පියාඹන_මෝටර්_බයික්
ඩුබායි පොලීසියට පියාඹන මෝටර් බයික්
ඩුබායි පොලිසිය කියන්නේ ලොව අනෙකුත් රටවල පොලීසි වලට වඩා ගොඩක් වෙනස් ස්ථානයක්. ඒ වෙනසනම් ඔවුන් පැමිණෙන නව තාක්ෂනය සමග ඉතා ඉක්මනින්ම අත්වැල් බැඳ ගන්න නිසාවෙනි. ඔවුන් මේ වන විට පොලිස් සේවය සඳහා ලැම්බෝගිනි මෝටර් රථ භාවිතා කරයි. තවද රිය පදවන රොබෝවරු සේවය සඳහා යොදා ගෙන ඇත. ඇන්ඩ්රොයිඩ් තාක්ෂණයෙන් නිර්මිත පොලිස් නිලධාරීන් සේවයට යොදවාගෙන ඇත. මේ දිනවල ඩුබායි පොලිසියට අලුතින්ම පැමිණ ඇති සාමාජිකයන් වන්නේ පියාඹන මෝටර් සයිකල්ය. ගෝනුස්සා ( Scorpion ) යන නාමයෙන් හඳුන්වන මෙම පියාබන මෝටර් සයිකලය නිර්මාණය කර ඇත්තේ රුසියානු සමාගමක් වන හොවසර්ෆ් ( Hoversurf ) විසිනි. පියාසර කිරීම සඳහා තල බමන පෙති ( propellers ) 4 භාවිතා කරයි. මේ පියාබන මෝටර් සයිකලයට රාත්තල් 600 ක් පමණ බරක් ඔසවාගෙන පැයට සැතපුම් 40 ක පමණ වේගයකින් ධාවනය කල හැකිය. විනාඩි 25 ක පමණ කාලයක් අහසේ එක දිගට රැඳී සිටීමට හැකියාව ඇත.
ඇලෙක්ස්සැන්ඩර් ආටර්මොනොව් ( Alexander Atamanov) ඩුබායි පොලිසිය සමග සිය නිෂ්පාදන ආරම්භ කිරීමට ගිවිසුමකට අත්සන් තැබූ අවස්ථාව
මේ වසරේ ( 2017 ) මුල් භාගයේදී පැවතී තාක්ෂණික ප්රදර්ශනයකදී මුල්වරට මෙම පියාඹන මෝටර් සයිකලය ලොවට හඳුන්වා දුන් අතර මෙය දුටු ඩුබායි පොලිසිය මෙම නව නිර්මාණය තම පොලිස් සේවය වෙනුවෙන් යොදා ගැනීමට තීරණය කළේය. ඒ අනුව ඔවුන්ගේ භාවිතා කරන නව තාක්ෂණික භාණ්ඩ අතරට පියාඹන මෝටර් බයිසිකලයද එක්විය.
හොවසර්ෆ් ( Hoversurf ) සමාගමේ අධ්යක්ෂක ඇලෙක්ස්සැන්ඩර් ආටර්මොනොව් ( Alexander Atamanov) සිය ෆේස්බුක් පිටුවේ සටහන් කර ඇත්තේ ඉදිරියේදී ඩුබායි හී මහා පරිමාණයෙන් මෙම මෝටර් සයිකල් නිපදවීමට ඩුබායි පොලිසිය ආරාධනා කොට ඇති බවත් ඒ වෙනුවෙන් මේ වන විට ගිවිසුමකට අත්සන් තබා ඇති බවය.
උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com

Last edited:

අනික උන්ගේ හැමදේම ඩිජිටල්.. රටට ඇතුළු වෙද්දීම ඇහැ ස්කෑන් කරනවා.. ඊලඟට අයි.ඩී එක හදනකොට මුළු අල්ලෙම සලකුණු ගන්නවා.. අපිත් නොදැන අපිව හොයා ගන්න පුලුවන් දත්ත ගොඩක් උන්ගේ සිස්ටම් එකේ නිකම්ම ස්ටෝ වෙනවා..
අපරාධකාරයෙකුට උනත් දස වද දී දී දක්කගෙන යන්නෙත් නෑ.. වැරද්දක් කරලා බේරිලා ඉන්නත් බෑ.. ඒ අතින් අපි මාර පිටිපස්සෙන් ඉන්නේ..