සඳට යැවුණු මිනිසුන් රහිත යානා වලින් (චීනයෙන් යැවුණු චෑන් 2, ඉන්දියාවෙන් යැවුණු චන්ද්‍රයාන් 1) ලබාගත් ඡායාරූප වල ඇපලෝ යානයන්ගේ කොටස් වගේම සිටවූ කොඩි දක්නට ලැබෙනවා.

    ඇපලෝ වැඩසටහන සැබෑවක්ද මිත්‍යාවක්ද තීරණය කිරීම ඔබට බාරයි. කෙසේ වුණත් ඇපලෝ වැඩසටහන මනුෂ්‍ය ඉතිහාසයේ රන් සලකුණක් තැබූවක්. එය නීල් ආම්ස්ට්‍රෝන්ග්ගේ කුඩා පියවරට වඩා මිනිසා විසින් තැබූ මහා පිම්මක්.

    මූලාශ්‍ර

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් ඒකාලේ ඉදන්ම ඕක බොරුවක් කියලා හිතුවේ
    ඇපලෝ 11 හදට ගියා කියලා පෙන්නලා රුසියාව වට්ටලා
    පස්සේ වෙන ඇපලෝ මිෂන් එකකින් හදට ගියා වෙන්න බැරිද?
    අර චීනේ ඉන්දියාව ගත්ත ඇපලෝ 11 පොටෝ තියෙන ලින්ක් එකක් දාපන්කෝ බන් පුලුවන් නම්
    rep+
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    නීල් ආම්ස්ට්‍රෝන්ග්ට "අල්ලාහ්" කියල ශබ්දක් (හද මතදී) ඇහුන කියල කතාවකුත් තියෙනවා නේ ද ? එකත් බොරු එකක් නේ ද ?

    https://www.facebook.com/notes/united-muslims-world/did-armstrong-hear-the-adhan-call-for-prayers-on-the-moonzaara/261094883913167/



    මම නම් ඒකාලේ ඉදන්ම ඕක බොරුවක් කියලා හිතුවේ
    ඇපලෝ 11 හදට ගියා කියලා පෙන්නලා රුසියාව වට්ටලා
    පස්සේ වෙන ඇපලෝ මිෂන් එකකින් හදට ගියා වෙන්න බැරිද?
    අර චීනේ ඉන්දියාව ගත්ත ඇපලෝ 11 පොටෝ තියෙන ලින්ක් එකක් දාපන්කෝ බන් පුලුවන් නම්
    rep+
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,707
    113
    Good post. Api Handata Giyemu by Anura C Perera - podi kaale kiyawapu pothak oya mission eka step by step thiyanawa.
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Moon Landing එක බොරුවක් කියල දැන් ලෝකේ මිනිස්සු දැනගෙන ඉවරයි බන්. මමත් ඕක කලින් විශ්වාස කලා. පස්සේ තමා මටත් තේරුනේ මේක මරිසියක් කියල.

    NASA එක ගොඩක් බොරු කරනවා මිනිස්සුන්ට. අපි ඇත්තටම space එකට ගිහින් නැහැනේ බන් ඕවා හරිද කියල බලන්න.
    මේ video එක බලපන්. මේකේ තිය්නෙන්නේ 1970 Apollo 11 crew එකේ press conference එක.




    ඔකේ බලපන් උන්ගේ මූනවල්. එපා වෙලා වගේ ඉන්නේ උන්. හදට ගිහින් ඇවිල්ල press එකට කතා කරද්දී ඔහොමද බන් ඉන්නේ.
    අනික බලපන් ඔකේ උන් කියනවා ඒවා. උගන්නපු බොරු කියන්නේ කියල හොදට තේරෙනවා.


    මේ තියෙන්නේ ප්‍රසිද්ද elbow scene එක. ඔකේ බලපන් Neil Armstrong අනිත් එකට වැලමිටින් අනිනවා.



    මේ වගේ තව ගොඩක් සාක්ෂි තියෙනවා බන්.

    මේ තියෙන්නේ Neil Armstrong bible එක උඩ අත තියන දිවුරන්න බෑ කියනවා. බලපන්..



    ඉතින් මචන්, මේ වගේ ගොඩක් අපිට නොදන්නා ලෝකේ ගොඩක් බලවත් මිනිස්සු සහ organizations වලින් කරන බොරු මවා පෑම් තියෙනවා.

    Flat earth ගැන එහෙම පොඩ්ඩක් හොයල බලපන්.
    ඒ වගේම තමා Area 51.


    දැන් ඉතින් මට පිස්සු කියල හිතන්න එපා.. :D :D :rofl: :rofl:

    උබේ පොස්ට් එක පට්ට මචන්. වුන මහන්සිය අගය කරනවා.
     
    Last edited:

    Similar threads