පිරිසිදු සත්ධර්මය

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    @ HArvard, Erosan, Gstar,porisadaya
    sj91 මිත්‍රයා කියනවා අන්ගුත්තර නිකායේ පුද්ගල සුත්‍රය අනුව පලමු ධ්‍යාන ලාභියා බ්‍රහ්මලෝකයේදී නිවන් ලබනවා කියනවා.
    උබලට මේක හොයලාදෙන්න පුලුවන්ද?
    මම අරුගෙන් හතරපාරක් විතර ඇහුවා , ඌ ඒකට පිලිතුරු දුන්නෑ.

    මුලින්ම උඹ ඔය sj91,Sahanj123 කියන නම් වලින් මේකෙ ඉන්නෙ පල්ලියෙ පාදිලි එවපු ක්‍රිස්තියානි කාරයෙක්, මූ කොහොමද කතෝලිකයෙක් වෙලා බණ කියන්නෙ? උගේ රාජකාරිය තමා පල්ලියෙන් සාසනේ කන්න එවල තියෙන වහරක, වලස්මුල්ලෙ අභය, මීවනපලානේ වගේ සිවුරු හොරුන්ගෙ පල් හෑලි මේකෙ කොපි පේස්ට් කිරීම. කිසිම අගක් මුලක් ගැලපීමක් නෑ ඔහෙ කියවනවා.. මූ දාපු එකක වැරැද්දක් පෙන්නුවොත් හරියට හරි කියනව.:lol::lol::lol:.මානසික රෝගියෙක් හරි දැන් උඹේ ප්‍රශ්නෙට බහිමු.

    බුද්ධාගමේ තියෙන්නෙ ධ්‍යාන 8යි. රූපාවචර ධ්‍යාන 4යි. අරූපාවචර ධ්‍යාන 4යි.
    නිවන් දකින්න(සෝවාන් වෙන්න ) නම් මේ රූපාවචර පලමු ධ්‍යානය ප්‍රමාණවත්.

    ධ්‍යානයක් කියන්නෙ නිත්‍ය ලෙස පවත්ව ගන්න පුලුවන් දෙයක් නෙමෙයි,ප්‍රථම ධ්‍යානයට පත් පුද්ගලයා එය උපයෝගි කරගෙන සෝවාන් ආදි මගපලයක් ලබානොගත්තොත් ,මරණාසන්න මොහොතේ එම ධ්යානයට සමවදින්න බැරි උනොත් ඔහු දුගතිගාමි වෙන්නත් පුලුවන්.

    මැරෙන මොහොතේ ධ්‍යාන සිත නොපිරිහී පවත්වාගත්තොත් ඔහු බඹ ලොව උපත ලබනවා... බ්‍රහ්මලෝකයත් ස්තිර නෑ, කල්ප වලින් ආයුෂ තිබුණත් ආයෙම චුත වෙලා ඇවිත් තිරිසනෙක් උනත් වෙන්න පුලුවන්.. අහල ඇතිනෙ ඊරියක් දැකල බුදු හාමුදුරුවො සිනහ පහල කල කතාව?

    සම්‍යක් සමාධිය

    මෙයින් ප්‍ර‍ථමධ්‍යාන සමාධිය, ද්විතීයධ්‍යාන සමාධිය, තෘතීයධ්‍යාන සමාධිය, චතුර්ථධ්‍යාන සමාධිය යන සමාධි සතර සම්‍යක් සමාධිය යි ප්‍ර‍කාශිත ය. වික්ෂිප්ත නො වන පරිද්දෙන් නො සැලෙන පරිද්දෙන් සිත මනා කොට ස්ථිර වශයෙන් ආරම්මණයෙහි පිහිටවමින් සිත හා බැඳී පවත්නා වූ එක්තරා ස්වභාව ධර්මයකට සමාධිය යි කියනු ලැබේ.

    මේ සමාධීහු ලෞකිකයෝ ය. මාර්ග භාවනාව කර ගෙන යන්නා වූ තැනැත්තා හට යම් කලෙක ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන්නේ ද එකල්හි පූර්ව භාගයෙහි පුරුදු කරන ලද මේ ලෞකික සමාධීන් අතුරෙන් යම් කිසි එක් සමාධියක් මාර්ගයාගේ අංගයක්ව මාර්ග චිත්තය හා තත් සම්ප්‍ර‍යුක්ත ධර්‍මයන් නිර්වාණ සංඛ්‍යාත ආරම්මණයෙහි මනා කොට පිහිටුවමින් ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නේ ය. එය ලෝකෝත්තර සම්‍යක් සමාධිය වූ මාර්ගාංගය වන්නේ ය.

    මෙතන හොද විග්‍රහයක් තියෙනවා බලන්න.

    http://www.lankadeepa.lk/sunday/rasawitha/ධ්‍යාන-ලබාගන්නේ--කොහොමද---/57-528723

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ශමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්‍ශනා වඩා මඟපල ලැබිය හැකි ද?
    මෙය දැනට එක්තරා පිරිසක් විසින් පවත්වා ගෙන යන සතිපට්ඨාන විපස්සනා භාවනාව නො ඉවසන තවත් පිරිසක් විසින් ඇති කර ඇති අලුත් ප්‍ර‍ශ්නයෙකි. මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ.

    බොහෝ වෙහෙසී උපදවා ගන්නා ලෞකික ධ්‍යානය කාම සංඥාවක් පහළවීම් මාත්‍රයෙන් අතුරුදන් වන බව බෞද්ධයන් අතර ප්‍ර‍සිද්ධ කරුණෙකි. ධනය රැස්කර ගෙන භාර්‍ය්‍යාවන් ඇතිව ද දරුවන් ඇතිව පස්කම් සැප විඳිමින් වාසය කරන ගිහියන් අතර ඒ ධ්‍යාන තිබිය නො හැකි බව අමුතුවෙන් කිය යුතු ගැඹුරු කරුණක් නො වේ.

    බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණි අලුත දම්සක් පවත්වා බරණැස ඉසිපතනයෙහි වැඩවෙසෙන දිනවල එනුවර ස්ත්‍රීන් පිරිවරාගෙන පස්කම් සැප විඳිමින් විසූ යස නම් වූ සිටු පුත්‍රයෙක් එක් රාත්‍රියක දී නිදාහුන් ස්ත්‍රීන් ගේ විප්‍ර‍කාර දැක කලකිරී රාත්‍රියේ දී ම ගෙයින් නික්ම ගියේ ය. එසේ යන යස සිටු පුත් අහම්බෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේ ය. තථාගතයන් වහන්සේ ඔහුට ධර්මදේශනය කළ සේක. ඒ ධර්මය අනුව සිත යැවූ සිටු පුත් ඒ අසුනෙහි දී ම සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. පසු දින ඔහු ගේ පියා පුතු ගේ පිය සටහන් අනුව ඔහු සොයා යන්නේ එහි පැමිණියේ තථාගතයන් වහන්සේ ඔහුට ද දහම් දෙසූ සේක. ධර්‍මය අනුව සිත යැවූ සිටුවරයා ද ඒ අසුනේ දී ම සෝවාන් ඵලයට පැමිණියේ ය. පියාට දෙසන ධර්මය අසමින් එය අනුව සිත යැවූ සිටු පුත් සියලු කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියේ ය. මෙය විනය පිටකයට අයත් මහාවග්ගපාලියෙහි මහාඛන්ධකයෙහි දැක්වෙන පුවතකි. යස කුල පුත්‍ර‍යා හා ඔහු ගේ පියා කවදාවත් භාවනා කොට ධ්‍යාන උපදවා ගෙන සිටි අය නො වෙති. ස්ත්‍රීන් පිරිවරා ගෙන උසස් ම අන්දමින් කම් සැප විඳිමින් විසූ ඔවුනට ලෞකික ධ්‍යාන කොයින් ද? බුදුන් වහන්සේ දේශනය කළ ධර්මය අනුව සිත පැවැත්වීම විදර්ශනා භාවනාව ය. ඔවුන් මඟපල ලැබූයේ ධ්‍යාන ලබා තිබීමෙන් නොව ඒ ශුද්ධ විදර්ශනාවෙන් ම ය.

    යස කුලපුත්‍ර‍යා ගේ පැවිදිවීම අසා ඔහු ගේ යහළුවෝ සිවුපනස් දෙනෙක් ද බුදුරජාණන් වහන්සේ වෙත ගියෝය. ඔවුහු ද දහම් අසා සෝවාන් වී පැවිද්ද ලබා ගත්හ. ඉක්බිති තථාගතයන් වහන්සේ ඔවුනට අවවාද කළ සේක. අනුශාසනා කළ සේක. ඒවා ඇසීමෙන් ඒ සැම දෙනා වහන්සේ ම රහත් වූ බව “තෙසං භගවා ධම්මියා කථාව ඔවදියමානානං අනුසාසියමානානං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු” යි මහාවග්ගපාලියේ දක්වා තිබේ. ගිහිගෙයි කම් සැප විඳිමින් විසූ ඒ අය කවදාවත් ධ්‍යාන උපදවා තිබුණේ නැත. පැවිදි වීමෙන් පසු ධ්‍යාන භාවනා කළ බවකුත් සඳහන් නො වේ.

    තථාගතයන් වහන්සේ බරණැස ඉසිපතනයෙහි වැඩ සිට තවුසන් දමනය කරනු සඳහා උරුවෙල් දනව්ව බලා වඩිනාසේක්, අතර මඟ එක් වනයක ගසක් මුල වැඩහුන් සේක. ඒ වනයෙහි භද්දවග්ගිය කුමාරවරු තිස් දෙනෙක් ස්ත්‍රින් හා ඉන්ද්‍රිය පිනවීමෙන් සතුටු වන්නාහ. ඔවුන් ගෙන් එක් කුමාරයකුට භාර්‍ය්‍යාවක් නොවූයෙන් ඔහු වෙසඟනක් කැඳවාගෙන ගියේ ය. ඈ ඔවුන් ගේ ප්‍ර‍මාදයක් බලා බඩුත් ගෙන පලා ගියාය ය. ඇය සොයා ඇවිද්දා වූ ඒ කුමාරවරු ගසමුල වැඩ හුන් තථාගතයන් වහන්සේ දැක ඇය ගැන විමසනු පිණිස උන් වහන්සේ වෙත ගියෝ ය. තථාගතයන් වහන්සේ ඔවුනට දහම් දෙසූහ. දහම් අසා ඒ සැම දෙනාම සෝවාන් වී පැවිදි වූහ. ස්ත්‍රීන් හා වනයට ගොස් සතුටු වෙමින් විසූ ඒ කාමභෝගීන්ට තුබූ ධ්‍යානයක් නැත. එහෙත් ඔවුහු ධර්මය අනුව සිත යැවීමෙන් සත්‍යාවබෝධය කොට මඟපල ලැබූහ. මෙය ද මහාවග්ගපාලියෙහි දැක්වෙන පුවතකි. පිටකත්‍රයෙහි අටුවාවල මෙබඳු පුවත් බොහෝ ගණනක් ඇත්තේ ය.

    පළමුවෙන් ශමථ භාවනාවක් කොට පසුව විදර්ශනා වඩා මඟපල ලැබීමත් මේ ශාසනයෙහි ඇති එක් ක්‍ර‍මයෙකි. ඒ ක්‍ර‍මයෙන් මඟපල ලැබූවෝ ඉතා ටික දෙනෙකි. බහුතර සංඛ්‍යාවක් මඟපල ලබා තිබෙන්නේ ලෞකික ධ්‍යාන නො වඩා ශුද්ධ විදර්ශනාවෙන් ම ය. මඳ වේලාවක් වුව ද විදර්ශනා භාවනාවන්හි යෙදීම තථාගතයන් වහන්සේ විසින් වර්ණනා කරන ලද උසස් කුශලයකි. ‘බුදුරජාණන් වහන්සේ ඇතුළු සඟනට මහ දනක් දීමට ද වැඩි, සතර දිගින් වඩනා මහසඟන උදෙසා විහාරයක් කරවීමට ද වැඩි, රත්නත්‍ර‍ය සරණ යාමට ද වැඩි, සිකපද පස සමාදන්වීමට ද වැඩි, මෛත්‍රී භාවනාවට ද වැඩි, මහත්ඵල ඇති කුශලයක් අසුරුසණක් පමණ කාලයේ කරන විදර්ශනා භාවනාවෙන් ලැබෙන බව තථාගතයන් වහන්සේ විසින් වේලාම සූත්‍රයෙහි වදාරා තිබේ. ශමථ භාවනා කොට ධ්‍යාන නො ලබා විදර්ශනා භාවනාව නො කළ හැකිය, කළත් එයින් පලක් නැත, කියා නූගත් ජනයා මුළා කොට ඔවුන් විදර්ශනා භාවනාව නමැති උත්තම කුශලය සිදුකර ගැනීමට අනුන්ට බාධා කිරීම බරපතල අපරාධයෙකි.

    කියන්නන් කෙසේ කීව ද නුවණැතියන්ට කාරණය තේරුම් ගැනීමට ඉහත දැක් වූ කරුණු ප්‍ර‍මාණ වෙතියි සිතමි.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එක් දිනක් බුදු රජානන්වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ සමග රජගහ නුවර පිඬුසිඟා වඩිනා විට, එක් සූකර පෝතිකාවක් (ඊරියක්) දැක උන්වහන්සේ සිනහ පහළ කළ සේක. මෙය දුටු ආනන්ද තෙරනුවන්, තථාගතයන් වහන්සේ මෙසේ සිනහ පහළකිරීමට හේතුව විචාළ කල්හී උන්වහන්සේ මෙසේ වදාළ සේක. " ආනන්දය, මෙම සූකර පෝතිකාව කකුසඳ බුදුරජානන්වහන්සේ ලොව වැඩ වසනා සමයෙහි කිකිළියක්ව ඉපිද, භික්ෂුන් දන් වලඳනා දාන ශාලාවක් අසල ගැවසෙමින් සිටියාය. දිනක් ශාලාව තුළ වූ එක් යෝගාවචර භික්ෂුන් වහන්සේ නමක් විදර්ශනා භාවනාවේ කර්මස්ථානය හඬ නගා සජ්ජායනය කරනු මෙම කිකිළියට අසන්නට ලැබිනි. තිරිසන් ආත්මභාවයක පසුවු මැයට එම දර්මය අවබෝධ කරගැනීමට භාග්‍යයක් නොමැති වුවද සතුටින් එම කර්මස්ථානයේ සිත යොමා සිටි බැවින්, එම කුසලයේ බලයෙන් තිරිසන් ආත්මයෙන් මිදීමෙන් පසු "උබ්බරී" නම් රාජකුමාරිකාවක් ලෙස උපත ලැබුවාය.

    මෙමෙ රාජ කුමාරිය දිනක් අශුචිවල සිටි පණුවන් සමූහයක් දැක කළකිරී "පුළවක" සංඥාව උපදවා,එය කර්මස්ථානය කොටගෙන භාවනාව වඩා ප්‍රථම ධ්‍යානයට පත්වී,ධ්‍යානය නොපිරිහී කලුරිය කළ බැවින් බ්‍රහ්මපාරිසජ්ජ බඹ ලොව උපත ලැබීය. ඉන් බොහෝ කළක් බඹ ලොව සමාධි සුවයෙන් ගතකළ ඇය එයින් චුතව කකුසඳ,කෝණාගමන,කාශ්‍යප යන තුන් බුදු රජානන්වහන්සේලා ලොව පහලව,උන්වහන්සේලාගේ ශාසනයන්ද අවසන් වන තුරුම සසරෙහි සුගතින් මෙන්ම දුගතින්හී ද උපත ලබමින් සසර සැරි සරා, අද දින මෙලෙස ඌරු යෝනියේ උපත ලැබුවාය.

    සූකර පෝතිකාවගේ ඉරණම මෙතෙකින් අවසන් නොවීය. මෙම සූකර පෝතිකාව එම ආත්මභාවයෙන් මිදී ,මීලඟ ආත්ම භාවය ස්වර්ණ භූමි නම් රට ,රජකුලයක උපත ලැබීය.අනතුරුව එයින් චුතව බරණැස් නුවර මනුෂ්‍ය දියනියක් ලෙසද,එයින් පසු ආත්මභාවයක සුප්පරක පටුනෙහි දිවිගෙවූ අශ්ව වෙළෙන්දෙකුගේ දියණියක් ලෙසද ,එයිනුත් අනතුරුව කාවිර පටුනෙ නැවියකුගේ නිවසෙහිද උපත ලැබීය. මීලඟ ආත්ම භාවය අප ලක්දිව අනුරාධපුරයෙහි ඉසුරුමත් කුළගෙයක උපත ලැබීය.ඒ වනවිට අප ගෞතම සර්වඥයන්වහන්සේ පිරිනිවී වර්ෂ 300ක් පමණ ගතවී අවසන්ය. ඇයගේ එම ආත්ම භාවයද කෙළවර, ඇය යලි අනුරපුරයෙහිම දකුණුදිශා භාගයෙහි "ගෝකන්න" නම් ග්‍රාමයෙහි සුමන නම් කෙළෙඹියාගේ සුමනා නම් රූමත් දියනිය ලෙස උපත ලැබීය. ඇය උපත ලැබූ වකවානුව, දුටු ගැමුණු අනුරපුරේ රජ වීමට ආසන්න සමයයි. අනතුරුව සුමන කෙළෙඹියා ගෝකන්න ග්‍රාමය අත හැර දිගාවැව "මහමුනිගාමය" නම් ගමෙහි වාසයට පැමිනි බැවින් මහමුනිගාමය ඇගේද වාසභූමි බවට පත්විය. සුමණා දියණිය වැඩිවියට පත්වනවිට දුටු ගැමුණු ලක්දිව රජු ලෙස අභිෂේකය ලැබීය. දිනක් මහ රජුගේ මහ ඇමතියෙකු වූ "ලකුන්ටක අතින්බර" නැමත්තා රාජකාරියක් පිනිස මහමුනිගාමයට පැමිනි කල්හී, රූමත් සුමනාවන් දැක ඇය කෙරෙහි සිත් බැඳී ඇය සරණපාවා ගත්හ. එලෙස ඇය දුටුගැමුණු රජුගේ මහ ඇමතියකුගේ දේවිය බවට පත්ව ඔහු වසනා "මහපුණ්ණ නම් ග්‍රාමයට වාසය පිණිස පැමිනියාය.

    දිනක් මහාවිහාර වාසී මහා අනුල මහරහතන් වහන්සේ භික්ෂුන්ද පිරිවරා පිඬු පිණිස "මහාපුණ්ණ" ගමට වැඩම කළ අවස්ථාවේදී ලකුණ්ටක අමාත්‍ය මාළිගයටද වැඩමකල සේක. මෙවිට පිණ්ඩපාතය පිළිගන්වනු පිනිස මාලිගයෙන් එලියට බට සුමණා දේවිය දුටු මහරහතන් වහන්සේ, ඇයගේ පෙර භවය සිය නුවණින් දැක ඇයට ඇසෙන ලෙස "ඇවත්නි, මහා ආශ්චර්යයකි. සූකර පෝතිකාව ලකුන්ටක අමාත්‍ය දේවිය බවට පත්ව සිටි". මහ රහතන් වහන්සේ නමක කිසිදා නිශ්ඵල වදන් නොකියන බැව් මනාකොට සුමනා දෙවිය, තම කන වැකුනු එම ප්‍රකාශය පිළිබඳව මෙනෙහි කිරීමට පටන් මොහොතෙහිම ඇයට ජාතිස්මරණ ඥානය එනම් පෙර භවයන් සිහිකිරීමේ ඥානය පහළවිය.ඉන් පසුව පෙර සසරෙහි තමා ගත කළ දුක්ඛිත ආත්ම භාවයන් සිහිවී මහත් කළකිරීමට පත්වූ ඇය අනතුරුව තම ස්වාමියා වූ ලකුණ්ටක ඇමතිතුමාගේද අවසරය ඇතිව සසුන්ගතවිය. නොබෝ කලකින්ම සුමනා මෙහෙනින්වහන්සේ තිස්ස මහාවිහාරයේදී දෙතිස ,සතිපට්ඨාන සූත්‍ර දෙශනාව ශ්‍රවනය කිරීමෙන් සෝවාන් ඵලයට පත්විය. ඉක්බිති ලක්දිව ඇතිවූ දුටුගැමුණු එලාර යුද්ධයෙන් පසු, තම මව්පියන් විසූ ගෝකන්න ග්‍රාමයට නැවත වාසය පිනිස වැඩම කළාය. අනතුරුව කල්ලන මහා විහාරයේදී "ආශිවිෂොපම සූත්‍ර දේශනාව ශ්‍රවනයෙන් සව් කෙලෙසුන් නසා රහත්භාවයට පත්ව මෙම බියකරු සසරින් සදහටම එතෙර විය.

    සුමනා රහත් මෙහෙනින් වහන්සේ පිරිනිවන් පානා දිනයෙහිදී භික්ෂුන්,භික්ෂුනීන්,උපාසක,උපාසිකාවන් විශාල පිරිසක් එහි රැස්වූහ. එවෙලෙහි ඕතොමෝ අහසට පැන නැගී තමා කිකිළියක්ව උපන් තැන් පටන් තම පෙර ආත්ම 13ම මුල්කොට දම් දෙසා රැස්වූ පිරිස සංවේගයට පත්කොට පිරිනිවීය.

    අප සර්වඥයන් වහන්සේ වරක් මෙසේ වදාළසේක.

    "සබ්බේ සංඛාරා අනිච්චාතී
    යදා පඥ්ඥාය පස්සතී
    අථනිබ්බින්දතී දුක්ඛේ
    ඒස මග්ගෝ විසුද්ධියා"

    "සියළුම සංස්කාරයෝ අනිත්‍යයි යම් කෙනෙක් ප්‍රඥාවෙන් දකීද, එම විසුද්ධි සංඛ්‍යාත නිවන ඔහු දකින්නේය". එනිසා අප්‍රමාදීව කටයුතු සම්පාදනය කොට සියළුම සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය අවබෝධයෙන්ම වටහාගෙන, ඒ අමිල නිර්වානය සාක්ශාත් කොට, අනවරාග්‍ර සසරින් හා සසර දුකින් එතෙරවීමට සියල්ලෝම උත්සහ කරත්වා..!!!
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පාලි සාහිත්‍ය රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. අද ත්‍රිපිටක ධර්මය කියවා තේරැම් ගැනීමට, භාවනා කිරීමට අපහසු වී තිබෙන්නේ මේ විනාශය හේතුවෙනි.

    බුධ්ධඝෝෂ දමිල සම්භවයක් ඇති ඉන්දියාවේ සිට ආ පුද්ගලයෙකු වේ, ඔහු ගේ මුල් නම “සඛනි” යයි යම් අයකු ඉන්දියානු මුලාශ්‍ර ඇසුරෙන් සොයාගත හැක. මොහු මෙහි පැමිණ, පන්සල් ආශ්රිඅතව ජීවත් වී පැවිද්දෙකු ලෙසින් සිටියදී වේද ග්‍රන්ථ කට පාඩමින් ගයනා කිරීමෙන් මොහු ගේ කට හඬ, බුදුන් ගේ කට හඬ තරම් මිහිරි යයි මහා නායක ස්වාමින් වහන්සේ පවසා බුදුන් ගේ ශබ්දය ඇත්තා, බුද්ධ ගෝෂ ලෙස නම් තබන ලදී, නමුත් ඔහුගේ යම් යම් ක්රිසයාවලි නිසා කුපිත වූ ඇතැම් එකල ස්වාමීන් වහන්සේලා සහ ආචාර්යවරු, ඔහු කොටලුවෙකුගේ හඬක් ඇත්තා , අශ්ව ඝෝස ලෙස ආමන්ත්‍රණය කර තිබෙනවා ( ථූප වංශය ඉපැරණි සැකසීම / සද්ධම්ම සංග්‍රහය) කෙසේ හෝ මොහු පැමිණියේ මෙහි පවතී හෙළ අටුවා විනාශ කිරීමට බව නම් සැබෑවක්, මෙහි හෙළ අටුවා තිබියදී පාලි බසට හැරවීමට ඔහු පෙළඹුනේ ඇයි ? එවිටත් අපගේ සිංහල බුදුදහම යහතින් සුරකෙමින් පැවතුනු අතර, ඉතා පිරිසිදු නිර්මල දහම අපගේ අටුවා වල ලිය තබන ලද්දේ මිහිදු මහ රහතන් වහන්සේ ඇතුලු රහතන් වහන්සේලා ය.

    එසේ නම් මෙහි ඔහු පැමිණියේ යම්කිසි යටි අරමුණකින් බව සැබෑය, බුද්ධඝෝෂ හිමිව සුද්ද කරන්නේ මහාවංශය පමණි, එයද ලියා තිබෙන්නේ ඉන්දියානු සම්භවයක් ඇති මහානාම තෙරුන් වේ, මා සඳහන් කල පරිදි බුදුගොස් හිමියන් පරිවර්තනයේදී පටලවා ඇත, විශේෂයෙන් අභිදර්මය පටලවා ඇත්තේ මොන අරමුණක් නිසාද යන්න ප්රශ්නයකි…. ඉන් පසු අප හෙළ පොත් ගිනි තබා ඉන්දියාවට පලා ගොස් තිබේ.. මහා විහාරය පොළොවට සමතලා කර උඳු වපුරණ ලදී... අන්‍යාගමිකයන්ගේ කුමන්ත්‍රණ සාර්ථකත්වයට පත් වන්නේ මෙලෙසය...

    මහාවංසය දක්‌වන විස්‌තරයට අනුව බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් පොත තුන්වතාවක්‌ ලියන ලද්දක්‌ බව පෙනේ. අවස්‌ථා දෙකකදීම එම පොත බුධඝෝශ විසින් සගවා පසුව එලියට ගැනුනු බව කියවේ. පසුව දෙවියන් විසින් අතුරැදහන් කලේ යයි බොරැ කියා ඇත.

    බුද්ධඝෝෂ හිමි රචනා කරන විසුද්ධිමාර්ගයේ පටිච්ච සමුප්පාදය හරි හැටි විස්තර නොකරන බව එය කියවූ ඕනම කෙනෙකුට ප්‍රත්‍යක්ශ වන කරුණකි. බුද්ධ ඝෝෂ හිමියන්ද පෘථග්ජනයෙකු වු තමා ට පටිච්චසමුප්පාදය විග්‍රහය හරි හැටි කිරීමට නොහැකි වූ බව ඔහු විසින්ම ලියා ඇති නිසා ඒ ගැන තවත් තර්කයක් නොමැත. අනිත් කරුනනම් විපස්සනාවයි. විසුද්ධි මාර්ගය තුල විපස්සනාවට වැඩි තැනක් දී නොමැත. විපස්සනාවේ ගැබුරු තැන් විසුද්ධි මාර්ගයේ විග්‍රහ කර නොමැත. බුද්ධ ඝෝෂ හිමි අනාර්ය ධ්‍යාන හැදෑරූ පුද්ගලයෙකු නිසාදෝ හේ වැඩි අවධානය යොමු කර ඇත්තේ සමතය කෙරෙහිය.

    පාලි සාහිත්ය‌ රචනා කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් තම කෘතියේ සඳහන් කරන පරිදි බුද්ධඝෝෂ හිමියන් තම අරමුණ ඉටුවූ පසු රහතන් වහන්සේලා විසින් ලියන ලද හෙළ අටුවා සියල්ල මහසෑ මළුවට ගෙනවිත් ඒවා ඇතෙකුගේ උසට ගොඩගසා ගිනිතබා විනාශ කරන ලදී. බුද්ධ ඝෝෂ හිමියන්ට අ‍ටුවා පාලියට පරිවර්තනය කිරීමට ඉඩදුන් ස්වාමීන්වහන්සේලා අපේ හෙල අ‍ටුවා වලට මෙවන් ඛේදනීය තත්වයක් උදාවනු ඇතැයි සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

    හෙළටුවා විනාශ වීම ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් විනාශ කිරීමක් බඳු බව අප හැඟීමයි. හෙළටුවා විනාශ වීමෙන් අනතුරු ව බෞද්ධයාට ඉතිරිවූයේ පෘථග්ජනයෙක් වූ බුද්ධඝෝෂ හිමි පාලියට පරිවර්තනය කරන ලද පාලි අටුවා පමණි. රහතන් වහන්සේලාගේ පැහැදිලි කිරීම් වෙනුවට බුද්ධ ගෝෂ හිමියන්ගේ අදහස් පමනි. භාවනා ක්‍රම අතුරැදහන් වූ නිසා රහතන් වහන්සේලා ද නැති විය. වසර දහසක් පසු වන මාරයාගේ බලපෑම නිසා ධර්මය විනාශ වන බවට දේශනා කල බුද්ධ වචනය සත්‍යක් විය.

    මේ හෙල අ‍ටුවා විනාශ කිරීමේ කාර්යට මහානාම හිමියන්ද උඩගෙඩි දී ඇතිබව මහාවංශයෙන් ඔහු කරන විග්‍රහයේදී පැහැදිලිය. හෙල අ‍ටුවා ගැන හෝ ඒවා ලියූ අ‍ටුවාචරීන්වහන්සේලා පිලිබදව මහාවංශයේ හෙලිකර නැත. නමුත් ඒවා පරිවර්තනයට පැමිනෙන බුද්ධඝෝෂ හිමි පිලිබදවනම් මහා වරුනාවක් ලියා ඇත. හෙල අ‍ටුවා ගැන සදහන් කිරීම කෙසේ වෙතත් භික්ශුවක් වූ මහානාම හිමියන්ට ත්‍රිපිටකයට වඩා වැදගත් වී ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්වය. අනාදිමත් කාලයක පටන් මුඛ පරම්පරාවෙන් ගෙන ආ ත්‍රිපිටක ධර්මය අලුලෙනේදී ග්‍රන්ථාරූඪ කර ඇතිබව අප දනිමු. මහාවංශ කතුවරයා බුද්ධඝෝෂ හිමි පිලිබදව බොහෝ ඉඩ වෙන් කලද ත්‍රිපිටක ග්‍රන්ථාරූඪ කිරීම වැනි උතුම් කටයුත්ත සදහන් කිරීමට හේ යොදාගෙන ඇත්තේ ගාථා දෙකක් පමනි.
    එමෙන් ම අටුවා හෙළ බසින් ලියැවීම ලාංකේය අපට වැදගත් භාෂාත්මක වර්ධනයකි. එය හෙළ බසින් ම අන්තර්ජාතිකත්වයට යා නොදී පාලි භාෂාවට පරිවර්තනය කර අන්තර්ජාතික කීර්තියට පත් කිරීමෙන් හෙළ බසට නිසි ගෞරවය නොලැබී යාම ද මේ විනාශයේ තවත් පැත්තකි.

    ත්‍රිපිටකයට සින්හල අර්ථ සැපයූ වත්මන් බුද්දගෝෂ චීවරදාරින් අත්පොත ලෙස භාවිතා කලේ විසුද්දි මාර්ගයයි .මේනිසා,

    අනිච්ච = අනිත්ය ලෙසත්,
    අනත්ථ = අනාත්ම ලෙසත් ධර්මය විකුර්ති කිරිමෙන් සoඝබේදය සිදුකරගත් මේ චීවරදාරීන් නිසා බුදුදහම අතුරුදන් විය .........නිවන් මග වැසුණි.අනිත්ය ,අනාත්ම සoකල්පය හින්දු අදහසක් බව o/l ලමයෙකුට උවද වැටහේ.:frown:

    මේරට භික්ෂුන්ගෙන් බහුතර බුද්දගෝෂ චීවරදාරින් බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය.ත්‍රිපිටකයටත් වඩා ඔවුන්ට වටින්නේ බුද්දගෝෂගේ විසුද්දි මාර්ග කෙප්ප පොතයි ...​
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    විසුද්ධි මාර්ගය දැකලවත් නැති, කියවලත් නැති සිවුර අස්සේ පාදිලියෝ මරු කියවනවා!:lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    @ HArvard, Erosan, Gstar,porisadaya
    sj91 මිත්‍රයා කියනවා අන්ගුත්තර නිකායේ පුද්ගල සුත්‍රය අනුව පලමු ධ්‍යාන ලාභියා බ්‍රහ්මලෝකයේදී නිවන් ලබනවා කියනවා.
    උබලට මේක හොයලාදෙන්න පුලුවන්ද?
    මම අරුගෙන් හතරපාරක් විතර ඇහුවා , ඌ ඒකට පිලිතුරු දුන්නෑ.

    හරි සෙට් එකකින්නේ අහලා තියෙන්නේ..ඔකුන් ත්‍රිපිටකය අල්ලලාවත් නෑ .බුද්දගෝෂ නාමික බෞද්ධ චීවරදාරියෝ.. ඔකුන් දන්නේ අහවල් හාමුදුරුවන්ගේ අහවල් හාමුදුරුවන්ගේ බණ දෙසන්න විතරයි.බුදුබණ දෙසන්න දන්නේ නෑ .:P:rofl::baffled::lol::lol::lol:

    HArvard ,porisadaya වගේ මම පිනට කන බුද්දගෝෂ චීවරදාරියෙක් නොවන නිසා.මම ගිහියෙක් නිසා මට ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ. හොදම වැඩේ වලස්මුල්ලේ හාමුදුරුවන්ගේ දේශනා අහන එක..ඒවයේ ඔක්කොම කරුණු 100% පැහැදිලිකරනවා.අපි මෙතන කොරන්නේ නාමික බෞද්දයන්ට යන්න ඔන හරි පාර අත දික් කොරලා පෙන්වන එක විතරයි . හැමදේම අපිට කිය කිය ඉන්න වෙලා නෑ . :yes:ඒවගේම කියන්නේ සාරාoශයක් විතරයි .සවිස්තරව කියන්න වෙලා නෑ :)

    https://www.youtube.com/watch?v=_cX-56Zy6u0&index=23&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    මේ විඩියෝ එකේ පැය 1යි විනාඩි 10 සිට නරඹන්න..පිලිතුර ඇත .:lol:
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    විසුද්ධි මාර්ගය දැකලවත් නැති, කියවලත් නැති සිවුර අස්සේ පාදිලියෝ මරු කියවනවා!:lol::lol:

    සිංහල බෞද්ධයෙක් වෙන්න බැරි වෙච්ච එකේ හීනමානෙ.. :lol: :lol: :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හරි සෙට් එකකින්නේ අහලා තියෙන්නේ..ඔකුන් ත්‍රිපිටකය අල්ලලාවත් නෑ .බුද්දගෝෂ නාමික බෞද්ධ චීවරදාරියෝ.. ඔකුන් දන්නේ අහවල් හාමුදුරුවන්ගේ අහවල් හාමුදුරුවන්ගේ බණ දෙසන්න විතරයි.බුදුබණ දෙසන්න දන්නේ නෑ .:P:rofl::baffled::lol::lol::lol:

    HArvard ,porisadaya වගේ මම පිනට කන බුද්දගෝෂ චීවරදාරියෙක් නොවන නිසා.මම ගිහියෙක් නිසා මට ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ. හොදම වැඩේ වලස්මුල්ලේ හාමුදුරුවන්ගේ දේශනා අහන එක..ඒවයේ ඔක්කොම කරුණු 100% පැහැදිලිකරනවා.අපි මෙතන කොරන්නේ නාමික බෞද්දයන්ට යන්න ඔන හරි පාර අත දික් කොරලා පෙන්වන එක විතරයි . හැමදේම අපිට කිය කිය ඉන්න වෙලා නෑ . :yes:ඒවගේම කියන්නේ සාරාoශයක් විතරයි .සවිස්තරව කියන්න වෙලා නෑ :)

    /url] [COLOR="darkred"][SIZE="4"]න... කවුද යන්න ඔබම හඳුනා ගන්න![/SIZE][/COLOR][/B]
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes:

    හරි සෙට් එකකින්නේ අහලා තියෙන්නේ..ඔකුන් ත්‍රිපිටකය අල්ලලාවත් නෑ .බුද්දගෝෂ නාමික බෞද්ධ චීවරදාරියෝ.. ඔකුන් දන්නේ අහවල් හාමුදුරුවන්ගේ අහවල් හාමුදුරුවන්ගේ බණ දෙසන්න විතරයි.බුදුබණ දෙසන්න දන්නේ නෑ .:P:rofl::baffled::lol::lol::lol:

    HArvard ,porisadaya වගේ මම පිනට කන බුද්දගෝෂ චීවරදාරියෙක් නොවන නිසා.මම ගිහියෙක් නිසා මට ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ. හොදම වැඩේ වලස්මුල්ලේ හාමුදුරුවන්ගේ දේශනා අහන එක..ඒවයේ ඔක්කොම කරුණු 100% පැහැදිලිකරනවා.අපි මෙතන කොරන්නේ නාමික බෞද්දයන්ට යන්න ඔන හරි පාර අත දික් කොරලා පෙන්වන එක විතරයි . හැමදේම අපිට කිය කිය ඉන්න වෙලා නෑ . :yes:ඒවගේම කියන්නේ සාරාoශයක් විතරයි .සවිස්තරව කියන්න වෙලා නෑ :)

    https://www.youtube.com/watch?v=_cX-56Zy6u0&index=23&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    මේ විඩියෝ එකේ පැය 1යි විනාඩි 10 සිට නරඹන්න..පිලිතුර ඇත .:lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හරි සෙට් එකකින්නේ අහලා තියෙන්නේ..ඔකුන් ත්‍රිපිටකය අල්ලලාවත් නෑ .බුද්දගෝෂ නාමික බෞද්ධ චීවරදාරියෝ.. ඔකුන් දන්නේ අහවල් හාමුදුරුවන්ගේ අහවල් හාමුදුරුවන්ගේ බණ දෙසන්න විතරයි.බුදුබණ දෙසන්න දන්නේ නෑ .:P:rofl::baffled::lol::lol::lol:

    --------- ----- ------- ----- -----
    මේ විඩියෝ එකේ පැය 1යි විනාඩි 10 සිට නරඹන්න..පිලිතුර ඇත .:lol:

    මට වැල්වටාරම් එපා මචන්.
    උබ ඕකට පිලිතුරු දුන්නෑනේ කීප පාරක්ම අහලත්.ඒකනේ අනිත් උන්ගෙන් ඇහුවේ.

    උබට ත්‍රිපිටකය ගැන දැනුමක් තියනවනේ.මමත් උබ කියපු කරුනුන "පුද්ගල සූත්‍රයේ" හෙව්වා
    හොයාගන්න බැරිඋනා.
    උබ ඒක
    ත්‍රිපිටකය ඇසුරින් ගත්ත තැන (source) දාපන්
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මට වැල්වටාරම් එපා මචන්.
    උබ ඕකට පිලිතුරු දුන්නෑනේ කීප පාරක්ම අහලත්.ඒකනේ අනිත් උන්ගෙන් ඇහුවේ.

    උබට ත්‍රිපිටකය ගැන දැනුමක් තියනවනේ.මමත් උබ කියපු කරුනුන "පුද්ගල සූත්‍රයේ" හෙව්වා
    හොයාගන්න බැරිඋනා.
    උබ ඒක
    ත්‍රිපිටකය ඇසුරින් ගත්ත තැන (source) දාපන්

    Got it
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    සම්මාදිට්ඨිය පූර්ණවන්නේ රහතුන්ගේය . සතර දැහැන් + අවිතක්ක අවිචාර සමාධි +ශුන්යතා අප්පනික සමාධි + වැඩීමෙන් සම්මා න්යාන වෑඩී සම්මා විමුක්ති වැඩේ. රහත්වන මාර්ගය මෙයයි----

    1 වන ධ්යානයේදී තොරවන්නේ රාගයයි/කාමයයි. සන්යුක්ත නිකායේ පහාන සුත්‍රයට අනුව පන්ච නීවරණ 10යි. 5ක්වන්නේ බමුණු දහමෙහිය .

    -------

    මගේ මතයට අනුව සතර දැහැන් වැඩීම සකෘදාගාමි හෝ අනාගාමි මට්ටමකට සමාන විමකි
    .​

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » ඔඝ වර්ගය

    483-498. මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්දනීවරණ ය ව්‍යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය විචිකිච්ඡානීවරණ ය යි. මහණෙනි, මේ නීවරණ පස යි.මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවෙකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනුම පිණිස ...පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
     
    sj91 කුරුසයා ආයෙත් ලිදේ ...:lol::lol::lol:

    ලෝගු පොරෝගෙන ඇවිත් බණ කියන්න ගිහින් ලෝගුව ගැලවුනා.. හරියට වලස්මුල්ලේ සාමනේර ගෙ සිවුර ගැලවුනා වගේ.. ආයෙ ආයෙමත් අනාතයි... බුද්ධාගමෙන් නම් පිහිටක් නෑ .. මූට ඉතින් ජේසු පිහිට තමා...හැබැයි මූට ඒකත් නැතිවෙයි ..මොකද මූ පෙනී ඉන්නෙ හෙන සිංහල බෞද්ධයා වගේ
    :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අභය පිස්සාගේ අන්-ඉච්ඡ විකාරය

    1. විපල්ලාස සුත්‍රයට ගැලැපෙන්නේද නැත. ඒ නිසා විපල්ලාස සුත්‍රය උගේ තක්කඩි බණ වල වැරදිලාවත් මෙන්ශන් නොකරයි.
    2. (අනිච්ච ගැන ලොරි ටෝක් දෙන අභය ) අනිච්ච්සඤ්ඤා සූත්‍රය ට ගැලපෙන්නේද නැත. ඒ නිසා උගේ තක්කඩි බණ වල අනිච්ච්සඤ්ඤා සූත්‍රය වැරදිලාවත් මෙන්ශන් නොකරයි.

    සිවුරු හොරු කවුද යන්න ඔබම හඳුනා ගන්න!ට ගැලැපෙන්නේද නැත. ඒ නිසා විපල්ලාස සුත්‍රය උගේ තක්කඩි බණ වල වැරදිලාවත් මෙන්ශන් නොකරයි.
    2. (අනිච්ච ගැන ලොරි ටෝක් දෙන අභය ) අනිච්ච්සඤ්ඤා සූත්‍රය ට ගැලපෙන්නේද නැත. ඒ නිසා උගේ තක්කඩි බණ වල අනිච්ච්සඤ්ඤා සූත්‍රය වැරදිලාවත් මෙන්ශන් නොකරයි.

    සිවුරු හොරු කවුද යන්න ඔබම හඳුනා ගන්න!

    :cool::cool:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156

    Muchan, just checked the vipallasa sutta. Eke anicha kiyanne mokakda kiyala hariyata naa ne. Anicca kiyana eka nicca widihata dakema vipallasa kiyalane tiyenne... poddak pahadili karala denna...BTW i am not in any side so, please dont use any colored glasses on me. Just trying to understand what is right or worng. Thanks.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Muchan, just checked the vipallasa sutta. Eke anicha kiyanne mokakda kiyala hariyata naa ne. Anicca kiyana eka nicca widihata dakema vipallasa kiyalane tiyenne... poddak pahadili karala denna...BTW i am not in any side so, please dont use any colored glasses on me. Just trying to understand what is right or worng. Thanks.

    විපල්ලාසය නිච්ච මිසක් "ඉච්ඡ" කියලා නැහැනේද? අන්-ඉච්ඡ නිවැරදි නම් විපල්ලාසය නිච්ච නොව ඉච්ඡ වෙන්න ඔනේ නේද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    විපල්ලාසය නිච්ච මිසක් "ඉච්ඡ" කියලා නැහැනේද? අන්-ඉච්ඡ නිවැරදි නම් විපල්ලාසය නිච්ච නොව ඉච්ඡ වෙන්න ඔනේ නේද?

    Vipallasa sutta anuwa mata terena widihata vipallasaya/distortion ekak kiyanne anicca ekak nicca widihata dakema (there are some more). It doesnt say, vipallasaya is nicca or anicca. it is a definition.

    Anicce, bhikkhave, niccanti saññā-vipallāso citta-vipallāso diṭṭhi-vipallāso; dukkhe, bhikkhave, sukhanti saññā-vipallāso citta-vipallāso diṭṭhi-vipallāso; anattani, bhikkhave, attāti saññā-vipallāso citta-vipallāso diṭṭhi-vipallāso; asubhe, bhikkhave, subhanti saññā-vipallāso citta-vipallāso diṭṭhi-vipallāso
     
    Vipallasa is a distorted view,
    What is the distorted view? taking what is Anicca as Nicca.
    taking Dhukka as Suka

    and so on..

    So there is no confusion on what is Vipallasa !