පියාගෙන් දියණියට දුරකථන ඇමතුමක් ......

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    පියාගෙන් දියණියට දුරකථන ඇමතුමක් ......

    එක්තරා පියෙකු රාජකාරියේ යෙදී සිටියදී තම නිවසට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. එයට පිළිතුරු දුන්නේ ඔහුගේ අට හැවිරිදි දියණිය.

    WrongNumber.jpg

    "කොහොමද රත්තරං. මේ තාත්තා. අම්මා ළඟ ඉන්නවද ?"
    "නෑ තාත්තී. අම්මා පෝල් මාමත් එක්ක උඩ තට්ටුවේ නිදියන කාමරේ" කුඩා දැරිය උපහාසයෙන් මෙන් පවසා සිටියා.
    කුඩා ඉසිම්බුවකින් නැවතත් පියා හඬ අවධි කළා
    "ඒ වුණාට රත්තරං ඔයාට පෝල් කියලා මාමා කෙනෙක් නෑනේ!"
    "ඕහ් ! ඔව් ඉන්නවා අන්න එයා මේ දැන් උඩ තට්ටුවේ අම්මත් එක්ක"
    තවත් කෙටි නිහැඬියාවකින් පසු
    "අහ් ! හරි. එහෙනං මෙන්න මේකයි දැන් ඔයා කරන්න ඕනේ : ෆෝන් එක පැත්තකින තියලා, උඩ තට්ටුවට දුවලා, දොරට තට්ටු කරන්න. ඊට පස්සේ කෑ ගහලා කියන්න, තාත්තාගේ කාර් එක ගේට්ටුව ළඟ" කියල.
    "හරි පොඩ්ඩක් ඉන්න තාත්තේ"
    ටික වෙලාවකට පසු කුඩා දැරිය දුරකථනය වෙත පැමිණ
    "හරි තාත්තේ" යනුවෙන් පිළිවදන් දුන්නාය.
    "මොනවද වුණේ රත්තරං ?"
    "අම්මා හොඳටම බය වෙලා හෙළුවෙන්ම ඇඳෙන් බිමට පැනලා, කෑගහගෙන කාමරේ වටේ දිව්වා. ඊට පස්සේ ඇදගෙන වැටිලා එයාගේ ඔළුව පඩිපෙළේ වැදුණා. දැන් එයා හෙලවෙන්නේ වත් නෑ.
    "පෝල් මාමට මොකද වුණේ ?" පියා විමසුවා.
    "එයා ජනේලයෙන් පැන්නා ස්විමිං පූල් එකට. මං හිතන්නේ ඔයා ගිය සතියේ වතුර අස් කළා කියලා එයා දැනගෙන ඉඳලා නෑ. එයාව අඩියටම වැටිලා මම හිතන්නේ දැන් එයා මැරිලා".
    ඉතාම දිගු නිහැඬියාවකින් පසුව යලිත් වරක් පියා හඬ අවධි කළා
    "ස්විමිං පූල් එකක් !!!, ඒ වුණාට අපිට පූල් එකක් නෑනේ.
    මේ 486-5731 ද ?"
    "නෑ. මේ 486-5713"
    "සොරි රෝන්ග් නම්බර් !!!!"​

    ගත්තේ මෙතනින්
    http://awidda-paya.blogspot.com/2015/09/blog-post_21.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FDxLND+%28ඇවිද්ද+පය+......%29
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අංකයක් මාරැවෙලා ඔහොමනම් නම්බර් 1 සම්පුර්ණයෙන් මාරැ උනානම් කොහොමට තියෙයිද?