[FONT="]ලෝක පිළිකා දිනය අදට යෙදී ඇත.[/FONT]
[FONT="] පිළිකාමය තත්වයන් කල් ඇතිව හදුනා ගැනීමෙන්, මෙම රෝගී තත්වය හේතුවෙන් වාර්ෂිකව මියයන මිලියන ගණනක් වූ පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගත හැක. මේ සඳහා පිළිකාමය තත්වයන් සම්බන්ධයෙන් දැනුවත්වීම අත්‍යාවශ්‍ය කරුණකි.[/FONT]
[FONT="] බුලත්විට සහ දුම්වැටි භාවිතය අත්හැරීම, තෙල් සහ සීනී පරිභෝජනය අවම කිරීම, ෆයිබර් තන්තු සහ ඇස්බැස්ටෝස් වැනි පිළිකාකාරක ද්‍රව්‍ය ආශ්‍රිතව සිදුකරන රාජකාරි වලදී ආරක්ෂිත උඩ ඇදුම්, අත් සහ මුහුණු ආවරණ පැළදීම, කෘත්‍රීම රසකාරක/ වර්ණක යෙදු ආහාරපාන පරිභෝජනයෙන් වැළකීම, සමබල ආහාර රටාවන් පවත්වාගෙන යාම සහ ඉහළ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම තුළින් පිළිකාමය තත්වයන් වැළදීම වළක්වා ගත හැක.[/FONT]
[FONT="] එමෙන්ම, ශරීරයේ ස්ථානීයව සිදුවන පැහැය වෙනස්වීම, අසාමාන්‍ය වර්ධනයන්, හිරිවැටීම් සහ මුඛයේ ඇතිවන ගැටති, තුවාල වැනි තත්වයන් වලදි වෛද්‍ය උපදෙස් ලබාගැනීම, කාන්තාවන් ස්වයං පියයුරු පරික්ෂාව සහ පැප් පරික්ෂාව සඳහා නිසි කාලයේදී යොමුවීම යන ක්‍රමවේදයන් අනුගමනය කිරීම තුළින් පිළිකා තත්ව කල් ඇතිව හදුනා ගත හැක.
[/FONT]
බම්ප්++
