පුංචි කාලේ මතකසටහන්... සේරම ඇවිත් බලන්න...

prabudhdha

Member
Apr 2, 2010
20
5
0
33
Nuwara Eliya
පුංචි කාලේ මතකසටහන්... සේරම ඇවිත් බලන්න...

මහ ලොකුවට පුංචි කාලේ ගැන කතා කලාට මාත් තවම පුංචි එකා.ඒත් මම මේ කතා කරන්නේ පුංචචිම කාලේ ගැන.මම පවුලේ එකා නිසා මම නිතරම හිටියේ හීන ලෝක වල.මට ගොඩාරියක් සමීප වුණ 4 දෙනෙක් හිටියා.ඒ තමයි අක්කි(ලොකු අම්මගේ දුව), සුලක්ෂි(පුංචිගේ දුව), මහේෂ්(මාමගේ පුතා), ඊ-අම්මි(ලොකු අම්මා).මෙයාලගෙන් අක්කි, සුලක්ෂි, මහේෂ් මේ 3න් දෙනාටත් සහෝදර සහෝදරියෝ හිටියේ නෑ.මට වගේ තමයි.මට මෙයාලා ඔක්කම එකට මුන ගැහුන තැන තමයි අත්තම්මලගේ ගෙදර.අක්කියි ඊ-අම්මියි හිටියේ අත්තම්මලගේ ගෙදර.මහේෂ්ගේ අම්මයි තාත්තයි හිටියේ රට.ඉතින් එයාව බලාගත්තේ ඊ-අම්මා. එයා හිටියේත් අත්තම්මලගේ ගෙදර.මම සිකුරාදා හවස එහේ යනවා .එතකොට ගොඩක් වෙලාවට සුලක්ෂිත් ඇවිත් ඉන්නවා.

33002-Mother-Or-Teacher-Standing-Behind-Four-Children-Holding-Hands-Poster-Art-Print.jpg


අත්තම්මලගේ ගෙදර ටිකක් ලොකු එකක්.ඉතිං එහේ අපිට ඇතිවෙන්න නටන්න ඉඩ තිබුණා.අක්කි අපිට වඩා අවුරැදු 5ක් විතර වැඩිමල්.ඉතිං එයා අපිට එකතු වුණේ ගොඩක් අඩුවෙන්.හැබැයි රණ්ඩු වලටනම් වරද්දන්නේ නැතුව ආවා.අපි තරම් හොදට ගේ අස්සේ සෙල්ලමි ගෙවල් හදන්න නැතුව ඇති වෙන කිසිම කෙනෙක්.අපි ගන්නවා පුටු 4ක්.ඒවා 2ක ගානේ දෙපැත්තෙන් තියනවා මැද අපිට ඉන්න ඉඩ තියාගෙන.මේ පුටු පේලි 2 උඩට පැදුරක් දානවා.එතකොට අපේ පුංචි ගෙදරට වහලක් තියෙනවා.සුලක්ෂි උයනවා.මමයි මහේෂුයි වැඩට යනවා.කඩේ යනවා.විකාර ගොඩයි.හැබැයි අපිට හැමදාම මොකක් හරි අලුත් කතන්දරයක් තිබුණා.

32815-Three-Children-Setting-Up-Their-Camp-Site-Poster-Art-Print.jpg


ඹය සෙල්ලම් අස්සේ පොඩි පොඩි රණ්ඩුත් තිබුණා.හැබැයි ඒ චූටි වෙලාවකට.ඊ-අම්මා හැම තිස්සෙම අඩන එක්කෙනාගේ පැත්ත ගන්නවා.හැබැයි එයාගේ පැත්ත අරගෙන බනින ගමන් අපිට ඇහක් ගහන්න අමතක කරන්නේ නෑ.නිතරම වගේ රණඩු වෙන්නේ මහේෂුයි මමයි.මම වැඩිමල් නිසා අඩන්න වෙන්නේ එයාට.එයා ගොඩක් වෙලාවට ඇන්දේ මගේ පරණ ඇදුම්.අපි රණඩු උණාම මම කියනවා මගේ අදුම් දෙන්න කියලා.ඒ ටික ගලවලා විසි කරන්න විනාඩියක්වත් යන්නේ නෑ.ඒ කරලා අත්තම්ත් එක්ක රණ්ඩු වෙනවා එයාගෙම ඇදුමක් දෙන්න කියලා.හැබැයි ඇත්තටම එහෙම ඒවා තිබුණේ ගොඩක් අඩුවෙන්.

illustration_art_of_children_E01-PSD-024.jpg


අපි හරියටම හවස 1.30 වෙනකල් බලාගෙන ඉන්නේ Shakthi TV එකේ යන දෙමල film එක බලන්න.TV එක ලග පැදුරක් එලල ඒකේ ඉදගෙන තමයි බලන්නේ.අක්කිත් අවිත් පැත්තකින් ඉද ගන්නවා.බලන ගමන් අපිට තේ බඩගිනණි උණාම ඊ-අම්මි රස තේකක් හදල දෙනවා.fight කෑලි යනකොට මහේෂ්ටයි මටයි මයිල් කෙලින් වෙනවා.හොද ගහගන්න film එකක් එහෙම බලපු දවසට අපි දෙන්නත් ගහ ගන්නවා.හැබැයි ඒ සෙල්ලම ඇඩුමකින් තමා ඉවර වෙන්නේ.මහේෂුයි මමයි රණ්ඩු වෙනකොට සුලක්ෂි මගේ පැත්ත ගන්නවා.

මහේෂුයි මමයි හිටපු ගමන් ගෙදරට හොරෙන් ගගට යනවි නාන්න.සුලක්ෂි සැදී පැහැදිල ඉන්නවා අපි යනකල් ඉදල මුට්ටිය බාන්න.සමහර දවසට ඊ-අම්මි අපව හොයාගෙන ගගටම එනවා.එදාට ඉතිං බැනුම් කෝටියයි.අපි දෙන්නම තරහා වෙනවා සුලක්ෂි එක්ක.ඊ-අම්මි අපිට බැන බැන අපිව ආහෙත් හොද වතුරෙන් නාවනවා.ඊ-අම්මි වැඩියෙන් බනින්නේ මහෙෂ්ට.මොකද ඊ-අම්මි හිතන්නේ එයා තමයි මාව එක්කගෙන ගියේ කියලා.එතකොට සමහරවට මහේෂුත් මගේත් එක්ක තරහා වෙනවා.තුන්දෙනා තුන් පැත්තකට වෙලා ඔරවගෙන ඉන්නවා.හැබැයි පොඩි වෙලාවකට.

අපි ආසම සෙල්ලමක් තිබුණා.ඒ තමයි ගෙදර අස් කරන එක.මේ සෙල්ලම කරමු කියලා කියන්නේ සුලක්ෂි.එතකොට එයා තමයි සෙල්ලමේ ලොක්කා.ඇත්තටම අපි ගොඩක් පිළිවලට මුලු ගේම අස් කරනවා.අපි ඒ සෙල්ලමේ ආසම කොටස තමයි ඊ-අම්මිගේ වර්ණනාව.ගෙදරට කවුරැ හරි ඇවිත් හිටියොත් ඒ අයටත් කිය කියා වර්ණනා කරනවා.අක්කි ඒ වෙලාවට සෑහෙන්න ඉරිසියාවෙන් අපි දිහා බලල ඇදයක් හොයාගන්නවා.කොහොම වුණත් ඊ-අම්මිගේ වර්ණනාව අපිට ඒ සෙල්ලම ඊලග දවසෙත් කරන්න අනුබල දෙනවා.

kids-illustration--cherry-blossoms-t-koni.jpg


මම ශිෂ්ශත්වේ පාස් වෙලා පොරමඩුල්ල ජාතික පාසලට ගියා.මට එහේ නවතින්න වුණා.ඒකෙන් ඒ ලස්සන සහොදර සමාගම මගෙන් ඈත් කළා.කාලෙත් එක්ක දැන් ගොඩක් දේවල් වෙනස් වෙලා.මම දැන් ඉස්කොලේ ගිහින් ඉවරයි.ඉතිං මම දැන් නිතර අත්තම්මලගේ ගෙදර යනවා.අක්කි දැන් කසාද බදින වයසේ.සුලක්ෂි තවම ඉගෙන ගන්නවා.මහේෂ් මුලු ජීවිතේම වැරදි පාරක ගෙනිහින්.ඉගන ගන්න එක නවත්තලා දැන් නරක රස්සාවක් කරනවා.ඊ-අම්මි ඉස්සර වගේමයි.දැන් අපි 4 දෙනාම එකට එකතු වෙනවා ගොඩක් අඩුයි.මම එහේ ගියාම ඊ-අම්මියි, අක්කියි, අත්තම්මයි විතරයි එහේ.ඒ ගෙදර හැමතැනම අපේ පුංචි ලස්සන මතක ඉතුරැ වෙලා තියෙනවා.මම ඒ මතක එක්ක තාමත් සෙල්ලම් කරනවා.මම ඒ තරමටම ඒ ලස්සන පුංචි කාලෙට ආදරෙයි.


මචන්ලා මමත් පටන් ගත්ත අලුතෙන් බ්ලොග් එකක් ලියන්න. කැමති අය ඇවිත් බලන්න කියල ආරාධනා කරනවා...

පුංචි කාලේ මතකසටහන්...


;););)
 
Mar 22, 2012
221
17
0
Sri lanka
ඇත්තටම අපි නොදැනම අපිව ලස්සන ඒ පුංචි කාලේට ආයෙත් ඒක්කරගෙන ගියට බොහොම පින්..
 

prabudhdha

Member
Apr 2, 2010
20
5
0
33
Nuwara Eliya
Lassana kathawa machan. REP +5 :yes:



ඕන්න මමත් ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා...

ඇත්තටම අපි නොදැනම අපිව ලස්සන ඒ පුංචි කාලේට ආයෙත් ඒක්කරගෙන ගියට බොහොම පින්..

බොහොම ස්තුතියි මචන්ලා....