පුජාවේ ආනිසංස....

nalakaer

Active member
  • පුජාවේ ආනිසංස....

    මේ කියන්න යන්නේ බාගෙට ඇදගත්ත ගැහැනුන් ගැන නෙමෙයි... ඒ හින්ද මේ ත්‍රෙඩ් එක වැඩිය බලන එකකුත් නැ.. කමක් නැ.. වැදගත් අයට බලන්න පුළුවන්... එත් කියවගෙන යනකොට ආසාවක් ඇති වෙයි..

    පුජාවේ ආනිසංස

    උතුම් ත්‍රිවිධ රත්නයට අපගේ නමස්කාරය.සාධු...සාධු...සාධු...

    ඔබට අප මෙතෙක් කල් බොහෝ ඉදිරිපත් කලේ පවෙහි විපාක පිලිබදවය.නමුත් අද පිනෙහි ආනිශංස ගැන අවබෝධයක් ලබා දිමට සිතුවෙමු.බුදුරදුන් පැහැදිලි කර දී ඇත්තේ -චිත්තං පුනාතීතී පුණ්ණං-යනුවෙනි.එහි තෙරුම සිත පිනා යාම හෙවත් සතුටු වීම පින වන බවය.එසේ සතුටු විය යුත්තේ යහපත් ක්‍රියාවකින් මිස අන් දෙයකින් නොවේ.අප මියපරලොව ගිය කල අලේ පිලිසරණ සදහා
    සිටින්නේ පින්කම් පමණක් බවද බුදුහිමියන් පෙන්වා දී ඇත.ඉතින් එවැනි පුණ්‍ය ශත්තියක් ලබා ගැනීම සදහා අප විසින් නිතර කරන විවිධ පූජාවන්ගේ ආනිශංස දැන සිටීම ඉතා වැදගත්ය.

    (මෙම ත්‍රිවිධ පූජාවේ අනුසස් ඉතා බොහෝ බැවින්, සංක්ෂිප්ත ලෙස ලෙස දක්වා ඇත)

    මල් පූජාවේ අනුසස් -
    සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම
    බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම
    දුටුවන් වශීවන රූප සොභාවෙන් යුක්ත වීම
    සිත එකග කරගැනීමට හැකිවිම
    ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම
    ලෙඩ රෝගවලින් වැලකිම
    අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම
    වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම

    පහන් පූජාවේ අනුසස් -
    ප්‍රඥාව ලැබීමට හේතු වීම
    හො‍ද ඇස් ලැබීමට හේතු වීම
    දිවැස් ලැබීමට හේතු වීම
    පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
    ඍධිමය හැකියා පහළ වීම
    ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
    ඇස් රෝග නොවැලදීම
    දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
    ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම

    සුවද පූජාවේ අනුසස් -
    උපනූපන් ජාතියේ සැමට ප්‍රිය අයෙකු වීම
    වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වීම
    සුගති භවයන්හි උත්පත්තියට හේතු වීම
    වහා චිත්ත සමාධිය ඇතිවේ
    සුවදවත් සිරුරක් ලැබේ
    නවන සදහා හේතු වීම

    පැන් පිදීමේ අනුසස් -
    ආයුෂයෙන්,වර්ණයෙන්,සැපයෙන්,පිරිවරින්,ආධිපත්‍යයෙන්,රූපයෙන්,ශබ්දයෙන්,ගන්ධයෙන්,රසයෙන්,ස්පෂ්ටව්‍යය යන කරුණු වලින් දෙව්ලොවදී අන් දෙවගනන් ඉක්මවා සිටීම යනඅනුසස් ලැබේය.

    ආහාරපාන පිදීමේ අනුසස් -
    බොහෝ ආයුෂ ඇත්තේ වීම
    බලවත් වීම
    ධෛර්ය ඇත්තේ වීම
    වර්ණ ඇත්තේ වීම
    යසස් ඇත්තේ වීම
    සුව ඇත්තේ වීම
    ආහාර පාන ලැබීම
    ශූර වීම
    නුවණැති වීම

    ගිලන්පස පිදිමේ අනුසස් දසය -
    ආයුෂය,ශරීර ශක්තිය,නුවණ,ශරීරයේ යහපත් පැහැය,පිරිවර,
    සැපය,උපද්‍රව නැතිබව,ගොවිතැන් පාලු වීම ආදී ව්‍යසන නොමැති
    බව,ගරු බුහුමන් ලැබිම,ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නොවීම
    යන අනුසස් ලැබීම.

    අටපිරිකරට අනුව මෙතැන් සිට සදහන් වන පූජා සයෙහි අනුසස්
    පෙළ ගස්වා ඇත.

    වස්ත්‍ර පිදීමේ අනුසස් -
    රන්වන් සිරුරු ඇත්තෙක් විම
    ශරීරයේ කුණු දූවිලි නැත්තෙක් වීම
    රැස් විහිදෙන ශරීර ඇත්තේ වීම
    ප්‍රතාප ඇත්තේ විම
    සිනිදු සිරුරක් ඇත්තේ වීම
    හිස මස්තකයෙහි සුදු,කහ,රතු පැහැ ඇත්තා වූ ලක්ෂ ගණනින් වස්ත්‍ර දරා සිටීම

    පාත්‍ර පිදීමේ අනුසස් -
    රන්,මැණික්,රිදී සෑම කල්හි පරිහරණය‍ට ලැබීම
    උපද්‍රව අනතුරු නැත්තේ වීම
    සෑම කල්හි සියල්ලන් විසින් ගරු තරන අයෙකු වීම
    ආහාරපාන,වස්ත්‍ර,සයනාසන ලබන්නේ විම
    බෝග විනාශයට පත් නොවීම
    ස්ථිර සිත් ඇත්තෙකු වීම
    හැම කල්හි ධර්මය කැමැත්තෙක් වීම
    මද කෙලෙස් ඇත්තෙක් වීම
    ආශ්‍රව රහිත විම
    මෙම සියල්ල දෙව් මිනිස් භවයන්හි අත් නොහැර යන
    සෙවණැල්ලක් සේ ලැබීම

    දැළිපිහියා පිදීමේ අනුසස් -
    හැම කල්හි ශූර වීම
    නොවිසිරි සිත් ඇත්තෙක් වීම
    වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණීම
    ධෛර්ය ඇත්තේ වීම
    වීර්ය ඇත්තේ විම
    කෙලෙස් වසගයට යා නොදී රැකගත් සිත් ඇත්තෙක් විම
    කෙලෙස් සිදින්නා වූ සියුම් ශුද්ධ වූ ඥානය සැම කල්හි ලැබීම

    ඉදිකටු පිදිමේ අනුසස් -
    සැක නැත්තේ වීම
    සැක සිදින්නේ වීම
    රූ ඇත්තේ වීම
    භෝග ඇත්තේ වීම
    තියුණු වූ නුවණ ඇත්තේ වීම
    ගම්භීර වූද සියුම් වූද ස්ථාන වූද අර්ථයෙන් ඥානයෙන් දැකීමට සමත් වීම
    මොහදුර නසන්නා වූ වජ්‍රායුධාග්‍රයට සමවූ ඥානයක් ඇත්තේ වීම

    පටි පිදීමේ අනුසස් -
    සමාධීන්හි කම්පා නොවීම
    සමාධියෙහි වශී භාවය ඇත්තේ වීම
    නොබිදෙන පිරිස් ඇත්තේ විම
    හැම කල්හි අනුන් පිලිගන්නා වචන ඇත්තෙකු වීම
    එළඹ සිටි සිහි ඇත්තෙකු විම
    බියක් හට නොගැනීම

    පෙරහන්කඩ පිදීමේ අනුසස් -
    සෑම දෙන ඉක්මවා දිව්‍යායුෂ ලැබීම
    සොර සතුරන්ට කිසිදා හිංසා නොකල හැකි වීම
    ආයුධ වලින්ද,වස විසෙන්ද හිංසාවක් නොවීම
    නියමිත ආයුෂ ගෙවන තුරු අකල් මරණයට පත් නොවිම.

    -----------------------------------------------------------------

    ඡත්‍ර දානයේ අනුසස් -
    ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
    ශරීරයේ කුණු නොඇලීම
    උපද්‍රව නොමැති වීම
    අන්තරාය නොමැති වීම
    හැම කල්හි අන්‍යයන් ගරු කිරීම
    සියුම් සම ඇත්තේ වීම
    සිත පිරිසිදු බවින් යුක්ත වීම
    සසර සැරිසරණ කල්හි විචිත්‍ර ඡත්‍ර ලක්ෂණයක් හිස මස්තකයේ පිහිටිම

    පවන්අතු දානයේ අනුසස් -
    ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම
    ශරීරයේ දාහය නොමැතිවීම
    සිත තවන දාහයක් නොමැති වීම
    රාග ගිනි,ද්වේෂ ගිනි,මෝහ ගිනි,මාන ගිනි,දෘෂ්ටි ගිනි යන සියලු
    ගිනි නිවීම

    පාවහන් දානයේ අනුසස් -
    හස්ති,අශ්ව සිවි,රථ ද සැට ලක්ෂයක් සැම කල්හි තමා පිරිවරා සිටීම
    මැණිකෙන්ද,කම්බිලියෙන්ද,රනින්ද,රිදියෙන්ද පාදුකාවෝ පා
    ඔසවන කල පහළ විම
    ඍධිමය මිරිවැඩිට නැගී සිටීමට හැකි විම.

    තෙල් බිදීමට තැබීමට බදුන් පිදීමේ අනුසස් -
    නිරෝගී සැප ලැබීම
    රූප සම්පත්තිය ලැබීම
    ප්‍රිය වචන ඇත්තෙකු වීම
    කැපඹුනු සිතින් තොර කෙනෙකු විම
    ආරක්ෂා ඇත්තෙකු වීම

    අංසකඩ පිදීමේ අනුසස් -
    අන් අයගේ සිත් දිනාගන්නා නුවණ ඇතිවිම
    පෙර ආත්ම සිහිකිරිමේ නුවණ ඇතිවීම
    පැහැපත් ශරීර වර්ණයක් ඇති වීම

    සැරයටි,කිහිලිකරු හා රෝදපුටු පූජාවේ ආනිශංසය
    තම දරුවන්,පබිරිද,සහෝදර සහෝදරියන් මවිපියන් අකාලයේ
    මරණයට පත්නොවීම හා එවැනි ප්‍රිය විප්පයෝග දුකකට පත් නොවිම.

    ඉන බදින පටි පූජා කිරිමේ ආනිශංස -
    සිත සමාධි කර ගැනීමට හැකිවීම
    කරදර වලදී කම්පා නොවන සිතක් ඇතිවීම
    තමා වෙත බැදුණු පිරිසක් ඇති විම
    අන් අය පිලිගන්නා සත්‍ය වචන ඇති බව
    පැහැදිලි මතක ශක්තියක් ඇති බව
    නිර්භය බව

    අනුසස් එකක් ගෙන දුන් පූජා -
    ප්‍රාතාදිය තබන ආධාර පිදීම
    කුඩා පිහිද,ලොම් උදුරන අඩු පිදීම.

    අනුසස් දෙකක් ගෙන දුන්පූජා -
    පිදුරු බිසි පිදීම
    යතුරු පිදීම හා පා පුටු පිදීම

    අනුසස් තුනක් ගෙන දුන්පූජා -
    ඉදිකටු,අසංකඩ,භාජන හා තලි පිදිම

    අනුසස් පසක් ගෙන දුන්පූජා -
    පිහි,නිය කපන,තෙල් කල් තබා ගන්නා භාජන,අදුන් නල,ඇග ගල්වන තෙල්,තෙල් ගිතෙල් පිදීම හා මුව පිරිසිදු කරන පිදීම

    අනුසස් සයක් ගෙන දුන්පූජා -
    කොට්ට,දිය පිස්නා,පුටු හා මෙට්ට පිදීම

    අනුසස් අටක් ගෙන දුන්පූජා -
    නස්‍ය කිරීමේ උපකරන පිදීම හා බෙහෙත් අදුන් පිදිම

    අනුසස් දසයක් ගෙන දුන්පූජා -
    මහා සැළි හා කරඩු පිදීම.
    ආහාරපාන පිදීම
    බෙහෙත් පිදීම
    සුවද දුම් පිදීම

    (මෙම පූජාවෙන්ගේ අනුසස් දැන ගැනීම සදහා ත්‍රිපිටකයේ ආපදාන
    පාලිය,පාරමිතා ප්‍රකරණය නැමැති ග්‍රන්ථ බලන්න)

    ඇමදීමේ ආනිශංස -
    තමාගේ සිත ප්‍රසාදයට පත්වේ
    අනුන්ගේ සිත ප්‍රසාදයට පත්වේ
    දෙවියන් සතුටු වෙති
    රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි
    මරණින් මතු ස්වර්ගයේ උපදී

    වැදීමේ පිදිමේ ආනිශංස -
    ආයු,වණ්න,සැප,බල වැඩිවිම
    උසස් කුලවල උප්පත්තිය ලැබීම
    මාහානුභාව සම්පන්න වීම
    සියල්ලන්ගේම ගරු බුහුමන් ලැබීම

    කොඩි පූජාවෙන් ලැබෙන ආනිශංස -
    උපනුපන් තැන්වල ජනප්‍රිය පුද්ගලයෙකු වීම
    උසස් පුද්ගලයෙකු වීම
    සැමගේ ගරු බුහුමනට ලක්වීම
    සියලු සැප සම්පත් ලැබීම

    සේනාසන පූජාවේ ආනිශංස -
    විෂෙන් ආරක්ෂා වීම
    අවි ආයුධවලින් ආරක්ෂා වීම
    දියෙන් ආරක්ෂා වීම
    කලට වැසි ලැබීම
    දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම
    නො අඩුව සියලු සැප සම්පත් ලැබීම

    සැලකිය යුතුයි - පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුන්
    වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජාකළ මහා දානයන්ගෙන්
    ලැබූ අනුසස් ධර්මය අවබෝධ කළ අප බුදුරජාණන් වහන්සේගේ
    ශාසනයේදී ප්‍රකාශ කල අයුරු මෙහි බොහොමයක දක්වා ඇත.
    අනුසස් දැක්වීම කාණ්ඩ කොට දක්වා ඇත්තේ පින්කම් සිදුකරන
    විට අනුසස් මතකයේ තබා ගැනිම පිණිස මිස අන් විශේෂ කරුණක් මත නොවේ.

    විශේෂ කරුණු - පින්කම් තුළින් ලැබෙන අනුසස් අඩු වැඩි විම දායක-ප්‍රතිග්‍රාහක දෙපක්ෂයේ සිල්වත් බවත්,පූජා වස්තුව උපයා
    ගැනීමේ ධාර්මික බවත්,පූජාව සිදුකරන දායකයා එහි අනුසස් දැක සිත පහදවා ගන්නා ආකාරය අනුව සිදුවන බව විශේෂ කරුණකි.
    හේතු-ඵල ධර්මය දැන ඒ ගැන විශ්වාසය ඇති කරගෙන සිදුකරන
    සියලු පින්කම් මහත්ඵල මහානිශංස වීමට (ත්‍රි හේතුක කුසල් වීමට)
    ප්‍රධාන හේතුව වන බැවින් ඒ අනුව පින්කම් සිදුකිරීමට පුරුදු
    පුහුණු කල යුතුය.​

    ගත්තෙ මෙතනින්... https://www.facebook.com/photo.php?...22046.111582889006799&type=1&relevant_count=1
     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    ඒක තමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ”දෙව්ලොව වේවා, මිනිස් ලොව වේවා යම්කිසි කෙනෙක් සැපයක් විඳිනවා නම්, ඒ සැපයට පසුබිම පිනයි” කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් වටිනව, පින් රැස් කරන ගමන් කුසල් රැස් කිරිමට මාර්ගය පාදාගනිමු.