දවසෙන් ඈප
ඊයේ රාත්‍රී 9.00 ට පමණ මිනුවන්ගොඩ, දූනගහපාර, නිල්පනාගොඩ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී අනතුරක් සිදුවිය.
පසුව අනතුරට පත් යතුරුපැදියක ගමන් කළ අයෙකු පැමිණ ගිනි අවියක් පෙන්වමින් කලහකරී ලෙස හැසිරුණු අයුරු CCTV කැමරාවක සටහන්වී තිබුණි.
ගිනි අවිය රැගත් පුද්ගලයා අවට සිටි කිහිප දෙනෙකුටම පහරදී පසුව අසළ පිහිටි වාහන සේවා ස්ථානකට ද කඩාවැදී එහි සිටි පුද්ගලයින්ට ද පහරදී තිබේ.
119 අංකයට ලැබුණු තොරතුරක් මත මිනුවන්ගොඩ පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ළඟා වනවිටත් මෙම පුද්ගලයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබු අතර පසුව අසළ නිවසක සිටියදී සොයා ගැනුණි.
මෙලෙස කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයා කටුනායක පොලීසියට අනුයුක්ත නිලධාරියෙකු බව පසුව අනාවරණයවී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනුණ ද ගිනිඅවිය පොලීසිය භාරයට ගෙන නැතැයි පවසමින් ඊයේ රාත්‍රියේ පිරිසක් මිනුවන්ගොඩ පොලීසියට රැස්විය.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, කටුනායක පොලීසියට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති බවයි.
අප්‍රේල් 3 වන දා යළි අධිකරණයේ පෙනී සිටින ලෙස ද සැකකරුට නියෝග කර තිබේ.
පොලීසිය අපකීර්තියට පත් කරන්නේ මෙවැනි නිලධාරීන් නොවේ ද?