මුදල් ඇතුරූ රේල් පාරක් උඩ දිවෙන සීඝ්‍රගාමී කෝච්චියක් වෙලා අපේ සමාජයේ බහුතර ජීවිත...
මුදල් රේල් පාරේ අතුරලා නැත්නම් කෝච්චිය දුවන්නේ නැති තරමට සමාජය ඔවුන්ගේ පුහුදූන් ජීවිත අකර්මන්‍ය කරගෙන....
නිර්මානකාරිනියගේ අන්තර්ගතයේ දැක්වෙන පරිදි උගත් යැයි සැලකෙන සැමියා තම බිරිඳ අනුන්ට විකුණා මුදල් ඉපයීම තුලින් පැහැදිලිව දිස්වන්නේ අප සමාජය අද වෙනකොට වැටී ඇති හා මුහූණ පා ඇති සැබෑ ඛේදවාචකයේ ජරා ජීර්ණ මුහුණුවර හා පැතිකඩ නොවේද....මෙයට වග කිවයුත්තන් කවුරුද??
ආධ්‍යාත්මය කොච්චර නම් පිරිහෙන්න ඕනෙද ඔහොම දේකට හිත එකලස් කර ගන්න??මේ වගේ අධමයින්ට පිරිත් දේශනා දස ලක්ෂ වාරයක් අහන්නට සැලැස්සුවත් ඇත්ත නම් අවබෝධ කර ගනිත්ද???
දිනෙන් දින සල්ලි මතින් තමන්ගේම ජීවිත වලවල් කපා ගන්නා විකෘති මනස් සලෙලුන් මේ වගේ තව කොච්චරක් නම් මේ බෙලහීන සමාජය තුල ඇහිඳ ගන්නට පුළුවන් වෙයිද..
කාලීන සමාජ විෂමතාවක් ඊට අනුචිත පද වැලින් පෝෂණය කොට අපේ දෙඇස් අභිමුව තබා කිසි දෙයක් පොම්ප නොකරමින් අලසව හකුලා සිටින ධමනි, ශිරා හා කේශනාලිකාවන්ගෙන් යුත් හදවත්වලට තදින් තට්ටු කිරීම ගැන ඔබට මගේ සහෝදර ආචාරය...
දිගටම ලියන්න...නංගියට ජය....