සිරා කතාවක් ජොක් එකට නොගන්න. අපේ ගමේ එවුන් නම් මේක ඇත්තක් කියා දනි
ඉස්සර අපේ ගමේ බස් ස්ටැන්ඩ් එකේ පිස්සෙක් හිටියා. ස්ටැන්ඩ් ටොයිලට් එකේ වතුර ටැංකියෙන් හැමදාම උදේට නාලා හොදට ජැන්ඩියට ඇදලා ඉන්න ලක්සන පිස්සෙක්.
මිනිහා හිතන් හිටියේ මිනිහාගේ තියන අත්භූත බලේකින් තමයි බස් දුවන්නේ කියලා..නවත්තලා තියන හැම බස් එකක් ලගටම ගිහින්, බස් එක අතගාලා මොනාද මුමුනනවා. රෝද වලට වැලි ඉහිනවා. ගෙන විගඩම් ගොඩයි.
මේවා ඔක්කෝම කරලා පාර අයිනට ඇවිත් බස් වලට අතින් සංඥා කරමින් රථවාහන පාලනයේ යෙදෙනවා. බස් ඩ්රයිවර්ලත් ඉතින් මුට පිස්සු කියලා දන්න නිසා ලගින් යනකොට හෝන් එකක් ගහලා වේව් දානවා. පිස්සාට සතුටුයි. ඌ තවත් සිග්නල් දානවා.
දවසක් අපි යනකොට ඉස්කොලෙ කොල්ලෝ ටිකක් විහිලු කරලා, මුට යකා නැගලා පස්සෙන් පන්න පන්න ගල් ගහනවා. එකෙක්ට පැණි බේරෙන්න ගල් පාරක් වැදිලා අනිත් උන් බස් එකක් ඇතුලේ හැංගිලා. පිස්සා සරම කැහැපට ගහලා සරම අස්සට ගල් දාගෙන අරුන්ව හොයනවා . ඒ අස්සේ හැගුන එකෙක් ආයිත් හූ කිව්වා.
පිස්සා පත ගලකින් බස් එකට කෙලියා. සර බරාං.බස් එක් විදුරුව කුඩු. එච්චරයි දැක්කේ. ආවා බස් වල ඩ්රයිවර්ල සෙට් එක. එකෙක්ගෙ අතේ ටයර් ටියුබ් එකකුත් තිබ්බද කොහෙද?
වට කරගෙන නෙලුව පිස්සාට අම්මෝ එහෙමත් ගැහිල්ලක්. බයට දුවන්න ගිය , ජොක් කරපු ගැන්සියේ ලමයෙකුත් කම්මුල් පාරක් කැවා උන්ගෙන්. කොහොමහරි පිස්සා හොදට ගුටි කැවා..ලමයිනුත් ගුටි කැවා.
පිස්සා ව දැක්කෙ නැ ආයි.
උබලාටත් කියන්නෙ පිස්සො එක්ක සෙල්ලමක් කරන්න එපා.
පිස්සන්ට කියන්නේ බෙහෙත් ටිකක් ගනින්.