පිරිසිදු බුදු බණ

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිරිසිදු බුදු බණ

    අද කාලේ ගොඩක් ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්ම දේශනා තුල අන්තර්ගත වෙන්නේ බුදුන් වහන්සේ දේශනා කරන ලද නිවන් මාර්ගය අවබෝධ කර ගැනීම සඳහා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා අපට වැදගත් වෙන ගැඹුරු ධර්මය නෙමෙයි. එදිනෙදා ජීවිතය යහපත් ආකාරයෙන් ගත කිරීමට බුදු දහම ඇසුරින් ලබා දෙන උපදෙස්. අද ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනෙක්ගේ අවශ්‍යතාවය වන්නේ ලෞකික ලෝකයේ සතුටින් ජීවත් වෙන්න.

    ඉතින් මේ නිසාම අද ජනප්‍රියත්වයට පත් වෙන්නෙත් ඒ වගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන Tips and Tricks කියා දෙන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා. එක එක අයගේ ජීවන දෘෂ්ටිය වෙනස් නිසා මේක වැරදියි කියන්න බෑ. මොකද සමාජයේ යහපත් ලෙස ජීවත් වෙන පුද්ගලයෙකු බවට පත්වෙන්න මේ දේශනා තුලින් ලැබෙන පිටුවහල ඉතා වැදගත්. අනිත් අතට ගොඩක් දෙනෙක්ට ගැඹුරු ධර්මය තේරුම් ගන්න තරම් උසස් මානසික මට්ටමක් නැහැ. උදාහරණයක් විදියට අපේ අත්තම්මලා, සීයල ජීවිතේ අන්තිම කාලයේ ධර්මය අහන්න පුරුදු වුන අය. ඒ අය බලාපොරොත්තු වෙන්නේ සිත නිමන රසවත් ධර්ම දේශනාවක් අහන්න මිසක් මනස වෙහෙසවන ගැටළු ඇතිවෙන, ප්‍රයෝගිකව පුරුදු පුහුණු කිරීමට කල්ගත වන ධර්ම දේශනාවක් අහන්න නෙමෙයි.

    ඒත් අද ඉන්න තරුණ පරපුර අතර මේ ගැඹුරු ධර්මය ඉගෙන ගැනීමේ ආශාවෙන් පෙලෙන අය සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ අතරින් බහුතරයක්උගත් හා බුද්ධිමත් අය. නමුත් මේ අයට ගැලපෙන ධර්ම දේශනාවක් අහන්න දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ගොඩක් දෙනෙක් කරන්නේ ඒ වගේ අභිධර්මය ගැන ලියවුනු ග්‍රන්ථ පරිශීලනය කරන එක. ඒත් කාර්යබහුල ජීවිත ගත කරන අපි වගේ අයට ඒ වගේ පොතක් නිදහසේ කියවන්න ලැබෙන්නේ කලාතුරකින්. අනෙක් අතට ඒ වගේ ග්‍රන්ථ ගොඩක් රචනා කරලා තියෙන්නේ ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ පරිකලපන හැකියාව අනුව. ඒ කිව්වේ බුදුන් වහන්සේ දේශනා කරපු අභිධර්මය, ඒ ඒ ස්වාමීන් වහන්සේලා තේරුම් අරගෙන විස්තර කරන ආකාරය අනුව.

    නමුත් ඒ වගේ දේවල් විචාරය කරලා, ප්‍රශ්නවලට ලක් කරලා නිවැරදි හරය තේරුම් ගන්න අපිට වෙලාවක් ලැබෙන්නේ නෑ. සල්ලි පස්සේ දුවන ලෝකයක් තුල ඒ තරඟය තුල පරාජයට පත් නොවී, නිවන් මාර්ගය කරා යන මාර්ගයේත් ගමන් කරනවා කියන්නේ ඇත්තෙන්ම අභියෝගයක්.

    ඉතින් ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම් අය වෙනුවෙන්ම වැදගත් වෙන ධර්ම දේශනා මාලාවක් මට හම්බ වුණා. මේක ශ්‍රද්ධා TV එකේ යන වැඩසටහනක්. දේශකයාණන් වහන්සේ අඹන්පොල ඤාණවිජය ස්වාමීන් වහන්සේ. ඇත්තෙන්ම ඉතාමත් ගැඹුරු ධර්ම කරුණු මේ දේශනා වලදී සාකච්චා කෙරෙනවා. අපි බෞද්ධයෝ කියල කියා ගත්තට අපි බුද්ධ ධර්මය දන්නේ කොච්චරද කියල තේරෙනවා මේ දේශනා අහද්දී.

    මම කාලයක් තිස්සේ මේ වගේ ධර්ම දේශනා හොයල හොයල අන්තිමේදී තමයි මේ ධර්ම දේශනා මාලාව හම්බ වුනේ. මේ දේශනාවලට කැමති අය මේ දේශනා අහල ඔබේ අදහස් අනිත් අයත් එක්ක බෙදා ගන්න සාකච්චා කරන්න මේ thread එක පාවිච්චි කරමු.

    උතුම්ම දානය ධර්ම දානය බැවින් මේ ගැන උනන්දුවක් දක්වන අනිත් අයටත් මේ දේවල් දකින්න BUMP එකක්වත් දාගෙන යන්න. ඒකත් ලොකු පිනක්. :yes::yes:

    මේ thread එකට එකතු වෙන පිරිස ඉතාම ස්වල්පයක් කියල දන්නවා. ඒ අය වෙනුවෙන් තමයි මම මේක share කලේ. ඔබ දන්නා මේ වගේ වැදගත්, ගැඹුරු ධර්ම කරුණු ඉදිරිපත් වෙන ධර්ම දේශනා හෝ පොත්පත් මෙතන අනිත් අයත් එක්ක බෙදා ගමු.
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    TFS :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය බණ set එක මම කාලයක් තිස්සේ ඉඳන් අහනව.:yes:
    මේකෙ වැඩි හරියක් ඉන්නේ ආගමේ නාමෙන් හරි කාටහරි බනින්න බලාගෙන ඉන්න අයනෙ. ඒක හින්ද මෙතන දාන්න හිතුනේ නෑ. ඒත් ඉන්න ටික දෙනා ගැන හරි හිතල ඔයා මේක දාපු එක වටිනවා.:yes:
    බොහොම හොඳ බණ ටිකක්. සම්ප්‍රධායික බණ වලදී කවදාවත් කතා නොවෙන ධර්මයේ ගැඹුරු තැන් ගැන සාකච්චා වෙන්නේ. හැබැයි හරියට ධර්මය ගැන හරි මුලික අවබෝධයක් නැති අයට තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු වෙයි.

    භාවනාවට නැඹුරු අය episode 60 විතර ඉඳල බලන්න.
    TFS;)
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මම මීට කලින් මේ ගැන අහල තිබ්බේ නෑනේ මචන්. ගොඩක් ස්තුතියි බෙදා ගත්තට. :yes:
    අහල බලපන් කෝමද කියලා, පෙර පින් තියෙනව නම් මේ ආත්මෙම සෝවාන් වෙන එක අමාරු රාජකාරියක් නෙමෙයි...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය බණ set එක මම කාලයක් තිස්සේ ඉඳන් අහනව.:yes:
    මේකෙ වැඩි හරියක් ඉන්නේ ආගමේ නාමෙන් හරි කාටහරි බනින්න බලාගෙන ඉන්න අයනෙ. ඒක හින්ද මෙතන දාන්න හිතුනේ නෑ. ඒත් ඉන්න ටික දෙනා ගැන හරි හිතල ඔයා මේක දාපු එක වටිනවා.:yes:
    බොහොම හොඳ බණ ටිකක්. සම්ප්‍රධායික බණ වලදී කවදාවත් කතා නොවෙන ධර්මයේ ගැඹුරු තැන් ගැන සාකච්චා වෙන්නේ. හැබැයි හරියට ධර්මය ගැන හරි මුලික අවබෝධයක් නැති අයට තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු වෙයි.

    භාවනාවට නැඹුරු අය episode 60 විතර ඉඳල බලන්න.
    TFS;)

    පලවෙනි පිටුවෙදීම උඹේ comment එක වැටුණු එක ගැන සතුටුයි මචන්. :yes::yes:
    ධර්මය ගැන මුලික අවබෝධයක් නැති අයට නම් ටිකක් තේරුම් ගන්න අමාරුයි තමයි. ඒත් මට නම් මුලික දැනුම ටිකක් තියෙනවා. ඒ නිසා එච්චර ප්‍රශ්නයක් නෑ. :)

    මටත් ඔය series එකේ ඔක්කොම මුල ඉඳලා බලන්න වුනේ නෑ. ඒත් අද ඉඳන් බලනවා. TV series, Films බලල නාස්ති කරන වෙලාවේ මේ වගේ දෙයක් බලන එක වටිනවා. උඹලගේ අදහස්, අපැහැදිලි තැන් ගැන එහෙම මේකේ දාපන්. අපි ඒ ගැන කතා කරමු. :yes::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පෝරිසාදයා;15720760 said:
    අහල බලපන් කෝමද කියලා, පෙර පින් තියෙනව නම් මේ ආත්මෙම සෝවාන් වෙන එක අමාරු රාජකාරියක් නෙමෙයි...

    ඔව්. නිර්මල බුද්ධ ධර්මය තවමත් අපි අතරේ තියෙනවා. වෙලා තියෙන්නේ අපිට ඒ ධර්මය අවබෝධ කර ගන්න තරම් ප්‍රඥාව නොමැති වීම. :yes::yes:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දොළොස්වල උදිතධීර හාමුදුරුවනෙගෙ බණත් ඔය වගේමයි....ඒ හාමුදුරුවන්ගෙ පොත් වලත් ගැඹුරු දහම් කරුණු සරල විදිහට විග්‍රහ කරලා තියෙනවා....බොහොම ස්තුතියි මල්ලියා...
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දොළොස්වල උදිතධීර හාමුදුරුවනෙගෙ බණත් ඔය වගේමයි....ඒ හාමුදුරුවන්ගෙ පොත් වලත් ගැඹුරු දහම් කරුණු සරල විදිහට විග්‍රහ කරලා තියෙනවා....බොහොම ස්තුතියි මල්ලියා...

    බොහොම ස්තුතියි අක්කේ විස්තර වලට. බලන් ගියාම ධර්මය ගැන උනන්දුව තියෙන ගොඩක් අය මෙතන ඉන්නවා නේ. :yes::yes: