පිවිතුරු ආදරය

mmm89

Member
May 29, 2017
66
22
0
ජීවිතේ ලබපු සුන්දරම අත්දැකීම ආදරය. මං හිතන්නෙ නෑ ඒක එක දවසකට හරි ආදරය නොලබපු කෙනෙක් මේ ලෝකෙ ඇති කියල. අඩුම ගානේ හැමෝටම ඒක පාර්ශ්වික ආදරයක් හරි තිබිල තියෙනව. එහෙම නැත්තන් ඉතින් එයා මනුස්සයෙක් ද කියල ආයි අහල බලන්න වෙන්නව. මොකද මනුෂ්‍යත්වයත් එක්ක ඒ තරමටම ආදරේ කියන එක සහ සම්බන්දයි.

ආදරේ කිව්වම අම්මගෙ ආදරේ ඉඳන් අපි එක එක්කෙනා ගෙනෙ ආදරේ ලබනව එක එක්කෙනාට ආදරේ කරනව. පොඩිකාලෙ ගුරුවරුන්ගෙන්, යාලුවන්ගෙන් එහෙම අපි ආදරේ ලැබුව. ඒත් ජීවිතේ එක කාලෙකට එද්දි අපි ඔහොම ලබන එක් ආදරයක් අපිට විශේෂ වෙනව පටන් ගන්නව ඒ ආදරේ කරන කෙනා එක්ක මුළු ජීවිත කාලෙම උනත් ගෙවන්න සූදානම් වෙනව. මං හිතන්නෙ ආදරේ කරපු ඕනම කෙනෙක් පිලිගන්නව අපි කී දෙනෙකට ආදරේ කලත් ඇත්තටම අපිට ජීවිතේ කවදාවත් අමතක කරන්න බැරි එක පිවිතුරු ආදරයක් තියෙනව. සමහරුන්ට ඒක දැනටමත් හම්බ වෙලා ඇති. සමහරුන්ට හම්බවෙලා අහිමිවෙලත් ඇති .ඒක පළවෙනි ආදරේ වත් දිගටම පවතින ආදරේ වත් වෙන්න ඕනෙ නෑ. ජීවිතේට අහම්බෙන් හම්බ වුනු කෙනෙක් වෙන්නත් පුළුවන්. එයා අපිත් එක්ක හිටියේ පොඩිම පොඩි කාලයක් වෙන්නත් පුළුවන් . ඒත් එයාව නම් කවමදාකවත් අපිට අමතක කරන්න නම් බෑ .

ඉතින් ඔයාල මේ ගැන මොකද හිතන්නෙ. ඔයාලටත් ඉන්නවද එහෙම කෙනෙක් ?? මේ ගැන ඔයාලගෙ අදහසත් කියන්න.


 

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අමතක කරන්න බැ කියල කීවාට කාලයක් ආශ්‍රය නොකර හිටියාම නිකන්ම අමතක වෙලා යනවා බන්.:yes:
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    Adaraya kiyanne pattapal boruwak... තම අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා වෙනත් කෙනෙකු මත depend වීමක්
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    Adaraya kiyanne loku mayawak:yes: තම අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා වෙනත් කෙනෙකු මත depend වීමක්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අම්මගේ ආදරය තමයි ලොවෙත් නොවෙනස් වෙන ආදරය...


    පෙම්වතියෝ ගත්තොත්... අවංක එකෙක් තවම සෙට් වෙලා නෑ.. දැන් අවුරුද්දක ඉඳන් එකියක් තියන් ඉන්නවා... ඒකි සෑහෙන්න සමීපයි දැන්... අපි දෙන්නම ෆන් එකට ආශ්‍රය කලේ.. ඒත් මට ගෙදරින් ප්‍රපෝසල් එකක් ඇවිත්.. මට තියන් හිටපු කෙල්ලගෙන් අයින් වෙන්න දැන් කාලේ හරි වගේ.. ඒත් හිතට මොකද්දෝ වගේ.. කෙල්ල පාරා වලල්ලක් වෙලා පස්සෙන් එයිද දන්නේ නෑ...