පිරිමින් සදහා නව උපත් පාලන ඖෂධයක්.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පිරිමින් සදහා නව උපත් පාලන ඖෂධයක්.

    පිරිමින් සදහා භාවිත කළ හැකි නව උපත් පාලන ඖෂධයක් පිළිබඳව බ්‍රිතාන්‍ය විද්‍යාඥ කණ්ඩායමක් බලාපොරොත්තු පලකර තිබේ.

    ඊට අදාළ අධ්‍යයනය සිදුකළ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙන්නේ මීයන් යොදා ගනිමින් තමන් සිදුකළ පරීක්ෂන අතිශයින් සාර්ථක බවය.
    ඒ අනුව සෞඛ්‍ය සම්පන්න ශූක්‍රානු නිපදවීමට අත්‍යාවශ්‍ය කැට්නේල් වන් නැමති ජානය හඳුනාගැනීමට ඔවුන් සමත්ව සිටී.


    e7jBnmWu.jpg


    එම ජානයේ ක්‍රියාකාරිත්වය අවහිර කළ හැකි ඖෂධයක් මගින් පහසුවෙන් උපත් පාලනය කළ හැකි බව විද්‍යාඥ මතය වේ.
    මෙය සාර්ථක වුවහොත් හෝමෝනමය නොවන උපත් පාලන ඖෂධයක් හඳුන්වාදිය හැකි බවට එඩින්බර්ග් සරසවියේ විද්‍යාඥ කණ්ඩායම සිය බලාපොරොත්තු පලකර තිබේ.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කෝරලේමහත්තයා;12748977 said:
    දැන් ඉතින් බීපන්කො පෙති හැමදාම...:(

    Ubalata Uda Dagenna koranda Hodai. Petta Bonda amarui neda...?