පිරමීඩ+පිටසක්වල

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පිරමීඩ+පිටසක්වල

    පිරමීඩ තාක්ෂණය අපට ලැබුනේ පිටසක්වලින්ද?


    Egypt_piramid.jpeg



    මිසරය වඩා ප‍්‍රසිද්ධ වන්නේ පිරමීඩ නිසාය. පාරාවෝ රජවරු ජීවත් වූ අතීත මිසර රාජ්‍යය අදට වඩා දස දහස් ගුණයකින් යුතු දියුණු තාක්ෂණයකින් යුක්ත විය. ඒ මීට වසර 6000 කටත් වඩා පැරණි අතීතයේ දීය. එකල බිහි වූ විශිෂ්ටම නිර්මාණයක් ලෙස සැළකෙන්නේ පිරමීඩයි.දැනට හමු වී ඇති පැරණිතම පිරමීඩය වසර 4619 ක් පමණ දුරාතීතයේ දී තනා ඇතැයි සැළකේ. මෙය වසර 11020 ක් පමණ පැරණි වන බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. සඳ මතුපිට සිට පෘථිවිය දෙස පියවි ඇසින් බැලූ විට ද මෙම මහා පිරමීඩ දැකිය හැකි බව පැවසේ.

    මෙම මහා පිරමීඩ පිහිටා ඇත්තේ මහද්වීප වල ගුරුත්වාකර්ෂණයෙහි හරි මැදය. පිරමීඩ, ඊජිප්තුව, ගෝතමාලාව, හොන්ඩූවාස්, මැක්ස්කේ, හා පේරු යන රටවල් තුළ පිහිටා ඇත. මේවායේ පිහිටීම විශ්ලේෂණය කළ විද්‍යාඥයින් පවසන්නේ ලොව දිගම බිම් තීරුව තුළ එකල පිරමීඩ තනා ඇති බවයි.මරණින් මතු එළඹෙන සදාකාලික ජීවිතයක් අපේක්ෂාවෙන් අතීත පාරාවෝ රජවරු පිරමීඩ තැනූ බව පැහැදිලි වේ. මළ සිරුර නොදිරන මමියක් ලෙස සකස් කොට පිරමීඩ තුළ තැම්පත් කිරීමට ඔවුහු කටයුතු කළහ.

    නැවත මළවුන්ගෙන් නැගී සිටි පසු ප‍්‍රයෝජනය සඳහා තමා පරිහරණය කළ සියලු දේ තම ශරීරය ආසන්නයේ තැම්පත් කරවීමට මෙම රජවරු කටයුතු කළහ. මේ අනුව රජුන් සමඟ සේවකයන්ට ද භාර්යාවන් ට ද මිය යෑමට සිදු වූ අතර ඔවුන් සඳහා ද මෙම පිරමීඩ තුළ ඉඩකඩ වෙන් වී තිබුණි. ඇතැම් රජවරු මුළු රාජ්‍ය පාලන කාලයම මෙසේ පිරමීඩ සෑදීමට කැප කළ හ. එනිසා ආර්ථිකය පිරිහී රජය බිඳ වැටුණ අවස්ථා ද වාර්තා වේ. එහෙත් පිරමීඩ තැනීම නම් ඔවුහු අත් නොහලේ ය. ඔවුන් ගේ එකම බලාපොරොත්තුව වූයේ මරණින් මතු ඔසිරස් දෙවියන් හා එක් වීමය. මෙම ඔසිරස් දෙවියන් යනු කවරෙක් ද?පැරණි මිසර වාසීහු මළවුන්ගේ ලොකය පාලනය කරන දෙවියා ලෙස සැළකුවේ ඔසිරස් දෙවියන් වේ. පසුගිය කාලයේ කරන ලද කැනීම් වලදී මිසරයෙන් ඔසීරස් දෙවියන් යැයි සැළකිය හැකි පිළිමයක් මතු කර ගත්තේය.

    එය සැබවින්ම අද්භූත ජනක ස්වරූපයක් ඉසුළුවේය. එකල මිසර ජනයා සජීවී ප‍්‍රතිමා සෑදීමේ දක්ෂයන් වී සිටියේය. එහෙත් ඔසිරස් දෙවියන් වෙනත් ජීවියකු ලෙස නිමවා තිබීම පරීක්ෂකයන් ගේ ද විශ්මයට හේතු විය.පාරාවෝ රජවරුන්ගේ මමී තැම්පත් කළ කුටිය ඉහළින් කවුළුවක් විය. එය ඔරායන් තාරකා මණ්ඩලයට එල්ල වී තිබුණු අතර මේ සම්බන්ධ වූ පැරණි ජනප‍්‍රවාද නිසාද මෙසේ කවුළුවක් තැබීමේ රහස අනාවරණය විය.පිරමීඩ සඳහා යොදාගත් තාක්ෂණය සළකා බැලීමේ දී පෙනී යන්නේ එය අදටත් අපට ළඟා විය නොහැකි තරමේ අති නවීන තාක්ෂණයකින් නිමවා ඇති බවයි. මෙහි ඉදි කිරීම්වලට යොදා ගෙන ඇති ගල් කුට්ටි කපා ඇත්තේ විකිරණශීලී ද්‍රව්‍ය භාවිතයෙන් බව පරීක්ෂකයෝ පෙන්වා දෙති. නූතනයේ අති නවීන යන්ත්‍රෝපකරණයෙන් පවා මෙවැනි නිර්මාණ කිරීමට අපට හැකියාවක් නොමැත.

    දැනට ලෝකයේ අති විශාලම ශෛලමය නිර්මාණ වලින් එකක් වෙන පිරමීඩ සඳහා ගල් කුට්ටි මිලියන 2.5 ක් පමණ යොදා ගෙන ඇති බව පැවසේ. එක් ගල්කුට්ටියක් ටොන් 70 ක් පමණ බර වේ. මේවා තැම්පත් කිරීමේ දී එකිනෙක අතර පරතරය අඟලකින් 1/50ක් තරම් වන ලෙස තැම්පත් කොට තිබේ. මේවා තුළ වාතය ගමන් කරන්නේ පීඩනය අඩුතැනේ සිට වැඩි පීඩනය ඇති තැන දක්වාය.චාල්ස් ස්මිත් නම් විද්‍යඥයා අනෙකුත් විද්‍යඥයන්ගේ මිනුම් ද උපයෝගී කොට ගෙන පිරමීඩය පිළිබඳ නව මිනුම් ක‍්‍රමයක් ඉදිරිපත් කරන ලදී. පිරමීඩයේ ඇති පහත මාලය බසින ආලින්දය ධ‍්‍රැවය තාරකාව ඉලක්ක කොට පවතින බව ද ඔහු පෙන්වා දෙයි.පිරමීඩ ගවේෂකයකු වූ එරික් වොන් ඩැනිකේන් මහතා ගීසා හි මහා පිරමීඩය ගවේෂණය කර බොහෝ තොරතුරු රැසක් සොයා ගන්නා ලදී. 1993 මාර්තු තුන් වන දින අපූරු තොරතුරු රැසක් අනාවරණය කරගත්තේය. මෙහි දී දැක ගත හැකි වූයේ අරුම පුදුම සිතුවම් පෙළකි. ඒවා එකල කිසිසේත් මිහිපිට තිබීමට නොහැකි වූ වස්තූන්ගේ සිතුවම් ය. ගුවන් යානා සලකුණු සහිත මෙම සිතුවම් මහා පිරමීඩයට ලැබුණේ කෙසේ ද?.

    රයිට් සහෝදරයන් ගුවන්යානය සොයා ගනු ලැබුවේ පාරාවේ රජවරු රජ කළ සමයට බොහෝ මෑත කාලයේ දීය. එසේනම් මෙවැනි යන්ත්‍රෝපකරණ පුරාණ මුතුන් මිත්තන් දැක තිබෙන්නේ කෙසේද? ඩැනිකෙන් මහතා පවසන පරිදි මිසර වාසීන්ට එකල දියුණු වෙනත් ග‍්‍රහලොවකින් තාක්ෂණය ලැබී ඇත. එහෙත් අද වන විට කුමන හෝ හේතුවක් නිසා එම සබඳ කම ගිලිහී තිබේ. මේ අනුව අද අපට ඉතිරිවී තිබෙන පැනය වන්නේ මෙම තාක්ෂණය අපට ලබා දුන්නේ ඔරායන් තාරකා මණ්ඩලයෙන් පැමිණි ජීවීන් පිරිසක් ද යන්නයි. එසේ නම්, අද එම තාක්ෂණය අපට නොලැබෙන්නේ එම ශිෂ්ඨාචාර විනාශ වී ගොස් ඇති බැවින් ද?

    අන්තර්ජාලය අසුරිනි

    more info http://www.elakiri.com/forum/showthread.php?t=854150

    28_-_Sphinx_and_Pyramid.jpg

     
    Last edited:

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    නියමයි **cut
    අදට +රෙප් බැරිලු. අද දවසට ගොඩක් දිල තියනවලු.
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තාරකාවක ජීවීන් ඉන්න පුළුවංද ? :oo:
    Anyway im tired of not being able to rep u

    Keep up machan :D