පුකට දුම් ගැසීම

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    පුකට දුම් ගැසීම

    ගුද මාර්ගය ඔස්සේ දුම් ගැසීමේ ආරම්භය

    යමෙකුගේ පුකට දුම් ගැසීමේ ක්‍රියාවලිය පිළිබඳව ඇති තහවුරු කරන ලද විස්තර සහිත පැරණිතම සටහන 1746 වසරේ දී එංගලන්තයේ දී ලියැවුණු එකක් වන අතර, එතැන් පටන් බොහෝ කාලයක් එය 'වෛද්‍ය ප්‍රතිකාරයක්' සේ යොදා ගැණුනු බවට වාර්තා වී තිබෙනවා.

    1746 වසරේ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ජල මූලාශ්‍රයක ගිලී මියයාමට ආසන්නව සිටිය දී බේරාගැනෙනවා. ඇය සිහි විසඥව සිටි අතර සාමාන්‍ය ප්‍රතිකාරවලින් පියවි සිහියට ගෙන එන්නට නොහැකි වෙනවා. කුමක් හෝ හේතුවක් නිසා, ඇගේ සැමියා ප්‍රතිකාර කරමින් සිටි අයට යෝජනා කරන්නේ ඇගේ ගුද මාර්ගය ඔස්සේ දුම්කොළ පිළිස්සීමෙන් ප්‍රතිඵල වන දුම ශරීරයට ඇතුළු කළ යුතු බව යි. මේ අනුව ක්‍රියාත්මක වූ පිරිස වහාම පයිප්පයක් සොයාගෙන, ඊට දුම්කොළ පුරවා දැල්වීමෙන් අනතුරුව, එක් කෙළවරක් ස්ත්‍රියගේ ගුද මාර්ගයට ඇතුළු කොට අනෙක් කොණෙන් එයට පිඹ දුම් රොටු ඇගේ ශරීරයට ඇතුළු වීමට සැලස්වූවා. මෙය සාර්ථක වන අතර ඉක්මණින්ම ඇය පියවි සිහියට පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් ඇගේ ජීවිතය බේරුණු අතර මෙම 'පුකට දුම්' ප්‍රතිකාරය ඉක්මණින්ම එංගලන්තය පුරා ජනප්‍රිය වුණා.

    දුම්කොළ ඖෂධයක් ලෙස යොදාගැනීමේ ඉතිහාසය

    දුම්කොළ හෝ දුම්කොළවල දුම ඖෂධයක් ලෙස යොදාගැනීමට වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙනවා. ස්වදේශික ඇමෙරිකානුවන් විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර ලෙස දුම්කොළ හා ඒවායේ දුම යොදාගෙන ඇති අතර සමහර විටෙක ඔවුන් ඒවා රෝගීන්ගේ ගුද මාර්ගය ඔස්සේ ශරීරයට ඇතුළු කරන්නටත් ඇති බවට අනුමාන කෙරෙනවා.

    එංගලන්තයේ ජීවත් වූ උද්භිත විද්‍යාඥයෙකු, වෛද්‍යවරයෙකු මෙන්ම ජ්‍යොතිශාස්ත්‍රඥයෙකු වන නිකලඩ් කල්පෙපර් මෙම උක්ත ප්‍රතිකාර ක්‍රමයන් අධ්‍යයනය කර ඒවා සිය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. විශේෂයෙන් බඩවැල්වල ප්‍රාදාහ තත්ත්වයන්, හර්නියා වැනි රෝගවලට ප්‍රතිකාර සඳහා ඔහු මේ ක්‍රමය යොදාගෙන තිබෙනවා. ඉන් වසර ගනනාවකට පසු බ්‍රිතාන්‍ය ජාතික තවත් වෛද්‍යවරයෙකු වූ රිචඩ් මීඩ් මෙම ප්‍රතිකාර ක්‍රමය හඳුනාගෙන එහි සාර්ථක අසාර්ථකකම් මෙන්ම ක්‍රමවේදයන් ද ජනගත කරනු ලැබුවා. මේ අනුව 17 වන සියවස වන විට 'ගුද මාර්ගයන් දුම් පිඹීමේ' ප්‍රතිකාරය එංගලන්තය පුරා ජනප්‍රියව තිබෙන්නට ඇති බවට සැලකෙනවා. විශේෂයෙන් 'මියගියායැ’ යි සැලකෙන රෝගීන් මෙන්ම, දියේ ගිලීමෙන් සිහි විසඥව සිටින් රෝගීන් නැවත පියවි සිහියෙහි පිහිටුවීම සඳහා මේ ක්‍රමය යොදාගැණුනා. පසුකාලීනව මේ සඳහා විශේෂිත වූ උපකරණ කට්ටලයක් ද නිර්මාණය කෙරුණා. ඊට පිඹීම සඳහා වූ කොටසක් මෙන්ම, දිගැති, නම්‍යශීලී නලයක් ද ඇතුලත්.


    දුම්කොළ දුම්වල විද්‍යාත්මක පසුබිම

    දුම්කොළ දුම් ශරීරගත වූ විට මිනිසුන්ගේ හෘද ස්ඵන්ධන වේගය ඉහළ නැගෙන බවට සැලකෙනවා. මේ හේතුව නිසා රෝගීන්ගේ රුධිර සංසරණ පද්ධතිය වඩාත් කාර්යයක්ෂ්මව ක්‍රියාකාරී වීම අරඹන බවට විශ්වාස කෙරුණු අතර, දියේ ගිලී සිහි විසඥව සිටින් අයෙකු විෂයයෙහි, ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ රැඳී ඇති අතිරික්ත ජලය වියළා හැරෙන බවටත් අනුමාන කෙරුණා. මේ අනුව මේ ක්‍රමය මුවට මුව තබා වාතය පිඹීමටත් වඩා සාර්ථක එකක් බවට සැළකුණා.

    මේ ක්‍රියාවලිය සඳහා වූ උපකරණ කට්ටල නිපදවෙන්නට කලින් දුම් පයිප්ප වැනි දේ මේ සඳහා යොදාගැණුනා. කෙසේ නමුත් ඒවායේ කෙටි බව හේතුවෙන් හරියාකාරව ප්‍රතිකාරය සිදුකරගත නොහැකි වීමත්, රෝගියාට තුවාල ඇති වීමේ වැඩි හැකියාවත්, කොළරාව, පාචනය වැනි රෝග බෝවීමේ වැඩි අවදානමත් නිසා මේ සඳහා පයිප්ප යොදා ගැනීම කෙමෙන් අඩු වුණා.

    පුකට දුම් ගැසීමේ 'ජනප්‍රියම සමය'

    18 වන සියවසෙහි අග භාගය වන විට ගුද මාර්ගයට දුම් පිඹීමේ ප්‍රතිකාර ක්‍රමය එංගලන්තය පුරා අතිශය ජනප්‍රියව තිබුණා. මේ නිසා 1774 වසරේ විලියම් හාව්ස් හා තෝමස් කෝගන් යන වෛද්‍යවරුන් දෙදෙනා 'දියේ ගිලීමෙන් මියගියා සේ හැඟෙන රෝගීන්ට ක්ෂණික සහනය ලබාදීමේ' ආයතනය පිහිටවූවා. මෙහි නාමය මඳක් දිගින් වැඩියැ යි පසුකාලීනව තීරණය වූ නිසා 'රාජකීය මිනිසත් භාවයේ සමාජය' යනුවෙන් එය හඳුන්වන්නට වුණා. පුකට දුම් ගසා මිනිසුන් බේරාගැනීමට අමතරව තවත් විශේෂ කර්තව්‍යයක් මේ සමාජය විසින් ඉටුකළා. ඒ මේ සමාජය මඟින් තවත් මිනිසුන්ගේ ජීවිත බේරාගත් අයවලුන්ට ගෞරව බුහුමන් දැක්වීම හා සම්මාන පුදකිරීම ද සිදුකිරීම යි. මේ සංගමය අදටත් ක්‍රියාකාරීව පවතින අතර එය වර්තමානයේ පවතින්නේ මහ රැජින භාරයේ යි.

    උක්ත සමාජය මඟින් කිසිවෙකුගේ දිවි බේරාගත් අයෙකුට ගිනි 4ක ත්‍යාගයක් ලබා දුන්නා. එය වර්තමානයේ ඇමෙරිකානු ඩොලර් 160ක පමණ මුදලක්.

    19 වන සියවස ආරම්භ වන විට පශ්චාත් භාගයෙන් දුම්කොළවල දුම ඇතුළු කිරීමේ ප්‍රතිකාරය සිදුකළේ දියේ ගිළුණු රෝගීන් හට පමණක් නොවේ. උණ සන්නිපාතය, හිසරදය හා උදර වේදනා සමනය කිරීමටත් මේ ක්‍රමය යොදා ගැණුනා.

    1811 වසරේදී දුම්කොළවල දුමෙහි අඩංගු නිකොටින් මිනිස් හෘදයට අහිතකර බැව් සොයාගැණුනා. මේත් සමග බොහෝ දෙනා උක්ත ප්‍රතිකාර ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මැලි වූ අතර ඉක්මණින්ම එය සමාජයෙන් තුරන්ව ගියා, කෙසේ නමුත් එය අද වන විටත් ශේෂව පවතින ව්‍යංගාර්ථ පදයක් සමාජයට ඉතිරි කොට ගොස් තිබුණා.


    https://roar.media/sinhala/main/history/blowing-smoke-up-your-ass/
     
    • Like
    Reactions: Mohowk

    shop free

    Banned
    Jan 22, 2019
    107
    14
    0
    Hik

    ඔවු ඔවු දැන් අපේ කොල්ලො කොල්ලො එකතු උනහමත් ඕකටම සමාන ගැහිල්ලක් ලු කරන්නෙ:lol:

    පුකට දුම් ගහල හරි කමක්නෑ අහිංසක ඡීවිතයක් මරණයෙන් දිනක් හෝ බේරාගන්න හැකිනම් එය වටිනව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිරිකොතේ නම් සම්ප්‍රදායක් විදියට ඕක කරනව තාම..හැබැයි දුම්වලට වඩා දෙයක් ගහනවා..;)