පුංචි පර්යේෂණයක්
වඳුරොත් එක්ක පුංචි පර්යේෂණයක්
මේක මේ වඳුරොත් එක්ක කළ පුංචි පර්යේෂණයක්. රූප සටහන එක්ක බැලුවොත් තේරුම් ගන්න පහසුයි.
1. විද්‍යාඥයෝ කණ්ඩායමක්, වඳුරො පස් දෙනෙක්ව කූඩුවක දමලා, කූඩුව හරි මැදින් පුංචි ඉනිමගක් තියලා- ඒ ඉනිමග උඩ කෙසෙල් ගෙඩි කීපයක් තියලා- කූඩුව වැහුවා.
2. වඳුරෙක් කෙසෙල් ගෙඩියක් ගන්න ඉනිමග දිගේ ඉහළ නගින හැම වතාවෙම, විද්‍යාඥයෝ අනික් වඳුරන්ව සීතල වතුරෙන් නෑව්වා.
3. ටිකක් වෙලා මේ විදිහට වෙද්දි, ඉනිමග දිගේ ඉහළ යන වඳුරට අනික් වඳුරො එකතු වෙලා පහර දෙන්න පටන් ගත්තා.
4. ටික වෙලාවකට පස්සෙ, කෙසෙල් ගෙඩි වලට කොච්චර කෑදර වුනත්, කිසිම වඳුරෙක් ඉනිමග දිගේ නගින්න එඩිතර වුනේ නෑ.
5. විද්‍යාඥයෝ ඊට පස්සෙ එතන උන්න එක වඳුරෙක් ඉවත් කරලා, ඒ වෙනුවට අළුත් වඳුරෙක් කූඩුවට දැම්මා. එයා කූඩුවට දැම්ම ගමන් කළ පළවෙනි රාජකාරිය වුනේ කෙසෙල් ගෙඩි කන්න ඉනිමග දිගේ නැගපු එක. අනික් වඳුරො එයාටත් පහර දුන්නා. මේ දේ කීප වරක් වුනහම අළුත් වඳුරා ඉගෙන ගත්තා ඉනිමග දිගේ නගින එක ගුටි කෑමට හේතුවක් වෙන බව- ඒත් ඒ ඇයි කියන එක එයා දැනගෙන හිටියෙ නැහැ.
6. කලින් කණ්ඩායමේ හිටිය වඳුරන්ගෙන් තව වඳුරෙක් ඉවත් කරලා තව අළුත් වඳුරෙක් දැම්මා. එයත් ඉනිමග නැග්ගා. එයාට පහර දෙන්න පරණ හාදයොත් එක්ක මුලින්ම ආපු අළුත් හාදයත් එකතු වුනා. පරණ වඳුරො පස් දෙනාම වෙනුවට අළුත් වඳුරො පස් දෙනෙක් වෙනකල්ම මේ ක්‍රියාවලිය නැවත නැවතත් සිදු කළා. අළුතෙන් එන අය ඉනිමග නැගීමත් සෙසු අය පහර දීමත් සිදු වුනා.
7. අන්තිමේදි ඉතුරු වුන වඳුරො පස් දෙනා කිසිම වෙලාවක සීතල වතුර ප්‍රහාරයකට ලක් නොවුනු නමුත්, කිසිම වඳුරෙකුට ඉනිමග නගින්න ඉඩ දුන්නෙ නෑ.
8. වඳුරන්ගෙන් අහල දැන ගන්න පුළුවන් නම් ඇයි උඹලා ඉනිමග නගින්න හදන එවුන්ට පහර දෙන්නේ කියලා උන් කියාවි මෙහෙම;
"මං දන්නෙ නෑ. ඒත් දේවල් වෙන්නෙ ඒ පිළිවෙළට තමයි."
ඒ උත්තරේ නිකං හොඳට අහලා පුරුදුයි වගේ නේද?
9. පෙර සිට පැවත එන පිළිවළ නිසා මොනම කෙහෙල් ගෙඩියක්වත් රහ නොබලා උනුන් කා කොටා ගැනීමේ වඳුරු හැසිරීම ගැන ඩිංගක් ගැඹුරට හිතමුද?
Link

awulak naehae නොදැක්ක අහපු නැති ඔන තරම් ඇති