පිරිත් නූල යනු කුමක්‌ද?

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    පිරිත් නූල යනු කුමක්‌ද?

    1604746_10152197797696934_1310752348_n.jpg

    පිරිත් නූල යනු කුමක්‌ද? බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ආරක්‍ෂක දේශනාවලට පිරිත් හෙවත් පරිත්ත යනුවෙන් දක්‌වා ඇත. පිරිත් යනු තමා සිටින මුළු පරිසරයම රැකවරණය සලසනවා යන්නයි. ඒ පිsරිත් සුත්‍රවලින් ස්‌වාමීන් වහන්සේලා පිරිත් හූය ගෙන එයට එක්‌වාරයක්‌ හෝ ඊට වැඩිවාර ගණනක්‌ ජප කිරීමෙන් පිරිත් නූලක්‌ බවට පත්වේ.

    පිරිත් නූලක් සඳහා ගන්නේ එකම සුදු නූලක් නූල් තුනක් ලෙස සකසා ගැනීමෙනි. එය තුන්නූල හැටියට දැක්‌වේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ඉන් අර්ථවත් කෙරේ. එසේම, බුදුරජාණන් වහන්සේගේ සවණක්‌ රැස්‌ අර්ථ ගන්වමින් ඒ ඒ පාට නුල් ගෙන පාට නූල් ද සකස්‌ කර ඇත. විවිධ රටවල එක්‌ එක්‌ පාටවලින් නොයෙක්‌ හැඩතල දමා පිරිත්නූල් සකස්‌ කර ඇත.

    පිරිත් නූල සම්බන්ධ තවත් අවස්‌ථාවක්‌ මහාවංශයේ හත්වෙනි පරිච්ඡේදයේ දක්‌වා ඇත. විජය ඇතුළු පිරිස ශ්‍රී ලංකාද්වීපයට සම්ප්‍රාප්ත වූ අවස්‌ථාවේ උපුල්වන් දෙවිඳු විසින් ඔවුන්ට පිරිත් පැන් දී ආශිර්වාද කළ ආකාරය සඳහන් වන්නේ මෙසේය.

    න සන්ති මනුජා එත්ථ
    න ච හෙස්‌සති වෝභයං
    ඉති වත්වා කුන්ඩිකාය
    තේ ජලේන නිසිංචිය


    මෙහි මනුෂ්‍යයෝ නැත. ඒ නිසා ඔබට භයක්‌ නොවේවා කියා කෙන්ඩියෙන් පිරිත් පැන් ගෙන ඔවුන්ට ඉස්‌සේය.

    සුත්තංච තේසං හත්ෙථිසු
    ලගෙත්වා නභසාගමා


    පිරිත් නූල් ද ඔවුන්ගේ අත්වල බැඳ අහසින් ගියේය යනුවෙන් එම විස්‌තරයේ දැක්‌වේ.

    පන්සිය පනස්‌ ජාතක පොතේ තේලපත්ත ජාතක කථාවේද පිරිත් නූල් සම්බන්ධ කරගත් අවස්‌ථාවක්‌ ඇත. එම කථාවේ සඳහන් පසේ බුදු රජාණන් වහන්සේ යකින්නියගෙන් බේරීම සඳහා බෝධි සත්ත්වයන් වහන්සේට පිරිත් වැලි හා පිරිත් හුය දුන් බව සඳහන් වේ. එම පිරිත් වැලි ඉස, පිරිත් හුය වටකොට ඇද රැය පහන් කළ බවත් එයින් බෝධිසත්ත්වයන් වහන්සේ ආරක්‍ෂා වුණු බවත් සඳහන් වේ.

    මේ අනුව බලන විට පිරිත් නූල ඈතට දිවයන්නකි. අද බොහෝ දෙනෙකුගේ අතේ පිරිත් නූලක්‌ ඇත. නමුත් එහි වටිනාකම දන්නේ කීයෙන් කී දෙනාද? පිරිත් නූලක්‌ සතියකට වැඩි කාල සීමාවක්‌ පිරිසිදුව තබාගත හැකිය. යම් විදියකින් අපිsරිසිදු වුවොත් ඉවත් කළ යුතුය. පිරිත් නූලක්‌ පිරිසිදුව තබාගත හැකි නම් එසේම පන්සිල් ආරක්‍ෂා කරමින් ආගමික කටයුතුවල නිරන්තර නිරත වේ නම් ඒ පිරිත් නූලේ බලය තව තවත් වැඩි දියුණු වනු ඇත. සමහර අය පරණ පිරිත් නූල් අස්‌ නොකර ඊට උඩින් තව තවත් පිරිත් නූල් ගැටගසති. ඒ නිසා සමහර අයගේ අත් බැන්ඩේඡ් දාලා වගේ එතරම්ම පිරිත්නූල් එකතු කර ඇත. එවැනි ආකාරයෙන් තබා ගැනීම අන් අයගේ අප්‍රසන්නතාවයට හා විහිළුවට කාරණා වනු ඇත. එක්‌ පිරිත් නුලක්‌ තබා ගන්න. එය අපිරිසිදු වූ විට ඉවත් කර අලුත් නූලක්‌ දාගන්න.

    කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක්‌ ගැන නම් තමන් කරන්නේ නරක දෙයක්‌ නම් ඉන් ලැබෙන ආශිර්වාදයක්‌ නැත. ඒ නිසා යහපත් දෙයක්‌ සිතමින් යහපත් දෙයක්‌ කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න. තිබෙන එක්‌ පිරිත් නූලෙන් ඔබට විශාල ශාන්තියක්‌ සැලසෙනු ඇත.


    මූලාශ්‍ර: කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරවාසී පූජ්‍ය ගෝණදෙණියේ සීවලී හිමි
    https://www.facebook.com/sinhala.buddhist?fref=photo
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    කෙතරම් නූල් බැඳ ගෙන සිටියත් තමන් සිතන්නේ නරක දෙයක්‌ ගැන නම් තමන් කරන්නේ නරක දෙයක්‌ නම් ඉන් ලැබෙන ආශිර්වාදයක්‌ නැත. ඒ නිසා යහපත් දෙයක්‌ සිතමින් යහපත් දෙයක්‌ කරමින් තම ජීවිතය ගෙනයන්නට උත්සාහ ගන්න.