පිසුසුද

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් ශීතකරණයක​


    alien.png


    පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් දෙවසරක් පුරාවට සිය නිවසේ ශීතකරණයක තබාගෙන සිටි කාන්තාවක් පිලිබඳව රුසියාවෙන් වාර්තා වේ.බටහිර රුසියාවේ පෙට්රොසාවොඞ්ස්ක් නගරයේ වෙසෙන මාර්තා යෙගොරොව්නම් නැමැති මෙම කාන්තාව පවසන්නේ 2009දී මෙම ජීවියා සොයාගත් බවයි.ජීවියා රැගත් යානාව තම නිවස සමීපයේ වනාන්තරයට කඩා වැටුණ බවත් සුන්බුන් අතර සිටි මෙම ජීවියා සොයාගත් බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.
    සිය සොයාගැනීම පිළිබඳව ඔප්පු කිරීම සඳහා ඇය මෙම ජීවියාගේ ඡායාරූප ද ගෙන ඇත. ඡායාරූප වලට අනුව අඩි 2ක් දිගැති මෙම ජීවියා හට විශාල හිසක්, වටකුරු දෑස් හා එක් අතක් ඇත.මේ වන විට වැඩිදුර පරීක්‍ෂණ සඳහා මෙම සිරුර රාජසන්තක කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.
    Posted by dutunudutu at 6:00 am Tagged with: පිටසක්වල ජීවියකුගේ මළසිරුරක් ශීතකරණයක
     
    • Like
    Reactions: radiax