කුඩාකල පටන් රහස් පරීක්ෂක චිත්‍රපට පිස්සෙකු බවට පත්ව සිටි ව්ලැඩිමීර් පුටින් සමාජවාදී රැසියාවේ ජනාධිපති, අගමැති, ඇමතිවරයකු තබා මන්ත්‍රීවරයකු වීමටත් සිහින නොදුටුවේය. ඔහුට අවශ්‍ය වූයේ රහස් පරීක්ෂකයකු වීමටය. නැතිනම් හොඳ කළුපටිකාර සටන්කාමියෙකු වීමටය.
දෛවය ලියා තිබෙන හැටි කවුරුත් නොදනී. පසුගිය 04 වැනිදා රුසියාවේ පැවති ජනාධිපතිවරණයේදී ව්ලැඩිමීර් පුටින් තෙවන වතාවටත් රුසියාවේ ජනාධිපති බවට පත් විය. රුසියානු ව්‍යවස්ථාවේ සඳහන්වන පරිදි ජනාධිපතිවරයාගේ ධුරකාලය අවුරුදු 6ක් වන අතර දෙවරක් ජනාධිපති ලෙස කටයුතු කළ හැකිය.
රුසියානු ජනතාව ආදරය කළේ ව්‍යවස්ථාවට නොව පුටින්ටය. සංශෝධිත නව ව්‍යවස්ථාවේ සඳහන්වන පරිදි තව 12ක් පුටින්ට රුසියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ හැකිය. එනම් 2024වන තුරු ඔහුට රුසියාවේ ජනාධිපති විය හැකිය.
වසර 1952 ඔක්තෝබර් 07වැනි දින රුසියාවේ ලෙනින් ග්‍රැඞ් හිදී උපත ලැබූ ව්ලැඩිමීර් පුටින් අතිශ්‍ය සාමාන්‍ය පවුලකට හිමිකම් කීවේය. පාසල්
අධ්‍යාපනය ලබන කාලයේදී අධ්‍යාපනයට මෙන්ම රහස් පරීක්ෂණ චිත්‍රපට සඳහාද සමතැන ලබාදුන් ඔහු ජුඩෝ ක්‍රීඩාවටද ඇලූම් කළේය. කළු පටි 6 වැනි ශ්‍රේණීය දක්වා ගිය ඔහු ලෙනින්ග්රැඞ් නගරයේ ජුඩෝ ශූරයා ලෙසද පදක්කම් ලබා ගත්තේය.
පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව රාජ්‍ය විශ්ව විද්‍යාලටය ඇතුළත් වූ ඔහු ජාත්‍යන්තර නීතිය පිළිබඳව උපාධිධාරියෙකු ලෙස එයින් පිටවිය. පසුව ඔහු චිත්‍රපට උන්මාදය තුළ වූ රහස් පරීක්ෂක වීරයා තමා බවට පත් කරගනිමින් සුප්‍රකට රුසියානු රහස් ඔත්තු සේවය වූ කේ.ජී.බී. හි නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
වසර 1985 සිට 1990 දක්වා පුටින් කේ.ජී.බී. නිලධාරියෙකු ලෙස නැගෙනහිර ජර්මනියේ සේවයේ නිරත විය. පසුව ඔහු 1992 වර්ෂයේදී එම රහස් ඔත්තු සේවාවෙන් ඉවත් වූ අතර එහි දී ඔහු ලද අත්දැකීම් දේශපාලනය තුළ ඔහු වඩාත් ස්ථාවර වීමට හේතු විය.
1983 ජුලි 28 වැනිදා ගුවන් සේවිකාවක් වූ ලූද්මීලා සමඟ විවාහ වූ ඔහුට
මාරියා පුටිනා සහ කැතරිනා කාත්යා පුටිනා ලෙස දියණියන් දෙදෙනෙකු සිටී.
ලූද්මීලා ඔහු සමඟ රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මිතුරියකි.
ගෝබචොබ් විසින් සුනු විසුණුකළ රුසියානු පුනරුත්ථාපනය කිරීමේ මහා බල මෙහෙවර ඉටුකර නැවතත් රුසියාව ලෝකයේ බලවත් රටක් බවට පත්කිරීමේ ගෞරවය හිමිවන්නේ ව්ලැඩිමීර් පුටින්ටය. බටහිර විරෝධී කි්රියාකාරකම්වල නිරතවූ පුටින් වරෙක බටහිර රටවල් විසින් ඒකාධිපති පාලකයකු ලෙස හංවඩු ගැසුවේය. ඊට හේතුව සමාජවාදී රුසියාව ලිබරල් රාජ්‍යයක් බවට පත් කිරීමට බටහිර රටවල් කොතරම් උත්සාහ කළද පුටින්ගෙන් ඒ සඳහා ඉඩක් නොලැබීමයි.
රුසියාවේ ප්‍රථම ජනාධිපති වූ බොරින් යේල්ස්ටින් 1999.12.31වැනි දින සිය ධුරය හැර ගියේය. ඒ, උදාවූ සහශ්රකයේ 2000.01.01වැනි දින රුසියාවේ වැඩ බලන ජනාධිපති පදවිටය ව්ලැඩිමීර් පුටින් පත් කරමිනි.
වර්ෂ 2000දී පැවති ජනාධිපතිවරණයේදී පුටින් ජයග්‍රහනය අත්කර ගත් අතර
සවිමත්, සමාජවාදී රුසියාවක් ගොඩනැගීම සඳහා ඔහු ගෙන ගිය පාලනය තරමක් දැඩි වූවක්ද විය. බොහෝ රටවල්වලට ඇති ඇමරිකානු බිය පුටින් ළං කර ගත්තේ නැත.
ඔහු රුසියාවේ ජනාධිපති ලෙස කටයුතු කළ 2000-2008 කාලය තුළ රුසියාවේ දළ ජාතික නිෂ්පාදිතය දෙගුණ කළේය. තවද රුසියාවේ ඛනිජ තෙල් සම්පත්වලින් 20%ක හිමිකාරිත්වය දැරූ, ලෝකයේ ඛනිජ තෙල් සම්පත්වලින් 2%ක හිමිකාරිත්ව ය දැරූ මිහායල් කොඩොකව්ස්කි, දූෂිත ක්‍රියා හේතුවෙන් සිරබාරයට ගැනීමටද පුටින්ට හැකි විය.
පුටින් ජන හිතෛෂී නායකයෙක් බවට පත් වීමට ඔහුගේ මත බොහෝ දුරට හේතු විය.
සමාජවාදය තුළ ආගම ප්‍රතික්ෂේපිත සාධකයක් වුවත් පුටින් ආගම ප්‍රතික්ෂේප කළේ නැත. ආගම යහපත් ජීවිතයක් ගෙන යෑමට හේතු වීමත් පුද්ගලයාගේ හිතේ ඇතිවන ආගමික භක්තිය නීතියට පාලනය කළ නොහැකි වීමත් අවබෝධකරගත් පුටින් සිය ජනතාවට නිදහසේ ආගම ඇදහීමට අවස්ථාව ලබා දුන්නේය. තවද පුටින්ද දැඩි ආගම් භක්තිකයෙකු විය.
වසර 2008 දී ව්‍යවස්ථාපිත කරුණු මුල් කරගනිමින් සිය සමීපතමයකු වූ දිමිත්‍රි මෙද්වලොව් හට සිය ධුරය ලබා දුන්නේය. පසුගිය දා ඔහු නැවත ජනාධිපති ලෙස පත්වන තෙක්ම රුසියාවේ ජනාධිපති වූයේ දිමිත්‍රි මෙද්වලොව් ය.
පුටින්ගේ පාලනයට දැඩි විරෝධයක් එල්ල කළ බටහිර රටවල් දිමිති‍්‍ර මෙද්වලොව් ගේ පත්වීම නිසා යම් සහනයක් වෙතැයි බලාපොරොත්තු විය. රුසියාව ලිබරල් රාජ්‍යයක් බවට පත් කිරීමේ තැත දිමිත්‍රි හරහා ඉටුකරගැනීමට සිතුවද එය ව්‍යර්ථ විය. හේතුව වාහනය මාරු වුවද දිමිත්‍රිට වාහනය පැදවීමට පුටින් තවමත් කියා දීමයි.
පසුව දිමිත්‍රි සහ පුටින් විරසක කිරීමට උත්සාහ කළ බටහිර රටවල් ඒ සඳහා ගාඩියන් පුවත්පතද යොදා ගත්තේය. නමුත් මොනයම් මොහොතකවත් පුටින් සහ දිමිත්‍රි වෙන් කිරීමට බටහිර රටවලට නොහැකි විය.
පුටින් නැවතත් ජනාධිපති ධූරයට තරගවදින බව දැනගත් බටහිර රටවල් එය වැළැක්වීමට විවිධ අයුරින් කටයුතු කළේය. ලිබරල් වාදියෙකු වූ වත්මන් රුසියාවේ මුදල් අමාත්‍ය අලෙක්සෙයි කුසින්රිගේ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් ගාඩියන් පුවත්පත ‘‘පුටින්ගේ ජනාධිපති අභිලාශය අසහනකාරිත්රය ඇති කරයි’’ නමින් වාර්තාවක් පළ කළේය. එහි ප්‍රතිඵලය වූයේ දිමිත්‍රි විසින් මෙම ඇමතිවරයා ධුරයෙන් පහ කිරීමයි.
පසුගිය දා පැවති ජනාධිපතිවරණයේදී පුටින් කොමියුනිස්ට් පක්ෂ නායක ජෙනඞ් ෂුගනොව් පරාජයට පත් කරමින් නැවතත් ජනාධිපති බවට පත් විය. පුටින් 62% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අතර විපක්ෂ නායකවරයාට හිමි වූයේ 17%ක් පමණි.
ජනාධිපති ධූරයට පුටින් පත් වීමත් සමඟ කළබලයට පත් වූ බටහිර රටවල් එය රුසියාවට මෙන්ම මුළු ලෝකයටම අභාග්‍ය සම්පන්න කාලයක් උදාකරනු ඇති බවට මත පළකරමින් සිටී. මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ සිටින රුසියානුවන් මෙන්ම රුසියාවේ සිටි පුටින් විරෝධීන්ද ප්රකෝපකරන ඇමරිකාව විවිධ උද්ඝෝෂණ සංවිධානය කරයි. කෙසේ වෙතත් ඇමරිකාව මේ වනවිටත් රුසියාවට ඩොලර් බිලියන 125කට වඩා ණය බවද වාර්තාවේ.
මෙවර රුසියානු ජනාධිපතිවරණය දූෂිත වූවක් බවට පැමිණිලි 3000ක් ලැබී ඇති බව බටහිර රටවල් පවසයි. පුටින් විරෝධී විවිධ අදහස් උදහස් ලොව පුරා ගලා යද්දී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ව්ලැඩිමීර් පුටින් කඳුළු පුරාවාගත් දෙනෙතින් යුතුව පවසා ඇත්තේ කිසිදු ප්රචාරක කටයුත්තක නොයෙදී සිටියදීත් රුසියානු ජනතාව තමා නැවතත් පිළිගත් බව සහ තමන් සාධාරණ ජයග්‍රහණයක් ලැබූ බවයි.
..මගෙත් රෙප් ඉවරයිලු..


