පියවි ඇසින් ඔබ්බට : 01

Aktamge

Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හිමිනමගේ භාවනාවට භූතයාගෙන් බාධා

    “මහත්තයා! මම හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. ඒත් අද ජීවත් වෙන්න බැරුව දුක් විඳිනවා. මම ප්‍රසිද්ධ ආයතනයක ගණකාධිකාරීවරියක්. ලොකු වැටුපක් ලබනවා. ගෙදර ඉන්නෙත් මමයි පුතයි විතරයි. හිටි හැටියේ ගෙදර තියෙන සල්ලි නැති වෙනවා. ගිය මාසෙ රුපියල් හතළිස් දාහක් අතුරුදන් වුණා. කිසි ම කෙනෙක් ගෙදරට ආවෙත් නෑ. අල්මාරියේ ලාච්චුවේ තිබුණු සල්ලි ටික නැති වෙලා. මගේ පුතා අර ගත්තා ද කියලා අන්තිමට සැක කළා. පුතා එහෙම වැඩ කරන කෙනෙකුත් නොවෙයි. මේ මාසෙ අපේ කොම්පැණියෙ රුපියල් ලක්ෂයක් මගේ භාරයෙ තිබුණා. එදා ඒ සල්ලි අල්මාරියෙ නොදා මම වෙනත් තැනක සඟවා තැබුවා. එදා රෑ ඒකත් අතුරුදන් වෙලා” යි ජයන්ති ජයසිංහ මහත්මිය ආධ්‍යාත්මීය උපදේශකවරයා සමඟ කීවා ය.
    “එතකොට ස්වාමි පුරුෂයා?” උපදේශකවරයා ප්‍රශ්න කළේය.
    “එයා මාස අටකට කලින් මැරුණා.”
    “මොනවා වෙලා ද මළේ?”
    “බඩේ පිළිකාවක් හැදිලා”
    “පිළිකාව හැදුණෙ කොහොම ද කියල ද හිතන්නෙ?”
    “මගේ මහත්තයා ඉස්සර හරිම හොඳ කෙනෙක්. අවුරුදු දෙක තුනක ඉඳලා බීමට ඇබ්බැහි වුණා. තදින් ම අරක්කු බීවා. එයා ඉංජිනේරුවරයෙක්. ඒත් අවසාන කාලය බලාගත්ත අතේ බලාගෙන හරියට කල්පනා කර කර හිටියා. මේ අතරෙ තමයි පිළිකාව මතු වුණේ.”
    “මැරුණට පස්සෙ මොනවද ගෙදර සිද්ද වුණ විශේෂ දේවල්?”
    “මහත්තයා හිටපු කාමරේ එයා නිදාගත්ත ඇ‍ඳෙත් හරිම දුර්ගන්ධයක් දැනුණා. ඒ කාමරේ අඳුරු වුණා වගේ වුණා. රෑට ගෙයි කවුදෝ ඇවිදින අඩි සද්ද ඇහුණා. ඡායාවක් වගේ එහා මෙහා යනවා පෙනුණා.”
    “පුතාගෙ වයස කීය ද?”
    “පුතාට වයස අවුරුදු දහසයයි. තවම ඉගෙන ගන්නවා.”
    එදින ගවේෂණයේ දී ආධ්‍යාත්මික ශක්ති කිරණ එල්ල කරන විට ජයන්ති පැද්දෙන්නට වූවාය. ඉන් එහා දෙයක් ඇය තුළින් මතු නොවූ බැවින් දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.
    ඇය ජීවත් වූයේ ගම්පහ ප්‍රදේශයේය. නිවසට නුදුරෙහි වූ පන්සලට ගොස් ඒ බෝධි පූජා පවත්වා සති තුනකට පසු නැවත ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා පැමිණියා ය. එදින ශක්ති කිරණ එල්ල වන විට කලින් දිනට වඩා වේගයෙන් ශරීරය පැද්දෙමින් ප්‍රලය වූවාය.
    “කවුද මේ ශරීරයට රිංගාගෙන ඉන්නෙ?” ගවේෂකවරයා ඇසීය.
    “මම පියසිරි”
    “කවුද පියසිරි කියන්නෙ?”
    “මම ඉංජිනේරුවෙක්. මේ ජයන්ති මගේ බිරිය.”
    “ඇයි මේ බිරියට කරදර කරන්නෙ?”
    “මම යන්නම් මහත්තයා.”
    “එහෙම නිකම්ම ඉවත් වෙලා යන්න එපා. අහන දේවලට උත්තර දීලා යන්නැ” යි භූතාත්මයට ඉවත්ව පලා යන්නට නොදී ආධ්‍යාත්මීය ආරක්ෂාවකින් ග්‍රහණය කළේය.
    “ඇයි මේ ජයන්තිට කරදර කරන්නෙ?”
    “ආදරේට”
    “ආදරේට කරදර කරනවායැ. ජීවත්ව ඉන්දැද්දි නොතිබුණු තරම් ආදරයක් දැන් ඇති වුණේ කොහොමදැ?” යි අසන විට ම ජයන්ති දෙපා පණ නැතිව ඇද වැටුණා ය. ප්‍රේත ජීවියා ශරීරයෙන් ඉවත් කොට තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැ යි නියම කළේ ය.
    ඊළඟ දිනයේ ද ජයන්ති ප්‍රලය වූවාය. එහෙත් කතා කළේ නැත.
    කොයි තරම් උත්සාහ ගත්තත් කතා කරවන්නට නොහැකි වූයෙන් ශක්ති කිරණ යොමු කොට තදින් දවාලීය.
    ප්‍රේත ජීවියා කෑ ගසා ගෙන පැන ගියේය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැ යි කීවේය.
    ඊළඟ දවසේ ගවේෂණයේ දී ද ප්‍රලය වූවාය. පලා යා නොහැකි අයුරු බන්ධනයක් කළේය.
    “ඇයි මේ ජයන්තිට කරදර කරන්නෙ?”
    “මම කරදර කරන්නෙ නෑ”
    “මේ ගෙදර සල්ලි අතුරුදන් වෙන්නේ කොහොම ද?”
    “මම දන්නෙ නෑ”
    “දන්නෙ ම නැද්ද?”
    “නෑ… නෑ…” යි ප්‍රේත ජීවියා තදින් ම කීවේ ය. නැවතත් ශක්ති කිරණ එල්ල කොට දවාලීය.
    “පිච්චෙනවා… දැවිල්ලයි… දැවිල්ලයි…”
    “එහෙනම් ඇත්ත කියනවා” යි ගවේෂකවරයා වේවැළ ද අතට ගත්තේ ය.
    “ඒ සල්ලි ලසිකාට ගිහින් දුන්නා.”
    “කවුද ලසිකා කියන්නෙ?” යි එදින ජයන්ති සමඟ එහි පැමිණ සිටි ජයන්තිගේ මව්පියන්ගෙන් හා පුතාගෙන් ඇසූ විට ඔවුන් එවැන්නියක් ගැන නොදන්නා බව කීවා ය.
    “කවුද මේ ලසිකා කියන්නෙ?” යි ප්‍රේත ජීවියාගෙන් ඇසීය.
    “ලසිකා කියන්නේ මගේ කන්තෝරුවේ වැඩ කළ කෙනෙක්. එයා ලස්සනයි. මිනිහා දාලා ගිය කෙනෙක්.”
    “ඉතින්?”
    “අපි දෙන්නා අතරේ සම්බන්ධයක් ඇති වුණා. ගෙදර කවුරුවත් දන්නේ නෑ. ලසිකාට දරුවෙකුත් ලැබුණා. මම ඒ දෙන්නට ගේකුත් අරගෙන දුන්නා. මම වැඩබිම් පරීක්ෂාවට ඈත යනවා කියලා ජයන්තිට කියලා ලසිකායි පුතයි ඉන්න ගෙදරට ගිහින් පහුවදා ගෙදර එනවා.”
    “ඊට පස්සෙ?”
    “ඊට පස්සේ මගේ බඩේ පිළිකාවක් හැදිලා මැරුණා.”
    “මැරිලා මොකද වුණේ?”
    “ඔහේ පා වෙවී හිටියා. දවසක් ලසිකා දේවාලෙකට ගිහින් මාව ගෙන්නුවා. මාව එතැනට ඇදිලා ගියා. එතැනද කපුවගෙ ඇඟට මාව දිෂ්ටි වුණා. ලසිකා මට තර්ජනය කළා.”
    “මොනවා කියල ද තර්ජනය කළේ?”
    “අපට ජීවත් වෙන්න විදිහක් නෑ. සල්ලි නැතුව මමයි දරුවයි ජීවත් වෙන්නෙ කොහොම ද? මට සල්ලි ඕනැ. තමුසෙ කොහෙන් හරි සල්ලි ගෙනැත් දෙන්න ඕනැ කියලා.”
    “ඉතින් තමුන් මොකද කීවේ?”
    “මම බෑ කිව්වා. ඒ පාර ලසිකා කිව්වා තමුසෙ මට උදව් නොකළොත් කපුවා ලවා මට දඬුවම් කරවනවා කිව්වා. අල්ලලා පුච්චනවයි කීවා. කුප්පියකට බැඳල දාලා කොන්ක්‍රීට් දාල හිර කරලා මූදෙ දානව කීවා. මේ දරුවව තමුසෙගෙ ගෑනි ළඟට ගිහින් බාර දෙනවැයි කීවා. ඉතින් මම පුළුවන් විදිහට සල්ලි ගෙනිහින් දුන්නා. ඒ දරුවව මගේ ගෙදරට ගිහින් දැම්මොත් මගේ පුතාටත් ලැජ්ජා වේවි කියලා මට බය හිතුණා.”
    “කපුවාගේ ඇ‍ඟෙන් තමුන් ඉවත් වෙලා කපුවට සිහිය ආවා ම කපුවා මොකද කීවේ.”
    “මහත්තයා ඒ බැල්ලි මාව රැවටුවා. ඒකි ඒ කපුවා එක්ක සම්බන්ධකම් පවත්වනවා මම ඇහින් ම දැක්කා. උන් දෙන්නා ඉස්සර ඉඳල ම සම්බන්ධ දෙන්නෙක්. ඒක ම තමයි මිනිහත් දාල ගිහින් තියෙන්නේ. මේකි මගේ කන්තෝරුවෙ රස්සාව කරද්දි කපුව ලවා මතුරපු දෙයක් මට කන්න දීලා තමයි මාව අල්ලා ගෙන තියෙන්නේ. ඒකෙන් ම තමයි මට පිළිකාව හැදිලා තියෙන්නෙත්, ඔන්න ඔය විදිහට තමයි ජයන්තිගෙ ළඟ තිබුණු සල්ලි මට අරගෙන ගිහින් ඒකිට දෙන්න සිද්ධ වුණේ.”
    “හොඳයි දැන් තමුන් මේ ජයන්ති නෝනටයි දරුවටයි කරදර නොකර ඉවත් වෙලා යන්න කැමති ද?”
    “කැමතියි මහත්තයා පළමුවෙන් ම අර බැල්ලිටයි පාහර කපුවටයි අල්ලන්න බැරි තැනකට ඔබතුමාම මාව යවන්න. ඊට කලින් මේ දේවල් මගේ වුවමනාවෙන් වෙච්ච දේවල් නොවෙයි උන් වශී ගුරුකමක් කරලා මාව අල්ල ගෙන මා ලවා කරවපු දේවල්. මම මගේ නෝනටත් දරුවටත් ආදරෙයි. නෝනාට කියන්න මහත්තයා මට සමාව දෙන්න කියලා. නැත්නම් මගේ හිතට නිදහසක් නෑ.”
    “හොඳයි මම කියන්නම්, පියසිරිත් ජයන්තිගේ ශරීරයෙන් ඉවත් වෙලා අහගෙන ඉන්නකෝ” යි කී නාගොඩ විතාන මහතා ජයන්තිටත් ඇගේ දෙමව්පියන්ටත් පුතාටත් උපදෙස් දුන්නේ ය.
    “දැන් මෙතන සිද්ධ වෙලා තියෙන දේ මේ හැම කෙනෙකුට ම පැහැදිලියි. මිනිසුන් අතින් වැරදි සිද්ධ වෙනවා. වැරදි නොකරපු කෙනෙක් නැහැ. මිනිසුන් වැරදි කරන්නෙත් මොනවා හෝ හේතුවක් ඇතිව.
    කෙනෙකුට හානි, පාඩු, අපහාස වන ආකාරයෙන් සමහරු දැන දැනම වැරදි කරනවා. ඒත් මේ පියසිරි මහත්තයා මෙතැනදි වැරදි කරලා තියෙන්නේ ඇදුරෙක් මතුරලා කන්න දීපු දෙයක් නිසා ඔවුන්ට අවනත වෙලා. අවසානය දක්වා ම නෝනාගෙයි දරුවගෙයි ගෞරවය ආරක්ෂා කරලා තියෙනවා.
    ඇදුරයි ලසිකයි මේ ගුරුකම කරලා තියෙන්නේ තණ්හාවෙන්. මහත්තයගෙන් මුදල් ලබා ගන්න. ඒක හොඳට ම පැහැදිලියි.
    ඒ මතුරලා දීපු කෑම නිසා අන්තිමේ ඒ වටිනා ජීවිතයත් නැති වුණා. දැන් ජයන්ති නෝනා පියසිරි මහත්තයාට අවංකව ම සමාව දෙන්න. වෛර කරන්න එපා. ඒ අසරණ වෙලා ඉන්න ප්‍රාණ කාරයාට සමාව දීම විශාල කුසල කර්මයක්, මේ උදවිය ඉතා ම සද්ධාවෙන් ස්වාමීන් වහන්සේලා පහළොස් නමක් නිවසට වඩම්මා අටපිරිකර සහිතව සාංඝික දානයක් පිරි නමන්න. මහත්තයා ගෙ නම කියලා පැන් වඩලා පින් අනුමෝදන් කරන්න. එතකොට පියසිරි දැන් ඉන්න තත්ත්වයෙන් ඉහළට යාවි. එතකොට කපුවන්ට බන්ධනය කර ගන්න බැරිවේවි” යි උපදෙස් දුන්නේ ය.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හිමිනමගේ භාවනාවට භූතයාගෙන් බාධා

    බුදු රජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ ද භික්ෂූන් වහන්සේට අමනුෂ්‍යයන්ගෙන් ‍කරදර වූ අවස්ථා පිළිබඳ ත්‍රිපිටකයේ සඳහන් වේ. භික්ෂූන් වහන්සේ වනගතව භාවනා කරන්නට ගිය අවස්ථාවල එසේ කරදරවලට මුහුණ පෑ බව කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ නිධාන කතාවෙන් පැහැදිලි වේ. තවත් අවස්ථාවක නාගයෙකු මිනිස් වෙස් ගෙන පැවිදිව සිටි අවස්ථාවක් ගැන ද කියැවේ. තවත් අවස්ථාවල සාරිපුත්‍ර මහ තෙරුන් වහන්සේත් අනුරුද්ධ මහ තෙරුන් වහන්සේත් ගිජ්ඣකූටයේ සිට වැඩම කරවන විට ශරීරයෙන් බුර බුරා නැ‍ඟෙන ගිනි දැල් සහිතව අහසින් ගමන් කරන ප්‍රේතයන් දුටු බව ද ඒ බව බුදුරජාණන් වහන්සේ සමඟ උන් වහන්සේ ප්‍රකාශ කළ බව ද කියැවේ. එසේ ම ආටානාටිය සූත්‍ර දේශනාවේ ගන්ධබ්බ, කුම්භාණ්ඩ, නාග, යක්ෂ යන සතර කොට්ඨාසය පිළිබඳව ද ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ද වෛශ්‍රවණ දෙවියන් විසින් ප්‍රකාශ කරන ලද විස්තර කියැවේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි මේ අමනුෂ්‍යයෝ දක්වන මනාපකම් හා අමනාපකම් පිළිබඳව ඊට හේතු ද එහි විස්තර වේ. මේ අමනුෂ්‍යයෝ මනුෂ්‍යයන් හා මනුෂ්‍ය ස්ත්‍රීන් ද ගව මහීෂාදි සතුන් ද වාහන කොටගෙන ගමන් කරන බව ද එහි කියැවේ. මෑත අතීතයේ ද අපේ ස්වාමීන් වහන්සේ යක්ෂයන්ගෙන් වැඩ ගත් අවස්ථා ද බොහෝ අසන්නට ඇත. වර්තමානයේ ද යම් යම් අමනුෂ්‍ය බලපෑම් නිසා මිනිසුන් විඳින ලෙඩ ‍රෝග දුක් ගැහැට පිළිබඳව ද බහුල වශයෙන් අසන්නට ලැබේ. මුදල් ඉපැයීම ම ප්‍රධාන කොටගත් ඇදුරන් විසින් යම් යම් අයගේ වුවමනාවන් ඉටු කිරීමට, පළි ගැනීමට, තවත් කෙනෙකුට හදි සූනියම් කොට, ලෙඩ දුක් හිරිහැර කරදර කරන අවස්ථා ද අසන්නට ලැබේ. එහෙත් ජීවත්වීම සඳහා, අඹු දරුවන් පෝෂණය කිරීම සඳහා මෙසේ රැකියාව වශයෙන් ඇදුරුකම් කොට අනුන් නැසීමට, අනුන්ට හිරිහැර කිරීමට තමන් දන්නා ගුණ ශාස්ත්‍රවලින් අන වින හදි හූනියම් කිරීමත්, කැරවීමත් බරපතළ පාපයකි. අනන්ත කාලයක් විපාක විඳින්නට සිදුවන පාප කර්මයකි. සමහරෙකුට දිට්ඨ ධම්මවේදනීය වශයෙන් මෙලොව දීම විපාක විඳින්නට සිදුවේ.
    මනිජෝති හාමුදුරුවෝ පනස් හැවිරිදි ස්වාමීන් වහන්සේ නමකි. රාත්‍රි නින්දෙන් බිය වී අවදි වීම, භාවනා කරන විට බාධා කිරීම, නොපෙනෙන කෙනෙකු පැමිණ ටොකු ඇනීම ආදී කරදරවලින් පීඩා වින්ද මනිජෝති හාමුදුරුවෝ ඉන් මිදීම සඳහා කරන ලද පිළිවෙත්වලින් ප්‍රතිඵලයක් නොවූයෙන් අධ්‍යාත්මික ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියහ.
    එහිදී ආධ්‍යාත්මික ගවේෂකවරයා විසින් කිරණ අල්ලන ලදුව මනිජෝති හිමියෝ සිහි සුන්ව වැටී දඟලන්නට වූහ. ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කරන අතර දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් ලැබුණි.
    දෙවැනි දිනයේ මනිජෝති හිමියෝ ප්‍රලය වී කෑ ගසන්නටත්, දඟලන්නටත් වූහ. ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.
    “කව්ද මේ හාමුදුරුවන්ගේ ශරීරයට රිංගා ගෙන ඉන්නේ.”
    “මම මෙයාගෙ පස්සෙන් කාලෙක ඉඳලා එනවා.”
    “මම අහපු දේට උත්තර දෙනවා. කව්ද මේ?”
    “මම මෙයාගෙ පස්සෙන් කාලෙක ඉඳලා එනවා.?”
    “මම පියදාස”
    “කවුද පියදාස කියන්නේ?”
    “මෙයාගෙ ලොකු තාත්තා” (මහප්පා)
    “ලොකු තාත්තා මොකද මේ බුද්ධ පුත්‍රයාට හිරිහැර කරන්නේ?”
    “හිරිහැර නොවෙයි මරාගෙන යන්නයි ඉන්නේ?”
    “ඒ මොකද?”
    මුන්ගෙ තාත්තා මගේ ඉඩම් බලෙන් අල්ලා ගත්තා.”
    “ඒ කොහොමද?”
    “මුන්ගෙ තාත්තටයි මටයි උරුමෙන් ආපු හවුල් ඉඩම් තිබුණා. ඒවා
    මට නොදී තනියම අයිතිකැර ගෙන බුක්ති වින්දා‍. මගේ කොටස් මට දුන්නේ නෑ. බලහත්කාර කමෙන් අයිති කැර ගත්තා. “
    “ඒ කොහොමද?”
    මුනුන්ගේ තාත්තාටයි මට උරුමයෙන් ආපු හවුල් ඉඩම් තිබුණා. ඒවා මට නොදී තනියම අයිතිකැර ගෙන බුක්ති වින්දා.‍ මගේ කොටස් මට දුන්නේ නෑ. බලහත්කාරකමෙන් අයිති කැර ගත්තා. ඌ චන්ඩියා. මට ඌත් එක්ක හැප්පෙන්න බැරි නිසා මම ඇදුරෙක් ලව්වා හූනියම් කෙරෙව්වා. “
    “ඉතින් මොකද වු‍ණේ”
    “පවුලේ ඔක්කොම අය මළා. එක සහෝදරියක් ඉතුරු වුණා. මෙයා මහන වුණා.”
    “දැන් ඉතින් පළිගත්තා මදැයි.”
    “එහෙම අත හරින්න බෑ.”
    “පවුලේ අනිත් අයව මැරුවේ කවුද?”
    “අර මම කරපු හූනියමට බන්ධනය කළ යක්ෂයෝ”
    “ඉතින් තමුන් මොකටද මේ ශරීරෙට රිංගුවේ.”
    “අර හූනියමට බන්ධනය වුණ අය මගේ වටේ ඉන්නවා. උන් තමයි මට බලකරන්නේ මූ මරන්න. උන් මාව අල්ලාගෙන ඉන්නේ. උන් කියන දේ මම කරන්න ඕනෑ.”
    “ඇයි මේ හාමුදුරුවන්ට ටොකු අනින්නේ?”
    “මූ භාවනා කළොත් මට මරාගන්න බැරි වෙනවා. ඒ නිසා භාවනා කරන කොට භාවනාව කඩන්න මම ටොකු අනිනවා.”
    “ඒක මහා පාපයක්. අකුසල කර්මයක්.”
    “ඔව්. මම දන්නවා”
    “දැන් තමුන් කල්පනා කරන්න. තමුන්ගේ ඉඩකඩම් දේපළ අයිති කර ගත්තේ මෙයා නොවෙයි. මෙයාගෙ තාත්තා තමුන්ගෙ සහෝදරයා. මෙයා ඒ සියල්ල අතහැරලා ගිහි ගෙයින් නික්මිලා පැවිදි වෙලා ඉන්නේ. තාත්තා කළ දේට පුතාට කරන්න දෙයක් නෑ. අනිත් කාරණය තමුන්ට පාඩුවක් අසාධාරණයක් කළ පුද්ගලයාගෙන් හූනියම් කරලා පළි ගත්තා. තවත් මොනවද මේ කරන්නේ?”
    “මට මෙයාව දාලා යන්න බෑ. මූව මරාගෙන යන්න ඕනෑ‍.”
    “බුද්ධ පුත්‍රයෙක් මරණ එක මහා පාපයක්. තමුන්ට කල්පාන්තරයක් විපාක දුක් විඳින්න වේවි.”
    “මම දන්නවා. මම දන්නවා. ඒත් මට කරන්න දෙයක් නෑ. මගේ වටේ තවත් හතර දෙනෙක් ඉන්නවා. උන් හතර දෙනා මට බල කරනවා. මරාපිය… මරාපිය… කියලා. නැත්නම් ‍උන් මට හිරිහැර කරනවා.”
    “මම මෙච්චර වෙලා කියා‍පු දේ තමුන්ට තේරුණේ නැද්ද? තාත්තා කළ වරදට පුතාට දඬුවම් කරන්න තමුන්ට කිසිම අයිතියක් නෑ. ඒක පාපයක්. මේ සියල්ල අත හැර ආගමික ජීවිතයක් ගෙවන බුද්ධ පුත්‍රයෙක් මරණ එක ඊටත් වඩා මහා පාපයක්. මම දැන් කීප ‍ සැරයක් කිව්වා. තමුන් තණ්හාවෙන්, වෛරයෙන් මැරිලා දැන් දුගති ගාමීව ඉපදිලා දුක් විඳිනවා මදිවාට නිරයට ගිහින් කල්ප
    කාලාන්තරයක් දැවි දැවී දුක් විඳින්න ද හදන්නේ.”
    “මට තේරෙනවා මහත්තයා. මට තේරෙනවා. ඒත් අර හතර දෙනාගෙන් මට බේරෙන්න බෑ. නිදහසක් නෑ. මෙයාව මරන්න කියලා.
    “කෝ දැන් ඒ හතර දෙනා?”
    “මෙයා මෙතනට එන කොට මෙයා එක්ක මමත් ආවා. මම එනකොට මා එක්ක ඒ හතර දෙනත් ආවා. ඇවිත් අර ගෙට්ටුව ළඟ නතර වුණා. උඹ පලයං… අපි මෙතන ඉන්නවා කියලා. උන් ඇතුළට ආවේ නෑ. පිටතට වෙලා ඉන්නවා.
    ගවේෂකවරයා ස්වකීය ආධ්‍යාත්මීය ශක්තියෙන් ඒ සතර දෙනා ගෙන්වීය. ඇදුරෙකුගේ බන්ධනයකට අසු වී ඒ ඇදුරා පැවරූ කාර්ය නොකර නොසිටිය හැකිව එහි ම ගැලී සිටින, ඒ බන්ධනයෙන් හිර වී බැඳී සිටින මේ භූතයන් හතර දෙනා කිරණ ශක්තියෙන් දවා ලීය. බලවත් පීඩාවකට පත් කළේ ය. සෑහෙන්න දවාලීමකට පත් කොට ඔවුන් බැඳී සිටි බන්ධනය පුපුරවා හැරියේ ය. බන්ධනය පුපුරවාලූ සැනින් නිදහස් වූ ඒ අමනුෂ්‍යයෝ පැත්ත පළාතක නොරැඳී නොසිට පලා ගියහ.
    මනිජෝති හිමියන්ට ආවිශ්ටව සිය ප්‍රේත ජීවියා සිනාසෙන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය.
    “හීඃ…හීඃ…හීඃ….”
    “ඇයි මේ හිනාවෙන්නේ?
    “හිනායන්නෙ නැද්ද මහත්තයා.‍ සතුටට, සතුටට. මාව හිර කරගෙන මට කරදර කරපු හතර දෙනා නිදහස් වෙලා ගියා. උන් ආයෙත් නොඑන්නම ගිය නිසා මමත් නිදහස් ඒ සතුටට තමයි හිනාවුණේ.”
    “හොඳයි, හොඳියි, නමුත් සතුටු වෙලා හිනාවෙලා ඉන්නවා මගේ මේ හාමුදුරු‍වන්ටත් සැනසිල්ලේ ඉන්න ඉඩ දීලා, දැන් තමුනුත් ඉවත්ව යන්න ඕනෑ.”
    “ඔව් මහත්තයා දැන් මට යන්න පුළුවන්, මටත් නිදහසේ ඉන්න ඕනෑ.”
    “ඔව් දැන් තමුන්ගේ හිත නිදහස් කැර ගත්තා. නමුත් දැන් ප්‍රේතයෙක්. කලින් මිනිස් භවයේ පියදාස නමින් ජීවත්ව සිටියදී සිදුවුණ දේපළ පාඩුවට තමුන් පළිගත්තා. දැන් ඒක ඉවරයි. ආයෙත් ඒ ගැන හිතන්න එපා.‍්‍හිතලා වැඩක් නෑ. එදා පියදාස. අද ප්‍රේතයෙක්. අනුන්ගේ ජරාව කකා ජීවත්වෙන පෙරේතයෙක්. වෛරයේ පාප විපාක ගෙවන දුගතිගාමි භූතයෙක්.”
    “අනේ… මහත්තයා… මට දැන් වැටහෙනවා. මගේ ඇ‍ඟෙන් නික්මෙන දුර්ගන්ධය මට ම උහුලන්න බැරි තරම්, අනේ මහත්තයා මාව හොඳ තැනකට යවන්න. ඔබ තුමාට පින් අයිතිවේවි. කට්ටඩි නම් කරන්නේ අපිට බැඳලා මූදෙ දාලා තවත් දුක් දෙන එක. ඔබ තුමා අපි වාගේ අයට පිහිට වෙන බව පෙනෙනවා. අනේ මාවත් හොඳ තැනකට යවන්න.”
    “තමුන් කොතැනට යන්නද කැමැති?”
    “කන්දෙ විහාරයට යන්න කැමැතියි.”
    මනිජෝති හිමියන් ලවා ඊළඟ දිනයේ පිච්චමල් වට්ටියක් හා පළතුරු වට්ටියක් ගෙන්වා ප්‍රේත ජීවියා ඊට සම්බන්ධ කොට කන්දේ විහාරයට යැවීය. එහි ගොස් පිනට දහමට සිත යොමු කොට තෙරුවන් කෙරෙහි සිත යොමු කරන ලෙස ද ප්‍රේත ජීවියාට අවවාද කළේ ය.
     
    • Like
    Reactions: chk99

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    11.gif