පියුමි HOT

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,605
    113
    මම කාගෙන්වත් කතාවක්‌ අහල නැහැ
    පියුමි පුරසිංහ

    piumi1.jpg piumi2.jpg :P
    නිලංජනා ටෙලිනාට්‍යය ඔස්‌සේ රංගනයට අවතීර්ණය වූ පියුමි පුරසිංහ වඩාත් ප්‍රේක්‍ෂක ආකර්ශනයට නතුවූයේ ඉතිං ඊට පස්‌සේ ටෙලිනාට්‍යයේ කෝෂලීගේ චරිතය තුළින්. මේ අයුරින් ටෙලිනාට්‍යය හා චිත්‍රපට කිහිපයක චරිත නිරූපණය කළ පියුමි "බොඳ මීදුම්" ටෙලිනාට්‍යය ඔස්‌සේ ගැමි යුවතිකයගේ චරිතයක්‌ රඟපාමින් මෙතෙක්‌ රඟපෑ ඒකාකාරී චරිතවලින් මිදී නවමු වෙනසක්‌ සමඟින් ප්‍රේක්‍ෂක නෙත අද්දරට පැමිණෙනවා.

    මේ දවස්‌වල ඔබව දකින්න ලැබෙන බොඳ මීදුම් ටෙලිනාට්‍යය ගැන කතා කළොත්?

    ඉතිං ඊට පස්‌සේ ටෙලිනාට්‍යයේ අන්තිම කොටස්‌ ෂූටින් කරනකොට චන්දික අයියා තමයි කිව්වේ බොඳ මීදුම් නවකතාව ඇසුරින් ටෙලිනාට්‍යයක්‌ කරනවා. ධනුකගේ නංගි ඉරෝෂනීගේ චරිතයට මාව තෝරගත්තා කියලා. ඇත්තටම ඒ වෙනකොට ඉරෝෂනී වගේ ගැමි අහිංසක තරුණියකගේ චරිතයක්‌ රඟපාන්න මම ආසාවෙන් හිටියේ. ඒ නිසා චරිතය ගැන කිව්ව ගමන් කැමැති වුණා.

    නවක රංගන ශිල්පිනියක්‌ හැටියට ඇයි ඔබ නිතර දකින්න නොලැබෙන කෙනෙක්‌ වෙලා තියෙන්නේ?

    ආරාධනා නම් ගොඩක්‌ ලැබුණා. ඒ හැම එකක්‌ම බටහිර පැලැන්තියේ චරිත. ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා ඒ මගේ ඒකාකාරී චරිත රඟපාලා තියෙන නිසා ඉන් මිදිලා වෙනස්‌ වෙනස්‌ චරිත හෙව්වා. ඒකයි ගොඩක්‌ නිර්මාණ මගඇරුණේ.

    ඉතිsං ඊට පස්‌සෙ ටෙලිනාට්‍යයෙන් ඔබට ඉහළ ජනප්‍රියත්වයක්‌ ලැබුණ නේද?

    ඔව්, කෝෂලී කියන්නේ චිත්‍ර කතාවේ ලියෑවුණු චරිතයක්‌ නෙමෙයි. ටෙලිනාට්‍යයේ පිටපතට අලුතින් ලියෑවුණු චරිතයක්‌. ඇත්තටම ඒ චරිතය හිතුවටත් වඩා විශාල ප්‍රේක්‍ෂක පිරිසක්‌ අතරට ගියා. තාමත් මගතොටේදී මුණගැහෙන ගොඩක්‌ දෙනා මට කතා කරන්නේ කෝෂලී කියලා.

    රංගන ශිල්පිනියක්‌ ලෙසට සමාජයෙන් ලබාගත් දේ මොනවාද?

    ලැබුණු වටිනාම දේ තමයි ප්‍රේක්‍ෂක ආදරය. ඒ වගේම ෂූටින්වලදී විවිධ පළාත්වලට යන්න ලැබුණ. ක්‍ෂේත්‍රයේ විවිධ පුද්ගලයන් ඇසුරු කරන්න ලැබුණා.

    බොහෝ දෙනා පවසන පරිදි ඔබ චරිත තෝරාගැනීමේදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙත?

    ප්‍රධානම දේ තමයි ඒකාකාරී චරිතවලින් බැහැරට ගිහින් වෙනස්‌ වෙනස්‌ චරිත තෝරාගන්න තමයි මම කැමැති.

    කාන්තාවකට රංගනය සුදුසුයි කියලා ඔබ හිතනවාද?

    සුදුසු නැහැ කියලා හිතන්නේ නැහැ. නළුවෝ වගේම නිළියනුත් ඉන්න ඕන. කාන්තාවක්‌ රංගනයට යොමුවීමේ වරදක්‌ මම දකින්නේ නැහැ. ඒත් විවාහයෙන් පස්‌සේ නම් රඟපාන්නේ නැහැ. විවාහයෙන් පසුවත් කාන්තාවක්‌ රඟපානවා නම් ස්‌වාමියාගේ කැමැත්ත තියෙන්න ඕන කියලයි මම හිතන්නේ.

    ඒ කියන්නේ ඔබ වෘත්තියෙන් රංගන ශිල්පිනියක්‌?

    තාම ඒක තීරණය කරලා නැහැ.

    එහෙනම්?

    ඇඟලුම් නිර්මාණකරණය පැත්තට යොමු වෙන්නත් අදහසක්‌ තියෙනවා. වැඩි කාලයක්‌ වෙන් කරගන්න බැරි වුණ නිසා දවසින් දවස කල්යනවා. ඒ නිසා මේ අංශ දෙකෙන් කොයික තෝරා ගන්නවද කියලා හිතුවේ නැහැ.

    ඔබ නිරූපිකාවක්‌. වර්තමානයේ කොයිවගේ ගනුදෙනුවක්‌ද තියෙන්නේ?

    මම ගොඩක්‌ විවේකය හොයන නිසා ටෙලිනාට්‍යය වැඩ භාර ගත්තට පස්‌සේ අනෙක්‌ වැඩවලින් ටිකක්‌ ඈත් වෙනවා.

    කලා ක්‍ෂේත්‍රයේ කට කතා ගැන ඔබේ අදහස?

    කටකතා ඇතිවෙන්නේ පැතිරෙන්නේ පුද්ගලයා හැසිරෙන විදිහ, ගමන් කරන විදිහ අනුව තමයි. කලා ක්‍ෂේත්‍රයේ ඉන්න පිරිස වැඩි නිසා කටකතා හැදෙන වේගයත් ප්‍රමාණයත් වැඩියි.

    ඔබට එවැනි තත්ත්වයක්‌ උදාවෙලා නැද්ද?

    මම ගෙදර හිටියත් ෂූටින්වලට ගියත් වුවමනා දේට ඇරෙන්න ඕනම කෙනෙක්‌ එක්‌ක වැඩිය කතාවට යන කෙනෙක්‌ නෙමෙයි. ඒක තමයි මගේ විදිහ. ඒ නිසා මෙතෙක්‌ මම කාගෙන්වත් කතාවක්‌ අහලවත් එවැනි දෙයක්‌ ඇතිවෙන්න හැසිරිලාවත් නැහැ.

    පියුමිගේ පෞද්ගලික විස්‌තර ටිකක්‌ කිව්වොත්?

    අම්මයි, තාත්තයි, නංගියි. තාත්තා ව්‍යාපාරික කටයුතු කරනවා. නංගි තාම පාසල් යනවා. අපි පදිංචිවෙලා ඉන්නේ බත්තරමුල්ලේ.

    විවාහටය එහෙම කල වයස හරි කියලා හිතෙන්නේ නැද්ද?

    තාම මදි. තව අවුරුදු හතරකින් විතර තමයි ඒ ගැන හිතන්නේ.

    එහෙම කෙනෙක්‌ තෝරාගෙන ද ඉන්නේද?

    කෙනෙක්‌ ඉන්නවා. ඒ ගැන විස්‌තර පස්‌සේ කියන්නම්.

    රංගනය පැත්තෙන් ඉදිරි අරමුණු?

    ගොඩක්‌ දෙනෙක්‌ කියනවා මගේ කටහඬ රංගනයට උචිත විදිහට තව හැදෙන්න ඕන අඩුපාඩු තියෙනවා කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා කටහඬ හසුරුවන විදිහ ගැන හදාරන්න සහ රංගනය ගැන වැඩිදුර අධ්‍යයනයට යොමු වෙන්න. ඒ වගේම ඉදිරියේදී චිත්‍රපටයකට දායක වෙන්නත් මේ දවස්‌වල සූදානම් වෙනවා.
     
    Last edited: