------ Post added on Jul 4, 2021 at 11:43 AM
------ Post added on Jul 4, 2021 at 11:44 AM
up, psychological game ekk ne.. Agamika nikayak wage
yako poth gahalath wikunanawada minissu amaruwe dana hati. lol![]()
![]()
kallak talk karannat mechchara amaru nane

Damn..මගේ පරණ යාලුවෙක් ඔන්න දවසක් මට කෝල් කරා.
"අහවලා මෙහෙම වැඩකට කතා කළා බන්. ජොයින් වෙන්නත් හිතෙනවා හොර සීන් එකක්ද දන්නෙ නෑ. ඕකා ඔය කාලා බීලා ට්‍රිප් ගිහින් පාර්ටි දාලා ඉන්නෙ ඒ සල්ලි වලින්ලු. "
මම : "කරන දෙයක් බලලා කරපන්. පිරමීඩ් කේස් එකක්ද දන්නෙ නෑ"
ඌ: "ඌ එහෙම පොරක් නෙමෙයි බන් ජෙනුවින්"
බ්ලා බ්ලා බ්ලා..
ඊට මාසෙකට දෙකකට පස්සෙ මූ මට කෝල් එකක් ගන්නවා.
ඌ : "මචං මාර වැඩක් සෙට් උනා. මේ දවස්වල පාටම ආතල්"
මම: "හොඳයිනෙ"
ඌ : "උඹත් ඕනෙනම් ජොයින් වෙයන්"
මම : "මොකක්ද"
ඌ : "අහවලා මාව බිස්නස් පාර්ට්නර් කෙනෙක් කරගත්තා බන්. ඕනෙනම් උඹවත් දාගන්නම්. දැන් මම් අවුරුද්දක් විතර වෙනවා ඌ එක්ක සෙට් වෙලා. මම දාපු සල්ලි වගේ ඩබල් ත්‍රිබල් ප්‍රොෆිට් කරලා ඉවරයි මේ වෙද්දි. මොකටද බන් මහන්සි වෙන්නෙ. දැන් ඉතින් කාලා බීලා ට්‍රිප් ගිහින් ආතල් තමයි"
මේ පකාට මතක නෑ ඌ මට මාසෙකට දෙකකට කලින් කෝල් කරපු බව.
මම : "අනේ පකෝ තෝ ගිය මාසෙනෙ ඌ ළඟ සල්ලි දැම්මෙ. ඇයි තොට මතක නැද්ද?"
මූ එහෙමම කට් කරා.
වයිෆ්ටත් ඔය වගේම කෝල් එනවා යාලුවන්ගෙන්. උන් කියනවාලු හස්බන්ඩ්ලට කියන්න එපා කියලා. සමහර එවුන් රත්තරන් බඩු උගස් තියලු ඕවට දාලා තියෙන්නෙ. සමහර උන් පාර්ටි ගන්නවා උන් සැපේ ඉන්නෙ කියලා පෙන්වන්න.
තවත් ඔය වගේම ගොබ්බ හරක් දෙන්නෙක් මම එපා කියද්දි හොයලා බලලා කරපන් කියද්දි ගිහිල්ලා සල්ලි දැම්මා.
හිතෙන්වට වඩා මිනිස්සු ඕවට අහුවෙනවා. අහුවෙලා ලජ්ජාවට කට වහන් ඉන්නවා. අපේ ඉස්සරහ ගෙදර එකත් ලක්ෂ ගානක් නැති කරගෙන. මුලින් ඌ සල්ලි දාලා නැති කරගෙන. ඊටපස්සෙ ඌ අල්ලලා දුන්න උන් ඇවිත් මූට තග දාද්දි මූ උන්ගෙ සල්ලිත් උගෙ අතින් බේරලා.
නැත මිතුර. හමු උවහොත් එවමි.PDF නැද්ද මිතුර?