පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්
පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්
2015.11.25
===========================
තුර්කි – සිරියා දේශ සීමාවේදී, තුර්කිය තම ප්‍රහාරක යානයට පහර දී බිම හෙළීම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තරයේ හෙළා දැක අැති බව විදේස් පුවත් පවසයි.
එම ප්‍රහාරය ත්රස්තවාදයට සහය පළ කරන අය විසින් පිටුපස සිට පිහියෙන් ඇනීමක් ලෙස සලකන බවයි රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නේටෝ සංවිධානය ද රැස්ව ඇති අතර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ, මෙය ත්රස්තවාදීන්ගේ සාපරාධී ක්‍රියාවක් බවයි.
කෙසේ වෙතත් රුසියානු ප්‍රහාරක යානයට තමන් අනතුරු අඟවා තිබියදී ත් එය තම ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තුර්කිය පවසයි.
නමුත් රුසියාව පවසන්නේ, තම යානය කිසිවිටෙකත් තුර්කි ගුවන් සීමාව උල්ලංඝනය නොකළ බව ය.
මේ අතර මෙම සිද්ධිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තුර්කියේ ඉල්ලීම මත නේටෝ සංවිධානය අමතර රැස්වීමක් ද කැඳවා තිබේ.
නේටෝ සංවිධානයේ මහ ලේකම් ජේන්ස් ස්ටෝල්ටන්බර්ග් එහිදී පවසා ඇත්තේ, රුසියානු ප්‍රහාරක යානාය තුර්කි ගුවන් සීමාව හරහා පියාසර කර ඇති බව පෙනී යන බව ය.
කෙසේ වෙතත් මේ ක්‍රියාව සම්බන්ධයෙන් තුර්කියට බරපතළ ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බවට රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.
මේ අතර තම තුර්කි සංචාරය අවලංගු කළ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා අැති අතර රුසියානුවන්ට තුර්කියේ සංචාරය නොකරන ලෙසට ද රුසියානු විදේශ අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..