පිළිස්සීමකදී පළමුව කළ යුතු දේ
පිළිස්සීමකදී පළමුව කළ යුතු දේ
එදිනෙදා වැඩකටයුතුවලදී ඔබටත් ඔබ වටා සිටින අයටත් ඇතැම් විට පිළිස්සීම්වලට භාජනය වීමට ඉඩ ඕනෑතරම් ය. ඒ නිසා මේ සතියේ අප කතා කරන්නේ පිළිස්සීමකදී ප්‍රථමාධාරය ලබා දෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව යි.
ඔබ පිළිස්සීමකට ලක්වන ක්‍රම කීපයක් තිබෙනවා. ඒ අතරින් මේ සතියේ අප කතා කරන්නේ ඕනෑම උණුසුම් දෙයක් ගැටීමෙන් හෝ ස්පර්ශයෙන් සිදුවන පිළිස්සීම් අවස්ථාවක කළ යුතු ප්‍රථමාධාර පිළිබඳයි.
සිතන්න, ඔබ යම් ගොඩනැඟිල්ලක සිටියදී ගින්නක් හට ගත්තා කියා. එබඳු අවස්ථාවකදී ඔබට දැනුම ඇති නම් එම ගොඩනැඟිල්ලේ සවිකර ඇති ගිනි නිවීමේ උපකරණ භාවිතයෙන් ගින්න නිවා දැමීමට ඔබ එය ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොමැති නම් ඔබ වහා එම ස්ථානයෙන් ඉවත් විය යුතුයි.
එසේ ඉවත් වන විට ගොඩනැගිල්ල ඇතුළත කිසිවෙකු නැතිනම් පමණක් ඔබ එළියට දිව එන්න. එහි දොරවල් වසා දමමින් එළියට ආ යුතුයි. එවිට ද ගින්න යම් තරමකින් මැඩ පැවැත්විය හැකියි. කෙසේ වෙතත් වටින්නේ ඔබේ ජීවිතයයි ඒ නිසා ඔබ ඔබේ ආරක්ෂාව පිළිබඳ මූලිකව සිතිය යුතු අතර ඔබට හැකි යැයි හැඟේ නම් ගින්න මැඩ පැවැත්වීමට ද කටයුතු කළ යුතුයි.
කෙසේ හෝ ඔබට ගින්නෙන් පිළිස්සීමක් ඇති වූයේ නම් ඔබ ආරක්ෂිත ස්ථානයකට පැමිණ නැවත දිවීමක් නොකළ යුතුයි. එසේ දිව්වොත් ඔබේ ශරීරයේ පවතින ගින්න තව තවත් වැඩි වෙනු ඇත. ඔබට ආරක්ෂිත ස්ථානයට පැමිණි වහා බිම පෙරළී ගින්න නිවා ගත හැකිය. එමෙන් ම ඔබ නොව වෙනත් කෙනෙකුට මේ අත්දැකීම් විඳින්න සිදු වුවහොත් ඔබ ඔහුට උපකාර කළ යුත්තේ කෙසේ ද ?
ඔබ වහා ඔහු ඝන රෙද්දකින් වසා ගින්න නිවා දමන්න. එමෙන් ම ගින්න නිවීමට ජලය වුව භාවිත කළ හැකි යි. පසුව මිනිත්තු 20ක කාලයක් පිරිසුදු ජලයෙන් ජල ප්‍රතිකාරය කළ යුතුයි. ජල ප්‍රතිකාරය යනු පිළිස්සුන ස්ථානය මිනිත්තු 20ක් ජලයේ බහා තැබීමයි. ශරීරයේ තැනින් තැන පිළිස්සී ඇතිනම් රෝගියා ස්නානය කිරීමක් වුව කළ හැකි යි. ජල ප්‍රතිකාරයෙන් ගින්න නිවීමට හෝ වේදනාව අඩු කර ගැනීමට රුකුලක් වන බව ඔබ දැනටමත් දන්නා කරුණක්. සිතන්න දර කැබැල්ලක් ගිනි දල්වා නිවා දැමුවත් එහි ක්‍රමයෙන් ගින්න ඇතුළට කාවදින බව ඔබ දැක ඇත.
එසේ ම ශරීර යේ පිළිස්සීමක් වූ විටෙකත් එහි උණුසුම ඇතුළට කා වැදීමක් සිදු වේ. ඒ නිසා ඔබ පිළිස්සීමක් වූ අයෙක්ට ජල ප්‍රතිකාරය හරි හැටි නොදී රෝහල වෙත ගෙන ගියහොත් රෝහල්ගත වුවත් ඔහුගේ තත්ත්වය බරපතළ විය හැකි යි.
සාමාන්‍යයෙන් අතක අල්ලේ ප්‍රමාණයට පිළිස්සීම ශරීරයෙන් 1% ක පිළිස්සීමක් ලෙසයි ගණන් ගැනෙන්නේ. එසේ ශරීරයෙන් 60%ක පිළිස්සීමක් ඇති වුවොත් ඒ අයගේ ජීවිතය ද අවදානම් ය. ඒ නිසා පිළිස්සීමක දී වුවත් වහා ජල ප්‍රතිකාරය කිරීම අත්‍යවශ්‍ය වේ.
එමෙන් බොහෝ දෙනා එබඳු පිළිස්සීමකදී විවිධ තෙල් වර්ග, බටර්, දන්තාලේප ආදිය තැවරීමක් සිදු කරනවා. මතක තබා ගන්න. එබඳු කිසිවක් ආලේප කරන්න යන්න එපා. පිරිසුදු රෙදි කඩකින් වසා හැකි ඉක්මනින් රෝගියා රෝහල වෙත යොමු කරන්න.
එමෙන් ම ඔබ මතක තබා ගත යුතුයි ශරීරයෙන් 15%ක් හෝ ඊට වැඩි පිළිස්සීමක් වූ අයෙක් රෝහල් ගත කිරීමට කලින් වෛද්‍යවරයකුගේ අනු දැනුමකින් තොරව ඔහුට කිසිවක් කෑමට හෝ බීමට නොදිය යුතුයි.
එමෙන් ම එසේ පිළිස්සුන අයගේ මුදු, මාල, වළලු ආදිය ඉක්මනින් ඉවත් කළ යුතුයි. පිළිස්සීමකින් පසුව රෝගියා අධික ලෙස ඉදිමීමට ඉඩ තිබෙනවා. එවිට මුදු, මාල වළලු ආදිය හිර වී රුධිර ගමනා ගමනයට බාධා සිදුවිය හැකියි. එබඳු අවස්ථාවකද රෝගියාගේ තත්ත්වය බරපතළ විය හැකියි.
එමෙන් ම මතක තබා ගන්න බෙල්ල, ඉකිලි, කිහිලි, සන්ධි, මුහුණු, ලිංගාශ්‍රිත ප්‍රදේශ යන ස්ථානවල සිදු වූ කුඩා පිළිස්සීමකදී වුවත් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගත යුතුයි. එසේ නැතිනම් ඔබට අනාගතයේ වෙනත් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමටත් විකෘතිතා ඇති වීමටත් ඉඩ තිබෙනවා.
මම ලියපු එකක් නෙමයි. බුකියෙ තිබිලා මෙකට ගෙනාවෙ. සියලුම ගෞරවය හා හිමිකම් මුල් අයිතිකරුවන්ට හිමිවිය යුතුය