පිරිමියෙක් වෙන්න නම්....

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    පිරිමියෙක් වෙන්න නම්....

    පිරිමියෙක් වෙන්න නම් කිඹුල් පිටක්

    Crocodile_Festival.jpg

    නිව්ගිනියා කලාපයන්හි කිඹුලා සුවිශේෂී උරගයෙක් බවට පත්ව ඇත්තේ එරට සංස්කෘතියේ එල්බ ගත් ඇතැම් චාරිත‍්‍ර විධි නිසාය. දඩයම” මත්ස්‍ය කර්මාන්තය සහ සව් වැනි වගාවන් ආශ‍්‍රයෙන් ජීවත්වන ජනගහනයකින් සමන්විත පැපුවා නිව්ගිනි කලාපයේ පවතින එක්තරා ගෝති‍්‍රක විශ්වාසයක් අනුව මිනිස් ආත්මයක් ලැබීම සඳහා මෙම කිඹුලන් ‘‘චේම්බරි විල්.. ප‍්‍රදේශයේ සිට ‘‘සේපික් ..ගංගාවට පැමිණෙති. චේම්බරි විල අවට ජීවත්වෙන


    මෙම ගෝති‍්‍රක ජනතාව ‘‘චේම්බරි.. ගෝති‍්‍රකයින් (Chambri) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම ගෝති‍්‍රක ජනගහනය මේස්බයි ප‍්‍රදේශයට කි. මී. 72 ක් පමණ වයඹ දිගින් පිහිටි ජනාවාසයන්හි විසිරී දිවි ගෙවති. ඔවුන්ගේ ජනාවාස Indingai, Kilimbit සහ Wombum ප‍්‍රදේශයන්හි ව්‍යාප්තව ඇත. සේපික් ගංගාවට නැගෙනහිර දෙසින් පිහිටි Palembe ගම්මානයේ පිරිමි දරුවන් ද මෙම චාරිත‍්‍රය අනුගමනය කරන පිරිසක් බවට පත්ව සිටිති.


    Crocodile-men-2.jpg


    Crocodile-men-4.jpg


    වයස අවුරුදු 11 සිට 30 අතර වයසේ චේම්බරි ගෝති‍්‍රයේ පිරිමි දරුවන් මෙම චාරිත‍්‍රය හෙවත් පිට” පපුව සහ තට්ටම යන ප‍්‍රදේශයන්හි කඩතොලූ කිරීම සිදු කරති. ඒ අන්දමින් කිඹුලාගේ පිටට සමාන සේ කඩතොලූ කර ගැනීම යනු පිරිමි දරුවෙක් පුරුෂයකුගේ පෞරුෂත්වය ලැබීම ලෙස සලකනු ලැබේ. මෙම චාරිත‍්‍රය සේපික් ගංගාව අසලදී සිදු කෙරෙන අතර භුත බංගලාවන් (spirit house) ලෙසින් හැඳින්වෙන සේපික් ගංගාව අසල ඉදි කර ඇති නිවාසයේ ලැගුම් ගැනීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය. එයින් අනතුරුව නියම කර ගත් දිනට පිරිමි දරුවන්ගේ පිට ප‍්‍රදේශයේ කිඹුල් සමට සමාන වන සේ කඩතොලූ කරන අතර මෙය ඉතා වේදනාකාරී සිදු වීමකි. ආගමික පුද පූජාවන් පවත්වමින් මෙම කඩතොලූ කිරීම් සිදු කරති. කිසිදු වේදනා නාශකයක් හෝ භාවිතා කිරීම ඔවුන්ට තහනම්ය. ඊට හේතුව වේදනාව දරා ගැනීමට ඇති හැකියාව නිසා අනාගතයේදී සමාජයේ පූර්ණ පෞරුෂයකින් යුක්ත පුරුෂයෙකු සේ ජීවත්වීමට මෙම දරුවන් හැකියාව ලැබීමට මෙම අවස්ථාව සුදුසුකම් සපුරා ගැනීමක් ලෙසින් සලකන නිසාය.


    Crocodile-men-3.jpg


    543697393002605636.jpg


    1315550998_23b.jpg

    සෞඛ්‍යාරක්ෂිත නොවන මෙම ඇදහිලි විධි නිසා මරණ පවා සිදු වී ඇති බවට වාර්තාවන් තිබේ.

    මෙම කැපුමක් සෙ.මි දෙකක පමණ දිගින් යුක්තය. ඉතා වේදනාකාරී කැපුමෙන් පසුව තුවාල මුඛයේ "මඩ” කොළ යුෂ ආදිය තවරා ගිනි මැලය අසල සිටුවා තබති. ගින්දර නිසා ශාක පත‍්‍ර සහ මැටිවලට දුම් වැදී තුවාල මුඛයේ කිඹුල් සමට හුරු රටාවක් නිරූපනය වේ. පිට පුරාවට රටාව සම්පූර්ණ වූ පසුව මෙම පිරිමි දරුවා සම්පූර්ණ පිරිමියෙකුගේ තැනට පත් වෙන අතර ඔහුට හිස් පළඳනාවක් සහ ආභරණ පළඳවා හරසර දක්වති. දැන් මෙම පිරිමි දරුවන් සැබෑම පුරුෂයින් සේ සලකන අතර භුත බංගලාවේ තවදුරටත් රැඳී සිටිමින් ආගමික වේද සහ ජීවන මාර්ග පිළිබඳව දැනුවත් බව ලබා ගනිති.


    පුන්‍යා චාන්දනී ද සිල්වා විසින් දිවයින පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින් සකස් කරගන්නාලදි. මෙය වැදගත් ලිපියක් නිසා මිතුරන් අතර දැණුම හුවමාරු කරගැනීමේ අරමුණින් මෙහි පලකරනලද අතර කිසිදු වානිජ පරමාර්ථයක් නොමැතිබවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවිය යුතු බවත් ස්තුති පූර්වකව සඳහන් කරමි.
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    1536a9a5f4f5c6ac611102202090.jpg



    මේ ඉන්නේ ඒ වගේ කරගත්ත ගෝත්‍රික තරුණයෙක්. මෙයාගේ තාත්තා මෙයා පොඩි කාලෙදි ගෝත්‍රික නායකයා මරලා දානවා. ඒකට පලිය ගන්න මෙයා ගොඩක් පුහුණු වෙනවා. පස්සේ ගෝත්‍රික නායකයව පරද්දලා මේ නිර්භීත තරුණයා නායකයා වෙනවා :yes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    1536a9a5f4f5c6ac611102202090.jpg



    මේ ඉන්නේ ඒ වගේ කරගත්ත ගෝත්‍රික තරුණයෙක්. මෙයාගේ තාත්තා මෙයා පොඩි කාලෙදි ගෝත්‍රික නායකයා මරලා දානවා. ඒකට පලිය ගන්න මෙයා ගොඩක් පුහුණු වෙනවා. පස්සේ ගෝත්‍රික නායකයව පරද්දලා මේ නිර්භීත තරුණයා නායකයා වෙනවා :yes:

    :lol::P
    Wakanda forever
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    1536a9a5f4f5c6ac611102202090.jpg



    මේ ඉන්නේ ඒ වගේ කරගත්ත ගෝත්‍රික තරුණයෙක්. මෙයාගේ තාත්තා මෙයා පොඩි කාලෙදි ගෝත්‍රික නායකයා මරලා දානවා. ඒකට පලිය ගන්න මෙයා ගොඩක් පුහුණු වෙනවා. පස්සේ ගෝත්‍රික නායකයව පරද්දලා මේ නිර්භීත තරුණයා නායකයා වෙනවා :yes:


    Uba beelda mehema athol denne yakoo...:lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Niyama sinhalayek wennath oya wage process ekak hadanna one :yes:

    Filtering process :D

    නියමෙට දිළිසෙන්න තට්ටටෙ ගාන්න ඕනේ. කළු තෙල් ගාලා අව්වේ හිටවලා තියන්න ඕනෙ :lol::lol: එතකොට තමයී රියල් තට්ට අනාථ.