පීසා_රෙසිපි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ලේසියෙන්ම හදාගන්න පුලුවන් පාන් පීසා රෙසිපි 6ක්



බ්‍රෙඩ් පීසා වලට කැමති ඔබට බ්‍රෙඩ් පීසා වලට හදාගන්න පුළුවන් වෙනස් වෙනස් ටොපින් අයිඩියා ටිකක් අරන් එන්න අපි හිතුව. සැරට කන්න විතරක් නෙවෙයි. හවසකට කන්න පැණි රසටත් බ්‍රෙඩ් පීසා හදාගන්න පුළුවන්. බටහිර තාලෙට වගේම අපේ තාලෙට අපේ රසට බ්‍රෙඩ් පීසා හදගන්නත් ක්‍රම දෙක තුනක් අපි කියල දෙන්න හිතුව. කියවලම බලන්නකො.




1. Sweet Corn with Chicken



Sweet-Corn-with-Chicken-aniwa-01.jpg


අවශ්‍ය ද්‍රව්‍ය

  • ස්වීට් කෝන්
  • කපාගත් රතු පාට බෙල් පෙපර්
  • කපාගත් ලූනු
  • තම්බා පොඩි කරගත් චිකන්
  • ලුණු/ගම්මිරිස් /ඔරිගානෝ
  • ගාගත් මොසරැල්ල චීස්

වාටි ඉවත් කරල ගත්තු පාන් වලට බටර් ටිකක් ගාල ඊට උඩින් ටොමැටො සෝස් ටිකක් හරි ටොමැටො පේස්ට් එක හරි පොඩ්ඩක් ගා ගන්න.
චිකන් වලට ලුණු, ගම්මිරිස් සහ ඔරිගානෝ එක් කර හොඳින් කලවම් කර පාන් පෙත්ත උඩින් අතුරා එයට උඩින් බෙල් පෙපර් සහ ස්වීට් කෝන් ඉස මොසරැල්ල චීස් පාන් පෙත්ත වැහෙන්නට දමා ගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 7,8ක් පුළුස්සා ගන්න.



2. Hawaiian Pizza



Sweet-Corn-with-Chicken-aniwa-02.jpg


අවශ්‍ය ද්‍රව්‍ය

  • කපාගත් චිකන් හැම්
  • කපාගත් අන්නාසි
  • මාළු මිරිස්
  • ලුණු/ගම්මිරිස්/ඔරිගානො
  • ගාගත් මොසරැල්ල චීස්

බටර් තවරාගත් පාන් පෙති මත ටොමැටෝ සෝස් හෝ පේස්ට් තවරා එයට උඩින් මොසරැල්ල චීස් ඉසගන්න. එයට උඩින් කපාගත් හැම්, මාළු මිරිස් සහ අන්නසි අතුරා ඔරිගානෝ මිශ්‍රණය ඉස එයට උඩින් තවත් මොසරැල්ල චීස් තට්ටුවක් දමාගන්න. සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 7,8ක් බේක් කරගන්න.


3. Egg and Cheese Layered Pizza



Sweet-Corn-with-Chicken-aniwa-03.jpg


අවශ්‍ය ද්‍රව්‍ය

  • තක්කලි පෙති
  • ලූණු පෙති
  • කපාගත් මාළු මිරිස්
  • තම්බාගත් බිත්තර පෙති කපාගන්න
  • ලුණු/ගම්මිරිස්
  • මයොනිස් සෝස්
  • ගාගත් මොසරැල්ල චීස්

පෙර පරිදිම බටර් තවරා ගත් පාන් පෙති මත ටොමැටො සෝස් හෝ පේස්ට් තවරා ගන්න. එයට උඩින් මයොනිස් සෝස් තවරාගන්න. තක්කලි පෙති පාන් පෙති මත අතුරා ඊට උඩින් මොසරැල්ල චීස් ඉස ගන්න. ඒ මතින් ලූනු පෙති තබා එයට උඩිනුත් චීස් ඉස ගන්න. බිත්තර සහ මාළු මිරිස්ද ඒ ආකාරයෙන්ම චීස් සමඟ ලේයර් කර අතුරා අවසාන චීස් ලේයර් එකට උඩින් ලුණු සහ ගම්මිරිස් ඉසගන්න. සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක දමා විනාඩි 7,8ක් පුළුස්සාගන්න.


4. Egg and Seeni Sambol

Sweet-Corn-with-Chicken-aniwa-04.jpg


අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා පොඩි කරගත් බිත්තර
  • සීනි සම්බෝල
  • මොසරැල්ල චීස්

බටර් තවරා ටොමැටෝ සෝස් හො පේස්ට් තවරාගත් පාන් පෙති මත සීනි සම්බෝල තවරා එයට උඩින් තම්බා පොඩි කරගත් බිත්තර අතුරා මොසරැල්ල චීස් උඩින් ඉසගන්න.
සෙල්සියස් 160ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 7,8ක් පුළුස්සා ගන්න.



5. Tempered Salmon Pizza

Sweet-Corn-with-Chicken-aniwa-05.jpg


අවශ්‍ය ද්‍රව්‍ය

  • තෙම්පරාදු කරගත් සැමන් (තෙල් දමාගත් සැමන්)
  • ටොමැටො කෙචප්
  • මොසරැල්ල චීස්
  • කපාගත් මාළු මිරිස්

බටර් තවරාගත් පාන් පෙති මත ටොමැටො සෝස් හෝ පේස්ට් තවරා ඒ මතින් සැමන් තෙම්පරාදුව දමාගන්න. එයට උඩින් ටොමැටො කෙචප් ටිකක් දමාගෙන මාළු මිරිස් අතුරා එයට උඩින් මොසරැල්ලා චීස් ඉස ගන්න.
සෙල්සියස් 180ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5,6ක් පුළුස්සාගන්න.



6. Chocolate, Honey and Banana



Sweet-Corn-with-Chicken-aniwa-06.jpg


අවශ්‍ය ද්‍රව්‍ය

  • කුකින් චොකලට් (සාමාන්‍ය චොකලට් උනත් ගන්න පුළුවන්)
  • ඉදුණු කෙසෙල් ගෙඩියක්
  • මී පැණි
  • කුඩු කරගත් කජු

කුකින් චොකලට් ටික ඩබල් බොයිල් කර උණු කරගන්න. බටර් තවරාගත් පාන් පෙති මත චොකලට් ත්වරා ඒ මතින් පෙති කපාගත් කෙසෙල් තබාගන්න.
ඊට උඩින් මීපැණි වත් කර කජු ඉස ගන්න. සෙල්සියස් 160ට පෙර රත් කරන ලද උඳුනක විනාඩි 5ක් පුළුස්සාගන්න.



උපුටා ගැනීම www.aniwa.lk
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පා දැන් ඉතින් අපේ වික්කාමසිංහ මහත්තයාගේ නොපෙනන සංවර්ධනේ පිහිටෙන් බත් නොකා තුන් වේලටම පීසා කන්න පුළුවන්.. දැන් ඕන තරම් මිනිස්සුන්ගේ අතේ සල්ලි තියෙනවනේ :yes::cool:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    ලේසියෙන්ම හදාගන්න පුලුවන් පාන් පීසා රෙසිපි 6ක්



    බ්‍රෙඩ් පීසා වලට කැමති ඔබට බ්‍රෙඩ් පීසා වලට හදාගන්න පුළුවන් වෙනස් වෙනස් ටොපින් අයිඩියා ටිකක් අරන් එන්න අපි හිතුව. සැරට කන්න විතරක් නෙවෙයි. හවසකට කන්න පැණි රසටත් බ්‍රෙඩ් පීසා හදාගන්න පුළුවන්. බටහිර තාලෙට වගේම අපේ තාලෙට අපේ රසට බ්‍රෙඩ් පීසා හදගන්නත් ක්‍රම දෙක තුනක් අපි කියල දෙන්න හිතුව. කියවලම බලන්නකො.





    උපුටා ගැනීම www.aniwa.lk

    api kiwwe kauda?
    sirikothenda? :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බං මේ පාන් පෙත්තකට උඩින් මොනව හරි ලටවැන්නක් දාල පීට්සා හදන්න පුළුවන් කියල කියන මල් පොන්නයා?????

    මේක ලියපු එකා පීට්සා එකක් දැකල තියේ ද දන්නෙ නෑ.....
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කවුද බං මේ පාන් පෙත්තකට උඩින් මොනව හරි ලටවැන්නක් දාල පීට්සා හදන්න පුළුවන් කියල කියන මල් පොන්නයා?????

    මේක ලියපු එකා පීට්සා එකක් දැකල තියේ ද දන්නෙ නෑ.....

    :lol:දැන් කාලේ ඉන්න උන්ට නම් ඕකත් හොඳ වැඩියි බං.පාංකඩ වගේ ඉන්න ලොල්ල පොන්සියොන්ට මොන පීසද.:lol: