පිලිවෙලට අඳිමු. කොල්ලන්ට ෆැශන් ටිප්ස්

පිලිවෙලට අඳිමු. කොල්ලන්ට ෆැශන් ටිප්ස්

ෆැශන්...!!
ඉතින් ගියපාර මං අපේ කොල්ලන්ට මැච් වෙන්න අඳින්න පුළුවන් කැශුවල් ඇඳුම් සෙට් එකක් ගැන නූලක් දැම්මා. බලපු නැති අය බලලා එන්ඩ. http://www.elakiri.com/forum/showthread.php?t=1790226එතනදි කීපදෙනෙක්ගෙ ඉල්ලීමක් වුනා ඇඳුමක් මැච් කරගන්න විදිය ගැන අයිඩියා එකක් දෙන්න කියලා. මට මහා ලොකු ෆැශන් සෙන්ස් එකක් නැතත් දන්න ටික අපේ එලකිරියෙ කොල්ලන්ට බලාගන්න මේ නූලෙ අමුනන්නම්.

කලර් මැච් කරගන්නෙ කොහොමද? :P

ගැලපෙන විදියට කලර් මැච් කරගන්න එක අපේ කොල්ලන්ට ටිකක් අමාරු වැඩක්. මේක ලේසි වෙන්න අපි කලර් වීල් එකක් සම්බන්ද කරගමු.
2425-colorwheel_large.jpg

මේ කලර් වීල් එකේ ප්‍රථිවිරුද්ධ කලස් සාමාන්‍යන් මැච් වෙන්නෙ නෑ. එල හරකයි මී හරකයි වගේ තමයි. හැබැයි ඒක සම්මතයක් නෙවෙයි. නිර්මාණාත්මක විදියට ඔය කලර්ස් මැච් කරන්න පුළුවන් අවස්ථා තියනවා. ඒ වගේම තමයි සම්මතයක් විදියට එකේ සමීපව යන වර්ණ වලින් හොඳ ගැලපීමක් හදාගන්නත් පුළුවන් කියන එකත්. ඊ ලඟ කාරනාව තමයි සුදු , කළු හා ඊට සමීපතම වර්ණ. මේවා ගොඩක් දුරට ඕනම වර්ණයක් සමඟ කිසිම ප්‍රශ්නයක් නැතිව ගැලපෙනවා. උදාහරනයක් විදියට ඔබට රතු ට්‍රවුසර් එකකට සුදු ටී ශර්ට් එකක් ගැටළුවක් නැතිවම අඳින්න පුළුවන්. කලු ට්‍රවුසර් එකකට ගැටළුවක් නැතිව බොහෝමයක් පාට වල ශර්ට් අඳින්න පුළුවන්.
Untitled-1 coddpy.jpg

ඒ වගේම පුළුවන් තරම් කලිසම සඳහා කලු, අලු, ක්‍රීම් කලර්, ඩාක් කාකි පාට, හෝ ඕෆ් වයිට් එකක් තෝරා ගැනීම ඔබට ශර්ට් එකක් තොරා ගැනීමට පහසුවක් වේවි. අනික් වැදගත් කාරනාව තමයි ඔබ අඳින ශර්ට් එක කලිසම ඇරුනහම බෙල්ට් එක හා ස්ලිපර්ස්. මේ කාරනාවෙදි බෙල්ට් එක හා සපත්තු එකම පාටක් වීමත් අනිවාර්යයි.
Shoe-belt-matching-800-660x336.jpg
ඒ වගේම ඇඳුමක් තෝරගද්දි ඔබේ සිරුරේ වර්ණය ගැනත් ටිකක් හිතන්න. ඩාර්ක් ස්කින් එකක් තියන කෙනෙක් ඩාර්ක් කලර් ඇඳුමක් අඳිනවට වඩා සොෆ්ට් කලර් එකකට යන එක වඩාත් සුදුසුයි.

ඔයාගෙ සිරුරෙ හැඩය මොකක්ද කියන එක ගැන නිවැරදි අවබෝදයක් තියාගන්න.

මෙන්න මේ කාරනාව අපේ කොල්ලො ගොඩක්ම වරද්දගන්න තැනක්. අපි මුලින්ම මහත සිරුරක් හෙබි අයෙක් ගැන හිතමු. පොර තමුන්ගෙ ඇඟේ ශේප් එක රොක්ගෙ වගේ කියලා හිතාගෙන තඩි බඩකුත් තියාගෙන ටයිට් ෆිට් ටී ශර්ට් එකකුයි ටයිට් ෆිට් ඩෙිනිමකුයි ඇන්දොත් කොයි වගේ වෙයිද? අනිවා එතනදි ඔහුව කැතට පේන්න ගන්නවා. ඒ වගේම ඔහු ඇඟට වඩා ගොඩක් ලොකුවට (බැගී විදියට) ඇඳුම් ගත්තොත් එතනත් තියෙන්නෙ නොගැලපීමක්. ඒ නිසා සාමාන්යෙන් මහත කෙනෙක් ශරීර ප්‍රමානයට හරියන විදියට ඇඳුමක් අඳින එක තමයි ගැලපෙන්නෙ.

ඒ වගේම මහත කෙනෙක් ඇඳුම් ගනිද්දි ඩාර්ක් කලර්ස් වලට යන එක උචිත නෑ. මොකද ඩාර්ක් කලර්ස් වලින් ඔහුගේ සිරුරේ හැඩය අනවශ්‍ය විදියට කැපිලා පේන්න ගන්නවා. ඒ වගේම පැට්න් එකක් තියන ඇඳුමක් ගනිද්දි වුනත් අනිවාර්යෙන් පොඩි පැට්න් එකක් තියන ඇඳුමක් ගන්න එක තමා ගැලපෙන්නෙ.
FREE-SHIPPING-8XL-7XL-6XL-5XL-4XL-XXXL-men-s-casual-plus-size-clothing-font-b.jpg
මහත කෙනෙක්ට වඩා සුදුසු පැට්න් එකක්

ඉරි ඩිසයින් එකක් අඳිනවා නම් උඩ ඉඳන් පහලට ඉරි තියන ශර්ට් එකකින් ඔහුගෙ මහත තරමක් හංගන්න පුළුවන් කාරනාවක් වෙයි. හැබැයි කෙට්ටු උස කෙනෙක් කෙලින් ඉරි තියන ශර්ට් තෝරගන්නෙ නැතිව ඉන්න එක වඩා සුදුසුයි.
21men-white-vertical-striped-classic-fit-shirt-product-1-16997318-1-229430523-normal-320x470.jpg
[/COLOR]
 

lilman

Well-known member
  • May 10, 2009
    41,194
    54,969
    113
    Colombo
    එල

    එත් ඔය කැටයම් නැ බන් මට නම්.අහු උන එකක් ඇඳන් ගියා :yes: