පියුමිගේ කුණුහරුප ටීෂර්ට් එක
පසුගිය දින කිහිපයේම අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයකම එක්තරා ටීෂර්ට් එකක් සම්භන්ධ පුවතක් වාර්තා වුනා. ඒ නවක නිළියක මෙන්ම නිරූපිකාවක වන පියුමි හංසමාලි විසින් ස්වර්ණවාහිනියේ සජීවිව විකාශය වන වැඩසටහනකට ඇදගෙන පැමිණි කුණුහරුපයක් ගම්‍ය වන ටීෂර්ට් එකක් නිසා ඇතිවූ කළබැගෑනියක් ගැනයි. ඊට අනුව වැඩසටහන බොහොමයක් දුරට විකාශය වන තුරුත් එය නිෂ්පාදකවරයා දැක නොතිබීම හේතුවෙන් ඉහලින් පැමිණි දුරකථන ඇමතුමකින් පසුව හිටිහැටියේ නවතා දමා තිබුනා.
කෙසේ වෙතත් මේ පිළිබදව අද මව්බිම පුවත්පතේ හදගැස්ම අතිරේකයේ සම්මුඛ සාකච්ඡාවකින්ද මාතෘකාවක් කොටගෙන තිබෙනවා. එහිදී පියුමි හංසමාලිගෙන් සිදුවූයේ කුමක්දැයි විමසන අතර එවැනි කිසිදු දෙයක් සිදු නොවූබවට පියුමි පවසනවා. එවැනි ටීෂර්ට් එකක් එදින තමන් ඇද නොසිටි බවත් එය සම්පූර්ණ මඩක් බවත් පවසනවා. නමුත් මව්බිමේ පලවූ එම ලිපිය කියවන විට මෙහි මාතෘකාව වන ස්වර්ණවාහිනියෙන් සන්ධ්‍යා කාලයේ විකාශය වන ‘Misix’ වැඩසටහන පියුමිව ප්‍රශ්න කරන කෙනාද නොදැකපු බවයි පෙනෙන්නට ඇත්තේ. එම නිසාම ඇයගේ දැනගැනීමට පියුමි එදින ඇද සිටි ආකාරය පහතින් දැක බලාගැනීමට සලස්වා තිබෙනවා.
මොකක්ද පියුමිට අකරතැබ්බයක් වුණා කියන්නේ?
මට කිසිම දෙයක් වුණේ නෑ… ඔය ආරංචිය බොරු ආරංචියක්.
.
එතකොට අසැබි වචනයක් සහිත ටී ෂර්ට් එකක් ඇඳගෙන වැඩසටහන මෙහෙයවූවා කියන කතාව බොරුවක්ද?
අමූලික බොරුවක්. ඒ වගේ ටී ෂර්ට් ඇඳගෙන Programme කරන්න තරම් මම මෝඩයෙක්ද.
.
එහෙනම් මේ නැඟලා තියෙන්නේ ගිනි නැති දුම්රොටුද?
මෙහෙමයි ඔය කියන දවසේ මම ස්වර්ණවාහිනියේ 6.30 සංගීත වැඩසටහනට නිල්පාට පටියක් ඔළුවේ දාගෙන හිටියේ. අපේ පසුතලයත් නිල්පාට නිසා Key කරන ගැටලුවක් නම් ආවා.
.
පැයක වැඩසටහන පැය භාගෙකින් නතර කරන්න හේතුව එතකොට ඔය ඔළුව බැඳපු පටියද?
ඒකත් එක හේතුවක්. ඒ වගේම සමහර සිකුරාදා දවසට පැය භාගයෙන් Programme එක නතර කරනවා.
.
ඒත් කතාව යන්නේ එහෙම නෙමෙයිනේ, පැය භාගයකට පස්සේ ස්වර්ණවාහිනියේ ඉහළ පුටුවක කෙනෙක් ඔබ අසැබි වදනක් සහිත ඇඳුමක් ඇඳලා තියෙනවා දැකලා වැඩසටහන නතර කළා කියලානේ?
මොන බොරු කතාවක්ද? කවුරුවත් වැඩසටහන නතර කළේ නෑ. නිෂ්පාදන කණ්ඩායමම තමයි වැඩසටහන නතර කළේ. ඇයි මේ වගේ බොරු කතා හදන්නේ කියලා මට තේරෙන්නෙ නෑ…
.
වැඩසටහනට කලින් වැඩසටහන් නිෂ්පාදක, නිවේදක නිවේදිකාවන්ගේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්නේ නැද්ද?
ඇයි නැත්තේ, මම මං අඳින ඇඳුම ගැන සැලකිලිමත් වෙනවා වගේම නිෂ්පාදකත් ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඔය කියන වගේ අසභ්‍ය වචනයක් මගේ ඇඳුමේ තිබුණා නම් වැඩසටහන විකාශය වෙන්න කලින් කී දෙනෙක් දකිනවද?
.
එතකොට ඔය ඔළුවට බැඳපු පටිය නිල් කියලා කලින් දැක්කෙ නැද්ද?
ඒක මහා ලොකු දෙයක් නෙවෙයිනේ. ඔළුවෙ බඳින පටියයි, ඇඳුමයි කියන්නේ දෙකක්නේ.
.
කතාව බොරු නම් ඇයි මේ වගෙ බොරු ප්‍රචාරය වෙන්නේ?
පල ඇති රුකටනේ ගල් මුල් වදින්නේ. නිරූපිකාවක් විදියට ඔය වගේ Gossip හැදෙන එක සාමාන්‍ය දෙයක්. මම නම් ඇත්තටම ඔය Gossip ගණන් ගන්නෙ නෑ. ඒත් මට දුක මේ Gossip එකට ස්වර්ණවාහිනී නම අෑඳුණ එක. ඒක ආයතනයේ ගෞරවයට හානියක්.
.
පියුමි තමන් ගැන හිතනවාට වඩා ආයතනය ගැන හිතනවා වගේ?
අනිවාර්යයෙන්ම. අපිට ඔය කතා පුරුදුයි. ඒත් ස්වර්ණවාහිනිය කියන්නේ වැදගත් මාධ්‍ය ආයතනයක්. අපිට ගහන මඩවලට ආයතන ගාවන්න ඕනෑ නෑනේ.
.
දැන් පියුමිට මඩ ගහන්නේ ස්වර්ණවාහිනියේ අයද එහෙම නැත්නම් වැඩසටහන නරඹන අයද?
ස්වර්ණවාහිනියේ අය කියලා හිතන්නත් බෑ. මොකද හැමෝම මිත්‍රශීලි මුහුණක් තමයි මට පෙන්නන්නේ. ඒත් පෙන්නන මූණමද තියෙන්නේ කියලා මම දන්නෙ නැහැ.
.
අන්තර්ජාලයේ මේ ප්‍රවෘත්තිය පළ වුණාම ආයතනයෙන් ප්‍රශ්න ආවාද?
නෑ… මම නිෂ්පාදක ගීත් අයියාට කතා කළා. එයා කිව්වෙත් කලබල නොවී අහන අයට වෙච්ච දේ කියන්න කියලා. සමහර වෙබ් සයිට්වලට කතා කළාම ඒ අයම Sorry කියලා News එක ගැලෙව්වා.
.
නිරූපිකාවක් වුණු පියුමි නිළියක් වුණේ කොහොමද?
අහම්බෙන් ලැබුණු අවස්ථාවක්.
.
ස්වර්ණවාහිනියේ ඉහළ පුටුවක කෙනෙක්ගෙන් පියුමිට මේ අවස්ථාව උදා වුණා කියලත් ඔය පැතිරුණු කතාවලම සඳහන් වෙනවා…?
ඔය කියන්නේ වැඩසටහන් අධ්යක්ෂ බුද්ධික කුලසේකර මහත්මයානේ. ඉතිං තමන්ගේ නාළිකාවේ වැඩසටහන් මෙහෙයවන්න ගන්නෙ කවුද කියලා තීරණය කරන්න ඔහුට අයිතිය තියෙනවානේ.
.
මේ සිද්ධියෙන් පස්සේ වැඩසටහන් අධ්යක්ෂවරයා ඒ පිළිබඳ විනයානුකූල පියවරක් නොගත්තේ හිතවත්කමටලු…?
මම ඔහුව පෞද්ගලිකව හඳුනන්නේ නෑ. මම වැඩසටහන මාස කීපයක්ම කරනවා. ඒත් මට ඔහුව මුණගැහිලා නෑ. ඒත් දැන් නම් මට ඔහු මුණනොගැසී බෑ… මේ වෙච්ච දේ ගැන කතා කරන්න ඕනෑනේ…
.
නිළියක් වෙලා ජනප්‍රියත්වයට පත් වෙනකොටම යහපාලනයත් එක්ක විකාශය වුණු නාට්‍යය නතර වුණා. බලන් ගියාම ඒකෙනුත් පියුමිට අසාධාරණයක් වුණා…?
යහපාලනය නිසා වුණාද කියන්න නම් දන්නේ නෑ… අධ්යක්ෂ ශාන්ත අයියා කියලා තිබුණෙ කොටස් 50යි රූගත කරන්නේ කියලා. හරියටම කොටස් 50යි විකාශය වුණේ.
.
කොහොම වුණත් කතාව නිමා වුණේ අවසානයක් නැතුවමනේ?
ඔව්… ඒක ඇත්ත.
.
නිළියක් විදියට ජනප්‍රිය වෙනකොටම එහෙම වුණ එක ගැන කනගාටුවක් නැද්ද?
දුකයි. ඒත් මගේ රසිකයන්ට කියන්නේ රිතූ නතර වුණාට පියුමි නතර වෙන්නේ නෑ…
.
ඒ කියන්නේ තවත් ටෙලි නාට්‍යවලින් ඉදිරියට පියුමි මුණගැහෙනවා?
නාට්‍ය හත අටකට ආරාධනා ආවා. ඒත් මම තාම තීරණය කළේ නෑ. ආයේ රඟපානවද කියලා.
.
ඇයි ඒ?
අලුතින් එන නිළියන්ට අධ්යක්ෂවරු වැරදුණාම සැර වැර කරනවලු. මම ඒවට බයයි. ශාන්ත අයියා නම් කවදාවත් එහෙම කළේ නෑ. ශාන්ත අයියාගේ නාට්‍යයක නම් දෙපාරක් හිතන්නෙ නැතුව රඟපානවා.