[FONT="]සමථ ධ්‍යාන[/FONT]
[FONT="] නිශ්චිත අරමුණක් වෙනුවෙන් මනස ඒකාග්ර කිරීම සමථ ධ්‍යාන කියලා හඳුන්වනවා. නිදර්ශනයක් විදියට මැටි වෘත්තයක් (පඨවි කසිණ) අරමුණ විදියට භාවිතා කරනවා පඨවි ධාතුව සම්බන්ධයෙන් සමාධිය ඇති කර ගන්න. මේ ආකාරයේ සමාධියක් ඇති වීම, නැති වීම පිළිබඳ සංසිද්ධිය දකින්න තරම් ප්‍රමාණවත් වන්නේ නෑ. එක අරමුණකට මනස ඒකාග්ර වුනාම ඉන්ද්‍රියන්ගෙන් වන අල්ලා ගැනීම සම්බන්ධ සිතුවිලි මනසෙ ඇති වෙන්නේ නෑ. මේ ක්‍රමය යොදා ගෙන කෙනෙක්ට පුළුවන් රූප ධ්‍යානයන් දක්වා හිත මෙහෙය වන්න. ඉන් පස්සෙ අවශ්‍යතාවය අනුව අරූප ධ්‍යාන දක්වා හිත මෙහෙයවන්නත් පුළුවන්. නමුත් මේ ධ්‍යානයන් පුහුණුවන්නාට ස්කන්ධ වල අනිත්‍යතාවය ගැන දැනුමක් ලබා ගන්න හම්බ වෙන්නේ නෑ. ඒවා හොඳ සමාධිය ඇති කර ගන්නයි මනස සන්සුන් කරගන්නයි තමයි. [/FONT]
[FONT="]ධ්‍යානයන් තවත් වැඩීමේදී දිවැස්, දිව්‍යශ්‍රෝත ලැබීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පෙර ජාති පිළිබඳ දැනීම ඇති කර ගන්නත් පුළුවන්. ඒ විතරක්ද අනුන්ගේ හිත් කියවීමේ හැකියාවත් ලැබෙනවා. (දිබ්බචක්ඛු, දිබ්බසෝත, පුබ්බේනිවාස ඥාණ සහ චේතෝපරිය ඥාණ)
[/FONT] [FONT="]කෙනෙක්ට මේ සමථ ධ්‍යාන උපකාර කරගෙන ප්‍රඥාව වර්ධනය කර ගෙන ඒ තුලින් මග ඵල ලබන්න පුළුවන්. අන්න ඒ නිසා සමථ ධ්‍යානයන් අපහාසයට ලක් කරන්න හොඳ නෑ. කෙනෙක් ආනාපාන සතිය හරි දෙතිස් කුණුපයන් ගැන හරි සමාධි වඩනවා නම් ඒ තුලින් පුළුවන් මනස නිශ්චල කරන් ධ්‍යානයට සම වදින්න. කොහොම වුනත් ඇති වීම , නැති වීම ගැන දැන ගන්න බැරි වුනොත් ඉතින් ලැබෙන්නේ ඔච්චරම තමයි. [/FONT]
[FONT="]විපස්සනා ධ්‍යාන [/FONT]
[FONT="]ත්රිලක්ෂණය මෙනෙහි කිරීම විප්සසනා ධ්‍යානයි. ත්රිලක්ෂණය දන්නවානේ. ඒ කියන්නේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම. කොහොම වුනත් ආරම්භයේදීම ත්රිලක්ෂණය ගැන දැකීම කරන්න බෑ. හුඟක් අයට වරදින්නේ මෙතනදි. කෙනෙක් පටන් ගන්න ඕනා ෂඩ් ඉන්ද්රිය ද්වාරයන්ගේ ඇති වන සිත් ගැන අවධානයන් යොමු කරමින් ඒ කියන්නේ ෴දකිනවා෴ ඇහෙනවා෴ වගේ. ශාරීරික ක්‍රියාවන් නිරීක්ෂණය කරන්න නම් ඒවා ඇති වෙද්දි දකින්න ඕනා. ඒ කියන්නේ සරලව කියනවා නම් පිම්බීම හැකිලීම වගේ. සක්මනේදී නම් කකුල ඉස්සීම, ඉදිරියට යාම, නැවත බිම තිබීම ආදී විදියට. ඒ වගේම තමයි ඇල වෙද්දි, හිටගනිද්දි, වාඩි වෙද්දි නැත්නම් නවද්දි දිග හරිද්දි වගේ හැම ඉරියව්වකදිම ඒ දේවල් දකින්න ඕනා. [/FONT]
[FONT="]මේ මානසික සහ ශාරීරික ක්‍රියාවන් නිරීක්ෂණය කරද්දි ඒවායේ ඇති වීම හා නැති වීම නැවත නැවතත් නොනැවතී සිදු වෙන ආකාරය දකින තත්වයට කෙනෙක් පත් වෙනවා. එක ක්‍රියාවලියක් ඉවර වෙද්දී තව එකක ආරම්භය. එලෙසින් අනිත්‍යතාවය මෙන්ම ඒ නොපැවතීම නිසා සැපයක් නැති බවත් ඒ වගේම පාලනය කිරීමට නොහැකි බවත් දැනගන්නවා. [/FONT]
[FONT="]ත්රිලක්ෂණය මේ ආකාරයට වන හඳුනා ගැනීම භාවනානුයෝගියාව යොමු කරන්නේ සම්මාසන ඥාණ වෙතට. මෙතනදි භාවනානුයෝගියා නැවත නැවතත් දකිනවා ඕනාම ක්‍රියාවක් හරි සෙලවීමක් හරි ඒක භෞතික හෝ මානසිකව වුනත් දකින්න කිසියම් සමාධිමය ශක්තියකින් වුවමනා බව. මේ ආකාරයේ වන සමාධිය ඒකග්ගතා විදියට නැත්නම් එක් තැනකට යොමු වූ සිත ලෙස හඳුන්වනවා. මේ සමානයි ප්‍රථම ධ්‍යානයට. [/FONT]
[FONT="]තවදුරටත් භාවනානුයෝගියා ඉදිරියට යද්දී සෑම ක්‍රියාවක්ම බොහොම ඉක්මනට දකින්න පුළුවන් වෙනවා. ඔහුට ඒවා දකින්න තවත් උත්සහ වන්ත වෙන්න අවශ්‍ය නෑ. මෙතනට ආවම කියන්නේ ඇතිවීම සහ නැතිවීම පිළිබඳ දැනීම (උදයබද්ද ඥාණ) ඇති වුනා කියලා. මෙතනදි විතක්කයි විචාරයි පවතින්නේ නෑ. නමුත් ප්‍රීති හා සුඛ පවතිනවා. ඒ සිහිය දිගින් දිගටම පවත්වාගෙන යන්න උපකාරයක් වශයෙන්. මේ හරිය දෙවන ධ්‍යානයට සමානයි. [/FONT]
[FONT="]ඊළඟට තවත් ඉහලට ගියාම ඇති වීම හා නැති වීම ගැන දැනුම තවත් ස්ථාවර වුනාම, ප්‍රීතිය නිසා ඇති වෙන ආලෝකය අසීමිත ප්‍රීතියෙන් යටපත් කෙරෙනවා. එසේම සමාධිය කැපී පෙනෙනවා. මේ කොටස තුන්වන ධ්‍යානයට සමානයි. [/FONT]
[FONT="]පසුව, අසීමිත ප්‍රීතියත් අඩු වෙලා නැති වීම පිළිබඳ සංසිද්ධියට අවධානය යොමු වුනාම මැකී යාම පිළිබඳ දැනීම දියුණු වෙන්න පටන් ගන්නවා. මෙතනදි උපේක්ෂාව තමයි කැපී පේන්නේ. මේ අවස්ථාව හතරවැනි ධ්‍යානයට සමානයි. ඊළඟ අදියරේදී උපේක්ෂාව සහ ඒකග්ගතා මීටත් වඩා ප්රමුඛ වෙලා තමයි සංස්කාර පිළිබඳ උපේක්ෂාව ඇති වෙන්නේ. මෙතනට එනකම් දිගට ආපු අය දන්නවා මොකක්ද කියලා මේ කියන්නේ. [/FONT]
[FONT="]ඉතින් බුදුහාමුදුරුවො ධ්‍යානයන්ගෙන් බැහැර නැති බව සාතාගිරි කියද්දි ඔහු අදහස් කරන්නේ බුදුහාමුදුරුවො ධ්‍යානයන් නොසලකා නොහැරිය බවයි. [/FONT]