පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,584
    657
    113
    sri lanka
    පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි

    පුටින්ගේ පුනරාගමනය බටහිර කලඹයි

    මහින්ද පතිරණ
    ජර්මන් භාෂාව පිළිබඳ කථිකාචාර්ය
    සබරගමුව විශ්වවිද්‍යාලය

    puti.jpg
    රුසියාවේ හිටපු ජනාධිපති හා වත්මන් අගමැති ව්ලැඩිමීර් පුටින් තමා නැවත වරක්‌ 2012 මාර්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තර`ග කරන බව පසුගිය දා සිය පක්‌ෂ සම්මේලනයේ දී තහවුරු කළේ ය. එක්‌සත් රුසියා පක්‌ෂයේ සභාපතිවරයා වන පුටින් මෙම ධුරය සඳහා නැවත වරක්‌ ඉල්ලුම් කරන බවට ප්‍රථම වරට මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ 2009 වසර තරම් ඈත කාලයේ දී ය. හිටපු ජනාධිපති බොරිස්‌ යෙල්ට්‌සින්ගේ ධුරකාලයෙන් පසු 2000 වසරේ සිට 2008 වසර දක්‌වා වාර දෙකක්‌ ජනාධිපති ධුරයේ කටයුතු කළ පුටින් 2008 වසරේ දී ව්‍යවස්‌ථාපිත කාරණා හේතුකොටගෙන අදාළ ධුරය තම සමීපතමයෙකු වන දිමිත්‍රි මෙද්වදෙව් හට ලබා දීමට කටයුතු කළේ ය.

    දැවැන්ත සෝවියට්‌ රුසියාව කැබලිවලට කැඩි යැමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී රුසියාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූයේ යෙල්ට්‌සින් ය. බටහිර ලෝකයට ආදරණීයයෙකු වූ ජනාධිපති යෙල්ට්‌සින් වරක්‌ ඇරැයුම් ස්‌වරයෙන් ප්‍රශ්න කළේ "මේ සමාජවාදය අප්‍රිකාවේ කිසියම් රටක අත්හදා නොබලා තම රටේ ම එය කිරීමට කටයුතු කළේ මන්දය. එසේ කිරීම මගින් තම රටට දෛවය විසින් දඬුවම් ලබා දී තිබෙන බව ද ඔහු ලෝකයට ම ඇසෙන්නට කීවේ ය. යෙල්ට්‌සින් ප්‍රකාශයේ අර්ථය වූයේ තම රටට ගැලපෙන දේශපාලන හෝ ආර්ථික ක්‍රමය වන්නේ සමාජවාදය නොව ධනවාදය හෙවත් විවෘත ආර්ථික ක්‍රමය බව ය. මේ අතර, බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීහු යෙල්ට්‌සින්ගේ අදාළ ප්‍රකාශය සෝවියට්‌ කඳවුරේ පරාජයේ අඳෝනාව ලෙස සිය කෘතිවල හා දේශපාලන වාද විවාද වල දී උත්සවශ්‍රීයෙන් උපුටා දැක්‌වූහ.

    මේ අතර, 1992 වසර වන තෙක්‌ ම කේජීබී හෙවත් සුප්‍රකට රුසියානු රහස්‌ ඔත්තු සේවයේ ප්‍රමුඛයකු වූ ව්ලැඩිමීර් පුටින්, තම ප්‍රධානියා වූ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අසා ලැඡ්ජාවට පත්වන්නට ඇත. ඒ අන් කිසිවක්‌ නිසා නොවේ ඇමරිකාවේ සී අයි ඒ සංවිධානය ඇතුළු බටහිර ඔත්තු සේවා විසින් සෝවියට්‌ සංගමය කඩා දැමීමට ගත් සියලු උත්සාහයන් හා එය අවසානයේ සාර්ථක වූ ආකාරය ද කේ ජීබී නියෝජිත ලෙස ඔහු හොඳාකාරව ම දත් නිසා ය. අතිශය සාමාන්‍ය පවුලකින් පැවත එන පුටින් ඔත්තු නිලධාරියෙකු වශයෙන් අවසන් වරට විදේශයක රාජකාරි කළේ සීතල යුද සමය තුළ නැගෙනහිර ජර්මනියේ ඩ්‍රසේඩන්හි ය.

    බටහිර මාධ්‍යවලට ව්ලැඩිමිර් පුටින් පෙර සිටම රුස්‌සන්නේ නැත. එකී මාධ්‍ය විසින් ඔහු ව දකින්නේ ඒකාධිපතියකු ලෙසය. ඊට හේතුවක්‌ තිබේ. රුසියාව යනු පෙර දින මහා බලසම්පන්න රටකි. එම බලය වරක්‌ බටහිර ජාතීන් සැවොම එක්‌ ව සුණු විසුණු කර දැම්මේ ය. එහෙත් සමාජයේ පහළ ම පන්තියෙන් නැගිට රටේ ඉහළ ම පුටුවට ගිය පුටින්ගේ රුසියාව තමා ඉදිරිපස දණ ගැස්‌සවීමට බටහිර ජාතීන්ට හිතූ තරම් පහසු වූයේ නැත. කොටින් ම රුසියාව ගෙඩි පිටින් zලිබරල්z කිරීමට ජනාධිපතිවරයා එක`ග වූයේ නැත. කෙසේ වෙතත්, පුටින්ගේ අනුප්‍රාප්තික මෙද්වදෙව් විසින් මෙම අතපසු වූ කාර්ය කරතියි බටහිර රටවල් නෙත් අයාන සිටියේ ය. එහෙත් මෙවර ද අපේක්‌ෂා සිඳ ගත්තේ බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීහු ම ය. මේ අනුව, වරක්‌ රුසියාවේ ඇමරිකානු තානාපතිවරයා තම ප්‍රධානියා වෙත මෙසේ ලියන්නේ ය. "මෙද්වදෙව් අලුත් කාරයක රියදුරු අසුනේ වාඩි වී සිටින්නේ ය. ඔහු කාරය ඇතුලත පිරික්‌සන්නේ ය. යතුරු පුවරුව හා පැඩල එහි විය. ඔහු වට පිට බලන්නේ සුක්‌කානම නැති නිසා ය. ඔහු පුටින් වෙත හැරී මෙසේ අසන්නේ ය. ව්ලැඩිමීර්, ව්ලැඩිමීර් කෝ සුක්‌කානම. මේ අතර, තම සාක්‌කුවෙන් දුරස්‌ත පාලකය අතට ගන්නා පුටින් පවසන්නේ වාහනය පදවන්නේ තමා බව ය.

    මෙවන් කතා ගොතමින් සිටි බටහිර බලවත්තු වරක්‌ හෝ දෙවරක්‌ නොව කීප වරක්‌ ම පුටින් හා මෙද්වදෙව් අතර විරසකයක්‌ ඇති කිරීමට උත්සාහ ගත්හ. ඇමරිකාව සමග වන සම්බන්ධයේ දී පුටින්ගේ "සීතල යුද ප්‍රවේශ ක්‍රමය" සිහිපත් කරමින් 2009 ජූලි මාසයේ දී බරක්‌ ඔබාමා ම ප්‍රකාශ කළේ පුටින්ගේ එක්‌ පයක්‌ අතීතයේ තිබෙන අතර අනෙක පමණක්‌ නව ක්‍රමය තුළ ඇති බව ය. මෙයින් ද පැහැදිළි වන්නේ රුසියාව, ඇමරිකාවට අවශ්‍ය පරිදි තම විදේශ ප්‍රතිපත්ති පූර්ණ වශයෙන් ම උඩියටිකුරු කරගත යුතු බව ය. එසේ රුසියාවේ දේශපාලන දෘෂ්ටිවාදය ලිබරල් විය යුතු බව ය. ඒ කෙසේ වෙතත්, ඇමරිකාව වත්මන වන විට රුසියාවට ඩොලර් බිලියන 125 කට වඩා වැඩි ප්‍රමාණයක්‌ ණය වී ඇත.

    සුන් වූ අපේක්‌ෂා සහිත බටහිර රටවල් හා එවාහි මාධ්‍ය පුටින්ගේ පුනරාගමනය සලකන්නේ තම රටවලට යළිත් වරක්‌ දුෂ්කර කාලයක්‌ උදාකරන බව ය. සෑම ගාඩියන් වාර්තාවක්‌ ම පාහේ පුටින්ගේ නැවත පැමිණීම ලෝකයට මෙන් ම රුසියාවට ද අතිශය අඳුරු කාලයක්‌ උදාකරන බවට වන පුවත් පළ කළ අතර ඔහුගේ ධුරකාලය තුළ රුසියානු ජනතාව අත්කරගත් ජයග්‍රහණ කිසිවක්‌ නොලියා සිටීමට තරම් කුහක ද වූවේ ය. පුටින්ගේ නායකත්වය අභියෝගයට ලක්‌ කිරීමට තරම් කරුණක්‌ සොයා ගැනීමට අපොහොසත් වූ ප්‍රකට ගාඩියන් පුවත්පත, රුසියාවේ වත්මන් මුදල් අමාත්‍ය අලෙක්‌සෙයි කුඩි්‍රන්රිගේ ප්‍රකාශයක්‌ උපුටා දක්‌වමින් වාර්තා කළේ, පුටින් නැවත වරක්‌ ජනපති වූ පසු අගමැති ධුරයට පත්වන මෙද්වදෙව් යටතේ සේවය කිරීමට තමා අකමැති බව කුඩි්‍රන්රින් ප්‍රකාශ කළ බව ය. කුඩි්‍රන්රින් යනු රුසියානු ආණ්‌ඩුව තුළ සිටින ලිබරල් ඇමතිවරයකු වන අතර ඔහු අදාළ ප්‍රකාශය තුළ ම පුටින්ට එරෙහි ව කිසිදු විරෝධතාවක්‌ ඉදිරිපත් නොකර සිටිය දී, එකී ප්‍රකාශය පදනම් කරගනිමින් "පුටින්ගේ ජනාධිපති අභිලාෂය අසහනකාරිත්වය ඇතිකරයි" යනුවෙන් ඉහත පුවත්පත විසින් වාර්තාවක්‌ ලිවීම බටහිර පුටින්-භීතිය මනාව හෙළි කරයි. ඉහත ප්‍රකාශය පදනම් කරගෙන මෙද්වදෙව් ජනාධිපතිවරයා මුදල් අමාත්‍ය කුඩි්‍රන් පසුගිය දා තම ධුරයෙන් පහකරන්නේ ය.

    පුටින් යනු රුසියාව තුළ ජාතිය ගලවා ගන්නකු ලෙස සැලකෙන චරිතයක්‌ වන අතර ඔහුට එරෙහි ව එරට තුළ කිසිදු දේශපාලන තර්ජනයක්‌ පෙනෙන තෙක්‌ මානයක නැත. මේ අනුව, 2012 වසරේ සිට නැවත වරක්‌ රුසියාව බාර ගනු ඇත්තේ ව්ලැඩිමිර් පුටින් වන අතර නව ව්‍යවස්‌ථා සංශෝධනයන්ට අනුව අදාළ ධුරය තුළ ඔහුට වසර 2024 දක්‌වා රැඳී සිටිය හැකි ය.

     
    • Like
    Reactions: azarox and erozan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අධිරාජ්‍යවාදී බඩගිනි යක්‍ෂයා හෙළුවෙන් ප&

    ඇමරිකාවේ ලෝක වෙළඳ ගොඩනැගිල්ලට පහරදුන් 9/11 සිද්ධියෙන් දින 10 කට පසු ජනරාල් වෙස්ලි ක්ලාක් පෙන්ටගනයෙදී මුනගැසුනු නිලධාරියෙකු සමග හුවමාරුවු ආරක්‍ෂක ලේකම්වරයාගේ රහසිගත ලේඛනයකට අනුව ඔහු විසින් හෙළිදරවු කරන ආකරයට ඉරාකයට පහර දීමට ඒ වෙනකොටත් ඇමරිකාව සැලසුම් කොට තිබුණි. මෙම යුධ නිලධාරියාම ඇෆ්ගනිස්තානු ආක‍්‍රමණයෙන් පසු ක්ලාක් සමග හුවමාරු කරගත් යුධ රහස් ලිපිගොනු වලට අනුව ඇමරිකානු රාජ්‍ය ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පහරදී විනාශ කිරීමට රටවල් 07 ක් නම්කර තිබිණ. ඉරාකය, සිරියාව, සුඩානය, සෝමාලියාව, ඉරානය ලෙබනනය හා ලිබියාව මෙම රටවල් 7 ට අයත් රටවල් විය. 2007 දී ක්ලාක් විසින් කැලිෆෝනියාවේ (Common Wealth Club) හිදී කරන ලද කථාවේදී මෙය නැවත ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාෂ කලේය.

    2008 දී ක්ලාක් විසින් නමිකල හත්වන රටද අදවන විට ආක‍්‍රමණයකර විනාශකර, අවසානයේ ඉරාකය ආක‍්‍රමණය කර එය දුෂණය කර වසර 200 කට වඩා සංවර්ධනයේ ආපස්සට යවා අවසානයි. එක්සත් ජනපද හමුදා 2003 සිට ඉරාකයේ නැවතී සිටී.

    2006 දී ඊශ‍්‍රායලය මගින් ‘‘ලෙබනන්’’ හිස්බුල්ලා ගරිල්ලන් මර්ධනය මුවාවෙන් ආක‍්‍රමණය සිදුවිය. එහෙත් එය ව්‍යාර්ථ වු බැවින් ඊශ‍්‍රායලයෙන් ඔවුන්ගේ හමුදා ඉවත්කරගැනීමට සිදුවිය. ‘‘සෝමාලියවේ’’ ඉතියෝපියානු කුලි හමුදාව විසින් 2007 දී බලය ඇල්ලීම ඇමරිකානු ගුවන් හමුදාවේ ආධාර මත සිදුවුනි. නමුත් අවසානයේ එය පරාජයට පත්විය.

    මේවන විට අළුයට ගිණිමෙන් නිෂ්ශබ්ද යුද්ධයක් ‘‘ඉරානයට’’ එරෙහිව ගෙනයන බව කවුරුත් දන්නා සත්‍යකි. ඉරානය දුර්වල කිරීමට හමුදා මෙහෙයුම් දියත් කිරීම මෙන්ම ත‍්‍රස්තවාදින්ට ආයුධ දීමෙන්ද, පුද්ගල ඝාතනයෙන් පටන්ගත් වර්ණ විප්ලවය මේ මොහොතේදී අසාර්ථක වි ඇත. ‘‘සුඩානය’’ ෙමි වන විට ගූගෝලීයව දෙකට බෙදා ඔවුනොවුන් මරාගන්නා ඇමරිකාව මතම යැපෙන ජාතියක් බවට පත්කරගෙන ඇත. ඇමරිකානු ආධාර ලබන සිරියානු රාජ්‍ය විරෝධීන් මගින් ‘‘සිරියාව’’ ජාත්‍යන්තර වශයෙන් අස්ථිර රාජ්‍යක් බවට පත්කරගනිමින් සිටී.

    අනවරතව අහසින් බෝම්බ දමමින් ඇමරිකාව, එක්සත් රාජධානිය, ප‍්‍රංශය ඇතුළු නේටෝව ‘‘ලිබියාවේ’’ සියළු සම්පත් විනාශ කරමින් සිටින අතර ඇමරිකානු සි. අයි. ඒ. හා එක්සත් ජනපදයේ එම්. 16 හා ඔවුන් විසින් මෙහෙයවන බහුතර ආනායනික කුලී හමුදාවන් විසින් දිලිසෙන ආයුධ වලින් සන්නද්ධවී ලිබියාව ආක‍්‍රමණය කිරීමේ අවසානයට පැමිණ ඇත.

    ඇමරිකානු මෙහෙයුම් මත ක‍්‍රියාකරන නේටෝව ලිබියා ආක‍්‍රමණය කිරීම පියවරයන් තුනකට බෙදා සැලසුම් කර ඇත. මෙහි අවසාන කොටස අදවන විට රඟ දක්වමින් සිටී.

    1. මාධ්‍ය භාවිතයෙන් ලිබියාවට එරෙහිව මතයක් ගොඩනැගීම.

    2. එම මතයට පක්‍ෂපාතී හා නේටෝවට අවනත සන්නද්ධ කණ්ඩායම් ගොඩනැගීම.

    3. රටතුල සන්නද්ධ කණ්ඩායම් එකිනෙකා අතර සටන් තුලින් සියළු සම්පත් විනාශ වීමට ඉඩ හැරීම. (මෙය ඇෆ්ගනිස්තානයේ හා සෝමාලියවේද ඒ ආකාරයට අදටත් සිදුවේ.)

    එක්සත් ජනපදය 1980 ගණන්වල සිට මුජහදීන් ගරිල්ලන්ට උදව් උපකාර කලේය. එහෙත් ඔවුන් රජයක් පිහිටුවු කල ඇමරිකාව ඔවුන්ට පස්ස හැරෙව්වා පමණක් නොව ඇෆ්ගනිස්තානු තානාපති කාර්යාලයද ද වසා දැමුවේය. මුජහදීන් ආණ්ඩුවට වසරක් යන්නට පෙර වෙනත් කණ්ඩායම් වලට ආයුධ ලබාදී ඔවුන් අතර සිවිල් යුද්ධයක් ඉතා සැලසුම්ගතව දියත්කලේය. එකිනෙකා අතර වෛරය පමණක් මුල්කර ගනිමින් වෙනත් කිසිම බලාපොරොත්තුවකින් තොරව කණ්ඩායම් එකිනෙකා හප්පා ඔවුන් තුලින් ඇෆ්ගනිස්ථානයේ විදුලිය, රාජ්‍ය ගොඩනැගිලි, පාලම් බෝක්කු ආදිය විනාශ කරමින් ඇෆ්ගනිස්ථානය අන්ත අසරණ තත්වයට පත් කලේය. මිනිසුන් දහස් ගණනකගේ ජීවිත නැතිවිය. සාමය වෙනුවට මරණ භය හා විනාශය බැලූ බැලූ අත දිස්විම සාමාන්‍ය දෙයක් විය. අවසානයේ අදටත් මෙම .මුජහදීන් නායකයින් 2000 කට වැඩිය තම කුලි හමුදා රාජකාරිය අවසන් වු පසු අදටත් යුරෝපයේ එලිපිටම ජීවත් වේ. මොවුන් විසින් කරන ලද පුද්ගල ඝාතන හා ත‍්‍රස්ත ක‍්‍රියා පිළිබඳව මානව හිමිකම් කඩකිරීමේ චෝදනා කිසිවක් නැත. ඇමරිකාව හෝ එක්සත් රාජධානිය කථා නැත.

    SOURCE
     
    • Like
    Reactions: azarox and erozan

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගඩාෆි අවසානය තෙක් සටන් කරවි. එහෙත් අද දවසේ මේ මහා ආක‍්‍රමණයත් සමග ගඩාෆිගේ යුගය අවසන් වේවි. ඇමරිකානු හුරතලූන් වු ලිබියානු කැරලිකාරයන් බලයට පැමිනියද කාබුල් වල මෙන් මාස ගණනකින් ඔවුනොවුන් අතර මරාගැනීම් තොරක් නොවනු ඇත. සමස්ථ ස්වයං රක්‍ෂිත ලිබියාව තවත් සෝමාලියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් වනු ඇත. මෙම කැරලිකරුවන් එකිනෙකා ඇන කොටාගැනිමත් සමග නේටෝ හමුදා සාම සාධක හමුදා වශයෙන් ලිබියාව ගොඩගැනීමේ අරමුණින් යයි කියමින් විශේෂ කාර්්‍ය සාධක හමුදාවක් වශයෙන් ලිබියාවට ගොඩබසිනු ඇත. (එදාට මෙම කැරලිකරුවන්ට හා සමස්ථ ලිබියානු ජනතාවට ගඩාෆිගේ ඒකාධිපතිත්වය ලක්‍ෂවාරයක් මෙයට වඩා හොඳයයි සිතෙනු ඇත*. ඒ වෙන කොට මේ තාක් සී. අයි. ඒ. සංවිධානය විසින් පුහුණු කරමිනි සිටින ලිබියානු නව පාලක පංතිය නොහොත් ඇමරිකානු බහුජාතික සමාගම්වල ඒජන්තයන් වන, නමින් පමණක් ලිබියානුවන් වු පාලන ගැඩවිල් පණුවන්ගේ ආනුභාවෙන් සමස්ථ ලිබියානු තෙල් සම්පත ඔවුන්ගේ ග‍්‍රහණයට සදාකල් නතු වනු ඇත.

    ඇමරිකානු ආරථිකය කඩා වැටෙමින් පවතී. ඒ වෙනුවට චීනය, ඉන්දියාව හා බ‍්‍රසීලයේත් වැටුනු රුසියාවත් නැගිටමින් සිටී. එහෙත් ඇමරිකානු යුධ ආධිපත්‍ය හා තාක්‍ෂණ ආධිපත්‍ය තවමත් නොසැලී පවතී. සෝවියට් දේශය කැඞී බිඳී ගොස් ඉතිරි වු රටවල සෝවියට් හිතවාදී පාලන තන්ත‍්‍ර ඇමරිකානු ආධාර මත හා මග පෙන්වීම මත එහි අභ්‍යන්තර අරගල තුලින් බිඳ දැමුවේය. අවම වශයෙන් එම කර්තව්‍ය සඳහා වසර 10 ක් වත් අවශ්‍ය බව ඇමරිකාව ගණන් බලා තිබුණි. 1991 දී ඇමරිකානු සී. අයි. ඒ. ව්‍යාපාරය එයට සෘජුවම නායකත්වය දුන් අතර කලාපීය වශයෙන් ඇමරිකාව පත්කල ඇමරිකානු රාජ්‍ය උප ලේකම්වරු මෙහි රාජතාන්ත‍්‍රික නොවන කුමන්ත‍්‍රණයේ කොටසට නායකත්වය දුන්නේය. ලෝක ඛණිජ තෙල් පරිභෝජනයෙන් 1/4 ක් භුක්ති විදින ඇමරිකානුවන්ට මැදපෙරදික තෙල් හා පැරණි සෝවියට් කලාපයට අයත් රටවල තෙල් සම්පත තමන් සතු කරගැනීම සඳහා සෘජු හා වක‍්‍ර යුදධයක් අනවරතව සිද්ධ කරමින් පවතී.

    ‘‘තමා දුර්වල නම් අනෙකා ඊටත් වඩ දුර්වලව තැබිය යුතුය’’. ‘‘තමා දුප්පත් නම් අනෙකා ඊටත් වඩා දුප්පත් විය යුතුය’’ යන ඇමරිකානු දේශපාලන දර්ශනය අද වනි විට ලෝක දේශපාලනය තුලින් සිදුවන ක‍්‍රියාවලිය තුලින් මෙය ඕනාවටත් වඩා ඔප්පුකර පෙන්වයි.

    ප‍්‍රථමයෙන් අසූව දශකයේ මැද සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු, ප‍්‍රදේශයේ රටවල් වු බෝල්කන් රාජ්‍යය ඇමරිකානු රූකඩ රාජ්‍යන් බවට පත්කර ගත්තේය. කැස්පියානු මුහුදේ හා අවට රාජ්‍යයන්ගේ තෙල් සම්පත් තමන් සතුකරගැනීම සඳහා කැස්පියන් මුහුදේ සිට මධ්‍යධරණී මුහුද දක්වා තිබු තෙල් හා ගෑස් නල පද්ධති අත්පත් කරගැනිමේ ඇමරිකානු ව්‍යාපෘතිය වසර 15 කට පසු පුටින්ගේ දුරදර්ශී මැදිහත් වීම මගින් නැවතත් මෙම තෙල් හා ගෑස්වල අධිකාරිය රුසියාව සතුවීමත් සමග ඇමරිකාව ඒ වනවිට දෙවන තැනට ඇද දමා තිබු 1991 දි සැලසුම් කල ‘‘ඩෙසර්ට් ස්ට්‍රෝම් ^Desert Storm&’’ නැමති ඉරාකය ආක‍්‍රමණය, 2003 වන විට පටන් ගෙන ඉරාකය ආක‍්‍රමණය කලේය. ඉරාකය ආක‍්‍රමණයේදී රුසියාවට කිසිවක් කල නොහැකි බවත් ඉදිරියේදී ඕනෑම රටක් යුදමය වශයෙන් අල්ලා ගැනීමේදී රුසියාවට බලා හිදීමට පමණක් කල හැකිබවත් එවකට රාජ්‍ය ආරක්‍ෂක උප ලේකම් පෝල් වුල්ෆ්විත් විසින් ප‍්‍රකාෂ කරන ලදී. තවදුරටත් 2007 දී වුල්ෆ්විත් ප‍්‍රකාශ කරන ලද කරණුවලට අනුව ඇමරිකාවට එරෙහිව නැගී එන සුපිරි බලවතුන් ශක්තිමත් වීමට ප‍්‍රථම ලෝකයේ සිටින පැරණි සෝවියට් දේශයට ලැදි සියල්ල වෙනස් කල යුතුය. (Changing of USSR Client Regime)

    2003 දී 9/11 සිද්ධිය වීමත් සමග නව ඇමරිකානු ශතක ව්‍යාපෘතියේ PNAC (Project for New American Century) ඉහළ බලධාරීන් වන Dick Chenny, Donald Ramspeld හා Paul Woulfwith සහ අනෙක් සාමාජිකයන් විසින් මැදපෙරදිග රටවල් පෙරලා දැමීමට හා අස්ථායි කිරීම ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තිය යසව්ජන කර තවදුරටත් ඒ තුලින් ක‍්‍රියාවට නැංවීමට යෝජනාකල වැඩසටහන අදවන විට මැදපෙරදිග කලාපයේ සිදුවෙමින් පවතින බව තේරුම් ගැනීම අසීරු කරුණක් නොවන්නේය.

    නව මුහුනුවරකින් නව රාමුවකින් එකපිට එක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා මානව අයිතිවාසිකම් නාමයෙන් කරගෙන යන ආක‍්‍රමණය සෘජු යුද්ධයකට වඩා භයංකාරලෙස සාර්ථක වී ඇත.

    අද මැදපෙරදිග හා උතුරු අප‍්‍රිකානු කලාපයේ සිදුවන දෙය ඇමරිකානු වුල්ෆ්විත් ගේ වැඩසටහනට අනුව එය සිදුවිය යුතුව තිබුනේ දැනට අවුරුදු 20 කට පෙරය. ලිබියානු ආක‍්‍රමණයේ ස්වභාවය හා එහි තිබුණු සැලසුම්ගත බව හා හදිස්සිය දෙස බලන විට මෙම ගෝළියකරණ වාදීන්ගේ යුධ සැලැස්ම මෙතෙක් කල් ක‍්‍රියාවට නැංවීමට නොහැකි වීම පිළිබඳ කලකිරීම හා එන්න එන්නම ඔවුන් ආරථිකව දුර්වල වීම පිළිබඳව අති බිය පහකිරීම සඳහා ගත් ඉලක්ක මාර්ගයක් බව පෙනී යයි. ‘‘වෙස්ලි ක්ලාක්’’ ගේ අනාවැකි වලට අනුව 2001 දී මෙම අද දවසේ සිදුවන මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකානු පාලනයන් පෙරලීම වර්ශ 5 කින් අවසන් කල හැකි බවයි. ‘‘වුල්ෆ්විත්’’ ට අනුව මෙ 1991 දී පටන් ගත්තේ නම් අවුරුදු 5 ත් 10 ත් අතර කාලයකදි සම්පුර්ණ කරගත හැකි බවයි.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදීම ඇමරිකානු එෆ්. බී. අයි. හී වැඩක්.

    මුළු ලෙවම කම්පා කල අපි කවුරුත් නොදන්නා විශ්වාසකල නොහැකි තරමට ම්ලේච්ඡ වු එහෙත් තම රටේ ප‍්‍රධාන ස්ථානයක් තමන් විසින්ම විනාශ කර ගැනීම විශ්වාස කල හැකිද? අපිට බැරි වුවද ඒ මිලේච්ඡු සී. අයි ඒ. / එෆ්. බී. අයි. ඇමරිකානුවන්ට එය ලොකු ප‍්‍රශ්නයක් නොවුහ.

    1993 දී ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට පහරදී එය මැද පෙරදිග ඔසාමා බින්ලාඩන් ප‍්‍රමුඛ අල්කයිඩා ත‍්‍රස්ථයන් මත පැටවීමට කටයතු කලේය. එය අසාර්ථක විය. මෙම පහරදීම මුල්කොටගෙන මැදපෙරදිග ආක‍්‍රමණය සාධාරනිකරනය කිරීම වුල්ෆ්විත් ගේ සැලැස්ම විය. මෙම හෙලිදරව්ව එෆ්. බී. අයි. හී ඔත්තු සේවකයෙකු වු ඊජිප්තියානුවකු පටිගත කරන ලද හඩ පටයකින් මෙය ඔප්පු වී ඇත. ඒ අනුව බෝම්බ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය හා පුපුරණ ද‍්‍රව්‍යද, අන්තවාදී කණ්ඩායම්වලට දුන් බවට සාක්‍ෂි ඇත. අවසානයේ මෙම මෙහෙයුම සාර්ථක නොවුහ.

    වුල්ෆ්විත්ගේ සැලසුම් වලට අනුව 1993 දී ඔහුගේ සැලසුම් ක‍්‍රියාත්මක වීමට ඉඩතිබුනි. 1993 දී සාර්ථක කරගැනීමට නොහැකි වු සැලැස්ම 2001 සැප්තැම්බරයේදී මෙම PNAC කේඩරය විසින් සැලසුම් කලබවට ප‍්‍රබල සාක්‍ෂි ඉදිරිපත් කරවීය. (9$11 was an inside attack) යනුවෙන් ඇමරිකානු ජනතාව අදවන විට මෙයට විරුද්ධව විශාල ව්‍යාපාරයක් රැගෙන යයි. එතැන්පටන් යුධ උන්මාදයෙන් පෙලෙන PNAC කරුවන්ගේ මෙම කල්පවතින ක‍්‍රමයෙන් ව්‍යාප්තකරණ මහා ආක‍්‍රමණය ඉරාකයෙන් පටන්ගෙන ලිබියාව දක්වා ව්‍යාප්ත කරමින් සිටී.

    මෙම මහා විනාශය, ජීවිත හානිය හා භීතිය සමග ජන ජීවිතය අදාල වීම තුල ඇමරිකානු ජනාධිපති බුෂ් විසින් සමස්ථ මුස්ලිම් ලෝකයාටම හා බින් ලාඩන් ප‍්‍රමුඛ තමන් විසින් හදා වඩා කිරිපොවා ඇතිදැඩි කල ත‍්‍රස්තයන්ට විරුද්ධව යුද්ධය ප‍්‍රකාශ කිරීම සඳහා සැප්තැම්බර් 11 සිද්ධිය දඩමීමා කර ගත්තේය.

    මෙම PNAC කේඩරයන්ට අනුව සැප්තැම්බර් 11 සිද්ධිය යනු නව ලෝක යුද්ධයක ආරම්භය සඳහා මෙය ‘‘නව පර්ල් වරාය’’ නමින් නම් කරන ලදී. (ජපනා දෙවන ලෝක සංග‍්‍රාමයේදී පර්ල් වරායට බෝම්බ දැමීම කරන කොට ගෙන ජපානයට බෝම්බ දැමීම එදා ඇමරිකාව එම නෂ්ටික ප‍්‍රහාරය සාධාරනීකරණය කලේය). Project for New American Century (PNAC) කේඩරය විසින් 1980 දී ඇෆ්ගනිස්තානයේ රුදී සිටි සෝවියට් හමුදාව පලවා හැරීම සදහා අල්කයිඩා ව්‍යාපාරය ආරම්භ කරන ලදී. අද වන විට අල්කයිඩා යනු සෘජු ඇමරිකානු මෙහෙය වීම මත මුළු ලෝකයේම රටවල් අස්ථාවර කිරීමට යොදාගන්නා අත්තර්ජාතික කුලී ත‍්‍රස්ත හමුදාවක් වේ.

    ඊයේ දවසේ ඇමරිකානු හා ඉන්දියානු අවශ්‍යතාවය මත ශ‍්‍රී ලංකාවතුල ක‍්‍රියාකල එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් ශ‍්‍රී ලංකාව තුල යුධමය පරාජය කලද, කැනඩාව, ඇමරිකාව, එන්ගලන්තය ඇතුළු යුරෝපයේත් ඉන්දියාවේත් සිටින එල්. ටී. ටී. ඊ, ත‍්‍රස්තයන්ද හෙට දවසේ මුජහදීන් කැරලිකරුවන් වෙත මෙන් අන්තරජාතික කුලී ත‍්‍රස්ත හේවායන් වීම නොඅනුමානය. ඉන්දියාවේ මහඅධිකරණ භූමිය තුල සැප්තැම්බර් 7 වන දින 10 දෙනෙකුට මරු කැඳවමින් පුපුරවන ලද බෝම්බය සැප්තැම්බර් 09 වනදා රජිව් ගාන්ධි ඝාතකයන් එල්ලා මැරීමට ඉන්දීය අධිකරණය ගත් නියෝගයට එල්. ටී. ටී. ඊ. අභියෝගයක්ද? බටහිර මෙහෙයුම් මත ක‍්‍රියාකරණ මුජාහදින් ගරිල්ලන් හට තරඟයක් දෙන බවට ක‍්‍රියාකරන අන්තර් ජාතික එල්. ටී. ටී. ඊ. කුලී හමුදාවේ ප‍්‍රථම ජාත්‍යන්තර ප‍්‍රහාරයද?

    අවුරුදු 20 කට පෙර සැලසුම් කල යුධ ව්‍යාපෘතිය තුල වුල්ෆ්විත්ලාගේ සැලසුමේම ශ‍්‍රී ලංකාව තිබෙන්නට හැකි නොවන්නේද? නැතහොත් එය අප පමණක් කථාකල ලෝකය කථා නොකල කථාවක්ද?

    සදාම් හුසේන් යනු ඉරානයට විරුද්ධව ඇමරිකාව විසින් ගොඩනැගු චරිතයකි. පසුව ඔහු ඇමරිකාවට විරුද්ධව ගියද ඉරාකය තුල ඇමරිකානු භූමිකාවක් තිබුනි. අවසානයේ සදාම් හුසේන්ගේ අවසානයට මෙම සදාම්ගේ ඇමරිකානු පටන්ගැන්මද බලපෑවේය.

    ගඩාෆිගේ පාලන බලය පෙරලීමට ඔහු ඝාතනය කිරීමට 1970 සිටම ඇමරිකාව උත්සාහ කලේය. එය සාධාරණීකරනය සඳහා ලොකර්බි ප‍්‍රහාරය හැමවිටම ඉදිරියට දැම්මේය.

    සදාම් හුසේන් ඉරාක තෙල් ගණුදෙණුව සඳහා ඩොලර් වෙනුවට යුරෝ යොදාගැනීමට උත්සාහ කිරීමත් සදාම්ට පහරදීම ත‍්‍රීවු කිරීමට කරුණක් බවට පත්විය. ගඩාෆිද ලිබියානු තෙල් ගනුදෙණුවේදී ඩොලර් වෙනුවට රත‍්‍රන් උපයෝගි කරගැනීමට යෝජනා කිරීමම ගඩාෆිගේ අවසානය දක්වා හදිස්සියේ තල්ලූකිරීමට ඇමරීකාව යුහුසුළු විය.

    මෙසේ ලෝකය ඇමරිකානු ඩොලරය ගණන් නොගනිමින් තව තවත් රටවල් ඩොලරයට එරෙහිව එක් වුයේ නම් අද දවසේ ඩොලරය සමහර විට ශ‍්‍රී ලංකා රුපියලට සමාන විමටද ඉඩ තිබුණි. එසේ නම් මැදපෙරදිග යුද්ධය සඳහා වියදම් කල ඩොලර් ටි‍්‍රලියන 3.5 ඇමරිකානු ආරක්‍ෂක ප‍්‍රතිපත්තියට අනුව සාධාරන යයි සී. අයි. ඒ., එෆ්. බී. අයි., පි. එන්. ඒ. සී. කේඩරයන් ඔබාමාට උපදෙස් නොදී සිටී යයි අපට සිතිය හැකිද?







     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇමරිකානු බලය යනු බල ශක්තියේ බලයයි.

    1991 දී සැලසුම්කරන ලද PNAC ව්‍යාපෘතිය පසු බැස්සේ සීතල යුද්ධයෙන් පසු ආක‍්‍රමණයකට අවශ්‍ය තරම් නිමිත්තක් මැදපෙරදිගින් සොයාගැනීමට නොහැකි වීම බැවිනි. නමුත් ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව ඇමරිකාවට තර්ජනයක් ඇති රටක් හෝ ව්‍යාපාරයක් මර්ධනය කිරීම ඔවුන්ගේ ව්‍යවස්ථාව විසින් සාදාරණය කර ඇත. ව්‍යවස්ථාවේ ඇති මෙම කුඩා ඉඩ ප‍්‍රයෝජනයට ගනිමින් ඇමරිකානු ජනතාවද පීඩනයට ලක්කොට තම අභිමථාර්ත ක‍්‍රියාවට නැංවීමටත්, ලෝකයේ කිසිදු මිනිසෙකුට විශ්වාස කල නොහැකි දේවල් මෙම මිලේච්ඡු PNAC කේඩරයන් විසින් සැලසුම් කොට ක‍්‍රියාවට නැංවුහ.

    9/11 සිද්ධිය යනු 1933 දී හිට්ලර් රුසියාවේ රයිස්ටෑගය ගිණි තැබීමත් දෙවන ලොක යුද්ධයට පිවිසීමට පර්ල් වරායට බෝම්බ දැමීමත් ඉතා දක්‍ස ලෙස සම්බන්ධ කර ඇමරිකනු අධිරාජ්‍යවාදය ලෝකය තුල පැතිරීම සඳහා භාවිතාකල අයුරේම ඇමරිකානු නව යුධ නායකයන්ගේ නව අධිරජ්‍යවාදී යුද්ධය සාධාරණීකරණය කිරීමට කල මිලේච්ඡු ප‍්‍රහාරයකි.

    බල ශක්තිය ක්ෂිණ වන්නේ නම් කෙසේ හෝ බල ශක්තිය බලෙන් හෝ ලබාගැනීම ඇමරිකානු පිලිවෙතයි.

    ශ‍්‍රී ලංකාවේ තෙල් හම්බවෙනවා යනු ඇමරිකානු බලය යොදා තව තවත් අප ඇමරිකානු ග‍්‍රහණයට ගැනීමයි. මුළු ලෝකයේ්ම සීතල යුදුධයෙන් පසු සිද්ධවුයේ එයයි. අදවන විට මැදපෙරදිග හා උතුරු අප‍්‍රිකාවේ සිදුවන්නේද එයයි. සියල්ල සැලසුමේ කොටසකි. තේරුම් ගැනීමට අපි ප‍්‍රමාද නම් අනිවාර්්‍යයෙන්ම උගුලේ පැටලේ. එම නිසා තේරුම් ගන්න…. ක‍්‍රියාත්මක වන්න…. උගුලෙන් ගැලවෙන්න නිරන්තර සටන් කරන්න. මතක තබා ගන්න. ඔවුන්ට අපව ඕනෑ වී ඇත. අපට ඔවුන්ව අවශ්‍ය නැත. එම නිසා හරියට ක‍්‍රියා කලොහොත් අපට ගැලවීමක් ඇත.

    වෛද්‍ය සුමිත් වන්නිආරච්චි

    සභාපති, ශ‍්‍රී ලංකා හරිත පක්‍ෂය
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    welcome-putin.gif

    ව්ලැඩිමීර් පුටින් දැන් රුසියාවේ ජනාධිපති නොව අගමැතිය. ඒ රුසියානු ව්‍යවස්ථාව අනුව දෙවරකට වඩා ජනාධිපති ධූරය දැරීමට නොහැකි නිසාය. එසේ වුවත් රුසියානු ජනතාව ස්වකීය නායකයා වශයෙන් සලකන්නේ රුසියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව රුසියාවේ ජනාධිපතිට වඩා පහල නිලයක් වන අගමැති තනතුර හොබවන ව්ලැඩිමීර් පුටින්වය. ඒ රුසියානු ජනතාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු නොකරන නිසා නොවේ. ඊට වඩා පුටින්ට ගරු කරන නිසාය. ලෝකයේ බොහෝ ජනාධිපතිවරු හා අගමැතිවරු සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා කාලයේ සිට දේශපාලනය කිරීමට පෙරුම් පිරූවෝ වෙති. ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් ඇමති කෙනෙක් වීම ගැන සිහින දුටුවෝ වෙති. ඇතැම් විට කුඩා කල සිටම ඒ මාර්ගයට යොමු කරනු ලැබූ දේශපාලනඥයන්ගේ ම දරුවෝ වෙති. එහෙත් රුසියාවේ ජනාධිපතිවීම පුටින්ගේ තුන් හිතකවත් තිබූ දෙයක් නොවේ. ඔහු ජනාධිපති තනතුර කරා ආවේ අහම්බෙනි. ඔහු මෙතරම් ම සාර්ථක ජනාධිපතිවරයෙකු වූයේ ද සමහරවිට ඒ නිසා විය හැකිය. පුටින් සාර්ථක ජනාධිපතිවරයෙකි යැයි අප කියන්නේ ඇයි? ගොර්බචොව් විසින් නන්නත්තාර කරන ලද රුසියාව පුනරුත්ථාපනය කොට නැවත ලෝකයේ බලවතෙකු බවට පත්කරනු ලැබුවේ පුටින් වීම නිසාය.

    1952 ඔක්තෝබර් 7 වන දින ව්ලැඩිමීර් පුටින් රුසියාවේ ලෙනින්ග‍්‍රෑඞ් නගරයේ දී උපත ලැබුවේය. ඇත්ත කතාව නම් රුසියාවේ සාර් යුගයේදී සමාජවාදයට තිබූ මර්දනයට වැඩි මර්දනයක් සමාජවාදී යුගයේ දී ආගම සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වූ බවය. සමාජවාදී සෝවියට් දේශය තුළ ආගම ඇදහීම නීතිවිරෝධී කි‍්‍රයාවක් විය. එහෙත් මතුපිටින් ආගම ඇදහීම තහනම් කළ හැකි වුවත් ආගම දහම කෙරෙහි හදවතේ පවතින බැඳීම තහනම් කළ නොහැක. මෙහිදී රුසියාවට හොඳ ජනාධිපතිවරයෙකු ලැබීමට හේතු වූ තවත් කරුණක් අවබෝධ කරගැනීමට හැකිය. එනම් පුටින් ආගමට දහමට ලැදි නායකයෙකු වීමය. ලෝකය කොතරම් දියුණු වුව ද යම් මිනිසෙකු හොඳ මිනිසෙකු ද නරක මිනිසෙකු ද යන්න තීරණය කිරීම සඳහා තවමත් පවතින හොඳම හා සමහරවිට එකම ක‍්‍රමය ස්වකීය ජාතිය ආගම පවුල නෑයන් හා අසල්වාසින් කෙරෙහි ඔහු තුළ පවතින භක්තියය. ව්ලැඩිමීර් පුටින් එවන් ආගමට දහමට ලැදි නායකයෙකි.

    මුලින් කිව් ලෙස පුටින් පෙරුම් පිරූවේ මන්තී‍්‍ර කෙනෙකු, ඇමති කෙනෙකු වීමට නොවේ. ඒ නිසා පාසල් වියේ දී පුටින් ප්‍රි‍්‍රය කළේ රහස් පරීක්ෂක චිත‍්‍රපට නැරඹීමටය. ජූඩෝ ඉගෙනගැනීමටය. ජූඩෝ ඉගෙනගැනීමට කොපමණ ආසාවක් දැක්වූයේ ද යත් එය කළු පටි හය ශ්‍රේණිය ලබාගැනීම දක්වා ම දුර ගියේය. ලෙනින්ග‍්‍රාඞ් නගරයේ ජූඩෝ ශූරයා බවට ද පත්වූයේය. සටන් කලාවන් කෙරෙහි පුටින්ගේ ආසාව කොතරම් ද යත් රුසියානු ජනාධිපති වශයෙන් චීනයේ සංචාරයක යෙදුණු අවස්ථාවක දී චීනයේ සුප‍්‍රසිද්ධ සටන් කලා ආරාමයක් හෙවත් ෂැවොලින් ටෙම්පල් කරා යාමට ද පුටින් අමතක නොකළේය.

    එසේම තවත් කිවයුත්තක් තිබේ. සාමාන්‍ය අදහස වන්නේ ජූඩෝ කරාටේ ආදී කී‍්‍රඩාවන් කරන්නේ නුවණ නැති එහෙත් ඇඟපත හයිය ඇති අය බවය. චෙස් වැනි කී‍්‍රඩාවන් කරන්නේ ද බුද්ධිමතුන් බවය. ලෙනින් ද චෙස් කී‍්‍රඩාවේ යෙදී සිටින ප‍්‍රසිද්ධ ඡායාරූපයක් ද තිබේ. හිටපු ලෝක චෙස් ශූරයා වන ගැරී කැස්පරොව් ද අද රුසියානු දේශපාලනයේ සිටියි. එහෙත් ඔහුට දේශපාලන ක්ෂේත‍්‍රයේදී පුටින් සමඟ හැරෙන්නටවත් නොහැක. ඒ අනුව කිව හැකි කතාව වන්නේ සමහර විට ජූඩෝ කී‍්‍රඩකයන් චෙස් කී‍්‍රඩකයන්ට වඩා නැණවත් විය හැකි බවය. පාසල් අධ්‍යාපනය නිමා කර පුටින් ලෙනින්ග‍්‍රාඞ් රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත් ව ජාත්‍යන්තර නීතිය පිළිබඳ උපාධියක් ලබාගත්තේය. ඉන්පසුව කුඩා වියේ දී රහස් පරීක්ෂක චිත‍්‍රපට නරඹමින් දුටු සිහිනය සැබෑ කරගනිමින් රුසියානු කේ.ජී.බී රහස් ඔත්තු සේවාවේ නිලධාරියෙකු බවට පත්වූවේය. 1983 ජූලි 28 දින පුටින් විවාහ විය. ඒ තමන් සමඟ ලෙනින්ග‍්‍රාඞ් විශ්ව විද්‍යාලයේ එකට ඉගෙන ගත් පසුව ගුවන් සේවිකාවක් බවට පත්වූ ලූද්මීලා සමඟය. ඔවුන්ට දියණියන් දෙදෙනෙක් සිටිති. වැඩිමහල් දියණියගේ නම මාරියා පුටිනා වන අතර බාල දියණිය කැතරිනා කාත්යා පුටිනාය. 1985 සිට 1990 දක්වා පුටින් කේ.ජී.බී නිලධාරියෙකු ලෙස නැඟෙහිර ජර්මනියේ සේවය කළේය.

    සෝවියට් දේශය කැඩී බිඳී යන්නට විය. ගොර්බචොෆ්ගේ පාලනය එයට හේතුවිය. මේ අතර ගොර්බචොෆ් පරදවමින් තවත් අයෙකු රුසියාව තුළ ජනප්‍රි‍්‍රය වන්නට විය. ඔහු බොරිස් යෙල්ට්සින්ය. ගොර්බචොෆ් රුසියාවට කළ විනාශය සම්පූර්ණ කළේ යෙල්ට්සින් විසින් යැයි කිව හැකිය. එහෙත් ඒ සියල්ලටම වන්දි ගෙවීමට මෙන් ඔහු එක් හොඳ දෙයක් කළේය. ඒ ව්ලැඩිමීර් පුටින් දේශපාලනයට ගෙන ඒමය. ස්වකීය ජනාධිපති ධූර කාලය නිමවන්නට තවත් වසරක් පමණ තිබිය දී බොරිස් යෙල්ට්සින් 1999 දෙසැම්බර් 31 වැනි දා ජනාධිපති ධූරය හැර ගියේය. ඒ නව සහස‍්‍රකයේ හෙවත් 2000 ජනවාරි පළමුවෙනිදා සිට රුසියාවේ වැඩබලන ජනාධිපති පදවියට ව්ලැඩිමීර් පුටින් පත් කරමිනි.

    2000 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයෙන් පුටින් ජයගත්තේය. රුසියාව යළි හිස ඔසවන්නට වූවේ එතැන් සිටය. පුටින් දැඩි පාලකයෙක් වූවේය. රුසියාවේ ඛනිජ තෙල් සම්පත්වලින් සියයට 20ක් ලෝකයේ ඛනිජ තෙල් සම්පත්වලින් සියයට 2ක් හිමි කරගෙන සිටි මීහායල් කොඩොකව්ස්කි සිරභාරයට ගැනීමට තරම් නිර්භීතවීම උදාහරණයකි. කොල්ලකාරී යුරෝපය සමාගම්වල ග‍්‍රහණයෙන් රුසියානු ඛනිජතෙල් සම්පත් මුදවාගෙන ඒ ආදායම් රටේ යහපත උදෙසා යෙදවීමට පුටින්ට හැකි විය. 2000 සිට 2008 වන විට රුසියාවේ දළ ජාතික නිෂ්පාදිතය දෙගුණ කරන්නට පුටින්ට සමත් විය. ඔහු ඇමරිකාවට බිය නැති නායකයෙකි. රුසියාවට ආදරය කරන නායකයෙකි. මුලින් ද කිව් ලෙස ව්‍යවස්ථාවට අනුව දෙවරකට වඩා ජනාධිපතිවීමට නොහැකි වූ නිසා පුටින් දැන් රුසියාවේ අගමැතිය. එහෙත් යම් ආකාරයකින් හෙට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන්නට හැකි වුවහොත් යළිත් ජනාධිපති වන්නේ පුටින්ය.
     
    • Like
    Reactions: azarox

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    මම අහල තියනව ඉස්සර ඉඳලම රුසියාව ලන්කාවට ගොඩක් උදවු කලා කියල :)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    හෆ්ෆා....මේ ලිපි දාපු ඔක්කොමලටම ගොඩක් පින්..ගොඩක් වටින ත්‍රෙඩ් එකක්....අනිවා පූටීන් නැවත එන එකනම් ශුවර්....කොකාට වාරයක් තියෙනවනම් තිත්තයාටත් වාරයක් තියෙනව කිව්වනේ....තව අවුරුදු 12ක් පූටින් රුසියාව පාලනය කරා කියන්නෙ ඉතින් ඇමරිකාවට දෙය්යන්ගෙම පිහිටඉ කියන එක තමයි.... :yes::yes:


    ඔය ඇමරිකන් කාරයොන්ගෙ ලිස්ට් එකේ අනිවා අපේ රටත් තියෙන්න ඔනේ පොතේ හැටියට...නමුත් කවදාවත් අපෙ රටට ඔය ඊජිප්තුවට, ඉරාකයට, සෝමාලියාවට, ලිබියාවට කරන්න යන දේවල් නම් කරන්න නාල එන්න වෙයි...මොකද අපේ රටේ මෝඩ හරක් නෑනේ...අපේ රටේ ඉන්න ගල් ඇම්ඩන්ලා උන් ලෝකේ කාලා වතුර බීලා ඉන්න පොරවල් ටිකක්...උන්ව තම්බන්න ඔබාමටත් නාල එන්න වෙනවා ඩෙෆා....:lol::lol:

    මොන හුකාරිස් දම්මත් ඔය ඇමරිකන් කාරයා...ඕනම වෙලාවක නැගී සිටින්න පුලුවන් පොරවල් ටිකක් ලංකාවෙ ඉන්නවා...මම ඒක ගොඩක් ආඩම්බරයෙන් කියනවා මුලු ලෝකෙතම ඇහෙන්න....ඔය වේදිකාවල නැගලා අපේ එව්න් බැන ගත්තට, පක්ෂ පාට වලින් බෙදිලා හිටියට මේ අපි උපන් ලංකා මාතාවට මොනව හරි කරදරයක් උනොත් ජාති භේද නැතුව පක්ෂ පාට නැතුව එකා වගේ එකට සිංහ රෑලක් වගේ මුහුන දෙනවා ඩෙෆා ඒක ආයේ ඒකානතයි.............:yes::yes:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    මම අහල තියනව ඉස්සර ඉඳලම රුසියාව ලන්කාවට ගොඩක් උදවු කලා කියල :)

    ඔව් රුසියාව දුප්පත් රටවල් ගොඩකට උදව් කරල තියෙනව දියුණු වෙන්න... ඒ ගොල්ලො මුදල් අධාර වගේම තාක්ෂනයත් දුන්න අනිත් රටවල් වලට...
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔව් පොර තමයි රුසියාව නග්ගල ගත්තේ.සුපිර්‍ර ඩයල් එකක්.නිකන් නෙමෙයි බ්ලැක් බෙල්ට් පොරක්.මොනා උන්ත් මිනිහා එන එක හොඳයි.මොකද ලෝකේ බලය සමතුලිත වෙන්න ඕන.නැත්නම් පැවැත්මක් නෑ.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔව් පොර තමයි රුසියාව නග්ගල ගත්තේ.සුපිර්‍ර ඩයල් එකක්.නිකන් නෙමෙයි බ්ලැක් බෙල්ට් පොරක්.මොනා උන්ත් මිනිහා එන එක හොඳයි.මොකද ලෝකේ බලය සමතුලිත වෙන්න ඕන.නැත්නම් පැවැත්මක් නෑ.

    මෙයා කලින් KGB එකෙත් ඉදල තියනව නේද