පුංචි තිරේ අත්තම්මා සමුගනී

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පුංචි තිරේ අත්තම්මා සමුගනී

අපි ගොඩක් ආදරෙයි අපේ අත්තම්මලාට, මේ ආදරය කරන අත්තම්මා චරිත පුංචි තිරයේදී මනා සාධාරණයක් මෑත කාලයේදි සිය රංගනයෙන් ඉටු කල සීතා කුමාරි ඇහැලේපොළ කියන ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනිය පසුගිය අගෝස්තු 06 වෙනිදා අපෙන් සමුගත්තා. මිය යන විට 75 වියැති මේතුමිය චිත‍්‍රපට තුලින් රංගනය පිවිස පසුව වෙදිකාව හා ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුනා. රංගනය වෙනුවෙන් සරසවිය, ජනාධිපති හා සුති සම්මාන වලින් පුද ලැබ අවුරුදු 40 වන සිය රංගන ජිවිතය තුල කිසිම අපවාදයකට ලක් නොවි තම ගෞරවය රැකගෙන සිටිම අද දින සිටින තරුණ නිළියන්ට මනා ආදර්ශයක්.

මේතුමිය සැබවින්ම මම ඉතා ප‍්‍රියකරන රංගන ශිල්පිනියක් ඇගේ කරුණාවන්ත අත්තම්මාගේ රංගනය සැම විටම මගේ අත්තම්මාගේ මතකය අලූත් කරනවා.

මැතිනියනි ඔබට නිවන් සුව අත්වේවා !!!

vlbq.jpg
 

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මන් දැකපු අහිංසකම චරිතයක් ... ඔබට නිවන් සුව :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්කම හිත නිවෙනවා.......
    ඇත්තට ම අත්තම්මා කියන චරිතයට නිදර්ශනයක් දෙනව නම් රූපයෙන් සහ ගති ගුණ වලින්...මේ ඇය...............


    ඔබට නිවන් සුව අත්වේවා.....මගේ අත්තම්මේ!!!!!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අත්තම්මාස් සෙක්ස් වීඩියෝ 18+++

    විව්ස් 118යි රිප්ලයිස් 9යි:shocked:. මුන්ට අත්තම්මාස් සෙක්ස් වීඩියෝ 18+++ කියල ත්‍රෙඩ් එකක් දැම්මනම් බලාගන්න තිබුන හිට්ස් ගානයි කමෙන්ට්ස් ගානයි.

    තූ තොපි!!
    :angry::angry:

    Linda~