පිරාහා වරු

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
පිරාහා ගෝත්‍රිකයින්.


yAWJcxL.jpg


අඟල් පහක් දහයක් දිග පිරානා නම් මිනීමරු මත්ස්‍ය අඩවියක පරම්පරා ගණනක් පරිසරය හා ගැටෙමින් තවමත් සිය අනන්‍යතාවන් පවත්වාගෙන ලොවෙන් සැඟවී වාසය කරන පිරාහා ගෝත්‍රිකයන්ගේ දිවිසැරිය ගෙවෙන්නේ ඉතා කටුක පරිසරයකයි. පිරානා මසුන් බහුලවම වෙසෙන්නේ අමේසන් ගංගාවේ අතු ගංගාවක් වන මයීසි ගඟේ වන අතර පිරාහා ගෝත්‍රිකයන්ද වෙසෙන්නේ එම ඉවුරු ආශ්‍රිතවයි.

ඉතා නොදියුණු සහ නෂ්ට වෙමින් පවතින ගෝත්‍රයක් වන මොවුනට ආවේණික අනන්‍යතා කිහිපයකි.

ඉන් පලමුවැන්න අදහස් ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්නේ වචන ඉතා සීමිත ගණනක් ඇති ඉතමත් නොදියුණු භාෂාවක් වීමයි. වම, දකුණ වැනි දිශා හැඳින්වීමට ඔවුන් එක් වචනයක් භාවිත කරයි. රතු සුදු කළු වර්ණ තුනම උපමාවකින් හඳුන්වයි. ලොව භාවිද වන දහස් ගණනක් වූ භාෂා අතරින් නොදියුණුම භාශාවකට මෙම ගෝත්‍රය හිමිකම් කියයි. එසේම අඩුම වචන ගණනක් ඇත්තේද මොවුන්ගේ භාෂාවටයි.

එසේම ඔවුනට ඉලක්කම්ද නැත. අතීතය වර්තමානය හා අනාගතය අතර වෙනසක් ඔවුනට නැත. ඔවුනට ආගමක්ද නොමැති අතර මිෂනාරීවරු පිරාහාවරු අතර තම ආගම ව්‍යාප්ත කිරීමට දැරූ උත්සාහයද ඵල දරා නැත.

මොවුන් ඉක්මනින් වඳවී යමින් පවතින අතර වර්ෂ 2010 දී හාරසිය විස්සක් තරම් වූ ජනගහනයෙන් වර්ෂ 2013 වන විට ඉතිරි වී ඇත්තේ තුන්සියයක පමණ ප්ටමාණයක් පමණි.

මෙම ගෝත්‍රිකයන්ගේ සැබෑ නාමය "හයි අයිති ඉහි" යන්නයි. එහි අරුත වන්නේ කෙලින් මිනිසා ය.

දිගු කාලීනව පාරිසරික අනුවර්තනය වීම් සහිතව පරිසරය හා ගැටෙමින් දිවි ගෙවූ මොවුන් පාරිසරික වෙනස්වීම් එක් ක්ෂණයකින් ග්‍රහණය කර ගැන්මට රුසියෝ වෙති. ඔවුන් බොහෝ විට අදහස් රැසක් එකවර ප්‍රකාශ කරන්නේ දිග උරුවම් බෑමකිනි. එසේම ගී ගායනයද මොවුන් අතර දක්නට ලැබේ.

වචන සීමිත ගණනක් ඇති මෙම ගෝත්‍රිකයෝ පියා, පුතා, මුත්තා හා සෙසු වැඩිහිටියන් සියල්ල හැඳින්වීමට යොදාගන්නේ බයික්සි යන්නයි. ලිඟ භේදයෙන් තොරව සියලු දරුවන් හඳුන්වන්නේ ක්සහයිනි යනුවෙනි.ඥාති දරුවන් පිහි ලෙස හඳුන්වයි.

ගෝත්‍රිකයන්ගේ දැනුම සීමා වන්නේ දඩයම් කිරීමට සහ නිවාස සෑදීමට පමණි. මුල් කාලීනව ඔවුන් මත්ස්‍ය දඩයම සඳහා ඔරු තනාගෙන ඇත්තේ වෙනත් ගෝත්ටයක් ලවාය.

ඉදිරි පනස් වසර තුළ පිරාහාවරු වඳවී යාමට නියමිත බව ගණන් බලා ඇති මුත් ඔවුන්ගේ බස වඳවී නොයන ලෙස මේ වන විටත් විද්‍යඥයන් පරිගනකගතකර තිබේ.

පිරාහාවරු දඩයමේදී අදහස් හුවමාරු කරගන්නේ උරුවම්බෑම් තුළිණි. ඔවුන් සාමාන්‍යයෙන් කණ්ඩායම් වශයෙන් දඩයමේ නිරත වේ.ආහාර ගබඩා කර ගැනීමේ පුරුද්දක් ඔවුන්ට නොමැති අතර ලැබෙන දේ ඒ එඉගසම ආහාරයට ගනී.

මෙම ගෝත්‍රිකයන් අතර වෙසෙමින් මොවුන් පිළිබඳ පර්‍යේශණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ඩැනියල් එවට් නම් පර්‍යේශකයාටයි. ඔහු වසර විසි නවයක් පිරාහා බස ඉගෙනීම සඳහා වැය කර තිබේ.

පිරාහාවරුන්ගේ දෛනික කටයුතු මසුන් ඇල්ලීම, ආහාර බෙදාගෙන කෑම, සිනහවෙන් විනෝදෙන් සිටීම ආදියට සීමා වේ. අතීතයක් වර්ථමානයක් අනාගතයක් ගැන නොසිතන ඔවුන් නිතර විනෝදෙන් උරුවම්බාමින්, ගයමින් කාලය ගත කරයි. පවුල සැමියා හා බිරිඳට සීමා වුවත් ගෝත්‍රයේ දරුවන් බලා ගැනීම සාමූහික ගෝත්‍රික ක්‍රියාවක් ලෙස සැමගේ දායකත්වයෙන් සිදුවේ. වන ඖෂධ ගැන සහජ ඥානයක් සහිත ඔවුන් සතුන් හීලෑ කිරීමටද හපන්කම් දක්වයි.

මෙතෙක් හඳුනා ගත් සහ නොගත් අති විශාල ගෝත්‍ර සංඛ්‍යාවක් ඇති බ්‍රසීල ගෝත්‍රිකයින් අතරින් එකක් වන පිරාහා වරු නුදුරු අනාගතයේදී ලෝකයෙන් තුරන් වනු ඇත






Bump එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.