පිස්තෝලයක් අරන් සෙල්ලම් දාලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දවසෙන් ඈප

    ඊයේ රාත්‍රී 9.00 ට පමණ මිනුවන්ගොඩ, දූනගහපාර, නිල්පනාගොඩ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී අනතුරක් සිදුවිය.

    පසුව අනතුරට පත් යතුරුපැදියක ගමන් කළ අයෙකු පැමිණ ගිනි අවියක් පෙන්වමින් කලහකරී‍ ලෙස හැසිරුණු අයුරු CCTV කැමරාවක සටහන්වී තිබුණි.

    ගිනි අවිය රැගත් පුද්ගලයා අවට සිටි කිහිප දෙනෙකුටම පහරදී පසුව අසළ පිහිටි වාහන සේවා ස්ථානකට ද කඩාවැදී එහි සිටි පුද්ගලයින්ට ද පහරදී තිබේ.

    119 අංකයට ලැබුණු තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ළඟා වනවිටත් මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබු අතර පසුව අසළ නිවසක සිටියදී සොයා ගැනුණි.

    මෙලෙස කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයා කටුනායක පොලීසියට අනුයුක්ත නිලධාරියෙකු බව පසුව අනාවරණයවී ඇත.

    සැකකරු අත්අඩංගුවට ගැනුණ ද ගිනිඅවිය පොලීසිය භාරයට ගෙන නැතැයි පවසමින් ඊයේ රාත්‍රියේ පිරිසක් මිනුවන්ගොඩ පොලීසියට රැස්විය.

    පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, කටුනායක පොලීසියට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි.

    අප්‍රේල් 3 වන දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද සැකකරුට නියෝග කර තිබේ.

    පොලීසිය අපකීර්තියට පත් කරන්නේ මෙවැනි නිලධාරීන් නොවේ ද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරිහමං එකෙක්ට සෙට්වෙලා පිස්තෝලෙ උදුරගෙන දිවුවනං රස්සාවත් නෑ.
    ඊට කලින් වෙඩි තියලා පිස්තෝලේ කොල්ල කන්න හෑදුවා කිව්වොත් ඌ ගොඩ.
     
    AnuradhaRa

    Well-known member
  • මාවත් මෙහෙම හැප්පෙන්ඩ ගිහින් තියෙනව
    ‌මේ වගේ වාහනයක් පිටිපස්සෙ තියාගෙන ගිහින් ඉස්සර කරන්ඩ හදද්දි ඉස්සරහින් බයික් එකක් ආව ඇඟේ නොවැදි බේරුණේ නූලෙන් මම. ඌට මාව පේන්නෙත් නෑනෙ. රෑට තමා මේක වෙන්නෙ
    මෙතනත් ඉස්සරහින් එන එකා එන්නෙ පාර මැද, ඊට කලින් ආපු බයික් එක ලස්සන පාරේ අයිනෙ යනව, අනික ස්පීඩ් එකත් වැඩි ඇති
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    යකඩ පොල්ලක් වගේ තිබ්බ නම් ඔලුවටම දෙන්නන තිබ්බේ පැණි බේරෙන්න. ජීවිත ආරක්ශාවටනේ ගහන්නේ. මැරුණත් අවුලක් නෑනේ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    දවසෙන් ඈප

    ඊයේ රාත්‍රී 9.00 ට පමණ මිනුවන්ගොඩ, දූනගහපාර, නිල්පනාගොඩ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී අනතුරක් සිදුවිය.

    පසුව අනතුරට පත් යතුරුපැදියක ගමන් කළ අයෙකු පැමිණ ගිනි අවියක් පෙන්වමින් කලහකරී‍ ලෙස හැසිරුණු අයුරු CCTV කැමරාවක සටහන්වී තිබුණි.

    ගිනි අවිය රැගත් පුද්ගලයා අවට සිටි කිහිප දෙනෙකුටම පහරදී පසුව අසළ පිහිටි වාහන සේවා ස්ථානකට ද කඩාවැදී එහි සිටි පුද්ගලයින්ට ද පහරදී තිබේ.

    119 අංකයට ලැබුණු තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ළඟා වනවිටත් මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබු අතර පසුව අසළ නිවසක සිටියදී සොයා ගැනුණි.

    මෙලෙස කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයා කටුනායක පොලීසියට අනුයුක්ත නිලධාරියෙකු බව පසුව අනාවරණයවී ඇත.

    සැකකරු අත්අඩංගුවට ගැනුණ ද ගිනිඅවිය පොලීසිය භාරයට ගෙන නැතැයි පවසමින් ඊයේ රාත්‍රියේ පිරිසක් මිනුවන්ගොඩ පොලීසියට රැස්විය.

    පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, කටුනායක පොලීසියට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි.

    අප්‍රේල් 3 වන දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද සැකකරුට නියෝග කර තිබේ.

    පොලීසිය අපකීර්තියට පත් කරන්නේ මෙවැනි නිලධාරීන් නොවේ ද?

    meka 2Yrs walata kalin una ekak neda.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    හරිහමං එකෙක්ට සෙට්වෙලා පිස්තෝලෙ උදුරගෙන දිවුවනං රස්සාවත් නෑ.
    මේ කේස් එකේදී එහෙම අරන් දිව්වනම් කෙලවෙනවා හොදම එකෙන්
    මුට තියෙන පොලිස් සපෝර්ට් සපෝර්ට් එකත් එක්ක අනිවා කන්න වෙනවා සුපිරි කෑමක්
    හැබැයි පිස්තොලේ උස්සන්න තිබුනා ගේමක් නැතුව කැරියා නැමිලා ඉන්න වෙලාවේ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මම දන්නා තරමින්, ගිනි අවි භාවිතා කල කෙනෙකුට, මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප දෙන්න පුළුවන් කමක් නැහැ. බොහෝ විට, පොලිසියෙන් මොහුට විරුද්ධව නගා ඇති චෝදනාවේ "මාර්ග අනතුරකින් පසු කලහකාරී ලෙස හැසිරීම" කියලා මිසක්, ගිනි අවියක් භාවිතා කර (මරණ)තර්ජනය කල බව සඳහන් කරන්න නැතුව ඇති. එහෙම තිබිලාත් ඇප දුන්නානම් නඩු කාරයා වැරදියි. එහෙම නැතිනම්, වැදගත්ම කරුණ සඟවා චෝදනා ගොනු කලාට චෝදනා පත්‍රයට අත්සන් කරපු OIC වැරදියි.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    යකඩ පොල්ලක් වගේ තිබ්බ නම් ඔලුවටම දෙන්නන තිබ්බේ පැණි බේරෙන්න. ජීවිත ආරක්ශාවටනේ ගහන්නේ. මැරුණත් අවුලක් නෑනේ.
    ගොං කතා කියන්න එපා බං
    පොලිස් කාරයෙක් මැරුවොත් උඹට ඊට පස්සෙ ඉතින් ජීවිතයක් නෑ කියල හිතා ගනිං
    ලංකාවෙ නීතිය එච්චර සාදාරන නෑ
    ඕන පැත්තකට නමන්න පුලුවන්
    පොලිසියෙ උන්ට ඕන ඕන විදිහට
     
    AnuradhaRa

    Well-known member
  • ගොං කතා කියන්න එපා බං
    පොලිස් කාරයෙක් මැරුවොත් උඹට ඊට පස්සෙ ඉතින් ජීවිතයක් නෑ කියල හිතා ගනිං
    ලංකාවෙ නීතිය එච්චර සාදාරන නෑ
    ඕන පැත්තකට නමන්න පුලුවන්
    පොලිසියෙ උන්ට ඕන ඕන විදිහට
    suicide ගේමක් තමා දුන්නොත් ඉතිං
    අනිත් එපා කරපු සෙට් එක ලෝයර්ස්ල
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,305
    113
    Mother Earth
    gun එක උදුරලා වහලකට විසික් කරොත් ? පස්සෙ කට්ටියම එකතු වෙලා ගහන්ඩ තියෙන්නෙ. ලංකාවෙ බලු නීතිය.
     
    • Like
    Reactions: malakadss