පිලිම නෙලා නැති විරුවන

manoj911

Member
Aug 22, 2010
9
3
0
පිලිම නෙලා නැති විරුවන



Rohana_Wijeweera.14952929.JPG




ඔවුන් සටන් වැදුනේ ධනය,බලය සදහා නොවේ,ඔවුන් සටන් වැදුනේ නිදහස උදෙසාය.සුර සැප විදීමට හැකියාව තිබියදී රට වෙනනුවෙන් සටන් කලේ ඔවුන්ගේ හිතේ තිබූ ජාතිමාමක භාවය නිසයි.මේ විරුවනට මරණය උරුම උනේද ඔවුනගේ දේශප්‍රේමී බව නිසාය.එලෙස මියදුනු සියලු විරුවනට මේ ගීතය උපහාරයක් වේවා!!

පිලිම නෙලා නැති විරුවන් පිරිසක්

සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කදු යට රහසේ
මිහිකත කම්පා වී පුපුරා දෙස්දේවී

පීඩිත භාවය හිස පාගන විට

සමාදි සුවයෙන් නොසිටිය යුතු වග
කියාදෙමින් ඒ විරුවන් මියදුනි
උන්ගේ රුවවත් අප නෙත නොගැටුනි

පිලිම නෙලා නැති විරුවන් පිරිසක්

සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කදු යට රහසේ
මිහිකත කම්පා වී පුපුරා දෙස්දේවී

මිල මුදලට යස ඉසුරට ලොබ බැද

අවි ගැටුවේ නැත උන් රණ බිම මැද
භීෂණ දූෂණ රජවූ දෙරණක
සුභ සෙත සලකා මලෝය උන් සැම

පිලිම නෙලා නැති විරුවන් පිරිසක්

සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කදු යට රහසේ
මිහිකත කම්පා වී පුපුරා දෙස්දේවී

ගායනය:විශාරද නන්දා මාලිනී මහත්මිය


ගීතය මෙතනින් ලබාගන්න



by-පුබුදුවා
http://www.pubudulive.blogspot.com/

 
Last edited: