පුංචි_කතාවක්‌

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    11juarr.jpg


    ස්‌කූල් බස්‌ එක එනකන් අපි දෙන්නා
    පාර අයිනට වෙලා හැමදාම බලන් හිටියා
    හැමදාම
    උදේ පාන්දරම
    පාරට වෙලා ඉන්න ඒ ලස්‌සන කෙල්ල කවුද?
    මගෙ හිත
    මගෙන්ම ඇහුවා
    දින සති ගෙවිල යද්දි
    අපි යාලුවො උනා
    එත්.....
    අපි කවදාවත් කතා කරේ නෑ
    ඇයි ඉතින් වටේටම යලුවො ඉන්නවනෙ
    හැමදාම දකින
    නිල් පාට
    ලස්‌සන ඇස්‌ දෙකට
    මගෙ හිත ඇදිලා ගියෙ හරිම ඉක්‌මනට
    මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තා
    අඩුම ගානෙ..
    ඔයාගෙ නම වත් මම දැනන් හිටියෙ නැ
    කවදාවත් නැතුව එක දවසක්‌
    ඔයාව මම දැක්‌කා
    හවස පන්ති ඉවරවෙල එද්දි
    මම හිතින් අහ අහ හිට්‌යෙ නැ
    හිතට ආව හැමදේම කොලේක ලියලා දුන්නා
    පහුවෙනිද උදේ
    ඔයා මට හිනා උනේ වත් නැ
    මම ඔයා ලගට ගිහින් ඇහුවා
    'ඔයා මට ආදරෙයිද?"
    ඔයා උත්තර දුන්නෙ නැ
    මම ආයෙමත් ඇහුවා
    ඔයා කතා කරේ නැ
    "තමුසෙ මට ආදරේ නැද්ද?"
    මට තරහ ගිය නිසා මම එහෙම ඇහුවා
    ඔයා ඇඞුව
    කම්මුල් දෙක කඳුලු වලින් වැහෙනකන්ම ඔයා ඇඞුවා
    මන් ඔයාගෙ ඔලුව අතගන්න හදලා අයෙමත් අත ගත්තා
    "ඔයා ඇයි මාත් එක්‌ක කතා කරන්නේ නැත්තේ"
    මම ඇහුව
    ඔයාගෙ ඇස්‌ දෙකේ කඳුලු අලුත් උනා
    "එයා ගොළුයි"
    ලගම හිටපු යාලුව කිව්වෙ මන් ඔයාගෙ අතින් අල්ලද්දිමයි